Traveler's manual

Traveler's manual 🇮🇪 Exploring the beauty of Ireland through travel, vlogs, experiences & useful information 🌍✨
Sharing unforgettable journeys with Sri Lankan hearts ❤️

23/05/2026

අවුරුදු 5කට අසන්න කාලයක් අපේ page එකෙන් තොරතුරු බෙදා ගත්තේ නැති වුණත්, “අයෙත් Traveler’s Manual අපි” ආයෙත් ඔයාල අතරට අලුත් දේවල් එක්ක එන්න හිතුවා. ✨

හැබැයි මේ පාර ඔයාලට ගෙන එන vlogs සහ information නම් ලංකාව ගැන නෙවෙයි… යුරෝපයේ තියෙන, අපේ ලංකාව වගේම ලස්සන ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු Ireland ගැනයි. 🇮🇪🍃

මීට අවුරුදු 5කට කලින් වගේම, travelling වලට ඕන කරන තොරතුරු, අත්දැකීම් සහ ලස්සන මතක අපි ඔයාලත් එක්ක බෙදා ගත්තා වගේම, අද ඉඳන් Ireland ගැනත් ඒ වගේම වැදගත් සහ ලස්සන information ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ❤️

ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න… තවත් අලුත් ගමනක් එකට යමු 🌍✨

Even though we haven’t shared much information through our page for nearly 5 years, “Traveler’s Manual” is finally coming back to you with something new. ✨

But this time, the vlogs and information we bring are not about Sri Lanka… they are about Ireland 🇮🇪🍃 — a beautiful country in Europe filled with breathtaking natural beauty that reminds us so much of our own Sri Lanka.

Just like we shared travel tips, experiences, and beautiful memories with you 5 years ago, from today onwards we hope to share valuable and exciting information about Ireland with all of you once again. ❤️

Chavindu N Madushan
Travelers manual Team

#අයර්ලන්තය

රිවස්ටන්වල  | Riverstone  අතිතයේ දා ලංකාව පාලනය කල බටහිර ජාතිකයන් විසින් මෙම ප්‍රදේශය හදුන්වනු ලැබුවේ "re western ලෙසය ....
25/09/2025

රිවස්ටන්වල | Riverstone

අතිතයේ දා ලංකාව පාලනය කල බටහිර ජාතිකයන් විසින් මෙම ප්‍රදේශය හදුන්වනු ලැබුවේ "re western ලෙසය . එයට හේතු වුයේ ඔවුන්ගේ රටවලට සමාන දේශගුනයක් පැවතිමය. නමුත් අද වන විට රිවස්ටන් ලෙස හදුන්වන අතර සංචාරකයන් අතර ප්‍රචලිත ප්‍රදේශයකි.

මාතලේ සිට 28 km පමණ දුරක් ගෙවමාන් රත්තොට හරහා රිවස්ටන් වෙත ලගාවිය හැක.(පැය 1 1/2පමණ ගත වේ)

මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂියට අයත් වන අතර මුහුදු මට්ටමේ සිට 1265m උසින් පිහිටා ඇත.
රිවස්ටන් හී දේශගුණය හෝටන්තැන්නට සමාන වේ.
පිටවල පතන අවසානයේ පුංචි ලෝකාන්තයක් තිබෙන අතර එය පාටවල පතන නිර්මානය වි ඇත්තේ ග්‍රැනයිට් පාෂාණය මගිනි.මෙම ස්ථානයේ බහුලවම තෘණ ශාක පිහිටා තිබේ.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.
Yashoda edirisinghe & others


Bray | Dun Laoghaire | Ireland 🇮🇪 අයර්ලන්තයේ Bray සහ Dun Laoghaire නගර දෙක සුන්දර මුහුදු තිරය සමග එකින් එකට පොර බදිමින් ...
12/02/2025

Bray | Dun Laoghaire | Ireland 🇮🇪

අයර්ලන්තයේ Bray සහ Dun Laoghaire නගර දෙක සුන්දර මුහුදු තිරය සමග එකින් එකට පොර බදිමින් සංචාරකයන්ට නැවුම් අත්දැකිමක් ගෙන දෙයි .

Land of Dreams background music / aesthetic lofi |Chillpeach ゚ ...

Bekers Bend | Belihuloya සබරගමු පලාතේ බලංගොඩ , බෙලිහුල් ඔය ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන් යා යුතුම සුන්දර ගමනාන්තයක් ලෙස...
29/11/2022

Bekers Bend | Belihuloya

සබරගමු පලාතේ බලංගොඩ , බෙලිහුල් ඔය ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන් යා යුතුම සුන්දර ගමනාන්තයක් ලෙස Bekers Bend හැදින්විය හැක.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට ගමන් කරන විට ගලගම නගරය පසුකර මද දුරක් ගිය විට හමුවන නන්පේරියල් මාර්ගය තුල ඉහලට යාමේදී ඔබට මෙම ගමනාන්තයට ලගාවිය හැක.

නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ් දැක ගත හැකි වේ.

නන්පේරියල් මාර්ගයේ ගමන් කරන ඔබට අතිශය මනරම් දියඇලි කිහිපයක් නැරඹීමට ද අවස්ථාව උදා වන අතර වංගු රැසකින් යුක්ත මෙම මාර්ගයේ හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර 23 වන වංගුව අද අපගේ සංචාරක ගමනාන්තය වන බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.

මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම ස්ථානයේදී අතීතයේ සැමුවෙල් බේකර් නම් සුදු ජාතිකයා ඔහුගේ අශ්වයාගේ වේගය පාලනය කරගත නොහැකිව මෙම වංගුවෙහි බෑවුමෙන් පහලට වැටී මිය ගොස් ඇති බැවින් මෙම ස්ථානයට Bekers Bend යන නම ලැබී ඇතිබවයි සදහන් වන්නේ.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

Brakers bend is One of the best tourist destinations in Sabaragamuwa province in Sri Lanka. Baker's Bend is located on the upper side of the Non Pareil Estate, bordering the famous Horton Plains Wildlife Reserve. This viewpoint offers a wonderful view of the local lowlands towards the Indian Ocean, as well as the Butterfly Lake reservoir which can be seen from this vantage point on a clear day. This picturesque bend is surrounded by some beautiful hills of Lokantha range.

Samuel Baker - planter, settler and founder of Nuwara Eliya (known as Little England), legend has it that his horse-drawn carriage crashed and died at this bend.

🇱🇰

laxapana falls | Maskeliyaනුවරඑළිය දිස්ත්‍රික්කයේ  අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහි‍ටා ඇති මෙම දිය ඇල්ල  මීටර් 125ක...
27/11/2022

laxapana falls | Maskeliya

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහි‍ටා ඇති මෙම දිය ඇල්ල මීටර් 125ක උසකින් යුක්ත වන අතර එය ශ්‍රී ලංකාවේ 8 වෙනියාට උසම දිය ඇල්ල ලෙස සැලකේ.
සමනළ කන්දෙන් ආරම්භව කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔයෙන් මෙම දියඇල්ල නිර්මාණය වේ.
සාපේක්ෂව බැලූකල ලක්ෂපාන ඇල්ල පිහිටා ඇත්තේ තරමක් රට මැදට වන්නටය.

ලගාවිය හැකි මාර්ග -:

කොළඹ – ගිනිගත්හේන මාර්ගයේ කළුගල හන්දියෙන් හැරී කෙහෙල්ගමුවල හඟරාපිටිය හරහා කොත්තැල්ලෙන ගමට ගොස් කිලෝමීටරයක පමණ දුරක් අඩි පාරක් දිගේ ගොස් ලක්ෂපාන දියඇල්ල නැරඹිය හැකිය.
කළුගල හන්දිය යනු කිතුල්ගල ප්‍රදේශය පසුවෙනවාත් සමඟම ඇති හංදියයි.

හැටන්, මස්කෙළිය හරහා කිරිවන්එළියට පැමිණීමෙන්ද දිය ඇල්ලට සමීප විය හැකිය.
ගිනිගත්හේන සිට ශ්‍රීපාද මාර්ගයේ පැමිණ නෝටන්බ්‍රිජ් හරහා කිරිවන්එළිය ගමට පැමිණීමෙන්ද දිය ඇල්ල නැරඹිය හැකිය.

නෝටන්බ්‍රිජ් හරහා පැමිණෙන්නේ නම් ඔබට දිය ඇල්ල පාමුලට ගොස් දිය ඇල්ල බලනවා මෙන්ම මුදුනට ගොස් දිය ඇල්ල මුදුනේ සිට පහළ බැලීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ වාර්ශික වර්ෂාපතනය වැඩිම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ද අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුල විම නිසා මෙම දිය ඇල්ල වසරේ වැඩිම කාලයක් ජලයෙන් පෝෂණය වී ඇද හැලේ.

ගල් ලක්ෂයක් අතරින් ගලා යන ඇල්ල යන අරුතින් ලක්ෂපාන වූවා යැයි සමහර ජනප්‍රවාදවල මේ ඇල්ල පිළිබඳ සදහන්ව තිබේ.

තවත් ජනප්‍රවාදයක කියැවෙන්නේ ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටුවීම හේතුවෙන් පහන් ලක්ෂයක් දල්වන්නට අවැසි විදුලිය උත්පාදනය කිරීම නිසා පහන් ලක්ෂය යන අරුතින් ලක්ෂපාන වූවා කියායි.

පිහිටීම-: හැටන්
උස-: මීටර 126
ජල මූලාශ්‍රය-: මස්කෙළිය ඔය
උස අනූව ලෝකයේ ස්ථානය-:625

Laxapana Falls is 126 m high and the 8th highest waterfall in Sri Lanka and 625th highest waterfall in the world. It is situated in Maskeliya area in Nuwara Eliya District, about 16 km from Maskeliya town on Maskeliya-Norton Bridge road, in a village called Kiriwan Eliya.

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.


Karma By Hila | Digana මහනුවර දිස්තිකයේ දිගන ප්‍රදේශයේ පිහිටා තිබෙන Karma By Hila නිවාඩු නිකේතනය වික්ටෝරියා ජලාශයේ මෙන්ම...
26/11/2022

Karma By Hila | Digana

මහනුවර දිස්තිකයේ දිගන ප්‍රදේශයේ පිහිටා තිබෙන Karma By Hila නිවාඩු නිකේතනය වික්ටෝරියා ජලාශයේ මෙන්ම සුන්දර කන්දක දසුන් නරඹමින් තම නිවාඩුව ගත කරන්නට කැමති සංචාරකයන්ට කදිම නවාතැන්පලකි.

Phone number-:+94 (77) 329 9449
Whatsapp - https://wa.me/message/P6PTA7Q6K7RIO1

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

🇱🇰

Living heritage koslanda | Haputhale Living heritage koslanda පිහිටා තිබෙන්නේ මධ්‍යම කදුකරයේ ය. අක්කර 80කට හිමිකම් කියන ...
25/11/2022

Living heritage koslanda | Haputhale

Living heritage koslanda පිහිටා තිබෙන්නේ මධ්‍යම කදුකරයේ ය. අක්කර 80කට හිමිකම් කියන මෙම හෝටලයේ විශාල වනාන්තරයක් මෙන්ම දිය ඇල්ලක් ද තිබේ.

මෙහි infinity pool එකත් එහි තිබෙන panoramic view එකත් පහලින් පිහිටා තිබෙන කුඹුරු යායත් ඉතාමත් අලංකාරය.
මෙම හෝටලයේ දී ශ්‍රි ලාංකික ආහාර මෙන්ම බටහිර ආරයේ ආහාර ද ලබා ගත හැකි වේ.

මෙහි කාමර වර්ග 3ක් තිබේ.
-luxury villa suites
-pepper garden cottage
-forest pavilions

Living heritage koslanda හෝටලයට පැමිණෙන අයෙකුට

- දිය නෑමට දිය ඇල්ලක හැකි වන අතර එහි සිට දහවල් ආහාරය ලබා ගරනිමට හැකි වේ.
-වනය තුල ස්වාභාවික අසිරිය විදිමට ද අවස්ථාවක් ලැබේ.

සංචාරකයන් අතර වර්තමානයේ දි මෙම හෝටලය ප්‍රචලිත වෙමින් පවතී.

මෙහි සිට උඩු දියලුම , දියලුම ඇල්ල , හපුතලේ, වැල්ලවාය යන ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැකිය.

(සටහන -: Traveler’s manual Team)

(අවසරයකින් තොරව උපුටා දැක්වීමෙන් වළකින්න.)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

Living Heritage Koslanda is a perfect blend of a beautiful, intimate and traditional accomodation, a maginicent surrounding including a pool with stunning view and private waterfalls .

Living Heritage Koslanda consists of a central reception area, with three open-sided, roofed houses, known as Ambalamas, for relaxing and dining. There are a total of six rooms at the hotel, each furnished with tasteful antiques and have a private courtyard, outdoor whirlpool bath and hot water garden shower.

There is a beautiful infinity swimming pool looking out over amazing views with all the convenience of changing rooms, a bar and barbecue area. For the more adventurous there is also a waterfall with three natural pools suitable for swimming, which is a 45-minute hike through the forest to reach.

Booking-: https://www.koslanda.com/

Address: Egodawatte Estate, Naulla, Koslanda, Sri Lanka.

Mobile: +94 (0) 779 355 785

E-mail: [email protected]

තල්පෙ බීච් /Thalpe Beach Sri Lanka 🇱🇰🌊💧🏊⛱️⛅ගාල්ල නගරයේ සිට 10 Km පමණ දුරින් පිහිටා ඇති මෙම වෙරළ තීරය , දකුණු වෙරළ තීරයේ ...
15/11/2021

තල්පෙ බීච් /Thalpe Beach
Sri Lanka 🇱🇰🌊💧🏊⛱️⛅

ගාල්ල නගරයේ සිට 10 Km පමණ දුරින් පිහිටා ඇති මෙම වෙරළ තීරය , දකුණු වෙරළ තීරයේ ඇති සුන්දරම වෙරළ තීරයන්ගෙන් එකකි. මෑත කාලයේ දේශිය සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගැනීමට මෙම වෙරළ තීරය සමත් වූ අතර මෙහි ඇති කැපී පෙනෙන සුවිශේෂිත්වය එයට හේතු වන්නට ඇත. මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් තටාක කිහිපයක් පිහිටා තිබීමයි.
මෙම තටාක වල අවුරුදු 60 කට පමණ පෙර කාලයේ පොල් ලෙලි පොගවා කොහුබත් ලබාගැනීම සද්හා භාවිතා කල බව මෙහි වසන ජනයා පවසයි.

කොළඹ නගරයේ සිට පැමිණෙන ඔබට දුම්රියෙන් පැමිනෙන්නේ නම් තල්පෙ දුම්රිය ස්ථානයෙන් බැස 500m පමණ දුරක් මාතර දෙසට පයින් ගමන් කල විට මෙම වෙරළ තීරය වෙත ලගා විය හැක. එසේ නොමැති නම් Highway බස් රථයකින් ගාල්ල නගරයට පැමිණ මාතර දෙසට ගමන් කරන බසයක නැග තල්පෙ වෙරළ තීරය අසලින් බැස වෙරළ තීරයට ලගා විය හැක.

(සටහන -: Traveler’s manual Team)

ඡායාරූප වල හිමිකම මුල් අයිතිකරුවන් සතු වේ. එබැවින් එහි සියලු ගෞරවය ඔවුන්ට හිමි වේ.

ThalpeBeach is situated in the Southern province of Sri Lanka, about 10km away from the city of Galle.

There are so many natural rock pools here that anyone can bath freely.
According to the people live in here these rock pools were cut out of the corals about 50 or 60 years ago and at that time those ponds was used to soak coconut husks in order to separate the coconut coir.
You can reach here by bus or by train.
If u come by train you can directly get down from the Thalpe station and you have to walk about 600M. And if u come by bus you can get a highway bus to Galle & then has to take a bus towards Matara and then u can get down near the thalpe beach.



Address

Dublin

Website

Alerts

Be the first to know and let us send you an email when Traveler's manual posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Traveler's manual:

Shortcuts

Share