LankaGate

LankaGate We provide you with an alternative service

29/08/2026

ඔබේ දරුවාගේ කරාතේ ගමනට සාර්ථක ආරම්භයක් ලබා දෙන්න අප සූදානම්. මෙවර අලුත් පාසල් වාරයත් සමඟ IBD Karate හා එක්වන දරුවන්ට විශේෂ වාසි රැසක්!

🎉 සුවිශේෂී දීමනාව:
සැප්තැම්බර් මාසය ඇතුළත සම්බන්ධ වන සියලුම නවක සිසුන් සඳහා ලියාපදිංචි ගාස්තුව (Registration Fee) සම්පූර්ණයෙන්ම නොමිලේ!

📍 Catania ශාඛාව:
සැප්තැම්බර් මුල සිට නවක සිසුන් බඳවා ගැනීම් ආරම්භ වේ.

📍 Messina සඳහා විශේෂයි - නවතම කරාතේ පන්තිය!

ආරම්භය: සැප්තැම්බර් දෙවන සතියේ සිට.

විශේෂත්වය: ඉතාලියේ මෙසීනා ලාංකික කතෝලික සංඝයේ ප්‍රධාන අධ්‍යාත්මික පියතුමන් වන ලංකා දේශප්‍රිය පියතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ ආශීර්වාදය සහිතව පැවැත්වේ. මීට පෙර අත්දැකීම් නොමැති ඕනෑම වයසක කෙනෙකුට මුල සිටම එක්විය හැක.

📢 Messina දෙමාපියන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන:

දිනය: සැප්තැම්බර් 6 (එළඹෙන ඉරිදා)

ස්ථානය: Sant’Elia දේවස්ථානයේදී

වේලාව: දිව්‍ය පූජාවෙන් අනතුරුව
(පන්ති පැවැත්වෙන වේලාවන්, නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව සහ තවත් බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැක).

දරුවන්ට නැවුම් ආරම්භයක් ලබා දෙන්න අදම IBD Karate සමඟින් එක්වන්න!
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න. 👇

📞 විමසීම් 324 089 9737

29/08/2026

ඔබගේ මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකුගේ WhatsApp ගිණුමෙන් හදිසියේ මුදල් ඉල්ලා පණිවිඩයක් ලැබුණාද?

⚠️ වහාම මුදල් යවන්න එපා!මෙය සයිබර් වංචාවක් (Scam) විය හැකියි.

📲 මෙම වංචාව සිදුවන්නේ කෙසේද?

වංචාකරුවන් පුද්ගලයෙකුගේ WhatsApp ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වී, එම ගිණුම භාවිතා කරමින් මිතුරන් සහ පවුලේ සාමාජිකයන්ට හදිසි අවශ්‍යතාවයක් ඇති බව පවසා මුදල් ඉල්ලා පණිවිඩ යැවිය හැකියි.

🛑 සැක සහිත පණිවිඩයක් ලැබුණොත් කළ යුතු දේ

✅ වහාම මුදල් යවන්න එපා.
✅ අදාළ පුද්ගලයාට සාමාන්‍ය දුරකථන ඇමතුමකින් කතා කර සත්‍යතාව තහවුරු කරගන්න.
✅ අවශ්‍ය නම් වෙනත් විශ්වාසදායක ක්‍රමයකින් ඔවුන් සමඟ සම්බන්ධ වන්න.
⚠️ ඔබගේ WhatsApp ගිණුම අනවසරයෙන් භාවිතා වී ඇති බව සැක නම්

1️⃣ වහාම ඔබගේ මිතුරන් සහ පවුලේ අයව දැනුවත් කරන්න
2️⃣ ඔබගේ WhatsApp ගිණුම නැවත ආරක්ෂිතව ප්‍රවේශ කරගැනීමට නිල WhatsApp උපදෙස් අනුගමනය කරන්න

3️⃣ කිසිම අවස්ථාවක ඔබට ලැබෙන Verification Code හෝ PIN වෙනත් පුද්ගලයෙකුට ලබා නොදෙන්න.

🛡️ ඔබගේ WhatsApp ගිණුම ආරක්ෂා කරගන්න

🔹 දුරකථනය සහ Apps නිතර Update කරන්න.🔹 සැක සහිත Links හෝ පණිවිඩ විවෘත කිරීමෙන් වළකින්න.🔹 Two-Step Verification ක්‍රියාත්මක කරන්න.🔹 ඔබගේ Verification Code කිසිවෙකු සමඟ බෙදා නොගන්න.

⚖️ සයිබර් වංචාවක් පිළිබඳ තොරතුරු හෝ පැමිණිලි සඳහා:

Commissariato di P.S. Online – Polizia Postale

🇱🇰🤝🇮🇹අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව සයිබර් වංචාවලින් ආරක්ෂා කරගැනීමට මෙම පණිවිඩය ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ Share කරන්න!

🇮🇹 ඉතාලියේ Carta Soggiorno හෝ පුරවැසිභාවය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවාද? 🇮🇹ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අනිවාර්ය වන A2 සහ B1...
26/08/2026

🇮🇹 ඉතාලියේ Carta Soggiorno හෝ පුරවැසිභාවය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවාද? 🇮🇹
ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අනිවාර්ය වන A2 සහ B1 ඉතාලි භාෂා විභාගයන් සඳහා දැන්ම සූදානම් වෙන්න! 100% ක සාර්ථකත්වයක් සමඟින් විභාගය ඉතා පහසුවෙන් ජයගැනීමට අපි ඔබට උපකාර කරමු

📅 විභාග දිනය: 2026 නොවැම්බර් 21
📍 පවත්වන නගර (Città):

* Catania
* Palermo
* Messina
* Siracusa
* Caltagirone
* Taormina

ආසන සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න! 🏃‍♂️💨
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:
SAMAN RANDENIYA
📱 352 025 0303 | 351 662 0125

🏢 අපගේ ලිපිනය:
Via Giuseppe Verdi 183, Catania (Angolo Piazza Bovio)
✨ Ceylon Point

ඉතාලි පුරවැසිභාවය ලැබුණාට පස්සේ ලංකාවේ තමන්ගේ නමට තියෙන ඉඩමට මොකද වෙන්නේ? ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට නිත...
25/08/2026

ඉතාලි පුරවැසිභාවය ලැබුණාට පස්සේ ලංකාවේ තමන්ගේ නමට තියෙන ඉඩමට මොකද වෙන්නේ?

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට නිතරම මතු වන ප්‍රශ්නයක් තමයි මේ.

කෙටි පිළිතුර: ඉතාලි පුරවැසිභාවය ලබාගත්තා කියලා ලංකාවේ ඔබේ නමට දැනටමත් තිබෙන ඉඩම හෝ දේපළ ස්වයංක්‍රීයව නැති වෙන්නේ නැහැ.

ඔබට අදාළ ශ්‍රී ලංකා නීති අනුව එම දේපළ සම්බන්ධයෙන් හිමිකම් තබාගැනීමට සහ, නීතිමය කොන්දේසි සපුරා ඇත්නම්, එය විකිණීමටත් සම්පූර්ණ හැකියාව තිබෙනවා.

🇮🇹 ඉතාලියේ සිට ලංකාවේ දේපළක් හිමිව තිබෙනවා නම්...

මෙහිදී වැදගත්ම කරුණක් තිබෙනවා. ඔබ ඉතාලියේ Tax Resident (බදු නේවාසිකයෙකු) නම්, ලංකාවේ තිබෙන ඉඩමක් හෝ නිවසක් වැනි විදේශීය දේපළ සම්බන්ධයෙන් ඉතාලියේ බදු නීති අදාළ විය හැකියි.

ඒ අනුව:
🔹 Quadro RW (විදේශීය වත්කම් ප්‍රකාශ කිරීම)
🔹 IVIE බද්ද
වැනි නීති ඔබගේ තත්ත්වය අනුව අදාළ වෙන්න පුළුවන්.

ඒ කියන්නේ, ලංකාවේ දේපළ තිබීම එක පැත්තක් වන අතර, ඒ දේපළ සම්බන්ධයෙන් ඉතාලියේ බදු නීති අදාළ වීම තවත් පැත්තක්. ඉතාලි පුරවැසිභාවය තිබීම පමණක් නොව, ඔබගේ Tax Residence එක සහ දේපළේ ස්වභාවය වැනි කරුණුත් මෙහිදී බලපානවා.

ඉඩම විකුණලා මුදල් ඉතාලියට ගෙනාවොත්?

දේපළ විකිණීමෙන් ලැබුණු මුදල් නීත්‍යානුකූලව ඉතාලියට මාරු කරන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හා බැංකු නීති මෙන්ම, ඉතාලියේ බැංකු සහ Antiriciclaggio (මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ) නීති අදාළ වෙනවා.

ඒ නිසා මේ ලියකියවිලි නිසි ලෙස තබාගැනීම අනිවාර්යයි:

📜 ඉඩමේ ඔප්පුව
📄 විකිණීමේ ගිවිසුම් හා ලියකියවිලි
🏦 බැංකු ගනුදෙනු පිළිබඳ සාක්ෂි
📑 උරුමයෙන් ලැබුණේ නම් ඒ සම්බන්ධ ලියකියවිලි

ලංකාවට නොගොස් ඉඩම විකුණන්න පුළුවන්ද?

ඔව්! බොහෝ අවස්ථාවලදී Power of Attorney (ඇටෝර්නි බලපත්‍රයක්) මගින් ලංකාවේ සිටින ඔබේ විශ්වාසදායක පුද්ගලයෙකුට හෝ නීතිඥයෙකුට අදාළ කටයුතු කිරීමට බලය ලබාදිය හැකියි. නමුත් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ඉතාලියේදී නිවැරදිව සහතික කිරීම් (Legalization/Apostille) සිදුකළ යුතුයි.

⚠️ විශේෂයෙන් මතක තබාගන්න:

දේපළ තබාගැනීම, විකිණීම, මුදල් ඉතාලියට ගෙන ඒම සහ ඉතාලියේ බදු ප්‍රකාශ කිරීම යන කරුණු සඳහා වෙන වෙනම නීති අදාළ වේ.

ඒ නිසා ඉඩමක් විකිණීමට හෝ විශාල මුදලක් ඉතාලියට ගෙන ඒමට පෙර:

🇱🇰 ශ්‍රී ලංකාවේ දේපළ නීතිඥයෙකුගෙන් සහ
🇮🇹 ඉතාලියේ Commercialista කෙනෙකුගෙන්
ඔබගේ පුද්ගලික තත්ත්වය අනුව නිවැරදි උපදෙස් ලබාගැනීම වඩාත් ආරක්ෂිතයි.

මෙය සාමාන්‍ය දැනුවත් කිරීමක් පමණි. පුද්ගලික නීතිමය හෝ බදු උපදෙසක් නොවේ.

කාන්තාවන් සඳහාආරක්ෂිත නවාතැන් පහසුකම්​කතානියා නගරයේ පහත පහසුකම් සහිතමෙට්‍රෝ, තබක්කි, තැපැල් කන්තෝරු,සුපරි මාර්කට්, පනිෆි...
25/08/2026

කාන්තාවන් සඳහා
ආරක්ෂිත නවාතැන් පහසුකම්

​කතානියා නගරයේ පහත පහසුකම් සහිත
මෙට්‍රෝ, තබක්කි, තැපැල් කන්තෝරු,
සුපරි මාර්කට්, පනිෆිෂියෝ සහ
ශ්‍රී ලාංකික සිල්ලර වෙළඳසැල්
සමීපයේ නවාතැන් පහසුකම් ඇත
​පදිංචි වන අවශ්‍ය අයට
රෙසිඩන්ට් ලබාදීමේ හැකියාවද ඇත

​වැඩි විස්තර සඳහා 392 792 8499

🌿 අපි විනෝද වෙමු… පරිසරයත් ආදරයෙන් රැකගමු! 🇮🇹🇱🇰පසුගිය දින කිහිපයේ අපේ අය විනෝද වීමට ගිය මෙසිනා හි Gaggi ප්‍රදේශයේ සුන්දර...
24/08/2026

🌿 අපි විනෝද වෙමු… පරිසරයත් ආදරයෙන් රැකගමු! 🇮🇹🇱🇰

පසුගිය දින කිහිපයේ අපේ අය විනෝද වීමට ගිය මෙසිනා හි Gaggi ප්‍රදේශයේ සුන්දර ස්ථානයක, කුණු කසළ දමා ගොස් ඇති ආකාරය දැකගන්න ලැබුණා. අපි ඉතාලියේ ලස්සන තැන්වලට යන්නේ සතියේ මහන්සිය නිවාගෙන නිදහසේ කාලය ගත කරන්නයි. ඒ නිසා අපි යන තැන අපිම විනාශ කරන්නේ නැතුව ආදරයෙන් රැකගැනීම අපේම යුතුකමක් නේද? 🌳❤️

නවතම ඉතාලි නීති සංශෝධන (Decreto Legge 137/2023) අනුව, පරිසරයට කුණු කසළ බැහැර කිරීම දැන් සාමාන්‍ය වරදක් නොවෙයි; එය දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් (Reato Penale) බවට පත් කර තිබෙනවා.

⚠️ මේ සඳහා යූරෝ 1,000 සිට 10,000 දක්වා වූ ඉතා විශාල දඩ මුදලක් නියම විය හැකි බව ඉතාලි රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

අපේ අයගේ අතින් වෙන පුංචි අත්වැරැද්දක් නිසා මේ වගේ විශාල දඩ මුදලක් ගෙවන්න වෙනවට හෝ නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙනවට අපි කැමති නැහැ. ඒ නිසා අපි හොඳ සිතින් මේ දේවල් පුරුද්දක් කරගමු:

🗑️ අපි අරගෙන යන කුණු කසළ නිල කසළ බඳුනකට දමමු, නැත්නම් ආපහු ගෙදරටම ගෙන එමු.

🚯 තැන තැන කුණු දැමීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.

🌿 අපි ගිය තැන, අපි යන විට තිබුණාටත් වඩා පිරිසිදුව තබන්න

👨‍👩‍👧‍👦 ඊළඟ රස්නෙ කාලෙටත් අපිට මෙවැනි ලස්සන ස්ථානවලට එන්නත්, අපෙන් පසුව එන අයට මේ සුන්දරත්වය විඳින්නත් ඉඩ දෙමු.

අපේ මාතෘභූමියේ නමත්, අපේ අභිමානයත් රැකගෙන, මේ ලස්සන රටේ නිදහසේ සතුටු වෙමු.

අපි විනෝද වෙමු…
අපේ සුන්දර මතකයන් ගෙදර අරන් යමු…
කුණු ටිකත් අපිත් එක්කම ආපහු ගෙන එමු! ❤️🇱🇰🇮🇹

“අපි ගිය තැන අපේ නිසා නොවෙයි… අපෙන් පස්සෙත් තවත් අයට තියෙන්න ඕන නිසා රැකගමු.” 🌿

#පරිසරයරකිමු #කුණුනොදමමු

24/08/2026
2026 Modello 730 — අවසන් දිනය ළඟයි!ඔබට 2026 වසර සඳහා Modello 730 ඉදිරිපත් කිරීමට තිබේ නම්, අවසන් මොහොත දක්වා බලා සිටින්න...
22/08/2026

2026 Modello 730 — අවසන් දිනය ළඟයි!

ඔබට 2026 වසර සඳහා Modello 730 ඉදිරිපත් කිරීමට තිබේ නම්, අවසන් මොහොත දක්වා බලා සිටින්න එපා!

නිල අවසන් දිනය: 2026 සැප්තැම්බර් 30

සැප්තැම්බර් 30 නිල අවසන් දිනය වුවත්, සමහර CAF ආයතන ලේඛන භාරගැනීම ඊට පෙර අවසන් කළ හැකියි. ඒ නිසා දැන්ම Appuntamento එකක් වෙන් කරගැනීම වඩාත් සුදුසුයි.

730 හරහා ඔබට ලැබිය හැකි බදු සහන මොනවාද?

ඔබගේ තත්ත්වය අනුව පහත වියදම්වලට අදාළ බදු සහන / detrazioni ලබාගැනීමට හැකියාව තිබිය හැකියි:

🩺 වෛද්‍ය සහ සෞඛ්‍ය වියදම්
🏠 නිවාස කුලී වියදම්
👨‍👩‍👧 දරුවන්ට අදාළ සුදුසු වියදම්
📚 අධ්‍යාපනික වියදම්
🏃 ක්‍රීඩා සහ වෙනත් සුදුසු වියදම්

මේ දේවල් ලැහැස්ති කරගන්න

✅ CU (Certificazione Unica)
✅ Scontrini / Fatture — ෆාමසි සහ වෛද්‍ය වියදම්
✅ Contratto di Affitto — කුලී ගිවිසුම
✅ දරුවන්ට අදාළ පාසල්/අධ්‍යාපන වියදම් ලේඛන
✅ අදාළ වෙනත් බදු සහන සඳහා අවශ්‍ය ලේඛන

730 ඉදිරිපත් කරන්නේ කොහොමද?

👉 CAF ආයතනයක් හරහා
👉 Commercialista හරහා
👉 නැතිනම් SPID හෝ CIEb භාවිතයෙන් 730 Precompilato සේවාව හරහා ඔබටම

⚠️ 730 සෑම පුද්ගලයෙකුටම අනිවාර්ය නොවන අතර, ඔබේ ආදායම් හා පෞද්ගලික තත්ත්වය අනුව ඔබට කුමන ප්‍රකාශනයක් අවශ්‍යද යන්න CAF හෝ Commercialista සමඟ තහවුරු කරගන්න.

ඉතාලියේ ජීවත් වන අපේ ශ්‍රී ලාංකිකයන්ට වැදගත් තොරතුරු සඳහා
LankaGate සමඟ රැඳී සිටින්න.

🔄 ඔබේ යාළුවන්ටත් දැනගන්න Share කරන්න!

#7302026 🇮🇹🇱🇰

🇮🇹 ইতালিতে স্থায়ী বসবাস (Carta di Soggiorno) এবং নাগরিকত্বের (Cittadinanza) জন্য প্রয়োজনীয় ইতালীয় ভাষার পরীক্ষা এখন ...
21/08/2026

🇮🇹 ইতালিতে স্থায়ী বসবাস (Carta di Soggiorno) এবং নাগরিকত্বের (Cittadinanza) জন্য প্রয়োজনীয় ইতালীয় ভাষার পরীক্ষা এখন খুব সহজ!
🎓✨ আপনি কি এখনও পরীক্ষা নিয়ে ভয় পাচ্ছেন? আপনার ভাবনার চেয়েও সহজে পরীক্ষায় উত্তীর্ণ হওয়ার জন্য সঠিক দিকনির্দেশনা আমাদের কাছ থেকে নিন। পরবর্তী পরীক্ষা: ২১শে নভেম্বর
আমাদের প্রতিষ্ঠান থেকে আপনি যে পরিষেবাগুলো পাবেন:
✅ Carta di Soggiorno-এর জন্য প্রয়োজনীয় A2 পরীক্ষার প্রশিক্ষণ।
✅ Cittadinanza (নাগরিকত্ব)-এর জন্য প্রয়োজনীয় B1 পরীক্ষার প্রশিক্ষণ।
✅ শ্রীলঙ্কায় টাকা পাঠানো
✅ যেকোনো দেশের এয়ার টিকিট
✅ CAF / PATRONATO পরিষেবা
আরও বিস্তারিত জানতে আজই আমাদের সাথে যোগাযোগ করুন:
📞 0039 3520250303
📞 0039 3516620125
📍 আমাদের ঠিকানায় আসুন:
'Ceylon Point'
Via Giuseppe Verdi 183,
Catania, Sicilia, Italy.
আপনার ইতালীয় স্বপ্ন পূরণের যাত্রায় সঠিক পথপ্রদর্শক - Ceylon Point Catania! 🇱🇰🇮🇹

Indirizzo

Catania

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando LankaGate pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a LankaGate:

Scelte rapide

Condividi