14/05/2026
"සාර්ථකත්වය කියන්නේ 99% අසාර්ථකත්වය"
1906 නොවැම්බර් 17. ජපානයේ ෆුජි කන්ද පාමුල පොඩි ගමක්. ඒ ගමේ කම්මල්කාරයෙකුට දාව පොඩි කොල්ලෙක් ඉපදුනා. නම තමයි සොචිරෝ . තාත්තා ගෙදර බයිසිකල් හදනවා, යකඩ තලනවා. අම්මා මිකා වියනවා, මැහුම් ගෙතුම් කරනවා. ගෙදර තෙල්, ග්‍රීස්, යකඩ සුවඳ , යකඩ තලන සද්දෙ සොචිරොට හොඳට හුරු පුරුදු උනා.
පුංචි සොචිරෝ ඉස්කෝලේ පාඩම් වැඩ වලට නම් කිසිම උනන්දුවක් තිබුනේ නැහැ. හැබැයි ගමට ආපු පළවෙනි කාර් එක දැක්ක දවසේ ඉඳන් මිනිහා වෙනස් වුණා. "මේක තමන්ගේම බලෙන් කොහොමද දුවන්නේ?" කියලා දැනගන්න කාර් එක පස්සේ දිව්වා. දුවලා දුවලා හති වැටෙනකල් දිව්වා.
වයස 15දී පාසල් ගමනට සමුදුන්න සොචිරෝ ගෙදරින් පැනලා ටෝකියෝ ගියා. Art Shokai කියන ගරාජ් එකක අත් උදවුකරුවෙක් උනා. කෑම උයන්න , වැසිකිලි හෝදන්න, ගරාජ එක අතුගාන්න , අයිතිකාරයාගෙ ළමයි බලාගන්න වගේ වැඩ තමයි සොචිරොට පැවරුනේ. නිදාගන්න පාවිච්චි කලෙත් ගරාජ් එකේම මුල්ලක තිබුණ බංකුවක්. හැබැයි රෑට හැමෝම නිදාගත්තම, හොරෙන් එන්ජින් ගලවනවා. නැවත සවිකරනවා. දවල්ට අනිත් කාර්මිකයෝ කරන විදිහ බලාගෙන. ටික කාලයක් යද්දී සොචිරෝ දක්ශ කාර්මිකයෙක් උනා.
වයස 22දී ලස්සන කෙල්ලෙකුත් අරන් ආපහු ගමට ආපු සොචිරෝ තමන්ගෙම ගරාජ් එකක් පටන්ගත්තා. බිරිඳ සාචි පොත් තිබ්බා, කාර්ය මණ්ඩලයට බත් උයලා දුන්නා. ඒ කාලේ රේස් කාර් හදන්නත් පටන් ගත්තා. පරණ ගුවන් යානා එන්ජින් ගලවලා දාලා රේස් දිව්වා.
1934 දී පිස්ටන් වළලු හදන්න ගත්තා. කම්හලක් දැම්මා, සේවකයෝ 50යි. හැබැයි හදන හැම වළල්ලක්ම කැඩෙනවා. ටොයොටා එකට ගිහින් සාම්පල 50ක් දුන්නා. 47ක්ම රිජෙක්ට්. මිනිස්සු හිනා වුණා. "ඉස්කෝලෙවත් ගියේ නැති එකා මොන පිස්ටන් ද?" කියලා.
එතනදි සොචිරෝ තේරුම්ගතා තමන්ගේ උත්සාහයෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙනවා කියලා. තමන් පාසල් ගමන නවත්තලාදාපු එක ගැන පොඩි පසුතැවීමක් ඇතිඋනා. සාමාන්‍ය එකෙක් නම් එතනම අතාරිනවා. හැබැයි සොචිරෝ වයස 29දී ආපහු ඉස්කෝලේ ගියා. හමමත්සු කාර්මික පාසලට. එහිදී මූලද්‍රව්‍ය ගැන වැඩිපුර අධ්‍යනය කලා. ඔහුගේ පිස්ටන් අසාර්ථක වෙන්න හේතුව සිලිකන් ප්‍රමාණවත් තරම් යොදා නොගැනීම කියලා තේරුම් ගත්තා. අවසාන විභාගයට ඔන්න මෙන්න තිබියදී ඔහු කාර්මික විද්‍යාලයටත් සමුදීලා ආවා. ඔහු කිව්වෙ මට ඕන සහතික නෙවෙයි දැණුම කියලා.
ඊට පස්සෙ අවුරුදු 2ක් වැනි කාලයකින් ටොයෝටා සමාගමට පිස්ටන් වළළු සපයන කොන්ත්‍රාත්තුව තමන් සතුකරගන්න සොචිරෝට හැකිවුණා.
එතනින් පස්සෙත් ඔහුගේ ජීවිතේ මල් යහනාවක් උනේ නැහැ. ලෝකයටම අඳුරු යුගයක් උන දෙවෙනි ලෝක යුද්ධය ඔහුගේ ජීවිතයටත් අඳුර ගෙනාවා. 1944 දී ඇමරිකන් B-29 බෝම්බ කම්හල උඩට වැටුණා. සේවකයෝ මැරුණා, මැෂින් කුඩු. සොචිරෝ ගිහින් බලලා, හිනා වෙලා කිව්වා අපි විනාශයඋන හැමදේම ආපහු හදනවා කියලා. කම්හල ආපහු හැදුවා.
1945 දී භූමිකම්පාව ඇවිත් නැවත කම්හල බිමට සමතලා කළා. ඒ වෙලාවේ බැංකු ණය, සේවකයෝ, බලාපොරොත්තු – හැමදේම ඉවරයි. හැබැයි මිනිහා මොකද කළේ දන්නවද? යුද්දෙන් විනාශ වුණ ඇමරිකන් ඉන්ධන කෑන් එකතු කළා. "මේවා Truman ජනාධිපතිගෙන් ආපු තෑගි" කියලා විහිළු කළා. ඒ යකඩ වලින් සහ යුද්දේ පාවිච්චි කරපු රේඩියෝ ජෙනරේටර් වල තිබුණ පොඩි එන්ජින් ගලවගෙන, පාපැදියක හයි කළා. මිනිස්සු කිව්වා "පිස්සුද යකෝ, බයිසිකලේට එන්ජිමක්?" කියලා. හැබැයි තෙල් නැති, බස් නැති යුද්ධයෙන් විනාශ උන ජපානයේ මිනිස්සුන්ට ඒ "පිස්සු බයිසිකලේ" මසුරන් වගේ උනා.
1948 දී ලී මඩුවක යතුරුපැදි නිශ්පාදන සමාගමක් පටන් ගත්තා. සේවකයෝ 12යි, සල්ලි නෑ, හැබැයි සොචිරෝට හීනයක් තිබුණා "සාමාන්‍ය මනුස්සයට ගන්න පුළුවන් හොඳම මෝටර් සයිකලය හදනවා" කියලා. 1949 දී Dream D කියලා බයික් එකක් හැදුවා. 1955 වෙද්දී ජපානයේ අංක එකේ මෝටර් සයිකල් සමාගම වෙන්න ඔවුන්ට හැකිවුණා. 1959 දී ඇමරිකාවටත් අපනයනය කලා.
හැබැයි සොයිචිරෝගේ ඇත්තම ආසාව රේස්. පොඩි කාලේ ඉඳන්ම කාර් රේස් වලට පිස්සුවක් තිබුණා. 1954 දී Isle of Man TT කියන ලෝකේ භයානකම බයික් රේස් එකට යනවා කියලා ප්‍රකාශ කළා. හැමෝම හිනා වුණා – "ජපන්නු මොන රේස් ද?" කියලා. හැබැයි 1961 දී සොචිරෝ ඒක දින්නා. පස්සේ F1 දක්වාම ගියා.
මිනිහා කියපු කතාවක් තියෙනවා: "සාර්ථකත්වය කියන්නේ 99% අසාර්ථකත්වය". "Fail fast, learn faster" කියලා හැමතිස්සෙම කිව්වා.
කවුද ඉතින් මේ සොචිරෝ. ඔහුගේ සම්පූර්ණ නම තමා සොචිරෝ හොන්ඩා. ඔව් ලෝක ප්‍රසිද්ධ Honda motor company එකේ නිර්මාතෘවරයා.
1973 දී විශ්‍රාම ගියා. 1991 දී අපි අතරින් සමුගත්තා.
හිතලා බලන්න... ටොයොටා එකෙන් එළෙව්වා. කම්හල දෙපාරක් බිමට සමතලා වුණා. යුද්දේ, භූමිකම්පාව, සල්ලි නැතිකම. ඒත් අද Honda කියන්නේ ඩොලර් බිලියන 100කට වඩා වටින අධිරාජ්‍යයක්. අවුරුද්දකට එන්ජින් මිලියන 14ක් හදනවා. කාර්, බයික්, ජෙට්, රොබෝ – මොනවද නැත්තේ?
අද ඔයා මොකක් හරි හීනයක් නිසා බය වෙලාද ඉන්නේ? කවුරු හරි "උඹට බෑ" කිව්වද? මතක තියාගන්න, හොන්ඩා කියන නම හැදුවෙත් "බෑ" කියපු මිනිස්සුන්ගේ මැද්දෙන්. ඔයාගේ ලී මඩුව කොහෙද? ඔයාගේ පොඩි එන්ජිම මොකක්ද? පටන් ගනින් අදම.
මොකද කවුද දන්නෙ අද ගෙදර පිටිපස්සේ මඩුවක නැත්නම් කාමරය ඇතුලේ පටන්ගන්න දේ හෙට ලෝකයක් හොල්ලන සන්නාමයක් වෙයිද කියලා..❤️👇