Furusato Lanka

  • Home
  • Furusato Lanka

Furusato Lanka ජපානයෙන් උගත හැකි දේ බොහෝය. ඒ පිළිබඳ ය?

ජපන් ආවට පස්සේ උදේට නැගිටින්නත් එපා වෙන දවස් ඔයාට තියෙනවද?මටත් එහෙම දවස් තිබිලා තියෙනවා. රෑට නිදාගන්නෙ හෙට උදේට ඇහැරෙන්න...
26/05/2026

ජපන් ආවට පස්සේ උදේට නැගිටින්නත් එපා වෙන දවස් ඔයාට තියෙනවද?
මටත් එහෙම දවස් තිබිලා තියෙනවා. රෑට නිදාගන්නෙ හෙට උදේට ඇහැරෙන්නෙ නැත්නම් හොඳයි කියලා හිත හිත.
අපි ලංකාවේ ඉඳන් හීන පොදි බැඳන් ආවේ. "ජපන් ගිහින් ගේ හදනවා, නංගිට උගන්නනවා , දෙමවුපියන්ට සලකනවා" කියලා. ආවට පස්සේ මාස 6ක් වෙලත් තාම මොනවත් කරගන්න බැරි වෙනකොට , වැඩ කරලා ගෙදර ඇවිත් නානකොට අඬනවා. ඇයි කියලා දන්නෙත් නෑ. නිදාගන්න බෑ. පහුවදා ආයෙත් වැඩ. ජීවිතේ එපා වෙන වෙලාවල් එනවා.

ජපානය කියන්නේ සල්ලි හොයන මැෂින් එකක් නෙමෙයි. අපිත් මැෂින් නෙමෙයි. අපිටත් හිතක් තියෙනවා. ඒ හිත මැරෙන්න පුළුවන්.
ඔයාටත් එහෙම දැනෙනව නම් එකක් කියන්නම්. ඒක ඔයාගේ වරදක් නෙමෙයි. ඔයා දුර්වල නෑ. දවසට පැය 14-15 වැඩ කරලා, තව ලොක්කන්ගෙන් බැනුම් අහලා, room එකේ තනියම බත් එක කනකොට කාට උනත් එපා වෙනවා.
හැබැයි මැරෙන්න තරම් එපා වෙන්න දෙන්න එපා.
මම නම්බර් දෙකක් දෙන්නම්. Phone එකේ save කරගන්න. ඔයාට ඕන නොවුණට තව කෙනෙක්ට ඕන වෙයි.
TELL Lifeline එක 0800-300-8355. රෑ 12ට, 2ට කතා කළත් කමක් නෑ. සල්ලි යන්නෙත් නෑ. Japanese බැරි නම් "English please" කියන්න. හරි නැත්තන් Yorisoi Hotline 0120-279-338 එකට ගහලා 2 ඔබන්න. ඒක විදේශිකයන්ටම හදපු එකක්. දෙකම ඔයාලගේ ඕනම ප්‍රශ්නයක් විසඳලා දෙන ආයතන දෙකක්. විශේෂයෙන් රැකියාවේ ගැටළු වගේ ඒවා.
මේවා මම දන්නේ යාළුවෙක් නිසා. එයා එක දවසක් TELL එකට කතා කරලා. දැන් ඉස්සරට වඩා හොඳයි. Counselling යනවා. Job එකත් මාරු කරන්න හිත හදාගෙන ඉන්නේ.
අපි ලංකාවෙන් ආවේ ජීවත් වෙන්න. කාගෙවත් කොම්පැණියක් දියුණු කරන්න නෙමෙයි. ඔයාගේ අම්මා තාත්තා බලන් ඉන්නේ ඔයා එවන සල්ලි වලට විතරක් නෙමෙයි. ඔයාව ආයෙත් දකින්න.
ඒ නිසා වැඩේ අමාරු නම්, ඔලුව අවුල් නම්, කාටහරි කියන්න.
තව එකක්. ඔයාගේ ලඟ ඉන්න කෙනා ගැනත් බලන්න. කෑම කන්නේ නැද්ද, හිනා වෙන්නේ නැද්ද, "මගුලක් කතා කරනවා" කිය කිය ඉන්නෙ නැතුව "මොකක්ද මච්ං අවුල" කියලා අහන්න. ඒ අහන එකෙන් කෙනෙක් බේරෙන්න පුළුවන්.
ජපානයේ ඉන්න අපි ටික ටිකයි. ඒ ටිකත් නැති කරගන්න එපා.
අමාරුම වෙලාවේ මේක මතක් කරගන්න. කාලයක් යද්දී හැම ප්‍රශ්නයක්ම විසඳිලා ජීවිතේ ලස්සන වෙනවා. හැබැයි ඒ ලස්සන බලන්න නම් ඔයා ජීවත් වෙලා ඉන්න ඕන.
පරිස්සමින් ඉන්න.
මල්ලි උඹට මතු උපදින භවයක මෙවන් අකල් මරණයක් නොවේවා.

21/05/2026

ෆූජි කන්ද පේන ලස්සන පංසලක්

කැබිතිගොල්ලෑවේ 68ක් LTTE ත්‍රස්තවාදීන් විසින් මරා දැමූ ඒ ශෝකජනක මොහොතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගම්වැසියන් බලන්න ගියා...
18/05/2026

කැබිතිගොල්ලෑවේ 68ක් LTTE ත්‍රස්තවාදීන් විසින් මරා දැමූ ඒ ශෝකජනක මොහොතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගම්වැසියන් බලන්න ගියා.
මිනිස්සු බයෙන් ගම අතහැරලා යන්න හදද්දී ඔහු උස් හඬින් කිව්වා:
“නෑ නෑ, කවුරුවත් යන්න ඕන නෑ. මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්. මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දුව ගන්නවා. බය නැතුව ඉන්න. කවුරුවත් ගෙවල් අතෑරලා යන්න එපා.”
ඒ වීඩියෝ අදටත් අන්තර්ජාලයේ තියෙනවා. හොයාගෙන බලන්න.
එදාම රෑ ජනාධිපතිවරයා විදියට ජාතික රූපවාහිනියෙන් විශේෂ ප්‍රකාශයක් කළා. විනාඩි 45ක් දිග ඒ කතාවේ හදවතටම වදින කොටස අදටත් කට පාඩම්:
“ආදරණීය රට වැසියනී... මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ. ප්‍රභාකරන්ට 'සාමය' කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැත්නම්, එයාට තේරෙන භාෂාවෙන් උනත් කතා කරන්න මා පසුබට නොවන බව හොඳින් මතක තබා ගන්න.”
කාටද මේවා මතක?
විවාදයක් ඕන නෑ. 2005 සිට 2009 අග වෙනකන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේම ගැහුවා. ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොකර, ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉටු කළා.
ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම පමණයි.
ඩේවිඩ් මිලිබෑන්ඩ්ලාට, බර්නාඩ් කුෂ්නර්ලාට කනේ ඇඟිලි ගහගන්න හිතෙන විදියට මහින්ද එදා මුණටම කිව්වා.
මහින්දට එදා තිබුණ ජාත්‍යන්තර බලපෑම් සුළුපටු නෑ. ඒත් අදටත් ඔහු ඒවා ගැන ප්‍රසිද්ධියේ කියවන්නේ නෑ.
ඉන්දීය නියෝජිතයෝ ඇවිත් “වහාම මෙහෙයුම් නවත්වන්න” කියපු වෙලාවේ, කේන්ති ගිය මහින්ද ඇහුවා: “ඇයි, නැවැත්තුවේ නැත්නම් ගියපාර වගේ උඩින් පරිප්පු දාන්නද?” කියලා.
ඒ කොන්ද තිබුණ නිසයි උඹත්, මමත්, අපිත් අද බය නැතුව මහ මග ඇවිදින්නේ.
යුද්ධයට නායකත්වය දුන්
• මහින්ද රාජපක්ෂ
• ගෝඨාභය රාජපක්ෂ
• සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු
• සේනාංක ප්‍රධානීන්
• ශ්‍රී ලංකා පොලීසිය
• සටන් කළ සියලුම රණවිරුවන්
• මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍යය පුද කළ, දිවි දුන් රණවිරුවන්
• ආබාධිත වූ විරුවන්
මේ සියලු දෙනාම පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.
ඒක කෙලෙහිගුණ දන්න ජාතියක යුතුකමයි. 🇱🇰

ජපානයට නිතරම භූමිකම්පා එන්නේ ඇයි? ජපානය ලෝකයේ භූමිකම්පා වැඩිම රටක් විදිහට සැලකෙන්නේ නිකම්ම නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුද්ද...
15/05/2026

ජපානයට නිතරම භූමිකම්පා එන්නේ ඇයි?
ජපානය ලෝකයේ භූමිකම්පා වැඩිම රටක් විදිහට සැලකෙන්නේ නිකම්ම නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුද්දකට භූමිකම්පා 1500කට වඩා මෙහෙ වාර්තා වෙනවා. ඒත් ගොඩක් ඒවා අපිට දැනෙන්නෙවත් නැති තරම් පොඩි කම්පන. මේ තරම් භූමිකම්පා වෙන්න ප්‍රධානම හේතුව තමයි ජපානය පිහිටලා තියෙන භූගෝලීය පිහිටීම.

ජපානය තියෙන්නේ Pacific Ring of Fire කියන ප්‍රදේශය ඇතුලේ. මේක තමයි ලෝකේ භූමිකම්පා සහ ගිනිකඳු වලින් 90%ක් විතර සිද්ධ වෙන තීරය. ජපන් දූපත් ටික හැදිලා තියෙන්නේ මහා භූ තැටි හතරක් එකතු වෙන තැනක. Pacific Plate එක, Philippine Sea Plate එක, Eurasian Plate එක සහ North American Plate එක කියන තැටි හතර නිතරම එකිනෙකට හප්පෙනවා, එකක් අනික යටට කිඳා බහිනවා. මේ තැටි සෙමින් හෙලවුණාට ඒකෙන් ලොකු බලයක් එකතු වෙනවා. ඒ බලය එකපාරට නිදහස් වුණාම තමයි පොළව කම්පා වෙන්නේ.

අනිත් කාරණය තමයි ජපානය වටේට තියෙන ගැඹුරු මුහුදු අගල්. Pacific Plate එක ජපානය යටට කිඳා බහින තැන්වල Japan Trench වගේ ගොඩක් ගැඹුරු අගල් හැදිලා තියෙනවා. 2011 ආපු Tohoku භූමිකම්පාව වගේ ලෝකේ ලොකුම කම්පන ඇතිවෙන්නේ ඔය වගේ තැන්වල. ඒ වගේ ලොකු භූමිකම්පාවලින් තමයි සුනාමිත් ඇතිවෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ජපානය ඇතුලෙත් සක්‍රීය විභේද රේඛා 2000කට වඩා තියෙනවා. Nankai Trough, Sagami Trough වගේ තැන්වල අවුරුදු 100-150කට සැරයක් ලොකු භූමිකම්පාවක් එන චක්‍රයක් තියෙන බව විද්‍යාඥයෝ කියනවා.
ඒ නිසා භූමිකම්පාව කියන්නේ ජපානයේ ජීවිතේ සාමාන්‍ය කොටසක් වෙලා. ගොඩක් වෙලාවට දැනෙන්නේ පොඩි හෙලවීමක් විතරයි. ඒත් ජපන්නු මේකට මුහුණ දෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා ඉන්නවා. ඉස්කෝල වල earthquake drill කරනවා, ගොඩනැගිලි හදන්නේ කම්පනෙට ඔරොත්තු දෙන්න, Bullet train එක තත්පර ගාණකින් ස්වයංක්‍රීයව නවතිනවා. භූමිකම්පාව නැති දවසක් ජපානයට හරිම අඩුයි.
ඔයා ජපානයේ ඉඳලා භූමිකම්පාවක් අත්දැකලා තියෙනවද? ඔයාට කොහොමද දැනුණේ?
මේ 2011 භූමිකාව නිසා විනාශ උන පාසලක්.👇

14/05/2026

ජපාන උණුදිය උල්පත්

"සාර්ථකත්වය කියන්නේ 99% අසාර්ථකත්වය"1906 නොවැම්බර් 17. ජපානයේ ෆුජි කන්ද පාමුල පොඩි ගමක්. ඒ ගමේ කම්මල්කාරයෙකුට දාව පොඩි ක...
14/05/2026

"සාර්ථකත්වය කියන්නේ 99% අසාර්ථකත්වය"
1906 නොවැම්බර් 17. ජපානයේ ෆුජි කන්ද පාමුල පොඩි ගමක්. ඒ ගමේ කම්මල්කාරයෙකුට දාව පොඩි කොල්ලෙක් ඉපදුනා. නම තමයි සොචිරෝ . තාත්තා ගෙදර බයිසිකල් හදනවා, යකඩ තලනවා. අම්මා මිකා වියනවා, මැහුම් ගෙතුම් කරනවා. ගෙදර තෙල්, ග්‍රීස්, යකඩ සුවඳ , යකඩ තලන සද්දෙ සොචිරොට හොඳට හුරු පුරුදු උනා.

පුංචි සොචිරෝ ඉස්කෝලේ පාඩම් වැඩ වලට නම් කිසිම උනන්දුවක් තිබුනේ නැහැ. හැබැයි ගමට ආපු පළවෙනි කාර් එක දැක්ක දවසේ ඉඳන් මිනිහා වෙනස් වුණා. "මේක තමන්ගේම බලෙන් කොහොමද දුවන්නේ?" කියලා දැනගන්න කාර් එක පස්සේ දිව්වා. දුවලා දුවලා හති වැටෙනකල් දිව්වා.
වයස 15දී පාසල් ගමනට සමුදුන්න සොචිරෝ ගෙදරින් පැනලා ටෝකියෝ ගියා. Art Shokai කියන ගරාජ් එකක අත් උදවුකරුවෙක් උනා. කෑම උයන්න , වැසිකිලි හෝදන්න, ගරාජ එක අතුගාන්න , අයිතිකාරයාගෙ ළමයි බලාගන්න වගේ වැඩ තමයි සොචිරොට පැවරුනේ. නිදාගන්න පාවිච්චි කලෙත් ගරාජ් එකේම මුල්ලක තිබුණ බංකුවක්. හැබැයි රෑට හැමෝම නිදාගත්තම, හොරෙන් එන්ජින් ගලවනවා. නැවත සවිකරනවා. දවල්ට අනිත් කාර්මිකයෝ කරන විදිහ බලාගෙන. ටික කාලයක් යද්දී සොචිරෝ දක්ශ කාර්මිකයෙක් උනා.

වයස 22දී ලස්සන කෙල්ලෙකුත් අරන් ආපහු ගමට ආපු සොචිරෝ තමන්ගෙම ගරාජ් එකක් පටන්ගත්තා. බිරිඳ සාචි පොත් තිබ්බා, කාර්ය මණ්ඩලයට බත් උයලා දුන්නා. ඒ කාලේ රේස් කාර් හදන්නත් පටන් ගත්තා. පරණ ගුවන් යානා එන්ජින් ගලවලා දාලා රේස් දිව්වා.

1934 දී පිස්ටන් වළලු හදන්න ගත්තා. කම්හලක් දැම්මා, සේවකයෝ 50යි. හැබැයි හදන හැම වළල්ලක්ම කැඩෙනවා. ටොයොටා එකට ගිහින් සාම්පල 50ක් දුන්නා. 47ක්ම රිජෙක්ට්. මිනිස්සු හිනා වුණා. "ඉස්කෝලෙවත් ගියේ නැති එකා මොන පිස්ටන් ද?" කියලා.

එතනදි සොචිරෝ තේරුම්ගතා තමන්ගේ උත්සාහයෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙනවා කියලා. තමන් පාසල් ගමන නවත්තලාදාපු එක ගැන පොඩි පසුතැවීමක් ඇතිඋනා. සාමාන්‍ය එකෙක් නම් එතනම අතාරිනවා. හැබැයි සොචිරෝ වයස 29දී ආපහු ඉස්කෝලේ ගියා. හමමත්සු කාර්මික පාසලට. එහිදී මූලද්‍රව්‍ය ගැන වැඩිපුර අධ්‍යනය කලා. ඔහුගේ පිස්ටන් අසාර්ථක වෙන්න හේතුව සිලිකන් ප්‍රමාණවත් තරම් යොදා නොගැනීම කියලා තේරුම් ගත්තා. අවසාන විභාගයට ඔන්න මෙන්න තිබියදී ඔහු කාර්මික විද්‍යාලයටත් සමුදීලා ආවා. ඔහු කිව්වෙ මට ඕන සහතික නෙවෙයි දැණුම කියලා.
ඊට පස්සෙ අවුරුදු 2ක් වැනි කාලයකින් ටොයෝටා සමාගමට පිස්ටන් වළළු සපයන කොන්ත්‍රාත්තුව තමන් සතුකරගන්න සොචිරෝට හැකිවුණා.
එතනින් පස්සෙත් ඔහුගේ ජීවිතේ මල් යහනාවක් උනේ නැහැ. ලෝකයටම අඳුරු යුගයක් උන දෙවෙනි ලෝක යුද්ධය ඔහුගේ ජීවිතයටත් අඳුර ගෙනාවා. 1944 දී ඇමරිකන් B-29 බෝම්බ කම්හල උඩට වැටුණා. සේවකයෝ මැරුණා, මැෂින් කුඩු. සොචිරෝ ගිහින් බලලා, හිනා වෙලා කිව්වා අපි විනාශයඋන හැමදේම ආපහු හදනවා කියලා. කම්හල ආපහු හැදුවා.
1945 දී භූමිකම්පාව ඇවිත් නැවත කම්හල බිමට සමතලා කළා. ඒ වෙලාවේ බැංකු ණය, සේවකයෝ, බලාපොරොත්තු – හැමදේම ඉවරයි. හැබැයි මිනිහා මොකද කළේ දන්නවද? යුද්දෙන් විනාශ වුණ ඇමරිකන් ඉන්ධන කෑන් එකතු කළා. "මේවා Truman ජනාධිපතිගෙන් ආපු තෑගි" කියලා විහිළු කළා. ඒ යකඩ වලින් සහ යුද්දේ පාවිච්චි කරපු රේඩියෝ ජෙනරේටර් වල තිබුණ පොඩි එන්ජින් ගලවගෙන, පාපැදියක හයි කළා. මිනිස්සු කිව්වා "පිස්සුද යකෝ, බයිසිකලේට එන්ජිමක්?" කියලා. හැබැයි තෙල් නැති, බස් නැති යුද්ධයෙන් විනාශ උන ජපානයේ මිනිස්සුන්ට ඒ "පිස්සු බයිසිකලේ" මසුරන් වගේ උනා.

1948 දී ලී මඩුවක යතුරුපැදි නිශ්පාදන සමාගමක් පටන් ගත්තා. සේවකයෝ 12යි, සල්ලි නෑ, හැබැයි සොචිරෝට හීනයක් තිබුණා "සාමාන්‍ය මනුස්සයට ගන්න පුළුවන් හොඳම මෝටර් සයිකලය හදනවා" කියලා. 1949 දී Dream D කියලා බයික් එකක් හැදුවා. 1955 වෙද්දී ජපානයේ අංක එකේ මෝටර් සයිකල් සමාගම වෙන්න ඔවුන්ට හැකිවුණා. 1959 දී ඇමරිකාවටත් අපනයනය කලා.

හැබැයි සොයිචිරෝගේ ඇත්තම ආසාව රේස්. පොඩි කාලේ ඉඳන්ම කාර් රේස් වලට පිස්සුවක් තිබුණා. 1954 දී Isle of Man TT කියන ලෝකේ භයානකම බයික් රේස් එකට යනවා කියලා ප්‍රකාශ කළා. හැමෝම හිනා වුණා – "ජපන්නු මොන රේස් ද?" කියලා. හැබැයි 1961 දී සොචිරෝ ඒක දින්නා. පස්සේ F1 දක්වාම ගියා.
මිනිහා කියපු කතාවක් තියෙනවා: "සාර්ථකත්වය කියන්නේ 99% අසාර්ථකත්වය". "Fail fast, learn faster" කියලා හැමතිස්සෙම කිව්වා.

කවුද ඉතින් මේ සොචිරෝ. ඔහුගේ සම්පූර්ණ නම තමා සොචිරෝ හොන්ඩා. ඔව් ලෝක ප්‍රසිද්ධ Honda motor company එකේ නිර්මාතෘවරයා.
1973 දී විශ්‍රාම ගියා. 1991 දී අපි අතරින් සමුගත්තා.
හිතලා බලන්න... ටොයොටා එකෙන් එළෙව්වා. කම්හල දෙපාරක් බිමට සමතලා වුණා. යුද්දේ, භූමිකම්පාව, සල්ලි නැතිකම. ඒත් අද Honda කියන්නේ ඩොලර් බිලියන 100කට වඩා වටින අධිරාජ්‍යයක්. අවුරුද්දකට එන්ජින් මිලියන 14ක් හදනවා. කාර්, බයික්, ජෙට්, රොබෝ – මොනවද නැත්තේ?

අද ඔයා මොකක් හරි හීනයක් නිසා බය වෙලාද ඉන්නේ? කවුරු හරි "උඹට බෑ" කිව්වද? මතක තියාගන්න, හොන්ඩා කියන නම හැදුවෙත් "බෑ" කියපු මිනිස්සුන්ගේ මැද්දෙන්. ඔයාගේ ලී මඩුව කොහෙද? ඔයාගේ පොඩි එන්ජිම මොකක්ද? පටන් ගනින් අදම.
මොකද කවුද දන්නෙ අද ගෙදර පිටිපස්සේ මඩුවක නැත්නම් කාමරය ඇතුලේ පටන්ගන්න දේ හෙට ලෝකයක් හොල්ලන සන්නාමයක් වෙයිද කියලා..❤️👇

13/05/2026
🚌 ජපානේ බස් එකක් තප්පර 14ක් කලින් ගියාට රජයෙන් රතු කාඩ්! 🇯🇵ලංකාවේ බස් එකක් පැය බාගයක් පරක්කු උනත් “ඉතිං සාමාන්‍යනේ” කියල...
13/05/2026

🚌 ජපානේ බස් එකක් තප්පර 14ක් කලින් ගියාට රජයෙන් රතු කාඩ්! 🇯🇵
ලංකාවේ බස් එකක් පැය බාගයක් පරක්කු උනත් “ඉතිං සාමාන්‍යනේ” කියලා හිනා වෙන අපිට, මේක අහලා පුදුම හිතෙයි 😅

2026 ජනවාරි 11 Keihan Bus එකක් Kyoto පැත්තේ නැවතුම් 5කින් තප්පර 2-14ක් කලින් පිටත් වෙලා. එක මගියෙක් පැමිණිලි කරලා.

ජපාන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සමාගමට official ලිඛිත අනතුරු ඇඟවීමක්! බස් සමාගම ප්‍රසිද්ධියේ සමාවත් ඉල්ලලා
ඇයි තප්පර 14ට මෙච්චර සීන් එක?
ජපානෙට “Souhatsu” කියලා වචනයක් තියෙනවා - නියමිත වෙලාවට කලින් පිටත් වීම.
මිනිස්සු බස් එකේ වෙලාවට කෝච්චි අල්ලන්න, වැඩට යන්න තප්පරේට plan කරනවා. බස් එක තප්පර 14ක් කලින් ගියොත් දුවගෙන එන කෙනාට බස් එක miss. එතකොට මුළු දවසේම schedule එක අවුල්.
ලංකාවේ "පරක්කු වීම" නීතියක් උන රටක ඉඳලා, "කලින් යාම" වරදක් උන රටක් ගැන හිතද්දි හිනත් යනවා, පුදුමත් හිතෙනවා නේද?
ඔයාලා දන්නවද? Kyoto වලම driver කෙනෙක් අවුරුදු 29ක් වැඩ කරලා, රු. 2000ක ටිකට් එකක් සාක්කුවේ දාගත්ත කියලා pension එක රු. කෝටි 2.5ක්ම නැති වෙලා රස්සාවත් නැති උනා
ජපානේ විනය කියන්නේ සෙල්ලමක් නෙවෙයි 😤

ජපානයේ ඉඳන් ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක අලුත් කරගන්න විදිහමම පහුගිය සතියේ ටෝකියෝ එම්බසි ගිහින් පාස්පෝර්ට් එක අලුත් කරගත්තා....
12/05/2026

ජපානයේ ඉඳන් ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක අලුත් කරගන්න විදිහ
මම පහුගිය සතියේ ටෝකියෝ එම්බසි ගිහින් පාස්පෝර්ට් එක අලුත් කරගත්තා. ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා කෙටියෙන් දාන්නම්.

කොහෙන්ද කරන්නේ >
ටෝකියෝ වල තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලෙන් විතරයි. වෙන ශාඛා ජපානයේ නෑ. ඔසාකා, නගොයා ඉන්න අයත් ටෝකියෝ එන්නම වෙනවා. නැත්නම් ජංගම සේවාවක් සපයන දවසක් කතා කරලා අහගන්න.

අරන් යන්න ඕන දේවල් >
• පරණ පාස්පෝර්ට් එක + ෆොටෝකොපියක්
• පාස්පෝර්ට් සයිස් ෆොටෝ 4ක් කන්
දෙක පේන්න
• Residence Card එකේ දෙපැත්තේම කොපියක්
• උප්පැන්න සහතිකේ මුල් පිටපත
• K Form එක - එම්බසි website එකෙන් ගන්න පුළුවන්

සල්ලි කීයක්ද >
යෙන් 19,000ක්. Cash වලින් විතරයි ගන්නේ. Card වැඩ නෑ. මාස 3-4 ක් යනවා අලුත් එක එන්න.

වැදගත්ම දේ >
1. අනිවාර්යයෙන් කලින් call කරලා හරි website එකෙන් හරි appointment එකක් දාගන්න. නැත්නම් ගිහින් බලන් ඉන්න වෙනවා. 03-3440-6911
2. උදේ 9:30-12:00 අතර ගියා නම් ලේසියි. හවස සෙනග වැඩී.
3. Expire වෙන්න මාස 6ක් තියෙද්දිම අලුත් කරගන්න.
වීසා ගහන්න, වෙන රටකට යන්න ඒක ඕන වෙනවා.

මම ගිය දවසේ පැයක් වගේ ගියෙ වැඩ ඔක්කොටම. එම්බසි එකේ අය උදව් කරනවා. බය වෙන්න දෙයක් නෑ.
ගිහින් අලුත් කරගත්ත කෙනෙක් ඉන්නවා නම් අත්දැකීම් comment කරන්න. තව කාටහරි උදව්වක් වෙයි නේ ❤️

🚗 ජපානයේ රිය අනතුරක් වුණොත්? කලබල වෙන්න එපා! මේ Steps 5 පිළිපදින්න 🇯🇵ජපානයේ drive කරන අපේ අයට හදිස්සියේ අනතුරක් වුණොත් ම...
11/05/2026

🚗 ජපානයේ රිය අනතුරක් වුණොත්? කලබල වෙන්න එපා! මේ Steps 5 පිළිපදින්න 🇯🇵
ජපානයේ drive කරන අපේ අයට හදිස්සියේ අනතුරක් වුණොත් මොකද කරන්නේ? Save කරගන්න, share කරලා අනිත් අයටත් කියලා දෙන්න.

1. නවත්තලා ආරක්ෂා වෙන්න 🛑
වාහනය එතනම නවත්තලා Hazard lights දාන්න. පැනලා යන එක "Hit and Run" ලොකු වරදක්. Highway එකක නම් guard rail එකෙන් පිටට යන්න.

2. 119 - ගිලන් රථයට කතා කරන්න 🚑
තුවාලකරුවෙක් ඉන්නව නම් වහාම 119 ගහන්න. "English please" කිව්වම හරි. සුළු තුවාලයක් උනත් කතා කරන එක හොඳයි, insurance එකට report එක ඕන වෙනවා.

3. 110 - පොලිසිය අනිවාර්යයි 👮
සුළු හීරිමක් උනත් 110 ගහලා පොලිසියට කියන්නම ඕන. පොලිසිය "Kotsu Jiko Shomeisho" කියන report එක හදනවා. මේක නැතුව insurance claim කරන්න බැහැ.

4. Photo + විස්තර එකතු කරන්න 📸
• අනිත් driver ගේ නම, phone, license photo
• වාහන දෙකේ number plate
• අනතුර වුණ තැන photo 4-5ක්
• Insurance company එකේ විස්තර

වැදගත්: "මගේ වැරැද්ද, Sorry" කියලා අත්සන් කරන්න යන්න එපා. ඒක පොලීසියෙන් තීරණය කරනකල් ඉන්න. නැත්නම් insurance claim කරන්න ගියාම ප්‍රශ්න වෙනවා.

5. Rent-a-Car / Insurance එකට කියන්න 📞
Rent car එකක් නම් company එකට වහාම කතා කරන්න. 24h support line එකක් උන්ට තියෙනවා. පැය 24 ඇතුළත ඔයාගේ insurance එකටත් දැනුම් දෙන්න.

ලොකු ප්‍රශ්නයක් නම්: Sri Lanka Embassy Tokyo - 03-3440-6911
Safe driving!
ජපානයේ ලස්සන බලන්න යන ගමන් නීති ටිකත් පිළිපදින්න ❤️

Address

3353-1, Arakura, Fujiyoshida City

Website

Alerts

Be the first to know and let us send you an email when Furusato Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Furusato Lanka:

Shortcuts

  • Want your business to be the top-listed Travel Agency?

Share