28/04/2024
උදේ හිනා වෙලා යන මිනිස්සු හවස ලෙඩ ඇඳේ ඉන්නවා මම දැකලා තියනවා.
හෙට ආයෙ හම්බවෙමු කියලා යන මිනිස්සු ආයෙ කවදාවත් දකින්නෙ නැති අවස්තා මම විඳලා තියෙනවා.
ගිහින් කෝල් එකක් දෙන්නම් කියපු සමහරුන්ගෙ ඇමතුම් වෙනුවෙන් තාමත් මඟ බලන් ඉන්න මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.
ජීවිත හරි කෙටියි, මේ හැම දේම අපි හිතනවට වැඩිය හරි අවිනිශ්චිතයි.
ආදරෙයි කියන්න, ආදරේ දෙන්න මීට වැඩිය හොඳ කාලයක් ආයෙ එන්නෙ නෑ.
ආදරණීයන්ව බලාගන්න, ඒ අයව විඳින්න, තදින් වැළඳගන්න, කුඩා දේවල් සමරන්න, ඔවුන්ගෙ මූණට හිනාවක් දෙන්න කවදහරි හොඳ දවසක් එනකන් බලන් ඉන්නෙපා. 🌻🖤