Saji's Diary

Saji's Diary real life

හැමෝටම  ඕන  හැමදාම ආදරෙන් ජීවත්වෙන්න..... හැමෝටම ඕන මටම වෙන්වුන මගේම වුන මං ගැනම හිතන  මම පලවෙනියා වෙච්ච කෙනෙක්  එක්ක ජී...
03/08/2025

හැමෝටම ඕන හැමදාම ආදරෙන් ජීවත්
වෙන්න.....
හැමෝටම ඕන මටම වෙන්වුන මගේම වුන මං ගැනම හිතන මම පලවෙනියා වෙච්ච කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න...
පපුවේ හැම අංශුවක් ගානෙම මගේ කියන හැගීම් වලින් විතරක් පිරවෙච්ච..
හදවතක මහා ආරක්ශාකාරි තැනක ජීවිතේ නතර කරවන්න...

අවංක හැමෝගෙම ප්‍රාර්ථනයක් මේක..❤️

ඒත්....ලොකේ වෙනස් වෙනවත් එක්කම මිනිස්සුත් වෙනස් වෙනවා.අපේ අම්මලගේ තාත්තලාගේ වයසේ අය තමයි ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියලා හරියටම දන්නේ...ඒ කාලෙදි මොන දේ උනත් ආදරේ කරන කෙනාව තනිකලේ නෑ.❤️❤️

ඒත් වර්තමානය වෙනකොට සේරම දේවල් වෙනස් වෙලා...මිනිස්සු තමන්ගෙම වෙන අයගෙනුත් හොයන්නේ සල්ලිම විතරයි.💔
ඇත්තම කීවොත් කසාදයෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් සල්ලිම විතරයි.
පොඩ්ඩක් ඔයාම හිතලා බලන්නකෝ ,කී දෙනෙක් ඔයාගෙන් අහලා තියෙනවද job එක මොකක්ද ,salary කීයද, කීයක් ඉතුරු කරලා තියෙනවද වගේ ප්‍රශ්න ,😬
ඇත්තටම ඒ වගේ වචන වලින්ම තේරෙවා ආදරෙයි කියන මිනිස්සු කොච්චර වංකයිද කියලා...💔

ඔළුවෙන් හිතලා තෝර ගන්න ඔයා ගැන විතරක් හිතන කෙනෙක්.👍👆
රැවටෙනවට වඩා ටිකක් හිතන්න......

Sajis Diary

01/08/2025

finally i find you...😊

නිහඬවීම හොදම පිළිතුරයැයි මම කියමි..!මන්ද.. හැඩිය හැක , යදිමින් පසුපසද යා හැක..එමගින් රඳවා ගැනීම ප්‍රේමයද..?නුඹගේ අවංක වු...
30/07/2025

නිහඬවීම හොදම පිළිතුරයැයි මම කියමි..!

මන්ද..
හැඩිය හැක , යදිමින් පසුපසද යා හැක..
එමගින් රඳවා ගැනීම ප්‍රේමයද..?
නුඹගේ අවංක වු ප්‍රේමය ඒ තරම් සිල්ලරවිය යුතුද..

කෙදිනකවත් නැත..
නිහඬ වෙන්න..

නුඹගේ ප්‍රේමය කිසිවෙකුටත් තේරුම් කලයුතු නැත.
තේරුම් ගෙන ලඟ රැඳීම ප්‍රේමයයි !! 🤍🍃💆🏻‍♂️

23/07/2025

“ ඔබ කිසිවෙකුට ප්‍රේම නොකර සිටීමට හිත හදාගත්තෙ කොහොමද..? " හිත මගෙන් විමසුවා

" උත්තරේ ලේසියි,

කෙනෙක් මට අවධානය දෙනවද නැද්ද කියන එක මත මගේ සතුට රඳාපවතිනවාට මං කැමති නෑ.
ඔවුන් මා ගැන සිතනවාද කියා කල්පනා කරමින් නිදි නොමැති රැයවල් ගතකිරීමට මට අවශ්‍ය නැහැ.
මං ගැන සැලකිල්ලක් නොදක්වන කෙනෙක් වෙනුවෙන් කඳුලු සැලීමට මට අවශ්‍ය නැහැ.
ඒත් කමක් නැහැ. කෙටි පණිවිඩයක් එනතුරු මට මගේ දුරකථන තිරය දෙස බලා සිටීමට අවශ්‍ය නැහැ.
ඒ හැමදේම කාලෙකට කලින් මං කලා....
දැන්......ඒ හැමදේටම වඩා,

මගෙ සතුට විනාශකිරීමට කිසිවෙකුට බලය දීමට මට අවශ්‍ය නැහැ " මං හිතට පැවසුවා.. 🤍🌻

මගෙන් ඇයි කියලා අහන්න එපා ඉතිම්....

හැමදාම මට ඕනෙ උනා මුණගැහුන හැමෝටම ආදරණීය මනුස්සයෙක් වෙන්න..කොයිතරම් මහන්සියෙන් උන්නත්ලගම උන්නු අයගෙ විඩා නිවන්න..දාහක් ප...
23/07/2025

හැමදාම මට ඕනෙ උනා
මුණගැහුන හැමෝටම ආදරණීය මනුස්සයෙක් වෙන්න..

කොයිතරම් මහන්සියෙන් උන්නත්
ලගම උන්නු අයගෙ විඩා නිවන්න..

දාහක් ප්‍රශ්න මැද්දෙ උන්නත්
පුංචි විහිලුවකින් හරි හිනාවක් මූනට ගේන්න..

මානසික නිදහස නැත්තටම නැති වෙලා
අන්තෙටම කඩාවැටිලා උන්නත්
මං ආදරේම මිනිස්සුන්ව දිරිමත් කරන්න..

කොයිතරම් නම් අන්දකාරෙක ගිලිලා උන්නත්
මගේ අය සතුටින් ඉන්න දිහා බලාන හිතින් සතුටු වෙන්න..

ඉතින්,
මං එහෙම මනුස්සයෙක්..

මට නොලැබුණ දේවල් අනික් අයට ලැබෙද්දි උනත්
කහටක් නැතුව හිනාවෙන්න පුළුවන්
ආදරණීයම මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන
හරි සරල මනුස්සයෙක්..

Relationship  එකක් ඇතුළේ ආදරේ විතරක් තිබ්බාම ඇතිදදෙන්නට දෙන්නා මොකුත් හංගන්නැති තැන ඒ ආදරේ ගොඩක් ශක්තිමත්සාමාන්‍යෙන් අපි...
16/07/2025

Relationship එකක් ඇතුළේ ආදරේ විතරක් තිබ්බාම ඇතිද

දෙන්නට දෙන්නා මොකුත් හංගන්නැති තැන

ඒ ආදරේ ගොඩක් ශක්තිමත්

සාමාන්‍යෙන් අපි අපේ හොඳම යාලුවට හැමදේම කියනවා

ඇයි ඒ වගේ ඔයාගේ Bf/Gf ට එහෙමකියන්න බැරි

ආදරේ ඇතුළේ අපි හෙව්වේ මානසික නිදහස

රණ්ඩු වෙයි කියන බයට ගොඩක් කට්ටිය ගොඩක් දේවල් හංගනවා

තරහා වෙයි කියලා බයට එහෙම කරනවා

අපි යාලුවා එක්ක නම් ඕනි දෙයක් කියාගනාවා හිතේ තියෙන හැමදේම

සමහර කොල්ලෝ පට්ට නපුරුයි

පොඩි දේත් ලොකු කරන් කෑගහනවා

ඉතිම් මන් අහන්නේ ඒ නපුරු කොල්ලත් අවංක ආදරේකට කැමති ඇති

ඒත් පොඩි පොඩි දේවල් වලටත් කුනුහරප කියන් කෑගහන එකෙන්

හැමදේම කියන්න හිතෙනවද

කෙල්ලෙක්ට වුණත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා

කොච්චර බැන්නත් හැමදේම කියන කෙල්ලෙක්ට වුණත්

කොල්ලෙක්ට වුණත්

ඒ හැමදේම එපා වෙන දවසක් එනවා

ඇයි දෙන්නට බැරි දෙන්නවම තේරුම් අරන් හැමදේම ශෙයාර් කරන්

යාලුවෝ වගේ ඉන්න

සාමාන්‍යෙන් relationship එකක් ඇතුළේ

මේ දේවල් වෙනවා

තරහා යනවා කියලා හැමදේකටම තරහා අරන් කුනුහරප කියන්

දඟලද්දි

පස්සේ ඒවා අමතක කරලා කතා කරන්න තරම් හැමෝගෙම හිත් හයිය නෑ

වැරදියට තේරුම් ගන්න එපා තමන්ගේ දේවල් ශෙයාර් කරන් සතුටින් ඉන්න බැරි තේරුම් ගන්න බැරි අය ඕනි තරම් ඉන්නවා

මොකද මාත් කැමති යාලුවෙක් වගේ හැමදේම කියන්

දුක සතුට ශෙයාර් කරන්න පුලුවන් patner කෙනෙක්ට

ඒත්..........

එහෙම අය හොයාගන්න නැති තරම්😊❤️‍🩹

දැන් කොටසක් කියයි ආදරේටනෙහ් තරහා ගන්නේ කියලා

ඔයත් එහෙම කෙනෙක් නම් ඔයාගේ patner ඔයාට හැමදේම කියන්නෑ

මොකද එයත් බයයි ඔයා කොහොම හැසිරෙයිද මොනවා කරයිද කියලා

දෙයක් කියන්න කලිම් කියනවද නැද්ද කියලා සියපාරක් හිතන තැනට වැඩ කරන්න එපා

හැමදේම කෙලින් කියන්න පුලුවන් තැනට

Patner ගේ හිත හදලා තියන්න

ඒ ආදරේ හැමදාම සතුටින් තියෙයි

12/07/2025
දැකල තියෙනවද නිහඬ ගැහැණු? කවුරු එක්කවත් බලෙන් හිනාවෙන්නෙ නෑ...හැබැයි කවුරු හරි හිනා වුනොත් අහක බලාගෙන යන්නෙත් නෑ...කවුරු...
11/07/2025

දැකල තියෙනවද නිහඬ ගැහැණු?
කවුරු එක්කවත් බලෙන් හිනාවෙන්නෙ නෑ...
හැබැයි කවුරු හරි හිනා වුනොත් අහක බලාගෙන යන්නෙත් නෑ...
කවුරු එක්කවත් බලෙන් කතාවට යන්නේ නෑ...
හැබැයි කවුරු හරි කතා කරොත් කතා නොකර යන්නෙත් නෑ...
අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න බැඳිලා නෑ...
හැබැයි අවශ්‍ය දෙයක් නම් උත්තර නොදී ඉන්නෙත් නෑ...
කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැතුව තීරණ ගන්නේ නෑ...
හැබැයි තීරණ ගන්න ඕන තැන්වලදී මොන විදිහේ දරුණු තීරණයක් ගන්න වුණත් පසුබට වෙන්නේ නෑ...
කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක් ගැන වැරදියට තේරුම් ගන්නේ නෑ.
හැබැයි වැරදියි කියලා තහවුරු වුණොත් කිසිම සමාවකුත් නෑ..
අනවශ්‍ය දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ...
හැබැයි අවශ්‍ය දේවල් ගැන ඕනවටත් වඩා හිතනවා...
ඕනවට වඩා යාලුවෝ හදාගන්නේ නෑ...
හැබැයි තමන්ගේ සර්කල් එක ඇතුළේ ඉන්න කිහිපදෙනාට පණ උනත් දෙනවා...
කිසිම දෙයක් ලේසියෙන් අතහරින්නේ නෑ...
හැබැයි දෙයක් අතහැරියොත් ඒ දිහා ආයෙත් හැරිලවත් බලන්නේ නෑ...
ඇත්තටම ඒක අහංකාරකමද?
නෑ... ඒ තමයි ඔවුන් ආරක්ෂාව වෙනුවෙන් තමන් වටේට හදාගෙන තියෙන සීමාව...
ඒත් කවුරුහරි හිතෙනවා නං ඒ අහංකාරකම කියලා...
ඔව්... ඒ අහංකාරකම තමයි.

කාලෙකට කලින් මං පුදුම විදිහට හැමදේම පැහැදිලි කරනවා හැමෝටම !!ඇයි මම එහෙම කළේ ..ඇයි මම එහෙම කිව්වේ...ඇයි මම එහෙම තෝරා ගත්ත...
08/07/2025

කාලෙකට කලින් මං පුදුම විදිහට හැමදේම පැහැදිලි කරනවා හැමෝටම !!

ඇයි මම එහෙම කළේ ..
ඇයි මම එහෙම කිව්වේ...
ඇයි මම එහෙම තෝරා ගත්තේ ...
ඇයි මම එහෙට ගියේ ...
ඇයි මම මෙහෙම දෙයක් කලේ ...

ඒ කිව්වේ මම මාර විදියට ඔප්පු කරන්න උත්සාහ කළා , මගේ නිවැරදි බාවය ...

මේ හැමදේම මම ඕනවටත් වඩා අනවශ්‍ය පුද්ගලයන්ට පැහැදිලි කළා ! මං එහෙම පැහැදිලි කලේ එයාලා මං ගැන වැරදියට හිතයි කියලා බයෙන්.. සමහර වෙලාවට මං එහෙම පැහැදිලි කලේ එයාලා මාව දාලා යයි කියලා ...

ඒත් එහෙම පැහැදිලි කරමින් මගේ නිවැරදි බව ඔප්පු කරන්නට උත්සාහ කරපු හැම අවස්ථාවක්ම මගේ මානසික නිදහස සුණුවිසුණු වෙලා ගියපු අවස්ථා !

ඊට පස්සේ මම පුරුදු වුණා මෙන්න මෙහෙම...

" මං කරපු දේ නිසා කිසිම කෙනෙක්ට හානියක් නැත්නම් , ඒකෙන් මටත් හානියක් නැත්නම්, අනවශ්‍ය කිසිම කෙනෙක්ට අනවශ්‍ය විදිහට ඕනවටත් වඩා පැහැදිලි කිරීම් නොකර ඉන්න..
එයාලා මං ගැන මොනවා හිතුවත් මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න... පසුතැවීම් නොවී , මගේ ජීවිතය වෙනුවෙන් මම පෙනී සිටින්න..
මම පුරුදු වුණා ! කවුරු තරහ වුනත් කවුරු මගෙන් ඈත් වුණත් කවුරු මං ගැන වැරදියට හිතුවත් තවදුරටත් මං ඒවා ගැන හිතන්නේ නැහැ.. තේරුම් ගැනීම සහ වැරදියට වටහා ගැනීම එයාලගේ මට්ටම අනුව සිදුවෙන දෙයක් මිස , ඒක තවදුරටත් මගේ ප්‍රශ්නයක් නොවේ !

06/07/2025

04/07/2025

Address

Ambepussa

Website

Alerts

Be the first to know and let us send you an email when Saji's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saji's Diary:

Share