20/06/2025
🔰සුන්දර අම්පාරේ - අභිමානවත් බෞද්ධ උරුමය - රජගලතැන්න🔰🇱🇰
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, ගනික වනාන්තරයකින් වටවූ කඳු මුදුනක පිහිටි මෙය පුරාවිද්‍යාත්මක වශයෙන් ලංකාවේ විශාලතම රක්ෂිත භූමියකි. ✅ලෙන් 100කින් පමණ සමන්විත අක්කර 1050ක් පුරා විහිදුනු ලංකාවේ විශාලතම පුරාවිද්‍යා රක්‌ෂිතය වශයෙන් සැලෙකෙන හෙළ ඉතිහාසයෙ සුවිශේෂී සාක්ෂි සාධක සගවාතැබූ නැගෙනහිර අභිමානවත් බෞද්ධ උරුමය අම්පාර රාජගලතන්න.
මහලෙන තුළ සිදුකළ කැණීම්වලින් මෙහි මධ්‍ය ශිලා යුගයේ මානවයන් වාසය කළ බවට තහවුරු වන සාධක ලැබීමත් සමඟම නැගෙනහිර පළාතෙන් හමුවූ පළමු ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස ද රජගල ඉතිහාසයට එක්වනවා.📍
මෙම භූමියෙන් හමුවන 70 අධික ලිපි අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි ක්‍රි. පූ යුගය දක්වා දිවයනවා. ✅
මිහිඳු හිමි ඇතුළු පිරිස ගැන සඳහන් වන ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපිය ඒ අතරින් ඉතා සුවිශේෂී මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර දාගැබක් කරවූ බවට මෙහි සෙල්ලිපියක සදහන් වනවා. ✅
මෙහි ඇති දෙමහල් ලෙන රජගලට පමණක් ආවේණික සුවිශේෂී ලෙනකි, තවද ශීත ලෙන් පද්දතියක්ද,කටාරම් කෙටූ ලෙන්, දාගැබ්, ප්‍රතිමා ගෘහ,ඕවල් හැඩයෙන් සමන්විත දාන ශාලාවක්ද , ආවාස ගෘහ, පොකුණු, වැසිකිළි, පෙත්මං ආදී ගොඩනැගිලි සිය ගණනක් දැකගත හැකියි. ✅
මෙහි නටබුන් අතර ගල් ඔරලෝසුවක්,අඩක් නිමකළ සැතපෙන බුදු පිළිමය, හා සුවිසල් ශෛලමය පාත්‍ර දෙකක් ද,මෙහි ඇති දිය පිහිල්ල තවමත් ක්‍රියාත්මකව පවතිනවා. පුන්කලස දෝතින් රැගෙන සිටින මුරගල හා නාගරාජිනී යුගල සහිත මුරගල් ද දුලබ කලා නිර්මාණ ලෙස සැලකෙනවා.✅
ඔබත් වරක් හෝ අනිවාර්යෙන්ම අම්පාර - රජගලතැන්නට පැමිණෙන්න. 💯
(Photo credit goes to : KC Damith )