Travel Asia

Travel Asia "Welcome To Layan Lanka, Your Gateway To Unforgettable Adventures In Sri Lanka

15/12/2024

24/04/2024

මාසෙකට ඩොලර් ලක්ෂ 5කට වඩා හම්බ කරපු වැනෙස්සා (Vanessa Lau) හදිසියේම බිස්නස් එක වහලා දැම්මේ ඇයි?

✔️වැනෙස්සා ලාවු (Vanessa Lau) කියන්නේ මීට අවුරුදු 2-3කට කලින් මම ආසාවෙන් follow කරපු Youtuber කෙනෙක්. 1994 උපන්, නැගෙනහිර ආසියාතික සම්භවයක් තියෙන, කැනඩාවේ හොඳ company එකක ඉහළ පඩි ලබන රස්සාවක් කර කර හිටපු වැනෙස්සා එක පාරටම රස්සාවෙන් අයින් වෙනවා. ඊට පස්සේ coffee shop එකක barista කෙනෙක් හැටියට වැඩ කරන ගමන් Youtube channel එක කරනවා,

✔️අවුරුද්දක් ඇතුළත channel එකේ ලා subscribers 100,000 සීමාව ඉක්මවනවා. 2023 වෙද්දි Youtube subscribers ලා 500,000 යි, Instagram followers ලා 250,000 යි. බිස්නස් එකෙනුයි චැනල් එකෙනුයි ඩොලර් ලක්ෂ ගණන් උපයනවා.

✔️හැබැයි 2023 දවසක වැනෙස්සා Youtube Videos දාන එක නවත්වනවා. බිස්නස් එකත් වහනවා. Website එකට ගිහිල්ලා බැලින්නම් “on sabbatical” කියලා තියෙනවා.ගිය තැනක් හෝ කරන දෙයක් කවුරුත් දැනන් හිටියේ නෑ.

එයා ආපහු එයි කියලා කවුරුත් හිතුවෙත් නෑ.

ඒත් අවුරුද්දකට පස්සේ, 2024 දී එයා ආපහු වීඩියෝ එකක් දාල වෙච්ච දේ පැහැදිලි කරනවා.

📌“මගේ පුංචි යූටියූබ් චැනල් එක, මම නොදැනුවත්වම සේවකයෝ වැඩ කරන company එකක් වෙලා තිබුනා. ඒ නිසා ඒ සේවකයෝන්ගේ ජීවිතය මගේ company එක මත රැඳෙනවා නේද කියන සිතුවිල්ල මගේ ඔළුවේ නිතරම තිබ්බ. ඒකත් එක්ක ආපු pressure එක නිසා මම වර්තමානය ගැන හිතන්නේ නැතුව අනාගතය ගැන නිතරම වද වෙන්න පටන් ගත්තා...ඉස්සර මම චැනල් එක පටන් ගත්ත කාලේ දෙයක් achieve කරාම ඒ ගැන මාර හැඟීමක් දැනුනා.ඒත් ටිකෙන් ටික ඒ සතුට නැතිවුනා (stress එක නිසා)... “

📌“මට වඩා සාර්ථක influencers ලා සැබෑ ජීවිතේදි හම්බුණාම "අනේ මම එච්චර දේවල් කරලා නෑ නෙ" කියලා හීනමානයක් එන්න ගත්තා. .. හීනමානෙත් එක්ක තව තව හම්බ කරන්න pressure එක වැඩි වුනා.අන්තිමට මම තේරුම් ගත්ත මගේ ජීවිතේ ගොඩක් දේවල් අනුන් වෙනුවෙන් කරන performance එකක් විතරයි කියල.මට මාවම නැතිවෙලා කියලා තේරුණාම මම හැම දෙයක්ම ටික කාලයකට නවත්තල දාන්න තීරණය කළා. “
ඒ ඉගෙනගත්තු පාඩම් හිතට අරගෙන එයා දැන් නැවත බිස්නස් එක පටන්ගෙන සාර්ථකව කරගෙන යන්වා.

🖍️අද පරම්පරාවේ තරුණ තරුණියෝ ගොඩක් ලොකු හීන දකිනවා. සමහරුන්ට ඕනේ 25 වෙද්දි Facebook වගේ ලොකු company එකක් ලංකාවේ හදල, බිලියනපතියෙක් වෙලා ලෝකෙ හැමතැනම travel කරන්න. තව සමහරුන්ට ඕනෙ 35 වෙද්දි රටේ ජනාධිපති වෙන්න. මේවා නරක හීන වත්, මෝඩ හීන වත් නෙවෙයි. රජයෙන් රස්සා ඉල්ල ඉල්ල පෙළපාළි යනවාට වඩා තමන්ගේ ටාගට් එකකට වැඩ කරන්න කොන්දක් තියෙන එක ගැන මම නම් අවංකව සතුටුයි.

ඒත් අපි ඒ දකින හීන අපේම හීනද?

🖍️ඉස්සර අපිට pressure එක තිබ්බේ අම්මලාගෙන් සහ පන්තියේ යාලුවන්ගෙන් විතරයි. දැන් social pressure එක 24 පැයේම අපි අතේ තියාගෙනයි ඇවිදින්නේ. Tiktok Instagram වල "Youngest Billionaire, Youngest Scientist, Millionaire Youtubers” ල, සහ එයාලා කරන සුපිරි දේවල්, යන සුපිරි තැන්, කන බොන සුපිරි දේවල් ගැන රස කතා පිරිලා. ඉතින් අපි ඇතුලේ දුකක්, හීනමානයක් තියෙන කොට මේ වගේ දේවල් දැක්කම, අපි ඒ මූසල හැඟීම මහ විශාල හීනයකට පෙරළ ගන්නවා. "මම ලෝකෙ කෙරුමෙක් වෙලා හැමෝටම පෙන්නනවා" කියලා අපි හිතනවා.

ඒත් මේ වගේ “හීනමාන හීන” අපි දකින්න ගත්තහම, ඒව පස්සේ යන්න ගත්තහම අපිට අපිව නැති වෙනවා. ජීවිතය නීරස රේස් එකක් වෙනවා.

🖍️අපි හැමෝම එක වගේ නෑ. අපේ දක්ෂතා වෙනස්.ඒ වෙනස් දක්ෂතා ලෝකෙට අවශ්‍ය වෙන කාලය අපේ තරුණ කාලෙ නොවෙන්න පුළුවන්. ඉස්සර ලස්සනට අකුරු ලියන්න පුළුවන් අයට තැනක් තිබ්බා. ඊට පස්සේ තැන තිබ්බේ සිතුවිලි අකුරු කරන්න පුළුවන් අයට. දැන් AI නිසා තැනක් හැදෙන්නේ හොඳට හිතන්න පුළුවන් අයට. ඒ වගේ, අපි නොහිතන විදිහට අපිට opportunities ලැබෙන්නත් පුළුවන්, මගහැරෙන්නත් පුළුවන්. ඒ ඔක්කොමටම මුහුණ දෙන්න අපිට broad skillset එකක් විතරක් නෙවෙයි, හොඳ පෞරුෂයකුත් ඕනෙ වෙනවා. ඒවා දවසින් හෝ අවුරුද්දෙන් දෙකෙන් හදාගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඕනෙම ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් වෙන්න පැය 10,000ක් නැත්නම් අවුරුදු 10ක් විතර යනවා කියලා කියන්නේ ඒකයි. ( Robert Greene ගේ Masteryපොත බලන්න )

ඒ skillset එක, ඒ personality එක ගොඩනගා ගන්න එක තමයි තරුණ කාලේ අපිට කරන්න පුළුවන් ලොකුම investment එක.

ඒ නිසා, අපි තරුණ කාලේ පුළුවන් තරම් අපේම හීන පස්සෙන් යමු. අළුත් අළුත් දේ ඉගෙන ගමු. Risk ගමු. Enjoy කරමු. ටිකක් වෙහෙසුනොත් සල්ලි කියන එක කොහොමත් හම්බවෙනවා. සල්ලි හම්බකරන එක හොඳයි. ඒත් ජීවිතේ අපට ලැබෙන්නේ එක සැරයයි. ජීවිතේ උකස් කරලා සල්ලි ලබා ගන්න හදන්නේ නැතුව, ජීවිතයට හරි පාදමක් දා ගන්න බලා ගත්තොත් අපිට සල්ලියි, සතුටයි දෙකම නොඅඩුව ලැබේවි.

23/03/2024

13/03/2024
13/03/2024

12 Day tour Amazing Sri Lanka 🇱🇰 Come and enjoy this wonderful island         🥂🍺🍷🍻🍕🍔🥘🍧🍿Nature, Culture, Waterfalls, Trai...
12/03/2024

12 Day tour

Amazing Sri Lanka 🇱🇰

Come and enjoy this wonderful island
🥂🍺🍷🍻🍕🍔🥘🍧🍿

Nature, Culture, Waterfalls, Train Tour, Safari, Cycling, Hiking, Ayurvedic Massage, Silent Beach, Camping, Whale Watching,
🌴🌳🪴🍄💐🌾🦤🦨🐋🐬🐳🦋🌊💧💦🌦☀️🏊‍♀️🧗🚵‍♂️🚣🎷🎧🏖🏝⛺️🏕

Here we go....!!!

Ideal tour package for your winter vacation....!!!

🚗 🚐 Transportation & Guiding
( Airport drop, Airport pickup, Round tour)
🛖🏝️ 3* / 4* Hotel Accommodation (BB)
🏰🏯 Site seeing
🐬🐳 Whales and Dolphin watching tours
🦚🦜 Bird watching
🐘🐆 Elephant & Leopard safari
🦞🦀 Experience the best sea food in town
🚂🚞 Train touer
🏄‍♂️🧘🧗‍♂️ Surf camp , yoga class & Hiking
🚣🚴💎 Boat Safari, Stick Fishing, Sea Fishing Tour, Cycling,Gem mining
🪴🍀☘️🍄 Ayurvedic massage
🏊🏿‍♀️🏊🏿‍♀️🌊 Diving & Snorkeling
🥂🍻🍹🎺🎷🎧🎉🎈🎊🪅🎁🎊Memorial celebrations Events
❤️❤️ Super friendly customer service

Note : We can make changes to these packages according to your preferences and budgets

Address

87 B, Wathugedar Noth, Wathugedara
Balapitiya
80550

Telephone

+94729553316

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Asia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Asia:

Share

Category