Travel for Education

Travel for Education Traveling is not something you are good at. It's something you do LIKE BREATHING
(1)

02/06/2025

සොබා දහමට ආදරේ කරන ඔයාලට ඔයාලගේ ලස්සන දවස හරිතවත්ව සරසගන්න...💚🩵
තමන්ගේ ආදරණීයන්ට මතක හිටින හරිතවත් තෑග්ගක් දෙන්න
අපේම Happy Plants Happy Plants වෙත එකතු වෙන්න....
මේ අපේම ව්‍යාපාරයක්..
වසර දෙකක අඛණ්ඩ විශ්වාසය සමගින්
අමතන්න....
0702541010
Happy Plants

14/05/2025

මෙහෙමයි පුලුන් ගන්නේ 🩷❤️

සංචාරක මිතුරන්ගේ හරිත බක්මහ උළෙලට ඔයත් ගියාද? දිනපු අයට මේ Gift එක හම්බුනාද...අපි හරි ආඩම්භරයෙන් කියන්නේ Travel for Educ...
03/05/2025

සංචාරක මිතුරන්ගේ හරිත බක්මහ උළෙලට ඔයත් ගියාද?
දිනපු අයට මේ Gift එක හම්බුනාද...

අපි හරි ආඩම්භරයෙන් කියන්නේ Travel for Education අපේම නිර්මාණයක් තමා Happy Plants කියන්නේ...💚💚💜💚💜

ඉතින් ඔයාලට අවශ්‍ය සියලුම හරිතවත් තෑගී අපෙන් ගන්න අදම Happy Plants වෙත කතා කරන්න....

Happy Plants

Facebook - https://www.facebook.com/profile.php?id=100087082330857&mibextid=wwXIfr&mibextid=wwXIfr

Insta - https://www.instagram.com/happyplantstb?igsh=eDFrbTgxbnlxOGFy&utm_source=qr

TikTok - https://www.tiktok.com/?_t=8ob1v5xMPdh&_r=1

0702541010 Whatzapp
https://wa.me/message/NGFED2FBROFOF1

රුහුණු -මායා පිවිසුම් දොර- දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪අද අපි කතා කරන්නේ අපේ රටේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් ග...
21/03/2025

රුහුණු -මායා පිවිසුම් දොර- දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪

අද අපි කතා කරන්නේ අපේ රටේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් ගැන...
ඒ නමින් දෙහදු කඩුල්ලයි...

ඔයාලා දන්නවා නේ පුරාණ කාලවලදී ශ්‍රී ලංකාව රුහුණු, පිහිටි සහ මායා යන ප්‍රධාන ප්‍රදේශ තුනකට බෙදා පාලනය සිදු කල බව...

දෙහදු කඩුල්ල කියන්නේ රුහුණේ සිට මායා ප්‍රදේශයට පිවිසෙන පුරාණ පිවිසුම් ස්ථානයක්...

අතීත කොත්මලේ වෙනම ප්‍රදේශයක් ලෙස පාලනය වෙලා තියෙනවා. ඒ කාලේ කොත්මලේට පිවිසුම් මාර්ග 4ක් තිබිලා තියෙනවා..

ඒ කඩදොර, වටදොර, නියම්ගම්දොර හා ගල් දොර වශයෙන්..
කඩදොර යනුවෙන් ද හඳුන්වන දෙහදු කඩුල්ල එක් පිවිසුමක්.. ගල් කුට්ටි හා සක්ක ගල් භාවිතයෙන් මෙම පිවිසුම සකසා තිබෙනවා..

පෞරාණික කොත්මලේ රුහුණු රටට අයත් ව තිබූ බව සදහන් වෙනවා..

රජවරු මෙරට පාලනය කරන ලද කාලය තුළ පුරාණ ශ්‍රී ලංකාවේ මෙවැනි ස්ථාන රාශියක් තිබිලා තියෙනවා...

නමුත් අද ඉතිරිව ඇති එකම ස්ථානය මෙය බවයි වාරතාවන්නේ..

ඒවගේම දුටුගැමුණු රජු හා සම්බන්ධ තවත් පුරාවෘත්තයක් නිසා මෙම ස්ථානය ජනප්‍රියයි...

ගාමිණී කුමරු ගම්වැසියෙකු ලෙස කොත්මලේ ප්‍රදේශයේ යම් කාලයක් ගත කරලා තියෙනවා..

ඔහු කොත්මලේ වෙත යන අතරවාරයේ තම රාජකීය කඩුව මෙම ස්ථානයේ සඟවා තිබූ බවට ජනප්‍රවාදයේ පවසනවා..
ඔයාලත් මෙහි ගිහින් බලන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Travel For Education අපේම ව්‍යාපාරයක් වනHappy Plants වෙතින් ඔබට විශ්වාසනීය සේවාවක්...Travel වලට කැමති හැමෝම පරිසරයට හරි ...
25/02/2025

Travel For Education අපේම ව්‍යාපාරයක් වන
Happy Plants වෙතින් ඔබට විශ්වාසනීය සේවාවක්...

Travel වලට කැමති හැමෝම පරිසරයට හරි ආදරෙයි නේ....
ඉතින් ඔයාගේ විශේෂ දවස හරිතවත්ව සරසගන්න
ඔයා අපිට කතා කරන්න....

Travel නිසාම පටන් ගත්ත ව්‍යාපාරයට එහා ගිය ආදරණීය විනෝදාංශයක්....

මොනාද ලැබෙන වාසි දැනගන්න කතා කරන්න අදම අපිට...

මාර්තු මාසයේ Wedding එක ගන්න

තොග ඇණවුම් පමණී...
Happy Plants

Follow - Insta https://www.instagram.com/happyplantstb?igsh=eDFrbTgxbnlxOGFy&utm_source=qr

Follow TikTok - https://www.tiktok.com/?_t=8ob1v5xMPdh&_r=1

0702541010 Whatzapp
https://wa.me/message/NGFED2FBROFOF1
or
inbox Our page

05/02/2025

රාගම පේරලන්දට අද උදෑසන සිරිපාද කන්ද පෙනුනේ මෙහෙමයි....❤️🌿

යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯Manthiri Manai Mansion අද අපි කතා කරන්නේ තේජාන්විත බව තවමත් මැකී ගොස් නැති ඉපැරණි ගොඩනැගි...
31/01/2025

යාපනයේ මන්ත්‍රී මාළිගයට යමුද 🏰🏯
Manthiri Manai Mansion

අද අපි කතා කරන්නේ තේජාන්විත බව තවමත් මැකී ගොස් නැති ඉපැරණි ගොඩනැගිල්ලක් ගැන..
එය නමින් මන්ත්‍රී මාළිගයයි..

යාපනේ යන හුග දෙනෙක් මේ ගැන දන්නේ නැති නිසා මේ මාළිගය මගහැරෙනවා...

මේ මාළිගයට රාජ මන්ත්‍රී මාළිගය කියාලත් කියනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් කියන්නේ මන්ද්‍රිමනායි කියලා.. සමහර අය මේ මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරනවා.

හැබැයි වැඩිදෙනාගේ පිළිගැනීම වෙන්නේ මේක සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්‍රභූවරයාට අයත් වූ මාළිගය කියලයි.

ඒ වගේම ව්‍යවහාරයේ යෙදෙන සංඥා නාම අනූව මෙම ගොඩනැගිල්ල එවකට බිසෝවරුන් සඳහා වූ වාසස්ථානයක් ලෙස පැවති බව ද සදහන්.

ක්‍රි.ව. 13 සිට 17 වන කාල සීමාව තෙක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වාසය කල ආර්ය චක්‍රවර්තී රජවරු සිය මාළිගා ගොඩනගාගත් ස්ථාන පිළිබඳව පැහැදිලි සාධක හමුවෙලා නෑ..

කොහොම වුණත් මෙම මාළිගය සංගිලියන් රජවරුන්ගේ මාළිගය කියා විශ්වාස කරන්නේ සංගිලියන් තොරනත් ඊට ඇතුලතින් තිබෙන නටඹුන් රජ මාළිගාවක නටඹුන් විය හැකි බවට සාධක පවතින නිසාය..

බැලූ බැල්මට මෙය පුරාවිද්‍යා ස්මාරකයක් වගෙයි..

දිරා ගිය යකඩ ගේට්ටුවකින් ඇතුළු වී මාළිගය දෙසට ළංවත්ම දුර්වර්ණ වූ බිත්ති නිසා වැසීයමින් පවතින්නේ අපේ තේජාන්විත අතීතයක සටහන් නේද කියා සිහිවෙද්දී දුකකුත් එනවා..

මෙම මාළිගය මයෝසීන හුණුගල් වලින් නිර්මාණය කරන ලද්දකී.. බිත්ති හුණු බදාමයෙන් කපරාරු කොට තිබෙනවා..

ප්‍රධාන පිවිසුමෙහි හා ගොඩනැගිල්ල ඇතුලතෙහි දැකගත හැකි වෘත්තාකාර කුළුණු දකුණු ඉන්දියානු ආභාෂයක් පෙන්නුම් කිරීම සුවිශේෂි කරුණකී..

උස් වූ ආරුක්කුවෙන් ඇතුළු ව පසුව මාළිගයට පිවිසීමට තවත් කැටයමින් සැරසුණු උස් ආරුක්කුවක් ද දොරටුවක් ද පසු කළ යුතුය.
ආරුක්කු මත රැදුණු කැටයම් රටා එහි වූ තේජාන්විත බව මනා ලෙස පෙන්නුම් කරයී..

ඒ වගේම තට්ටු දෙකට නිර්මාණය වූ මාළිගාවකී..

යාපනයයේ නල්ලූර් හි තමා මේ මාළිගය තියෙන්නේ..

නමුත් කණගාටුව වන්නේ මෙම මාළිගය දිනෙන් දින ප්‍රතිසංස්කරණ වීමක් නොව ගරා වැටීමයි...

මෙම මාළිගයේ චමත්කාරය මුළුමනින් පහවගොස් නොමැති අතර මෙය රැක ගත යුතු බව නම් සැබෑවකී

මෙවැනි ඓතිහාසික මෙන්ම කලාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන මතු පරපුර වෙනුවෙන් ද රැකගත යුතුයි..
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Manthiri Manai mansion

Manthiri Manai mansion was built with a mixture of colonial and hindu architecture. The Tamil name which translates to Ministers Adobe. This is a historic palace situated in Nallur, Jaffna. Currently, this structure has been taken over by the department of archeology with the intention of renovating and restoring this building.
The palace is associated with the Jaffna kingdom. A number of theories have come up on the history of this mansion. It is believed to be one of the palaces or residences of a minister of Cankili, king of Jaffna, before the fall of the Jaffna kingdom to the Portuguese.
The structure is built in a mixture of European and Dravidian architecture styles. The entrance has an ornamental gateway, a large arched porch, and a tower.

19/01/2025

කෝ බලමූ මේ Station එකට ආපු අය....

✍🏾

18/01/2025

කෝ බලමූ මේ දවස් වල මේ පාරෙන් යන අය....

සිත් පහන් වෙන- දෙකඳුවල භික්ෂුණී ආරාමය🙏🍃☸️අද අපි කතා කරන්න ‍යන්නේ ජනශූන්‍ය පරිසරයක පිහිටි දෙකඳුවල  භික්ෂුණී ආරාම ගැන...මේ...
16/01/2025

සිත් පහන් වෙන- දෙකඳුවල භික්ෂුණී ආරාමය🙏🍃☸️

අද අපි කතා කරන්න ‍යන්නේ ජනශූන්‍ය පරිසරයක පිහිටි දෙකඳුවල භික්ෂුණී ආරාම ගැන...

මේක හරි විශේෂ තැනක් කිව්වොත් නිවැරදී..

ගස්කොළන්වලින් වටවූ සුන්දර පරිසරයක ඉදිවූ දෙකඳුවල භික්ෂුණී ආරාමයේ මේ වන විට භික්ෂුණීන් වහන්සේලා රැසක් වැඩ වාසය කෙරෙන්වා..

කඳුවැටිය උඩ ඉදිවූ දෙකඳුවල ආරාමයට පය තබන විට දැනෙන පින්වන්ත කම අත් දකින්න එහි යන්නම ඕනේ..

මේ ආරාමය තුල භාවනාවට සුවිශේෂී තැනක් හිමි වෙනවා..

ආරාමයේදී තාවකාලික පැවිදි කිරීම සිදුකරනු ලැබේ. දින දාහතරක (සති 2ක) කාලයක් ආරාමයේ නේවාසිකව නතර කර ධර්මය ඉගැන්වීම සහ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරලීම ආරාමයෙන් සිදුකෙරෙනවා..

එක් මාසයකදී වැඩිහිටි ගිහියන්ද, තවත් මසකදී තරුණ ගිහියන්ද මෙම නේවාසික පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා...

ජීවිතේ අසරණ වුණා, ජීවිතේ මංමුලා වුණා, තනිවුණායැයි හැඟී අසරණ වුණ ගිහියන් මෙන්ම ජීවිතයම එපා වී සියදිවි හානිකරගන්නට උත්සාහ දැරූ තරුණ හිත්ද බුදු දහමේ අනුශාසනා බලමහිමයෙන් දෙකඳුවල ආරාමයෙන් පිහිට ලබයි...

දෙකඳුවල ආරාමයේදී කාන්තාවන්ගේ මනස හැකි තරම් නිරවුල් කර ඇයට එදිනෙදා කටයුතු සාර්ථකව නිරවුල් මනසකින් කරගැනීමට උදව් කරයී...

තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වෙද්දී ඒ සඳහා වෙනම සිවුරක් ඇත. එසේම හිස මුඩු කෙරේ.

දෙකඳුවල භික්ෂුණී මධ්‍යස්ථානයේ සමස්ත ලෙසින් වැඩවසන්නේ තරුණ භික්ෂුණීන් වහන්සේලායි...

හොරණ -කහටපිටිය, කනන්විල තමා මේ ආරාමය තියෙන්නේ...

පවුල් ප්‍රශ්නවලට වඩා ජීවිතේ ගැන, මේ සංසාර දුක ගැන අවබෝධයක් ඇතිව මහණදම් පිරෑ භික්ෂුණීන් වහන්සේලා ආරාමයේ වැඩ වාසය කෙරෙනවා...

ජීවිතේ තරුණ බවට යම් ප්‍රශ්නයක් ඇතිවුණිනම් නිරපරාදේ ඔය ජීවිතය නාස්ති කරගන්න එපා.

සියදිවි නැතිකරගන්නවත්, සමාජ විරෝධී ක්‍රියා වලට බිලිවන්නවත් එපා. ඒ සඳහා සංඝයා වහන්සේ පිහිට පතන්න.

සංසාරේ පුරුද්දකට මිනිස් ජීවිතයක් ලද ඔබ තාවකාලික සුව පතා සදාකාලික දුකකට ජීවිතය ගෙනයන්න එපා.

තෙරුවන් සරණයි ❤️🙏

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

15/01/2025

කෝ බලමු ගිහින් තියෙන අය... 🌿❤️💞
මේ කොහෙද කියලා

Address

Colombo

Telephone

+94762911178

Website

Alerts

Be the first to know and let us send you an email when Travel for Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel for Education:

Share