05/05/2026
Boburu Ella Waterfall, Sri Lanka 💦🤍🌈
- මෙතනට ගිය දවසක තේරෙයි ලංකාව මොන තරම් නම් ලස්සන රටක්ද කියලා 🥺🌸☘️🛖⚡️🌊🌾
- බෝඹුරු ඇල්ල, වැලිමඩ 😍❤️
Boburu falls
Bomburu falls, Kandy light 🌈🌧
ʙᴏʙᴜʀᴜ ᴇʟʟᴀ | ɴᴜᴡᴀʀᴀ ᴇʟɪʏᴀ | ꜱʀɪ ʟᴀɴᴀᴋᴀ 🇱🇰
ąཞơųŋɖ ʂཞı Ɩąŋƙą 👣🇱🇰🍃 — feeling lovely
ගොඩක් දෙනෙක් ගිහිල්ල නම් ඇති.නුවර එලිය ආසන්නයේ ඌව-පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ දර්ශනීයම දිය ඇලි අතරින් එකක් වන අතර උමා ඔයෙන් පෝෂනය වේ.
බොඹුරු ඇල්ල වාහන පාර්ක් එකේ ඉදන් ඇල්ල ලඟට කි.මී. 2ක් වගේ තියනවා. (බෝබුරු ඇල්ල බලන්න ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු.100)
•••••• නුවර එළිය ටවුන් එකෙන් නුවරඑළිය සිට බෝබුරු ඇල්ල බස් එකේ ගිහින් බෝබුරු ඇල්ල ළඟ ප්‍රවේශපත්‍ර ලබාගන්නා තැනින්ම බහින්න පුළුවන්. බස් ගාස්තුව රු. 136/= ඒ බස් එක තියෙන්නේ එක එක වෙලාවන් වලට. (8.20 a m.,3.20pm,5.35pm) ඒ නිසා බස් එක පිටත් වෙන වෙලාවන් දැනගෙන යන්න. එහෙම නැත්නම් නුවර එළිය වැලිමඩ බස් එකේ ගිහින් රේන්දේ පොළ හන්දියෙන් බැහැලා කිලෝමීටර 5ක් ඇවිදගෙන යන්න වෙනවා. ඊට වඩා ලේසිම නුවරඑළිය සිට බෝබුරු ඇල්ල බස් එකේ යන එක.••••••
ටිකක් විතර දුෂ්කර මාර්ගයක් උනාට අවට පරිසරය ගොඩක් ලස්සනයි.බෝඹුරු ඇල්ල යන ගොඩක් අය බෝඹුරු ඇල්ල ලඟට නොයා මගදි හම්බෙන ඇලි බලලා හැරිල එනවා.ඒක නිසා බෝඹුරු ඇල්ල පිහිටි සොඳුරු පාරාදීසයට යන්න අමතක කරන්න එපා.
වතුර අඩු කාලෙට ඇල්ල යට නාන්න පුලුවන්.ගල් තියන නිසා ගැඹුරට හෑරුනු වලවල් නෑ.ඒත් ගල් වල සෙවල නිසා උපරිම ලිස්සනවා.වැටුනොත් තුවාල වෙන්න තියන ඉඩකඩ උපරිමයි.හොස්පිටල් එකකට ගෙනියනවා කියන එකත් ලොකු අභියෝගයක්.
ඇල්ලේ වතුර අඩු උනත් උඩහට වැස්සොත් හරි බොඹුරු ඇල්ල ජලාශයෙන් වතුර නිකුත් කිරීමක් උනොත් හරි ඇල්ලේ වතුර වැඩි වෙන්න පුලුවන්.ඒක නිසා අවධානයෙන් නාන්න.
පසුගිය කාලේ කෑම්පිං කරපු අය ඇල්ල අවට කරලා තියන විනාසේ නිසා දැන් නම් කෑම්පිං සම්පූර්නයෙන් තහනම්.
පාරාදීසයක් වැනි සුන්දර බොඹුරු ඇල්ල පරිසර පද්ධතිය රැකගැනීම එහි යන අපි සියලු දෙනාගේ වගකීමයි.කැලිකසල වලින් තොර පරිසරයක් බිහිකිරීම උදෙසා දායක වෙමු.........
පා සටහන් පමනක් තාබා👣
මතකයන් පමනක් රැගෙන යන්න🚯️♻️🌱
#බෝබුරු ゚ ゚viralシfypシ゚
තවත් සුන්දර සංචාරකින් හමුවෙමු. ❤️