𝕀𝕓𝕒𝕘𝕒𝕥𝕙𝕖-ඉබාගාතේ

𝕀𝕓𝕒𝕘𝕒𝕥𝕙𝕖-ඉබාගාතේ Gear up for adventure

🌾✨ Happy Pongal! ✨🌾May this harvest festival fill your life with happiness, prosperity, and good health. Wishing you and...
15/01/2026

🌾✨ Happy Pongal! ✨🌾
May this harvest festival fill your life with happiness, prosperity, and good health. Wishing you and your family a joyful Pongal!

29/11/2025

හැකි කෙනෙක් වේ නම් සොයා බලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.

29/11/2025

Breaking News. !🛑

මහනුවර අංකුඹුර ගල්කොටුව ප්‍රදේශයේ විශාල නායයෑමක් .
- පොලීසිය

පේරාදෙණිය කලුපාලම අසල මේ වනවිට තත්ත්වය
28/11/2025

පේරාදෙණිය කලුපාලම අසල මේ වනවිට තත්ත්වය

Kellebokka View Point.. 💚😍♥️කැලෑබොක්ක 360° නැරඹුම් ස්ථානය, ලංකාවේ තියෙන තවත් ඉතා සුන්දර ස්ථානයක්. මේ සුන්දර නැරඹුම් ස්ථා...
04/08/2025

Kellebokka View Point.. 💚😍♥️

කැලෑබොක්ක 360° නැරඹුම් ස්ථානය, ලංකාවේ තියෙන තවත් ඉතා සුන්දර ස්ථානයක්. මේ සුන්දර නැරඹුම් ස්ථානය පිහිටා තියෙන්නෙ මහනුවර නගරයේ ඉදන් කි.මී. 37ක විතර දුරකින්. මහනුවර ඉදන් මඩවල, පන්විල, මඩොල්කැලේ හරහා ඇවිත් මේ ස්ථානයට ලගා වෙන්න පුලුවන්. මේක බලන්න යන්නනම් View point එකට හැරෙන තැන ඇති ටිකට් කවුන්ටරයෙන් රු. 100ක ටිකට් එකක් ඔන්න ඕනෙ. ටිකට් කවුන්ටරය ලග ඉදන් තවත් කි.මී. 6ක්, ඉතාම දුශ්කර මාර්ගයක ගමන් කළාට පස්සෙ මේ view point එකට ළගා වෙන්න පුලුවන්. මේ පාරෙ නම් කාර්, වෑන් වලට ගමන් කරන්න බෑ. බයික්, ත්‍රී විල් වලට නම් වැඩි අපහසුවක් නැතුව උඩටම යන්න පුලුවන්.
උඩට ආවට පස්සෙ 360°ක ගොඩක් ලස්සන View එකක් බලාගන්න පුලුවන්. සෙම්බුවත්ත ජලාශය, බතලේගල, නකල්ස් කදු පන්තිය, ශ්‍රී පාදය වගේ ස්තාන රැසක් මේ View Point එකේ ඉදන් නරඹන්න පුලුවන්. උඩ තැන් තැන්වල Hut ඉදිකරල තියෙන නිසා අමාරුවක් නැතුවම නිදහසේ, විවේකීව කාලය ගත කරන්න පුලුවන්.

🔴මෙතන Camping කරන්න බලාපොරොත්තු වෙන අයට අවසර අරන් රු. 3500 කට Camping Site එක Book කරගන්න පුලුවන්.

🔴ඔයා camping කරන්න යන්න හිතාගෙන ඉන්නවා නම් අපෙන් camping items අරන් යන්න පුලුවන්.

🔴මේ තියෙන්නෙ අපේ contact numbers ☎️
0️⃣7️⃣4️⃣1️⃣2️⃣4️⃣5️⃣7️⃣0️⃣9️⃣(WhatsApp/call)
0️⃣7️⃣2️⃣6️⃣5️⃣5️⃣8️⃣5️⃣8️⃣6️⃣(call only)

🔴මේ තියෙන්නෙ අපේ page link eka👉
https://www.facebook.com/profile.php?id=100089201782030

🟢ඔයාලත් මේ සුන්දර පරිසරය බලන්න යන්න. ඒ වගේම ඒ පරිසරය, මතු පරම්පරාවටත් නරඹන්න පුලුවන් වෙන විදියට ආරක්ෂා කරල එන්න ❤️

31/07/2025

හුළංගල camping කිරීමට අවශ්‍ය සියළුම කඳවුරු උපකරණ අපෙන් ලබාගත හැක.♥️📞
☎️0️⃣7️⃣4️⃣1️⃣2️⃣4️⃣5️⃣7️⃣0️⃣9️⃣

Camping items for rent kurunegala,hulangala♥️😍Call us 0️⃣7️⃣4️⃣1️⃣2️⃣4️⃣5️⃣7️⃣0️⃣9️⃣         #හුළංගල  #හුලන්ගල          ...
30/07/2025

Camping items for rent kurunegala,hulangala♥️😍

Call us 0️⃣7️⃣4️⃣1️⃣2️⃣4️⃣5️⃣7️⃣0️⃣9️⃣
#හුළංගල #හුලන්ගල

සෙම්බුවත්ත | 𝙎𝙚𝙢𝙗𝙪𝙬𝙖𝙩𝙩𝙖 🌳🌿❤️🟢 සෙම්බුවත්ත යනු, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්කඩුව ප්‍රදේශයේ ප...
29/07/2025

සෙම්බුවත්ත | 𝙎𝙚𝙢𝙗𝙪𝙬𝙖𝙩𝙩𝙖 🌳🌿❤️

🟢 සෙම්බුවත්ත යනු, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටලා තිබෙන සුපිරිම සංචාරක ස්ථානයකි.

🟢 ඔබට මේ ස්ථානයට එනවානම් එන්න පුලුවන් මාර්ග 2ක් ප්‍රධාන වශයෙන් තියෙනවා.

👉 ප්‍රසිද්ධම මාර්ගය තමා මහනුවර වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණ සෙම්බුවත්තට එන මාර්ගය.

👉 අනෙක් එක තමා මාතලේ නගරය උකුවෙල හරහා ඇල්කඩුවට පැමිනෙන මාර්ගය.

🟢 සෙම්බුවත්ත කියන්නේ ඇල්කඩුව වැවිලි සමාගමේ වතු අධිකාරිය විසින් පාලනය වන ප්‍රදේශයක්.

🟢 මෙතන ස්වභාවික උල්පත් ජලයෙන් සෑදුණු සුන්දර වැව වගේම ෆයිනස් ගස් වලින් යුතු වනාන්තරයත් ඒ අසලම තියෙන තේ වත්තත් එක් කරන්නේ අමුතුම සුන්දරත්වයක්.

🟢 මුහුදු මට්ටමේ ඉදලා මීටර 1072ක් වගේ උසකින් පිහිටලා තියෙන නිසා මේ ප්‍රදේශයේ තියෙන්නෙ තරමක් ශීත කාලගුණයක්.

🔴මාතලේ නගරයේ සිට 20km ක් දුරින් පිහිටි ඇල්කඩුව නම් ප්‍රදේශයේ මෙම වැව පිහිටා ඇත.
ස්වාභාවික දිය උල්පත් යොදා ගනිමින් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද මෙම වැව අද වන වි සංචාරක ආකර්ශනය දිනාගත් සංචාරක පාරාදීසයකි...

මෙම වැව නිර්මාණය කිරීමට පෙර මෙම ස්ථානය සුදු ජාතිකයන් විසින් පෝලෝ ක්‍රීඩා කිරීමට යොදා ගත් ක්‍රීඩා පිටියකි. පසු කාලීනව තේ වගා කිරීමත් සමග 1949 වර්ශයේ මේ ආසන්නයේ තේ කම්හලක් ආරම්භ කර ඇති අතර එහි වැඩ කටයුතු සඳහා අවශ්‍ය වතුර ලබා ගැනීමට මෙම වැව නිර්මාණය කල බවට සඳහන් වේ..

මේ හා බැඳුනු ජනප්‍රවාද කතාද ඇත. 🍀

මෙහි ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ බවත් එම සෙම්බුව මෙහි වැඩ කල අයෙක් රැගෙන ඉන්දියාවට පලා ගිය බවත් සඳහන් වේ...

තේ කම්හල වැසී ගොස් අවුරුදු ගනනකින් පසුව, මෙම වැව සංචාරක කලාපයක් ලෙස 2005 වර්ශයේ නිර්මාණය කර ඇත.
__________________________________________

මෙම වැව නෑමට කිසිසේත්ම සුදුසු නොවේ. මෙහි ගැඹුර අඩි 30-40ක් පමණ වන බවද සඳහන් වේ..

( දිය නෑමට ස්වභාවික තටාකයක් මෙහි නිර්මාණය කර ඇත.)

ෆයිනස් කැලයකින් හා තේ වතු වලින් වට වූ ප්‍රදේශයක නිර්මාණය කරන ලද මෙම වැව වැසි දින වල මීදුමෙන් වැසී යයි.. ඒ දිනවලට මේ පරිසරය ඉතා සුන්දර වේ.. 🍃🌻

මෙහි එන මාර්ගය තරමක් වලවල් සහිත දුශ්කර මාර්ගයකි. එන මාර්ගයේද නෑමට ස්ථානයක් ඇත.

මෙහි එන ඔබ රු. 300 ටිකට් පතක් මිල දී ගත යුතු වේ.. උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා මෙහි රැඳී සිටීමට හැකියාව ඇත.

රු. 300ක් ගෙවා කේබල් එකක ගමන් කිරීමට , Boat Ride, ස්වභාවික නාන තටාකයක නෑමටද, කුඩා දරුවන් සඳහා ක්‍රීඩා පිටියක්ද මෙහි නිර්මාණය කර ඇත.

𝙎𝙚𝙢𝙗𝙪𝙬𝙖𝙩𝙩𝙖 ❤️🌳🌿

🟢 Sembuwatta is a great tourist destination located in the Elkaduwa area of the Ukuwela Divisional Secretariat in the Matale District.

🟢 There are mainly 2 routes you can take to reach this place.

👉 The most famous route is the route from Wattegama, Kandy to Elkaduwa and then to Sembuwatta.

👉 The other is the route from Matale to Elkaduwa via Ukuwela.

🟢 Sembuwatta is an area controlled by the Elkaduwa Plantation Company Estate Authority.

🟢 The beautiful lake formed by natural spring water here, as well as the forest with ficus trees and the tea estate nearby, add a unique beauty.

🟢 Since it is located at an altitude of about 1072 meters above sea level, the weather in this area is quite cold.

📸 Credit go to the original artist.

හරිත කන්ද  | HARITHA KANDA 🇱🇰🍃🏔️වීසා නැතුවම පුංචි නවසීලන්තයට 👣                    බැලූ බැල්මට එකම වනරොදක් සේ පෙනෙන ශ්‍රී...
17/07/2025

හරිත කන්ද | HARITHA KANDA 🇱🇰🍃🏔️

වීසා නැතුවම පුංචි නවසීලන්තයට 👣

බැලූ බැල්මට එකම වනරොදක් සේ පෙනෙන ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයත් සමග ඇති සමනළ අඩවියත් නැගෙනහිර කොටස වන මහඑළිය තැන්න වන පියසත් අතරමැදිව පිහිටා ඇති බොගවන්තලාව ස්භාව සෞන්දර්ය‍යෙන් අගතැම්පත් භූමි ප්‍රදේශයකි. එවැනි පරිසර පද්ධතියක් මුල් කරගෙන පිහිටා ඇති පුංචි නවසීලන්තය හෙවත් "හරිත කන්ද" මෑතකාලීනව කඳුනගින්නන්ගේ සහ රාත්‍රී කඳවරු බඳින්නන්ගේ අවධානය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස හැඳින්විය හැකිය.

🔴හරිත කන්ද වෙත ලඟා වීම සඳහා කොළඹ සිට හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල හරහා හැටන් වෙත හෝ දුම්රියෙන් හැටන් වෙත පැමිණ සමනළ රක්ෂිතයත් මහඑළිය තැන්නත් වෙන් කරනු ලබන වනගත මාර්ගය වන හැටන්-බලංගොඩ මාර්ගයෙන් බොගවන්තලාව නගරය වෙත ලඟා විය යුතුය.
🔴තේ කර්මාන්තයට ලොවපුරා ප්‍රසිද්ධියක් උසුලන බොගවන්තලාව නගරය තරමක් ජනාකීර්ණ වුවද නගරය පසු කළ පසු ඇත්තේ එක යායට සරුවට වැඩුනු තේ වතු ය. සමනළ ගිර පෙනෙන මානයේ ඇති මෙම සුන්දර පෙදෙස වටාම අහස් කුස සිඹින ගිරිමුදුන් රාශියක්ම ඇත.
🔴බොගන්වන්තලාව නගරයේ සිට බොගවාන වතුයාය පසුකර හරිත කන්ද වෙත ලඟා වීම සඳහා බෝපත්තලාව නම් ප්‍රදේශයේ ජාතික පශු සම්පත් ( NLDB ) ගොවිපල ආසන්නයට ලඟා විය යුතුය.
🔴මෙම ගොවිපල වෙත ලඟා වීම සඳහා ඩයගම අගරපතන හරහා ඇති බස් රථ මාර්ගයද භාවිතා කළ හැකිය.
🔺️🔴👉හරිත කන්දට වාහනයකින්ම ඉහලට ගොස් කඳවුරු බැඳිය හැකි අතර ඒ සඳහා ආගරපතන පොලිසියෙන් අවසර ගත යුතුය.

🟢විටෙන් විට වෙනස්වන කාළගුණයත් මීදුම් සහිත පරිසරයත් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ තබා ගන්නා සාධකයන් වන අතර එම අංගයන් නොඅඩුව ඇති බෝපත්තලාව පතන වෙත පැමිණිය පසු පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්දේ සුන්දර පිහිටීම ඔබට දැක බලාගත හැකිය. කොළ පැහැති වර්ණයෙන් නෙත් පිනවන දසුන් මවන හරිත කන්ද පුරාවට මීදුම් සලු ශරීර මත දැවටෙමින් එහෙ මෙහේ යන අතර කඳු මුදුනට යන ගමනේදී ඇතැම්විට කන්ද හා ශරීරය අතර අංශක 40ක ආනතියක් තබාගෙන කඳු තරණය කිරීමට ඔබට සිදුවෙනු ඇත.


🔵කෙසේ හෝ මුදුනට ලඟා වූ පසුව මිහිදුමෙන් වැසී නැති දිනයක මහඑළිය තැන්න වන පියස, කිරිගල්පොත්ත, අග්‍රබෝපත් කඳු මුදුන, දැක බලාගත හැකිය. එසේම අඹේවෙල සුළං පෙති යන්ත්‍ර, පිදුරුතලාගල, ග්‍රේට්වෙස්ටර්න්, ඩෙල් කන්ද, උඩ රදැල්ල අල්බැද්ද කඳු වැටි ආශ්‍රත ප්‍රදේශද පැහැදිලි දිනයක දැක බලාගත හැකිය.

🔴හරිත කන්දේ කඳවරු රාත්‍රිය වෙනස්ම අත්දැකීමක් වන අතර රාත්‍රියට ඇස හුරු වූ පසු අඳුර පරයා පෙනෙන සතුන්ගේ හඬ මුසු වූ සුන්දරත්වය අපූර්වජනකය.

🔺️හරිත කන්දට වාහනයකින්ම ඉහලට ගොස් කඳවුරු බැඳිය හැකි අතර ඒ සඳහා ආගරපතන පොලිසියෙන් අවසර ගත යුතුය.ඔබට යන ගමන්ඩ අවසර පතා ලබගත හැක.
ඔබ කුරුනැගල හෝ කොළඹ සිට පැමිනෙන්නේ නම් කඳවුරු උපකරන අපෙන් ලබාගත හැක.

🔺️කුරුනැගල සිට පැමිනෙනව නම් අපගෙ camp quest ආයතනයෙන් ඔබට අවශ්‍ය කඳවුරු උපකරණ ලබාගතහැක.
0️⃣7️⃣4️⃣1️⃣2️⃣4️⃣5️⃣7️⃣0️⃣9️⃣
https://www.facebook.com/profile.php?id=100089201782030

🔺️කොළඹ සිට පැමිනෙනවා නම් අපගෙ travellers choice ආයතනයෙන් ඔබට අවශ්‍ය කඳවුරු උපකරණ ලබාගත හැක.
0️⃣7️⃣8️⃣2️⃣4️⃣8️⃣4️⃣2️⃣0️⃣6️⃣
https://www.facebook.com/profile.php?id=61565476677183&mibextid=ZbWKwL

🟡මේ වන විටත් පරිසර දූෂණය හේතුවෙන් ක්‍රමක්ක්‍රමයෙන් සුන්දර ස්ථාන රාශියකට අවසර නොමැතිව ප්‍රවේශ වීම තහනම් කර ඇත. එයට ප්‍රධානම හේතුව වන්නේ සංචාරයට යන අයවලුන් ගේ නොමනා ක්‍රියාකලාපයයි. එම නිසා කිව යුත්තේ හරිත කන්දට යන්න, නමුත් ඔබ රැගෙන යන සියලුම දේවල් නැවත රැගෙන ඒමට මතක තබාගන්නා ලෙසයි..

Feel the Nature 🦋✨️
Photo credits go to the original artists.
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰





🇱🇰

කොලබ ඉදන් කොච්චියෙන් නෑත්නම්  බස් එකෙන් හුලන්ගල එන්නෙ කොහොමද💚🔴🔴කොච්චියෙන් එනවා නම්÷කොච්චියෙන් එනව නම් කොලබ කොටුවෙන් මුත්...
11/07/2025

කොලබ ඉදන් කොච්චියෙන් නෑත්නම් බස් එකෙන් හුලන්ගල එන්නෙ කොහොමද💚🔴
🔴කොච්චියෙන් එනවා නම්÷
කොච්චියෙන් එනව නම් කොලබ කොටුවෙන් මුත්තෙටුගලට ටිකට් එකක් ගන්න.3rd ක්ලාස් නම් ටිකට් එක රුපියල් 220ක් වගෙ වෙන්නෙ.මුත්තෙට්ටුගලට පෑය දෙකකින් වගෙ එන්න පුලුවන්.එතනින් බැහැලා පාරට එන්න පුලුවන්.එටහනින් මාතලෙ කුරුනැගල බස් එකකට නැගල සැලගම හන්දියට ටිකට් ගන්න.එ ටිකට් එකටත් රුපියල් 200ක් වගෙ වෙන්නෙ.එතන් ඉදන් 5km විතර පයින් යන්න තියෙන්නෙ.ඔයාලට පයින් යන්න අමාරු නම් එතනින් ත්‍රීවීල් එකක යන්න පුලුවන්.එතනට යන්න රුපියල් 100ක ටිකට් එකක් කඩනවා 🏕 camping කරනවා නම් එක්කෙනෙක්ට රුපියල් 500ක ටිකට් එකක් ගන්න ඌනෙ.camping කරන අයට washroom එටහන හදල දීලා තියනව.වතුරත් එතනින් ගන්න පුලුවන්.හුලන්ගල යන්න camping items ගන්න අපිට කතා කරන්න.0️⃣7️⃣4️⃣1️⃣2️⃣4️⃣5️⃣7️⃣0️⃣9️⃣ /0️⃣7️⃣2️⃣6️⃣5️⃣5️⃣8️⃣5️⃣8️⃣6️⃣
බස් එකෙ එනවා නම් කොලබින් කුරුනැගල බස් එක්කට නැගල කුරුනැගලින් මාතලෙ බස් එකකට නගින්න.

හුලන්ගල location එක 📍 https://maps.app.goo.gl/EWeETD6QKZr4bnbP6
අපෙ location එක 📍 https://goo.gl/maps/nGmKqieHamzgHXEC9

මේක සුපිරිම camping site එකක්. මෙතන වතුර,ටොයිලට් ඔක්කොම තියනවා.

මෙතෙන්න යන්න එක්කෙනෙක්ගෙන් රු:100ක් ගන්නවා. ඒ වගේම camping කරනවනම් රු :5000ක් ගන්නවා. ( 5000ට උපරිම 10 දෙනෙක්ට ඉන්න පුලුවන් 10 දෙනෙක්ට වැඩි වෙනවනම් ඒ වැඩි වෙන අයගෙන් රු:100 ගානෙ අය කරනවා.)

Ticket counter එක ළඟ ඉදන් උඩට යන්න 2km ක් වගේ යන්න තියනවා.

Ticket counter එක ළඟට එනකන් පාර අවුලක් නෑ වැඩිය. එතනින් එහාටනම් හොදටම අවුල්. ලොකු වාහනයක් යනවනම් අවුලක් නෑ.අනිත් ඒවනම් නොය ඉන්න තරමට හොදයි. (ස්කූටර් වගේනම් ටිකට් ක්වුන්ටරේ ළඟ තියල යන්න.එතන වාහන නවත්තන්න පුලුවන් )

ඒ වගේම ටිකට් කවුන්ටරේ ළඟට එන්න කලින් පොඩි ඉස්කෝලයන් හම්බෙනවා.එතනින් පල්ලෙහාට ගියාම පොඩි දිය ඇල්ලක් තියනවා.නාලා විවේකයක් ගන්න මරු පොට් එකක්.

Photo credits go to the respective owners.



🇱🇰

අත්භූත දොලුකන්ද 😍🌿🇱🇰🥀🏞️🌍☘️𝖣𝖮𝖫𝖴𝖪𝖠𝖭𝖣𝖠, 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 👣⭕️ වයඹ පලාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ  පිහිටා ඇති දොලුකන්ද වටිනා අත්දැක...
09/07/2025

අත්භූත දොලුකන්ද 😍🌿🇱🇰🥀🏞️🌍☘️

𝖣𝖮𝖫𝖴𝖪𝖠𝖭𝖣𝖠, 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 👣

⭕️ වයඹ පලාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දොලුකන්ද වටිනා අත්දැකීම් මෙන්ම තොරැතුරැ රැසක් ගවේෂණය කල හැකි , පාරිසරික මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත්කමක් උසුලන ස්ථානයකි. උසින් අඩි 1969ක් වන මෙය මෑතකාලීනව බොහෝමයක් සන්චාරකයින්ගේ අධානයට ලක් වූ ගමනාන්තයක්.

⭕️ මෙය අත්භූත කන්දකි. එය කදු නගින්නනන් අතර් ප්‍රචලිත වන නමුත්, ඔබ පළමුව භික්ෂූන්ගෙන් අවසර ලබා ගත යුතුය. පූජ්‍ය භික්ෂූන් වහන්සේලා ඔබ නගින විට උපදෙස් කිහිපයක් ලබා දෙනු ඇත. ගමන දුෂ්කරය. මඳක් ඔබ අඩිපාර සොයාගනු ඇත. නමුත් වේලාසනින් යාමට වග බලා ගන්න. එවිට ඔබට අඳුර වැටීමට පෙර කන්දට නැගීමට හැකි වනු ඇත. සවස 4 ට පමණ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අඳුරු වී ඇති බැවින් වේලාසනින් බැස යාමට වග බලා ගන්න.

⭕️ දොළුකන්ද බෞද්ධ විහාරය නිසා දොළුකන්ද ප්‍රසිද්ධ කඳු වැටියකි. කන්ද මහා ඉන්දියානු වීර කාව්‍යයට සෘජුවම සම්බන්ධ වී ඇතැයි විශ්වාස කෙරේ. රාමායණ කතාවේදී මෙම කන්ද දොලුකන්ද සංජීවනී කන්ද ලෙස හැඳින්වෙන අතර එය හනුමාන් විසින් ගෙන යන විට හිමාල කන්දෙන් කොටසක් මෙම කන්දට වැටුණු බව විශ්වාස කෙරේ. මෙම කන්ද රාමායනයේ සංචාරයේ වැදගත් ස්ථානයකි.

⭕️ කෙසේ වෙතත් ඉන්දියාවේ හිමාලය කන්දේදී පමණක් සොයාගත හැකි දුර්ලභ බෙහෙත් වර්ග ගණනාවක් දොලුකන්දේදී සොයාගත හැකි බව අසන්නට ලැබේ. හිමාලවනයට ඇති සම්බන්ධතාවය නිසාම නාගරාජ, වනරාජ, හිරුරාජ, ගුරුලු රාජ, ගරුඩ රාජ ආදි රාජ පහට අයත් ශාක, දුම්මල, බෝවිටියා, අශෝක, කුඩානාම්බ, නාගමේරු ආදි ශාක විශේෂ එමෙන්ම ඖෂධ විශේෂ රාශියක් දොලුකන්දේ තවමත් දක්නට ලැබෙයි

⭕️ දොලුකන්ද මුදුනට මුලු වයඹ පලාතම මනරම්ව දිස්වේ එක් පසෙකින් කුරුණෑගල ,වාරියපොල සහ අනෙක් පසින් ගනේවත්ත ,වැල්ලව දැදුරුඔය ජලාශය මෙන්ම යක්දෙස්සාගල කන්දද දිස්වේ. පැහැදිලි උදෑසනක දී නම් හලාවත දක්වා වූ වෙරළ තීරයද දිස් වෙයි.

⭕️ මෙම කන්ද බොහෝ සංචාරකයින් ආකර්ෂණය කරන විශ්මය ජනක සුන්දර වටපිටාවකි.

🔺️ඔයාල දොලුකන්දෙ campingකරන්න හිතගෙන ඉන්නවා නම් කතා කරන්න අපිට.ඔබට අවශ්‍ය සියලුම කදවුරු උපකරන අපෙන් ලබා ගන්න පුලුවන්.

Camp quest 0️⃣7️⃣4️⃣1️⃣2️⃣4️⃣5️⃣7️⃣0️⃣9️⃣(WhatsApp)
0️⃣7️⃣2️⃣6️⃣5️⃣5️⃣8️⃣5️⃣8️⃣6️⃣

⭕️ Dolukanda is a mystical mountain. It is popular among mountaineers, but you need to get permission from the monks first. Reverend monks will give you some advice as you climb. The journey is difficult. A little you will find the footpath. But be sure to go early. Then you will be able to climb the mountain before dark. Be sure to get down early as the area gets completely dark around 4pm.

⭕️ Dolukanda is a famous mountain range because of Dolukanda Buddhist temple. The mountain is believed to be directly related to the great Indian epic. In the story of Ramayana, this mountain is called Dolukanda Sanjeevani Kanda and it is believed that a part of the Himalayas fell on this mountain when it was carried by Hanuman. This hill is an important place of pilgrimage in Ramayana.

⭕️ It is located in the Kurunegala district of Sri Lanka. It is believed that one can find an animate magical herb in this mountain that can be used to cure many ailments.

⭕️ This mountain has amazing beautiful surroundings that attract many tourists.

𝘛𝘢𝘬𝘦 𝘮𝘦𝘮𝘰𝘳𝘪𝘦𝘴, 𝘭𝘦𝘢𝘷𝘦 𝘧𝘰𝘰𝘵𝘱𝘳𝘪𝘯𝘵𝘴..👣🍂

📷 - All Credit Goes to Orginal Photographers 💚

Follow us on Cinematic Traveler


Address

Colombo
Colombo

Telephone

+94782484206

Website

Alerts

Be the first to know and let us send you an email when 𝕀𝕓𝕒𝕘𝕒𝕥𝕙𝕖-ඉබාගාතේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝕀𝕓𝕒𝕘𝕒𝕥𝕙𝕖-ඉබාගාතේ:

Share

Category