Ceylon Serenity Travels

Ceylon Serenity Travels EXPERIENCE SERENITY IN EVERY JOURNEY

17/02/2026

ඌ පුදුම කරුමයක් කරල තියෙන්නෙ 🤣🤣🤣

09/02/2026

✅️ දවසක කෝටිපතියෙක් වෙනවා කියල විස්වාස අය විතරක් React කරන්න
❤️✨

08/02/2026

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ දහයක් වටිනා ඇන්තූරියම් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි මොවුන් ළඟ තිබී ඇන්තූරියම් පැළ 436ක් හමුවී තිබුණා.

ඒවා මෙරටට රැගෙනවිත් තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍රයක් නොමැතිවයි.

ඒ අනුව ඔවුන් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, මෙම කාන්තාවන් දෙදෙනා කොළඹ සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 45 යන වයස්වල පසුවන්නන්.

දිමුතු කලර් නයිට් සහ බක්මහ උලෙළ 2026
28/01/2026

දිමුතු කලර් නයිට් සහ බක්මහ උලෙළ 2026

25/01/2026

මම ක්ෂණික තීරණ දෙකක් ගත්තා,
පළවෙනි එක බොන එක අඩු කරන්න,
දෙවෙනි එක ක්ෂණිකව ගන්න තීරණ ක්‍රියාත්මක නොකර ඉන්න ❤️

25/01/2026

පරසතු යායේ (Father Movie Song)

​ඉර හඳ සෙවණැල්ලේ - කළු සුදු මිටිල්ලේ
නැළවෙනවද මේ මනුසත් උයනකේ
කඳුළැලි හසරැල්ලේ - සැනහී දිවි නිල්ලේ
හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ...
​දෙවිදුන්නෙන් පින්තාරු වුණත් සිහින විමන්
එක ඇසිල්ලකින් දූලි වලා වේවි පැතුම්
නෙතු අග ශේෂ වේදෝ සිහින ලොවේ පාට
හැඟුම්.. පාට හැඟුම්...
​ඉර හඳ සෙවණැල්ලේ..
​නෙක හදවත් සිපගෙන ලොවට පිදෙන
නිහඬ සුසුම්
එක සුවඳක් නේදෝ තිළිණ කළේ ලොවට
උතුම්
ඒ සුවඳට පරදී ලොව සුපිපෙනා සියලු
කුසුම්.. සියලු කුසුම්...

23/01/2026

දකුණේ කාන්තාවක් සමග විවාහ වූ කිසිවෙකුට විවාහයෙන් පසුව තම සහෝදර සහෝදරියන් හෝ මව පියා සමග සතුටින් සම්බන්දතා පැවැත්වීමට හැකි වී නොමැත

හූ අහුවෙලා නේද ඉන්නේ 😂😂🫰
13/01/2026

හූ අහුවෙලා නේද ඉන්නේ 😂😂🫰

26/12/2025

ප්ලීස් මේක බලන්න එපා හිනා වෙලා මැරෙන්නෙ

22/12/2025
කඩේ මුදලාලි කියන "බොරු නීති" වලට ඔබත් අහුවුණාද? (ඇත්තම නීතිය මෙන්න)අලුත් අවුරුද්දට හෝ උත්සවයකට අපි සපත්තු ජෝඩුවක් ගන්නවා...
16/12/2025

කඩේ මුදලාලි කියන "බොරු නීති" වලට ඔබත් අහුවුණාද? (ඇත්තම නීතිය මෙන්න)

අලුත් අවුරුද්දට හෝ උත්සවයකට අපි සපත්තු ජෝඩුවක් ගන්නවා. දවස් දෙකක් දාගෙන යනකොට සපත්තුවේ අඩිය ගැලවිලා එනවා. මේ වෙලාවට කඩේට ගියාම මුදලාලි කියන කතාවට අපි බොහෝ වෙලාවට හිස් අතින් ආපහු එනවා. "පාවිච්චි කරපු බඩු අපි මාරු කරන්නේ නෑ, අන්න බෝඩ් එකේ ගහලා තියෙනවා දැක්කේ නැද්ද?"

නමුත් ඔබ දන්නවාද? කඩේ මුදලාලිගේ මේ කතාව අමුම අමු බොරුවක් බව. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න තියෙන නීති රීති ගැන ඔබ දැනුවත් නම්, කඩේ බිත්තියේ තියෙන ප්ලාස්ටික් බෝඩ් එකට වඩා ඔබේ හඬ බලවත්. අපි බලමු සමාජයේ තියෙන ප්‍රධාන මිත්‍යාවන් සහ එහි නීතිමය ඇත්ත මොකක්ද කියලා.

මිත්‍යාව 01: "බෝඩ් එකේ දාලා තියෙන නිසා අපිට කරන්න දෙයක් නෑ" ඇත්ත: කඩේ බිත්තියේ ගහන බෝඩ් එක නීතියක් නෙවෙයි. "භාණ්ඩ විකිණීමේ ආඥා පනත" අනුව ඕනෑම භාණ්ඩයක් "හොඳ තත්ත්වයේ" (Merchantable Quality) තියෙන්න ඕන. සරලවම කිව්වොත්, ඔබ සපත්තු දෙකක් ගන්නේ ඇවිදින්න මිසක් අරන් ගිහින් ගම් ගගා ඉන්න නෙවෙයි. සතියෙන් දෙකෙන් අඩිය ගැලවෙනවා නම්, පාට යනවා නම් ඒ භාණ්ඩයේ නිෂ්පාදන දෝෂයක් තියෙනවා. කඩේ බෝඩ් එකේ මොනවා තිබුණත්, එවැනි බාල බඩුවක් ආපසු දීලා අලුත් එකක් හෝ මුදල් ඉල්ලන්න ඔබට පූර්ණ අයිතිය තියෙනවා.

මිත්‍යාව 02: "ඔයා තෝරලා ගත්තනේ... දැන් මට කරන්න දෙයක් නෑ" ඇත්ත: මේක ගොඩක් අය නොදන්න දෙයක්. ඔබ රෙදි කඩයකට ගිහින් කියනවා "මට ළමයගේ යුනිෆෝම් එක මහන්න රෙද්දක් දෙන්න, හැබැයි හේදුවම හැකිලෙන්න (Shrink වෙන්න) බෑ" කියලා. මුදලාලි රෙද්දක් දෙනවා "මේක ගානට හරියනවා" කියලා. ඔබ ඒක ගෙදර ගෙනිහින් හේදුවම හැකිලෙනවා නම්, "ඔයානේ තෝරගත්තේ" කියලා ඇඟ බේරගන්න මුදලාලිට බෑ. නීතියේ 16 වන වගන්තිය (Fitness for Purpose) අනුව ඔබ ඔබේ අවශ්‍යතාවය කියලා, වෙළෙන්දාගේ දැනුම විශ්වාස කරලා ගත්ත දෙයක් ඒ විදිහටම වැඩ කරන්නේ නැත්නම්, එය ආපසු භාරදෙන්න පුළුවන්.

මිත්‍යාව 03: "Sale දාලා විකුණන ඒවට වගකීමක් නෑ / බිලේ 'No Refunds' ගහලා තියෙන්නේ" ඇත්ත: බිල්පතේ සීල් ගැහුවා කියලා නීතිය වෙනස් වෙන්නේ නෑ. 1997 අංක 26 දරන පනත අනුව පාරිභෝගිකයාට අසාධාරණ කොන්දේසි පනවන්න වෙළෙන්දාට බැහැ. ඒ වගේම "Warranty Card" එක නැති වුණත්, ඔබ ඒ කඩෙන් බඩු ගත්ත බව ඔප්පු කරන්න "බිල්පත" (Receipt) තිබීම ප්‍රමාණවත් සාක්ෂියක්. පාරිභෝගික අධිකාරිය පනත අනුව දෝෂ සහිත භාණ්ඩවලට සහන සලසන්න වෙළෙන්දා බැඳී සිටිනවා.

ඔබ කළ යුත්තේ කුමක්ද? කඩේ එක්ක රණ්ඩු වෙන්න කාලය නාස්ති කරන්න එපා. මුදලාලි නීතියට පිටුපානවා නම්, බිල්පතේ සහ හානි වූ භාණ්ඩයේ පැහැදිලි ඡායාරූප ගන්න. කෙලින්ම 1977 අංකයට කතා කරලා පාරිභෝගික සේවා අධිකාරියට (Consumer Affairs Authority) පැමිණිලි කරන්න.

ඔබේ අයිතිය දිනාගන්න තියෙන ලොකුම ආයුධය "දැනුම" කියන එක අමතක කරන්න එපා!

මං කැමතියි ඒ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න...😊
08/12/2025

මං කැමතියි ඒ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න...😊

Address

Colombo

Telephone

+94741415666

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Serenity Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Serenity Travels:

Share

Category