Busy Travelers

  • Home
  • Busy Travelers

Busy Travelers A group of entwisters who seeks the splendor of the nature beyond its extreams! Love the Nature, Live the Nature! Busy Travelers

අවුරුදු 33ක් එකම company එකේ වැඩ.මේ එයාගේ පලවෙනි රස්සාව.Ford master technician කෙනෙක් වෙන ඩග් මට හම්බුනේ මගේ forman විදි...
02/04/2025

අවුරුදු 33ක් එකම company එකේ වැඩ.මේ එයාගේ පලවෙනි රස්සාව.
Ford master technician කෙනෙක් වෙන ඩග් මට හම්බුනේ මගේ forman විදියට.
හවස පහට රස්සාව ඉවර කරපු අපි 5.05 ට රස්සාව ගැන කිසිම දෙයක් කතා කරන්නේ නෑ.අපේ කතා වල තියෙන්නේ මේවා.
පැතුම් මම ගිය summer එකේ කෑම්පින් තිස් දෙකක් කලා .
මම wife එක්ක Algonquin national park එකේ උඩහටම ගිහින් හැතැම්ම දාසයක් බෝට්ටු පදිනවා.සමගර තැන් වල ගගෙන් උඩට ඇවිල්ලා බෝට්ටුව උස්සගෙන සැඩ පාර මග අරිනවා.
ජීවිතේ එක පාරක් අහම්බෙන් දැක්ක සුදු වෘකයෝ ගැන,
කැලේ ඇවිදින්න යද්දි වලස්සු ඈතට දැකපුවා ගැන කතා කරන ඩග්
ඔය පහල තියෙන photo වල තියෙන වාහනේ එක්ක ඇවිදින ගේ අරගෙන මුලු ගිම්හානය පුරාම රට වටේම ඇවිදිනවා.
ඩග් ඔයා සීත කාලෙට ආස නැද්ද දවසක් මම ඇහුවා.
මම පොඩි කාලේ බාලදක්ෂයෙක් මට තාම ඒ යාලුවෝ ඉන්නවා.
සමහර දවස් වලට මම ice අස්සේ හැංගිලා ඉන්න මාලු අල්ලන්න යනවා.හිමේ ski කරන්න යනවා කියලා ඩග් මට කිව්වා.
ගිම්හානයේ වැඩිය දකින්න නැති ඩග් අව්රුද්දේ ඉතුරු වෙන නිවාඩු ඔක්කොම එකට අරගෙන ඇවිදින්න යනවා.
මුලු කැනඩාවෙම වනෝද්‍යාන අස්සේ දවස් ගනන් ගිය road trip ගැන සිතියම දිග ඇරගෙන කියද්දි
මේකට වෙන්නැති work life බැලන්ස් එක කියලා කියන්නේ කියලා මම තනි හිතට හිතනවා.
මේ ජීවිතේ මාරයි. අපි හීන මවපු ජීවිත ඇත්තටම ගෙවන මිනිස්සු ඇස් දෙකට දැක්කාම අපිට ඒ හීන ඉක්මනටම ලගා කරගන්න හිතෙනවා ❤️

.

19/02/2025

කතාවට කිව්වට ඉස්සර මිනිස්සු ඉරටත් වැන්දා කියලා
මම තාමත් විස්වාස කරනවා මිනිස්සු න්ට ඉර එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවා කියලා.
ලෝකේ හැමතැනම මම වගේ හුගක් මිනිස්සු අදටත් ඉර බහිනවා බලලා අමුතු ලෝකෙක අතරමන් වෙනවා ❣️

14/02/2025

ඔබට මේ රුව එක වරම අදුරාගත නොහැකිවේවි.
හැබැයි ඔහුගේ කටහඩ එකවරම හදුනාගනීවි.
මේ ගොඩක් මිනිස්සු පරිසරයට බද්ද කරවූ හඩක් ❣️

බුද්ධිමත් රටවල් tourism කරන්නේ මෙහෙමයි.01). ඔයා කවදාහරි ඇමරිකාවට හරි යුරෝපයට හරි visit එකකට යන්න try කරලා තියෙනවා ද?මහත්...
24/01/2025

බුද්ධිමත් රටවල් tourism කරන්නේ මෙහෙමයි.

01). ඔයා කවදාහරි ඇමරිකාවට හරි යුරෝපයට හරි visit එකකට යන්න try කරලා තියෙනවා ද?

මහත්වරුනි අපේ ගෙවල් වල ඉඩම් ඔප්පුත් අරගෙන ගිහින් පෙන්වන්න ඕනි "අපට travel කරන්න සල්ලි තියෙනවා දෙවියනේ.." කියලා prove කරන්න.

එහෙම පෙන්නුවත් අපේ රටේ හැම තුන් දෙනකුගෙන් ම දෙන්නෙක් ගේ visa rejected.

එච්චර තෝරලා තමයි අපිව වෙන රටක් ඇතුලට වද්දා ගන්නෙත්.

02). අපේ මේ ලස්සන දූපතට එන්න ඒ මොනවත් ඕනා නෑ. තුන් ලෝකයේ ම ඉන්න අතේ සතේ නැති si #ගන්නෝ ඔක්කොම ටික දැන් මේකේ පිරිලා.

3WL එකක යන්න, කඩෙන් රුපියල් 500ක කෑම එකක් ගන්න වත් මෙයාලා ළඟ සල්ලි නෑ.

එයාලා මෙහේ ඇවිත් business කරනවා කීයක් හරි හොයාගන්න.

03). අපි යුරෝපයට ගිහිල්ලා මාර්ග නීතියක් කැඩුවොත් අපිව හුරතල් කරනවා ද, "අනේ මෙයා visitor කෙනෙක්.. අනේ පවු අනේ හරි ඌර්තල් මෙයා.." කියලා?

නෑ මහත්වරුනි, අපේ ගෙවල් දොරවල් උකස් තියන්න වෙන rates වලින් දඩ ගහන්නේ ඉතාම සුළු වරදකට පවා.

04). මේ රටට ඇවිත් වාහන / bike rent කරගෙන පදින visitors ලා, අපේ රටේ සාමාන්‍ය නීතිය / මාර්ග නීතිය සත පහකට ගණන් ගන්නේ නෑ.

අපේ ආර #ක්ෂක අංශ වල මහත්වරුත්, මෙයාලව හුරතල් කර කර ඉන්නවා මිසක, මේ වල් නිදහස පාලනය කරන්නේ නෑ.

ඇත්තටම මොකක්ද මේ විහිළුවේ තේරුම? මේ රට දැන් නිල වශයෙන් visitors ලාගේ තිප්පොලක් ද?

05). මහත්වරුනි මේක අපේ රට. මේ ලස්සන මුහුදු වෙරළවල්, මේ ලස්සන කෝච්චි පාරවල් අපේ.

ලෝකයම migration / සංචාරකයෝ එපා කියන යුගයක අපි විතරක් අපේ සම්පත් මෙහෙම සිල්ලරේට දන් දෙන්න ඕනි නෑ.

06). මේක තවත් එක බාලි දූපතක් වෙන්න දෙන්න එපා.

සංචරණය බාරව ඉන්න ර #ජයේ මහත්වරුනි, අවුරුද්දකට එන ඔළුගෙඩි ගණන වෙනුවට, අඩුම ඔළුගෙඩි ගණනකින් "වැඩිම මුදලක්" උපයන high-end සංචරණ යාන්ත්‍රණයක් හදාගන්න උත්සාහ කරන්න.

ලෝකයේ බුද්ධිමත් රටවල් tourism වලින් හම්බ කරන්නේ එහෙමයි. ❤️💛

-

Sigiriya, When the sun goes down!AI generated imagesPhoto credits to the  diruwan
14/01/2025

Sigiriya, When the sun goes down!

AI generated images

Photo credits to the diruwan

සීත කාලෙට මුලු ජීවිතේ ම මන්ද ගාමී වෙලාදෝයි මට  දැනෙනවා.සීත හරි තදයි .මිනිස් පුලුටක් නැති කදු මුදුන් වල සීත කාලෙට කොල හැල...
17/12/2024

සීත කාලෙට මුලු ජීවිතේ ම මන්ද ගාමී වෙලාදෝයි මට දැනෙනවා.

සීත හරි තදයි .මිනිස් පුලුටක් නැති කදු මුදුන් වල සීත කාලෙට කොල හැලුන ගස් විතරයි.❄️
වතුර උගුරක් බොන්න බැරි තරමට මිදුනු වතුර පාරවල් දිගේ තවත් එක ඉසව්වක ජිවීතේ තව දවසක් කදු මුදුනුකම ගෙවෙනවා.
මොකද කන්දෙන් පහල ජීවිතේ මට හුගක් බරයි.🍂

සතා සිව්පාවා පවා එලි නොබසිනතුරු වැල් පවා කොල හලන.ගංගා ඇල දොල පවා ගල්ගැසෙන හරි අපූරු සීත ඍතුවේ☃️හිම මිදෙන සීතලේතවත් එක් ග...
11/12/2024

සතා සිව්පාවා පවා එලි නොබසින
තුරු වැල් පවා කොල හලන.
ගංගා ඇල දොල පවා ගල්ගැසෙන
හරි අපූරු සීත ඍතුවේ☃️

හිම මිදෙන සීතලේ
තවත් එක් ගමනාන්තයක් වෙත🇨🇦❄️

හීන මැරෙන්නනම් හුස්ම වැටෙන එක නවතින්නම ඕන.🥰මේ ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණය සහිත නයගරා දියඇල්ල 🌊
20/10/2024

හීන මැරෙන්නනම් හුස්ම වැටෙන එක නවතින්නම ඕන.🥰

මේ ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණය සහිත නයගරා දියඇල්ල 🌊

කැනඩාවේ Masters කරන්න IBU University එන්න
13/10/2024

කැනඩාවේ Masters කරන්න IBU University එන්න

ලංකාවෙන් වැඩිම visa approval ලැබෙන.අඩුම වියදමකින් කරන්න පුලුවන් MBA එකේ විස්තරය ගැන විස්තරාත්මක වීඩියෝවයි මේ.පාඨමාලා කාලස....

Address


Alerts

Be the first to know and let us send you an email when Busy Travelers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Busy Travelers:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share