Vijja's Dairy

Vijja's Dairy Vijith N Shan

25/05/2026
18/05/2026

DNA එක තියෙන්නේ දකුනේ❤️

14/05/2026

"ඉතාලි පොලිස් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින්, එරට ප්‍රබලතම බලකායක් වන 'කැරිබිනේරි' (Carabinieri) පොලිස් සේවයේ ස්ථානාධිපති ධුරයට පත්වෙන්න අපේම ශ්‍රී ලාංකික තරුණියක් සමත්වෙලා තියෙනවා.

​ඇය නමින් භාග්‍යා සෝලංගආරච්චි. වයස අවුරුදු 23ක් වන භාග්‍යා, ඉතාලි පොලිස් බලකායක මෙවැනි ඉහළ තනතුරකට පත්වුණු ප්‍රථම ශ්‍රී ලාංකික තරුණිය විදිහටයි ඉතිහාසයට එකතු වෙන්නේ.

​භාග්‍යාගේ තාත්තා හෙන්රි සෝලංගආරච්චි මහත්මය සහ ඇගේ අම්මා වෙන්නප්පුව, ශාන්ත ආනා මාවතේ පදිංචිවෙලා ඉඳලා 1982 වසරේදී තමයි රැකියා සඳහා ඉතාලියට ගිහින් තියෙන්නේ. අද ඔවුන් මිලානෝ නුවර පදිංචි වෙලා ඉන්නවා.

භාග්‍යා කියන්නේ දක්ෂ උපාධිධාරිනියක්. ඉතාලි විශ්වවිද්‍යාලයකින් වාණිජවේදී උපාධිය ලබාගත්ත ඇය සිංහල, ඉංග්‍රීසි, ඉතාලි වගේම තවත් භාෂා කිහිපයක්ම චතුර ලෙස හසුරුවන්න පුළුවන් දක්ෂ කථිකාවියක්.

පොලිස් සේවයට ඇතුළත් වෙන්න පවත්වපු අතිශය දුෂ්කර විභාග සහ බුද්ධි පරීක්ෂණවලින් ඉහළම ලකුණු ගත්ත භාග්‍යා, සාමාන්‍ය කෙනෙක්ට කරන්න බැරි තරම් අමාරු "මිලිටරි" යුද පුහුණුවීම් පවා සාර්ථකව නිම කරලා තියෙනවා.

ඒ වගේම ඇය අඩි හයක් විතර උසැති, හරිම පෞරුෂයක් තියෙන දේහධාරී තරුණියක්.
​ඇයගේ මේ අපිරිමිත කැපවීම සහ දක්ෂතාවය නිසයි, පුහුණුව අවසානයේදිම ඇයව ස්ථානාධිපතිනියක් විදිහට පත් කරන්න බලධාරීන් තීරණය කරලා තියෙන්නේ.

​විදේශ රටක මෙවැනි ප්‍රබල ආරක්ෂක අංශයක ඉහළම පුටුවකට අපේ රටේ කෙල්ලෙක් පත්වීම ඇත්තටම අපිටත් ලොකු ආඩම්බරයක්!

​භාග්‍යා, ඔබට අපේ උණුසුම් සුබපැතුම්! 👏❤️

-Supun Liyanarachchi-

14/05/2026

අපේ උරුමය👍

බුදු සරණයි කොල්ලො ටිකට🙏
14/05/2026

බුදු සරණයි කොල්ලො ටිකට🙏

Address

Deniyaya
81500

Website

Alerts

Be the first to know and let us send you an email when Vijja's Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category