Hasthi Whale Watching.

Hasthi Whale Watching. We are the pioneer group of company to start whale Watching in southern most tip of Sri Lanka, Dond

 Ambulugala home stay ..Contact me via WhatsApp 0094778090078)
25/04/2024


Ambulugala home stay ..
Contact me via WhatsApp 0094778090078)

Sunset..
17/01/2024

Sunset..

17/01/2024
Toyota prius 20.
28/08/2022

Toyota prius 20.

Happy Birthday 🎂
20/05/2022

Happy Birthday 🎂

22/04/2021

වෘත්තීය මාර්ගෝපදේශකයන් වශයෙන් මේ දිනවල අපි ටුවර්ස් කරන්නෙ කොතරම් අවදානමක් සහ අපහසුවකින්ද කියල අමුතුවෙන් කිවයුතු නෑ. SLTDA එකෙන් මේ අපහසු අවස්ථාවේ, සංචාරකයින්ට පහසුකම් සපයන සියළුදෙනා එකාමෙන් එකමුතුව වැඩකර සංචාරක ව්‍යාපාරය ගොඩනැංවිය යුතුයැයි පවසා සිටියත් හෝටල් ක්ෂෙත්‍රයේ සමහර පුද්ගලයින්ගේ අමන ක්‍රියාකලාපයන් නිසා ඇතිවෙන්නෙ කලකිරීමක්.

මෙම අමිහිරි අත්දැකීමට මට මුහුණ දෙන්න සිදුවුනේ බේරුවල Cinnamon Bey හෝටලයේදී. අප්‍රේල් 20වනදා හැටන් සිට බේරුවලට කි.මී. 180ක් පැය 5ක් පමණ එකදිගට රිය පදවාගෙන ආවෙ ජෛව බුබුල තුළ කිසිම තැනක වාහනය නතර කිරීමට අවසර නොමැති නිසා. අතිශය වෙහෙසකර ධාවනයකින් පසුව ගිණි දහවලේ Cinnamon Bey හෝටලයට පැමිණි පසු මගේ guest ට පමණක් welcome drink එක දී ඔහුව හෝටලයට පිළිගත්තේය. මගහැරීමකින් මට බීම වීදුරුවක් නොදුන්නේයැයි සැකය මත එම අවස්ථාවේ Night Duty manager ලෙස කටයුතු කල ධිලූෂ පෙරේරා නමැත්තා වෙත ගොස් මගේ guest ටවත් නොහැඟෙන පරිද්දෙන් මට drink එකක් දෙන්නෙ නැද්ද යනුවෙන් අසා සිටියේ, ආගන්තුක සත්කාර අතින් ශ්‍රී ලංකාව ලොව ඉහළින්ම සිටින රටක් ලෙස මගේ guest ට ඉහලින් වර්ණනා කල මටම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ හෝටලයකින් වතුර වීදුරුවක්වත් නොදෙන්නේ ඇයිදැයි guest ට හැඟීයන ගියොත් මා බොරුකාරයෙක් වන නිසයි. මෙම කළමනාකරු මට දැක්වූ අමානුෂික ප්‍රතිචාරයෙන් මා මවිතයට පත්විය. "අපි ගයිඩ්ලට welcome drinks දෙන්නෙ නෑ...." පිළිතුර විය. මා එවිට අසා සිටියේ "ඇයි ... අපිට කලින් drink එකක් දුන්නනෙ.... " යනුවෙන්. "කලින් දෙන්න ඇති... ඒත් දැන් දෙන්නෙ නෑ..." ඔහු කියා සිටියේය. මා license holder කෙනෙක් හැටියට, හෝටලයට guest කෙනෙක් රැගෙන එන ගයිඩ්ට drink එකක් offer කරන එක යුතුකමක් බව ඔහුට මතක් කර දුන්නෙමි. එවිට ඔහු වියරුවෙන් "ඔයාට license තියෙනවද... මම ඔයාගැන SLTDA එකටයි Company එකටයි complain කරනවා..." කියල එම ආයතන දෙකටම එම අවස්ථාවේම දුරකථන ඇමතුම් ලබාගෙන මාගැන ඔවුන්ට චෝදනා කලේ, මාහට පාඩමක් උගන්වන්න සිතාගෙනය. එය ව්‍යාර්ථ වුන තැන ඔහු නිෂ්ශබ්ද විය. අපගේ guide license චෙක් කරන්න ඔහුට කිසිම අයිතියක් නැතත්, මා බලපත්‍රලාභියකු බවට ඔප්පු කිරීමට මගේ license එක ඔහුට පෙන්විය. මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව මම එදිනම එම හෝටලයේ ඉහළ කළමනාකාරිත්වයට පැමිණිලි කල අතර ඔවුන් මෙම අමන පුද්ගලයා වෙනුවෙන් මාගෙන් සමාව අයැද සිටියේය.

සංචාරක ක්ෂෙත්‍රයේ බිඳවැටීමත් සමඟ හෝටල් පාඩුලබන තත්වයක් තුළ ගයිඩ්ට දෙන drink එක කපාහැරීම තුළින් යම්කිසි මුදලක් ඉතිරිකර තම ඉහළ කළමනාකාරිත්වයට පෙන්වීම මෙම පුද්ගලයාගෙ අරමුණ වන්නට ඇත. නමුත් මාගේ උත්සහයවූයේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරු වශයෙන් අප සියළුදෙනාගේම වෘත්තිය ගරුත්වය ආරක්ෂා කර ගැනීමයි.

තම නිවසට එන ආගන්තුකයකුට තමාගෙ බත්පත පවා කන්න දී කුසගින්න නිවන අඩුම තරමින් වතුර වීදුවකින් හෝ සංග්‍රහ කර ආගන්තුක සත්කාර කරන රටක මෙවැනි පුද්ගලයින් සිටීම කණගාටුවට කාරණයක්. මහනුවර ප්‍රදේශයේ උතුම් මිනිසුන් බිහිකළ උසස් පසලක් තුළින් සාරධර්ම අතින් පිරිහුණු මෙවැනි පුද්ගලයෙක් සමාජයට එක්වූයේ කෙසේද? මෙවැනි පුද්ගලයකුට ශ්‍රී ලංකාවේ ඉහළ පෙලේ හෝටලයක Night Duty manager වැනි තනතුරක් ලැබීම පුදුමසහගත කරුණකි.

Address

Dondra Fishery Harbour
Dondra
81160

Telephone

0777579349

Website

Alerts

Be the first to know and let us send you an email when Hasthi Whale Watching. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category