Traval ella ඇල්ල

Traval ella ඇල්ල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Traval ella ඇල්ල, Travel Company, ella, Ella.

23/06/2026
21/06/2026

Kirikoraha dance

20/06/2026

ඇල්ල නගරය සහ ඒ අවට ලස්සන තැන්,
🌳♥️🌱🌸🌼🌱🌿🌱

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඇල්ල (Ella) යනු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය, ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සුන්දර නගරයකි. මීදුමෙන් බර වූ කඳු පන්ති, සරුසාර තේ වතු, ගලා හැලෙන දියඇලි සහ ඓතිහාසික දුම්රිය මාර්ග නිසා ඇල්ල නගරය සංචාරක පාරාදීසයක් බවට පත්ව ඇත.
☃️🥶💚

ඇල්ල නගරයේ සහ ඒ අවට නැරඹීමට ඇති ප්‍රධානතම ස්ථාන,

⛰️ ප්‍රධාන කඳු නැගීමේ සහ දර්ශනීය ස්ථාන

☃️ පුංචි ශ්‍රී පාදය (Little Adam's Peak)

ඉතා පහසුවෙන් ළඟාවිය හැකි, තේ වතු මැදින් වැටී ඇති සුන්දර සංචාරක ස්ථානයකි. මෙහි මුදුනට පැමිණි විට ඇල්ල කපොල්ලේ (Ella Gap) මනරම් දර්ශනය දැකගත හැකිය.

☃️ ඇල්ල රොක් (Ella Rock)

කඳු නැගීමට (Hiking) ප්‍රිය කරන අයට කදිම ස්ථානයකි. මෙහි මුදුනට යාමට තරමක් දුෂ්කර හා වෙහෙසකර ගමනක යෙදිය යුතු වුවත්, එහිදී ලැබෙන පරිණාමීය දර්ශනය අතිශය ආකර්ෂණීය වේ.

🚂 ඓතිහාසික සහ ඉංජිනේරුමය ආශ්චර්යයන්

☃️ ආරුක්කු නවයේ පාලම (Nine Arch Bridge)

යටත්විජිත යුගයේදී ගල් සහ ගඩොල් පමණක් යොදාගෙන (යකඩ භාවිතයෙන් තොරව) නිර්මාණය කරන ලද ලොව ප්‍රසිද්ධ දුම්රිය පාලමකි. තේ වතු සහ කැලෑව මධ්‍යයේ පිහිටි මෙහි දුම්රියක් ගමන් කරන අවස්ථාව ඡායාරූප ගැනීමට බොහෝ දෙනා පැමිණෙති.
දෙමෝදර දුම්රිය වටරවුම (Demodara Loop): ලංකාවේ දුම්රිය ඉංජිනේරු විද්‍යාවේ විස්මිත නිර්මාණයක් වන මෙය, දුම්රිය මාර්ගය කන්දක් වටා රවුමකට ගොස් ඒ යටින්ම ඇති බිම්ගෙයකින් මතුවන පරිදි සකසා ඇත.

🌊 දියඇලි සහ පෞරාණික ස්ථාන

🏞️ රාවණා ඇල්ල (Ravana Falls)

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය අසලම පිහිටා ඇති බැවින් ඉතා පහසුවෙන් ළඟාවිය හැකි මනරම් දියඇල්ලකි.

🪨 රාවණා ගුහාව (Ravana Cave)

රාවණා රජුට සම්බන්ධ ඓතිහාසික ජනප්‍රවාද රැසකට උරුමකම් කියන පෞරාණික ගුහාවකි.

🏞️දියලුම ඇල්ල (Diyaluma Falls)

ඇල්ල නගරයේ සිට මඳක් දුරින් පිහිටි, ශ්‍රී ලංකාවේ දෙවනුවට උසම දියඇල්ල වන මෙහි ඉහළ කෙළවරේ පිහිටි ස්වභාවික ජල පොකුණු (Natural pools) සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියය.

🏹 වික්‍රමාන්විත ක්‍රියාකාරකම්

🧗 Flying Ravana Zipline

පුංචි ශ්‍රී පාදය අසල පිහිටි මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ වේගවත්ම සිප්ලයින් (Zipline) ක්‍රීඩාව වන අතර, තේ වතු ඉහළින් පියාසර කරන අපූර්ව අත්දැකීමක් ලබා දෙයි.

# තාරු #

ඇල්ල’ අවට බලන්න තියෙන සුන්දරම තැන් 7ක්.'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්න...
20/06/2026

ඇල්ල’ අවට බලන්න තියෙන සුන්දරම තැන් 7ක්.
'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්නෙ ඇල්ල කියන්නෙ. කොළඹ ඉඳන් නම් කිලෝමීටර 200ට වැඩි දුරක් තිබුණට පැය 5න් 6න් යන්න පුළුවන්. කොහොම වුනත් නිවාඩුවක් ලැබුණ වෙලාවක ඇල්ල පැත්තෙ ගිහින් රවුමක් දාන අතරෙ මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා.

1. Ella Rock
පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි.

2. Little Adam's Peak
ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්ද තමයි පුංචි ශ්‍රීපාදය කියන්නෙ. පුංචි ශ්‍රීපාද කඳු මුදුනෙයි ශ්‍රීපාද කඳු මුදුනෙයි දෙකේම අංශක 360ක දර්ශන පථයක් තියෙන එක ලොකු විශේෂත්වයක්. හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා. උස අඩි 400ක් විතර වුනත් ඇල්ල ටවුමෙ ඉඳන් කඳු මුදුනට තියෙන කිලෝමීටර 3ක යන්න අඩුම තරමෙ පැයක්වත් ගත වේවි.
3. Ravana Cave
'ඇල්ල ගල' කන්දෙ මැද හරියට වෙන්න පිහිටලා තියෙන රාවණා ගුහාවට ඇල්ල ටවුමෙ ඉඳන් කිලෝමීටර 3.5ක විතර දුරක් තමයි තියෙන්නෙ. පයින් යනව නම් පැයක් වත් යනව. ගුහාවට යන කඳු පාරෙ ඇරඹුම් පඩිපෙල තියෙන්නෙ රාවණා ගුහාව පන්සලෙන්. වර්ග අඩි 1500කටත් අධික මේ ලෙන් භූමියෙ දකුණු පස අවසානයේ ඉඳන් ආරම්භය වෙනකම් කොටසෙ සැඟවුනු උමං 4ක් තියෙනවා. ඒ උමං ටික දෑසින් බලා ගන්නනම් අඩුම තරමෙ විදුලි පන්දම් තුනකවත් එළිය ඕන. ඒ විතරක් මදි, අඩි එක හමාර, දෙකේ හිඩැස් වලින් බඩ ගාගෙන රිංගන්න පුළුවන් වෙන්නත් ඕන.

4. Face Art of 'Pulastya Muni'
රාවණා රජුගේ මුත්තණුවන් වන 'පුලස්ති මුණි' සෘෂිවරයාගේ මුහුණේ රූපයක් කියන මේ රූපය තියෙන්නෙ ඇල්ල – වැල්ලවාය පාරෙ ඇල්ල ඉඳන් කිලෝමීටර 4ක විතර දුරින්. එතන තියෙන 'S' වංගුව පටන් ගන්න තැනම වගේ පාරෙන් දකුණු පැත්තෙ ගල් කුලේ පාර මට්ටමේ ඉඳන් බැලුවාම අඩි 20කට වැඩි උසක නිර්මාණය කරල තියෙන මේ රූපය හොඳින්ම බලා ගන්න නම් වංගුව මැද්දට ගිහින් බලන්න ඕන. මොකද ඒ රූපය ප්‍රමාණයෙන් අඩි දෙකක් විතර උස අඩියක් විතර පළල තරමක් පොඩි රූපයක් නිසා.

5. Ravana Falls
රාවණා ඇල්ල බලන්න යනව නම් හොඳම කාලය තමයි ජනවාරි සිට අප්‍රේල් අතර කාලය. හොඳ වතුර ටිකක් නාගන්නත් ලස්සන සමනල්ලු වර්ග, උරග වර්ග දැක බලා ගන්නත් රාවණා ඇල්ලට එන ඔයාලට පුළුවන්. උස අඩි 82කට ගණන් බලල තියෙන රාවණා ඇල්ලට, ඇල්ල ටවුමේ ඉඳන් පයින් යනවට වඩා ඒ කිලෝමීටර 6.5ක විතර දුර වැල්ලවාය පැත්තට යන බස් එකකට ගොඩ වෙලා විනාඩි 15න් 20න් යන එක තමයි හොඳ.

6. Nine Arch Bridge (Demodara)
දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ හැඩ බලන්න ඇල්ලෙ ඉඳන් කුඹල්වෙලට ගිහින් බදුල්ල බස්

7. Demodara Railway Station
'සුද්ද' කල්පනා කර කර ඉන්න කොට අපේ 'ගොයිය' ජටාව ගැහුවලු. සුද්ද ඒක දැකල තමයි දෙමෝදර දුම්රිය පොළ පිහිටල තියෙන කන්දෙ, බෑවුමට ජටාවෙ ගැටේ හැඩයට රේල් පීලි ටික හදන්න තීරණය කරල තියෙන්නෙ. ආරුක්කු නවයෙ පාළම ලඟ ඉඳන් දෙමෝදර රේල් ගැටය ලඟට තියෙන්නෙ කිලෝමීටර 3කටත් අඩු දුරක්. තේ වතු මැද්දෙන් යන ගමනෙ පොඩි කතාබහක් දැම්මට කමක් නෑ කෝච්චිය එනවද කියල අවධානයෙන් යන්න අමතක කරන්න එපා.ඇල්ල’ අවට බලන්න තියෙන සුන්දරම තැන් 7ක්.
'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්නෙ ඇල්ල කියන්නෙ. කොළඹ ඉඳන් නම් කිලෝමීටර 200ට වැඩි දුරක් තිබුණට පැය 5න් 6න් යන්න පුළුවන්. කොහොම වුනත් නිවාඩුවක් ලැබුණ වෙලාවක ඇල්ල පැත්තෙ ගිහින් රවුමක් දාන අතරෙ මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා.

1. Ella Rock
පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි.

2. Little Adam's Peak
ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්ද තමයි පුංචි ශ්‍රීපාදය කියන්නෙ. පුංචි ශ්‍රීපාද කඳු මුදුනෙයි ශ්‍රීපාද කඳු මුදුනෙයි දෙකේම අංශක 360ක දර්ශන පථයක් තියෙන එක ලොකු විශේෂත්වයක්. හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා. උස අඩි 400ක් විතර වුනත් ඇල්ල ටවුමෙ ඉඳන් කඳු මුදුනට තියෙන කිලෝමීටර 3ක යන්න අඩුම තරමෙ පැයක්වත් ගත වේවි.
3. Ravana Cave
'ඇල්ල ගල' කන්දෙ මැද හරියට වෙන්න පිහිටලා තියෙන රාවණා ගුහාවට ඇල්ල ටවුමෙ ඉඳන් කිලෝමීටර 3.5ක විතර දුරක් තමයි තියෙන්නෙ. පයින් යනව නම් පැයක් වත් යනව. ගුහාවට යන කඳු පාරෙ ඇරඹුම් පඩිපෙල තියෙන්නෙ රාවණා ගුහාව පන්සලෙන්. වර්ග අඩි 1500කටත් අධික මේ ලෙන් භූමියෙ දකුණු පස අවසානයේ ඉඳන් ආරම්භය වෙනකම් කොටසෙ සැඟවුනු උමං 4ක් තියෙනවා. ඒ උමං ටික දෑසින් බලා ගන්නනම් අඩුම තරමෙ විදුලි පන්දම් තුනකවත් එළිය ඕන. ඒ විතරක් මදි, අඩි එක හමාර, දෙකේ හිඩැස් වලින් බඩ ගාගෙන රිංගන්න පුළුවන් වෙන්නත් ඕන.

4. Face Art of 'Pulastya Muni'
රාවණා රජුගේ මුත්තණුවන් වන 'පුලස්ති මුණි' සෘෂිවරයාගේ මුහුණේ රූපයක් කියන මේ රූපය තියෙන්නෙ ඇල්ල – වැල්ලවාය පාරෙ ඇල්ල ඉඳන් කිලෝමීටර 4ක විතර දුරින්. එතන තියෙන 'S' වංගුව පටන් ගන්න තැනම වගේ පාරෙන් දකුණු පැත්තෙ ගල් කුලේ පාර මට්ටමේ ඉඳන් බැලුවාම අඩි 20කට වැඩි උසක නිර්මාණය කරල තියෙන මේ රූපය හොඳින්ම බලා ගන්න නම් වංගුව මැද්දට ගිහින් බලන්න ඕන. මොකද ඒ රූපය ප්‍රමාණයෙන් අඩි දෙකක් විතර උස අඩියක් විතර පළල තරමක් පොඩි රූපයක් නිසා.

5. Ravana Falls
රාවණා ඇල්ල බලන්න යනව නම් හොඳම කාලය තමයි ජනවාරි සිට අප්‍රේල් අතර කාලය. හොඳ වතුර ටිකක් නාගන්නත් ලස්සන සමනල්ලු වර්ග, උරග වර්ග දැක බලා ගන්නත් රාවණා ඇල්ලට එන ඔයාලට පුළුවන්. උස අඩි 82කට ගණන් බලල තියෙන රාවණා ඇල්ලට, ඇල්ල ටවුමේ ඉඳන් පයින් යනවට වඩා ඒ කිලෝමීටර 6.5ක විතර දුර වැල්ලවාය පැත්තට යන බස් එකකට ගොඩ වෙලා විනාඩි 15න් 20න් යන එක තමයි හොඳ.

6. Nine Arch Bridge (Demodara)
දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ හැඩ බලන්න ඇල්ලෙ ඉඳන් කුඹල්වෙලට ගිහින් බදුල්ල බස්

7. Demodara Railway Station
'සුද්ද' කල්පනා කර කර ඉන්න කොට අපේ 'ගොයිය' ජටාව ගැහුවලු. සුද්ද ඒක දැකල තමයි දෙමෝදර දුම්රිය පොළ පිහිටල තියෙන කන්දෙ, බෑවුමට ජටාවෙ ගැටේ හැඩයට රේල් පීලි ටික හදන්න තීරණය කරල තියෙන්නෙ. ආරුක්කු නවයෙ පාළම ලඟ ඉඳන් දෙමෝදර රේල් ගැටය ලඟට තියෙන්නෙ කිලෝමීටර 3කටත් අඩු දුරක්. තේ වතු මැද්දෙන් යන ගමනෙ පොඩි කතාබහක් දැම්මට කමක් නෑ කෝච්චිය එනවද කියල අවධානයෙන් යන්න අමතක කරන්න එපා.

විශ්වාසවන්ත ගමනක්? දැන් අපිත් එක්ක!රියදුරු + ඉන්ධන071 711 7190
31/05/2026

විශ්වාසවන්ත ගමනක්?
දැන් අපිත් එක්ක!

රියදුරු + ඉන්ධන
071 711 7190

Address

Ella
Ella

Telephone

+94717117190

Website

Alerts

Be the first to know and let us send you an email when Traval ella ඇල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Traval ella ඇල්ල:

Shortcuts

Share

Category