Connect me Sri Lanka

Connect me Sri Lanka 💫 Awakening begins when you see the bigger picture.

ගංවතුර ආධාර -😂😂 ඇමරිකාවෙන් මිලියන දෙකයි, මාලදිවයිනෙන් 50,000 යි , නේපාලෙනුත් ගානක් හම්බ වෙලා තියෙනවා, එංගලන්තෙනුත් ලක්ශ ...
01/12/2025

ගංවතුර ආධාර -😂😂 ඇමරිකාවෙන් මිලියන දෙකයි, මාලදිවයිනෙන් 50,000 යි , නේපාලෙනුත් ගානක් හම්බ වෙලා තියෙනවා, එංගලන්තෙනුත් ලක්ශ අටක්ද නමයක්ද කොහෙද.

සාමාන්‍යයෙන් ලංකාවේ වෑන් එකක් ,අලුතින් (KDH එකක් කියමු) ඩොලර් ලක්ශයක් ක් විතර වෙනවා.

නොතේරෙන අයට තේරෙන්න කියන්නම්. අතේ සතේ නැති වෙලාවක. කොරේ පිටට මරේ කියලා ගෙදර මල ගෙදරක් උනාම, නෑදෑයො ටික එකතු වෙලා රුපියල් 78 යි සත 50 ක් දුන්නොත් මොකක් හිතෙයිද? අද කාලේ හැටියට. සිගරට් එකක් ගන්නවත් සල්ලි මදි නේද?

ලැබුනු ආධාරෙන් මොකෙක්ටවත් හොරා කන්න දෙයක් නෑ. ඔය ලැබිලා තියෙන ප්‍රමානය වගේ සිය ප්‍රමාණයක් හම්බ උනත්, හිටපු තත්වෙටවත් එන්න බෑ.

හිතෙන විදිහට දල වශයෙන් කිව්වෙ.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් බුලත් ගොවීන්ව දිරි ගන්වනවා වගා කරන්න. සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් මුඛ පිලිකාවලටයි, දන්ත රෝග වලටයි මුදල් වෙන්කරනවා ඉවරයක් නෑ. ඉතිං කොහොමද කීයක් හරි ඉතුරු කරගන්නෙ භාණ්ඩාගාරයේ?. අනිත් අමාත්‍යාංශත් එහෙමම තමා එකට වැඩ කරන්නෙ. කවදා කොහොම ගොඩ එයිද කියලා හිතා ගන්න බෑ.

මිනිස්සු ඉන්නවා කෝටි දෙකකට එහා. මීයො බෝ වෙලා වගේ. ලිංගික අද්‍යාපනයක් කියලා නාමයක් නෑ රටේ. බහුතරයක් ඔහේ අහු මුලු වල ඉපදිලා ඔහේ මැරිලා යනවා. " පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට ?" 😂😂😂ලෙල්ල තමා.

පහල ලෑලි ගෙදර ෆොටෝ එක නිකං දැම්මෙ. ඕන නම් ගාන බලා ගන්ට. ආ තව දෙයක් අමතක වුනානෙ. බැත බුලතින් සරුවෙන්න නම් අනිවාර්යයෙන්ම බුලත් එපැයි. 😅😅සංස්කෘතිකාංගයක්. 😅😅😅. බැත විතරක් තිබිලා වැඩක් නෑ. කිසි කික් එකක් නෑ.

26/10/2025

අද Nonnas ගැන කතා කරන්න හිටියෙ, ඒත් Yogeshwari මගේ අවධානය වෙනස් කලා

24/10/2025

Nice try Sajitha! 💛 The right answer is NONNAS. Keep playing — more exciting games ahead! The prize will roll over to the next round. 🎯

the next round’s prize grows to 10,000 LKR ! ✨”

අනිවාර්යයෙන්ම "සැක කල යුතුයි"⚠️️⚠️️ . විශේශයෙන්ම මාව. මීට අවුරුදු කිහිපයකට කලින්. හරියටම අවුරුදු 3 කට විතර කලින් smart p...
24/10/2025

අනිවාර්යයෙන්ම "සැක කල යුතුයි"⚠️️⚠️️ . විශේශයෙන්ම මාව.

මීට අවුරුදු කිහිපයකට කලින්. හරියටම අවුරුදු 3 කට විතර කලින් smart phones අතේ තියන් ඉන්න අයට බැන බැන හිටපු ගොඩක් අයගේ අත්වල දැන් ස්මාර්ට් ෆෝන් තියෙනවා. අම්මලා, තාත්තලා ආච්චිලා සීයලා ගාව පවා Ticktock බලන්න කියලා, දරුවො ආදරෙන් අරන් දීපු ෆෝන් තියෙනවා. සමහර පොඩි දරුවො ඉන්න අම්මලාට දරුවව පැත්තකට දාලා ෆෝන් එක අතට ගන්නවා තරම් සනීපයක් නෑ.

ඒක නෙවෙයි කතාව, මේ ෆෝන් වල, චූන් වගේම අනවශ්‍ය අවදානම් ටිකකුත් තියෙනවා.

විශේශයෙන්ම , සයිබර් අවකාශයේ දිගක් පලලක් නොතේරෙන, අය මේ අවදානම් කලාප වලට ඇතුල් වෙනවා.

Long story short / cut to the chase (ඉංග්‍රීසි ටිකකුත් ඇගට දාගන්න කියවන ගමන් 😅😅)

- මේ පේජ් එකේ දැනට ඉන්න බහුතරයක් දෙනා (likes 2500) මාව දන්න අය.

-ඉස්සරහට තව නොදන්න අය එකතු වෙයි.

-මාත් කැමති නැති, ඒත් කරන්න දෙයක් නැති දෙයක් තමයි, ජයග්‍රාහකයකු වෙනුවෙන් තෑගි මුදල් ලබා දීමේදී ඒ අයගේ තොරතුරු ඉල්ල ගන්න සිද්ද වෙන එක.

☠️☠️ පොයින්ට් එකටම කියලා ඉවරයක් කරන්නම්.

මීට අවුරුදු 13 ,14 කට විතර කලින් තිස්සමහාරාම, අම්බලන්තොට ප්‍රදේශ වල මහා පරිමාණ පිරමීඩ ව්‍යාපාරක් ක්‍රියාත්මක වුනා. භාණ්ඩයකුත් නෙවෙයි මාකට් කලේ. කම්පියුටර් එකේ ඇඩ් බලන්න තිබ්බේ. ගනං හදලා බලලා, මීටින් එකකට ගිහිල්ලා මම ඇහුවේ එක ප්‍රශ්ණයයි.

කට්ටියය කලබල වුනා. එදා මන් සල්ලි දැම්මෙ නෑ.

ඊට සතියකට පස්සෙ, මේකට රටේ හිටපු බලවත්ම චරිතයක් ලාවට වැඩේට ගෑවුනා. ගෑවුනා කියන්නේ, ඒක කරපු කෙනයි, ඒ බලවතයි මීටින් එකක් තිබ්බා කියලා රාවයක් ගියා. ඒකෙන් මිනිස්සු බුරුතු පිටින් ගිහින් සල්ලි දැම්මා. මාත් දැම්මා 😅😅😅

මම දාපු 20,000 න් 10, 000 ක් අතට ගත්තා . එච්චරයි.
කෝටි ගානක් මුදල් අරං එයාලා මාරු වුනා.

හොදම හරිය 😅🤣😂 තිස්සමහාරාමයේ අදාල මහමොලකාරයාගෙ මලයයි මමයි , අවුරුදු ගානක්, එක ලග, එකට බස් එකේ ඉස්කෝලෙ ගියේ. හොද යාලුවෝ (4, 5 වසර වලදී) , පිරමීඩ කතන්දරේ වෙනකොට මන් AL කරලා ගෙදර හිටියේ. මට හිතුනා, අපි යාලුවෝ නිසා මොකක් හරි දෙයක් වුනොත් කතා කරලා ගොඩ දාගන්න පුලුවන් කියලා.


කතා කර ගන්න තියා, හොයාගන්නවත් නෑ අන්තිමේදි.

ඒක නිසා මාව දන්න අයටයි , නොදන්න අයටයි ඔක්කොටොම කියන්නේ . කරුණාකරලා මන් දිහා "සැකෙන් බලන්න👹️👹️"

ෆේස් බුක් එකේ මන් ඔයාලට හදුන්වාදෙන, ෆන් ගේම් කිසිම එකක්වත්, මන් දැන් ඉන්න රටේ කරන්න බෑ. අනිවාර්යයෙන්ම රිපෝට් වෙලා පොලිසිට කට උත්තර දෙන්න වෙනවා, ☠️එක්කො හිරේ යන්න වෙනවා.

මේවා ගැන හරි ලස්සනට කියලා දෙන්න ආසයි. ඒත් මගේ ඉදිරිපත් කිරීමේ හැකියාවේ අවුලක් තියෙනවා. මට පුලුවන් දේ මන් කරනවා . 😅😅😅

එහෙනම්.....

හැමෝම පරිස්සම් වෙන්න - ඔයාගේ සමීපතමයනුත් පරිස්සම් කරගන්න 🚫🚫⚠️️⚠️️ දැනුවත් වෙන්න.

අන්තර්ජාල ගැට කපන්නන් (Scammers) වැඩිපුරම හොයන්නෙ පහලින් තියෙන තොරතුරු.

මේ ගැනත් සිහියේ තියාගෙන ඉස්සරහට කරන දෙයක් කරමු.

​🪪 1. පුද්ගලික අනන්‍යතා තොරතුරු (Personal Identity Information)

​භාවිතා කරන ආකාරය: බැංකු ගිණුම් විවෘත කිරීමට, ණය සඳහා ඉල්ලුම් කිරීමට, හෝ ඔබේ අනන්‍යතාවය ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීමට.

-​සම්පූර්ණ නම
-​උපන් දිනය
-​ලිපිනය
-​දුරකථන අංකය
-​විද්‍යුත් තැපැල් ලිපිනය (Email address)
-​ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, හෝ -හැඳුනුම්පත් අංකය
-​බදු ලිපිගොනු අංකය (Tax File Number)

​💳 2. මූල්‍ය තොරතුරු (Financial Information)
​භාවිතා කරන ආකාරය: සෘජුවම මුදල් සොරකම් කිරීමට හෝ ව්‍යාජ ගනුදෙනු කිරීමට

-​බැංකු ගිණුම් අංකය
-​ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංකය
-​CVV (ඉලක්කම් 3ක ආරක්ෂක කේතය)
​PIN අංකය
-​Online banking login details (මාර්ගගත බැංකුකරණ පිවිසුම් විස්තර)

​🔐 3. ගිණුම් ප්‍රවේශ විස්තර (Account Access Details)
​භාවිතා කරන ආකාරය: ඔබේ ගිණුම් අත්පත් කර ගැනීමට හෝ ඔබව ඉන් බැහැර කිරීමට (lock out).

-​මුරපද (Passwords)
-​ආරක්ෂක ප්‍රශ්න/පිළිතුරු (Security questions/answers)
-​One-time codes - 2FA හෝ SMS කේත (එක්-වරක් භාවිතා කළ හැකි කේත)

​🛍️ 4. ගෙවීම් හෝ ගනුදෙනු තොරතුරු (Payment or Transaction Info)

​භාවිතා කරන ආකාරය: ව්‍යාජ විකුණුම්, ආයෝජන, හෝ "මුදල් ආපසු ලබා දීමේ" ("refund") වංචාවන් සඳහා.

​ගෙවීම් සාධනය හෝ කුවිතාන්සි (Proof of payment or receipts)
​PayPal, crypto wallet, හෝ මුදල් හුවමාරු විස්තර (transfer details)
​"ක්‍රියාවලි ගාස්තු" ("processing fees") හෝ "බදු නිෂ්කාශන" ("tax clearance") සඳහා වන ඉල්ලීම්

​❤️ 5. චිත්තවේගීය හෝ පුද්ගලික දත්ත (Emotional or Personal Data)

​භාවිතා කරන ආකාරය: ආදරය සම්බන්ධ (romance) හෝ බ්ලැක්මේල් (blackmail) වංචාවන් සඳහා.

-​පුද්ගලික ඡායාරූප හෝ වීඩියෝ
-​සම්බන්ධතා විස්තර (Relationship details)
-​රහස් හෝ පෞද්ගලික සංවාද

​🧠 6. රැකියා හෝ ව්‍යාපාර තොරතුරු
​භාවිතා කරන ආකාරය: ව්‍යාජ රැකියා ඇබෑර්තු හෝ ඉන්වොයිසි වංචා සඳහා.

-​ව්‍යාජ රැකියා ඇබෑර්තු හෝ ඉන්වොයිසි (ව්‍යාපාර/රැකියා සම්බන්ධ වංචා)
-​සේවක හැඳුනුම්පත හෝ වැටුප් පත්‍රිකා -පිටපත් (Employee ID or payslip copies)
-​රැකියා අයදුම්පත (Resume - නම, සම්බන්ධතා, සහ සමහර විට හැඳුනුම්පත් තොරතුරු අඩංගු වේ)

21/10/2025

එක් අයකුට උපරිම අනුමාන 4ක් කරන්න පුලුවන්

පලමු හා දෙවන තරග වටයන් වල ජයග්‍රාහකයන් හට මුදල් ප්‍රදානය කර අවසන්. 🤩🤩🤩 . අද (21/10/2025) රාත්‍රී 7.00 ට නව තරග වාරයක් ආර...
21/10/2025

පලමු හා දෙවන තරග වටයන් වල ජයග්‍රාහකයන් හට මුදල් ප්‍රදානය කර අවසන්. 🤩🤩🤩 .
අද (21/10/2025) රාත්‍රී 7.00 ට නව තරග වාරයක් ආරම්භ වේ.
Follow us to join more upcoming games🤩

21/10/2025

දෙවන තරග වටයේ ජයග්‍රාහකයා 🤩🤩 - Shesha Gunasena Congratulations

මීලග තරග වටය අද 21/10/2025 රාත්‍රී 7.00 ට .

20/10/2025

මුල් තරග වටයේ ජයග්‍රාහකයා 🤩🤩- congratulations Isuru Priyadarshana මේ තරග වටය අංක 2 💪

20/10/2025

Date - 20/10/2025
Eligibility -Only comments posted before 6.00 pm (Sri Lanka Time)
Results will be announced at 7.00 pm

13/10/2025

විනාඩියයි

Address

Ella

Telephone

+94 717461967

Website

Alerts

Be the first to know and let us send you an email when Connect me Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Connect me Sri Lanka:

Share