Visit Sri Lanka

Visit Sri Lanka Traveling

02/01/2026

“Sri Lanka — where every sunrise feels like a promise and every sunset feels like a blessing.”
🇱🇰🌿🌴😍🌞☀️🇱🇰

01/01/2026

“Come as a visitor, leave with a Sri Lankan smile.” 🌴🌿☀️🌞🇱🇰

        🇱🇰🇱🇰
04/09/2022


🇱🇰🇱🇰

😍 #රුපියල්_800කට මුහුද අයිනෙ රැයක්..බාලි කියලා රැවටුනානේ ❤️  #ගාල්ලෙ 😍 අලුත්ම වෙනසකට හදලා තියෙන පට්ටම ලස්සන තැනක් ❤️❤️😍😍...
12/08/2022

😍 #රුපියල්_800කට මුහුද අයිනෙ රැයක්..

බාලි කියලා රැවටුනානේ ❤️ #ගාල්ලෙ 😍 අලුත්ම වෙනසකට හදලා තියෙන පට්ටම ලස්සන තැනක් ❤️❤️😍😍

ළඟකදි ඇවිදින්න ගියෙත් නැහැ නේද?
හිරවෙලා ඉදලා ඇති වෙලා නේද?😕
නිඳහසේ ඉන්න පුළුවන් ලස්සන තැන් හරි අඩුයි නේද? 😕
තිබුනත් ගානන් හරි වැඩී නේද?😕

එහෙනම් යමු ගාල්ලෙ පිටිවැල්ලෙ තියෙන Bara Beach Home' එකට.😍( ගාල්ල ටවුන් එකේ ඉදලා 6km කොළඹ පැත්ට - කොළඹ ඉදන් එනවනම් හික්කඩුව පහුවෙලා ටිකකින් 🙂)

සමහරවිට හොය හොය ඉදපු දේ වෙන්න පුළුවන්. 🙄සෙට් එකත් එක්ක මුහුද අයිනෙ BBQ පාරක් දාලා, සිංදුවක් කියලා.. චිල් එකේ ඉන්න කියාපු තැන.👌 ඒ නිසා මේ අවස්ථාව මඟහැරගන්න එපා.

ගාල්ල පිටිවැල්ල' කියන්නේ..
හික්කඩුවට🐋 සහ උනවටුනට🐬 මැදිවෙලා තියෙන ලස්සන පුංචි ප්‍රදේශයක්. පිටිවැල්ල මුහුදු වෙරළතීරයෙ ලස්සනනම් වචනයෙන් කියන්න බැහැ. 🤩ඉතින්ඒ ලස්සන ප්‍රදේශයේ තියෙන දෙස් - විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක් තමයි මේ Bara Beach Home' 😍කියන්නේ. ඉතින් මේ වගේ තැනක සිදුවක් කියලා, ගිටාර් එකක් ගහලා, සෙට් වෙනවා කියන්නෙ ඉතින්වෙනමම ආතල් එකක්නේ..🤗

මෙතන ඔක්කොම 24 දෙනෙකුට ඉන්න පුළුවන් ( Dorm Beds = 08) (Beach Cabin 8*2=16) කොල්ලො සෙට් එකකට පොඩියට සෙට්වෙලා ආතල් එකක් ගන්න කියාපු තැනක්.😍

කෑම මෙයාලගෙන් උනත් ගන්න පුළුවන්. මෙයාලගෙ තියෙන තවත් විශේෂම පහසුකමක් තමයි Outdoor Restaurant Facility' එක. බජට් සෙට් එකකටනම් මරු👌

• ගාන..❓🙄
මුලින්ම කිව්වනේ, එක්කෙනෙකුට එක රැයක් සඳහා මේ අය ගන්නේ පුංචිම පුංචි රුපියල් 800ක් විතරයි. මුහුද අයිනේ මේ වගේ තැනක් රුපියල් 800ට ලංකාවේ කොහේවත් නැහැ 😍

😍🐘🙏🇱🇰අසිරිමත් දළදා පෙරහැර ජායාරූපයේ අයිතිය මුල් හිමිකරු සතුය
07/08/2022

😍🐘🙏🇱🇰
අසිරිමත් දළදා පෙරහැර
ජායාරූපයේ අයිතිය මුල් හිමිකරු සතුය

දෙවසරකට පසු නැවතත් ත්‍රිකුණාමලයට රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රියක්😍🌿🌴🌻🚅🇱🇰ELS ධාවනාගරය සතු M11 952 සමග 05/08 දින සිට ගමන් ආරම්...
06/08/2022

දෙවසරකට පසු නැවතත් ත්‍රිකුණාමලයට රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රියක්😍🌿🌴🌻🚅🇱🇰

ELS ධාවනාගරය සතු M11 952 සමග 05/08 දින සිට ගමන් ආරම්භ කරයි. මෙහි,

🚇තෙවන පන්තියේ නියාමක මැදිරියක්
🚇තුන්වන පන්තියේ මැදිරි දෙකක්
🚇දෙවන පන්තියේ මැදිරි දෙකක්
🚇තුන්වන පන්තියේ වෙන්කල ආසන මැදිරි එකක්
🚇දෙවන පන්තියේ වෙන්කලආසන මැදිරි එකක්
🚇පලමු පන්තියේ වායු සමනය කල මැදිරි දෙකක්
🚇දෙවන පන්තියේ නියාමක මැදිරියක් සමග ICF මැදිරි දාවනයට එක් වේ.

👉Schedule

කොළඹින් - 9/30 PM
ත්‍රිකුණාමලයෙන් - 7/00 PM

©Aruna Madusha & Others

📸Credit to the Respective Owner

කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද? 🚈🚂🌏😍🌼☘️🌺🍃🌊එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න. දුම්රිය දෙපාර්තමේන්...
04/08/2022

කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද? 🚈🚂🌏😍🌼☘️🌺🍃🌊

එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා.....

පහසුවෙන්, නිදහසේ, ආරක්ෂාකාරීව, අඩු වියදමින් සහ ඉක්මනින් ගමනක් යෑමට අවශ්‍ය නම් ඔබ නිසැකවම ⁣තෝරා ගන්නේ දුම්රියයි. නමුත් ඒ සමඟම ඇතිවන ගැටලු වන්නේ සීට් එකක් හම්බවෙයිද? මුළු ගමනම හිටගෙන යන්න වෙයිද? Foot board එකේද යන්න වෙන්නේ.....
මෙම ගැටලු මඟහරවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඔබට කලින් ආසන වෙන්කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.
මෙනිසා ආසනයක් ලබා ගැනීමේ අදහසින් පොරකමින් දුම්රියට නැගීමට අවශ්‍ය නොවන අතර මෙම මැදිරි සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ ආසන ගනනට පමණක් බැවින් මැදිරිය තුල නිදහසේ ගමනාන්තය තෙක් ගමන් කිරීමටද හැකිය.

වෙන්කල හැකි ආසන නම්,
01. වායුසමනය කල පළමු පන්තිය (AFC)🚂☬
02. නැරඹුම් මැදිරිය (OFV)🚂☬
03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)🚂☬
04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)🚂☬
05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)🚂☬
06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)🚂☬
07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)🚂☬
08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)🚂☬

01. වායුසමනය කල පළමු පන්තිය (AFC)🚂😍

ආනතිය වෙනස් කල හැකි වඩාත් සැපපහසු ආසන වේ.
මැදිරියම වායුසමනය කර ඇත.
මැදිරිය මනා ආලෝකකරණයකින්ද යුක්ත වේ. ආසනයකට කුඩා මේසය බැගින් ඇති අතර කවුළු තිර රෙදි යොදා අලංකාර කර තිබේ. ජංගම දුරකථන, ලැප්ටොප් චාර්ජ් කරගැනීමේ හැකියාවද ඇත. ආසනද සිත් ගන්නා ලෙස කුෂන් කවර යොදා අලංකාරවත් කර ඇත..සුඛෝපභෝගී නගරාන්තර දුම්රියන්හි AFC වල රූපවාහිනී නැරඹීමටද ගීත ශ්‍රවනය කිරීමට ද පහසුකම් සපයා ඇත. එමෙන්ම තම ආසනය තමාට රිසි ඕනෑම ප්‍රමාණයකට ආනත කීරීමට වගේම අංශක 360කින්ම භ්‍රමණය කිරීමට ද හැකිය. සැබවින්ම මෙම මැදිරියක ගමන් කිරීම ගුවන් යානයක ගමන් කිරීමට සර්වසමවේ.

කන්කසන්තරය සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ හා දෙනුවර මැණිකේ සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ මැදිරි( කොවිඩ් වලට පසු ධාවනය නොවේ )සියල්ල AFC වන අතර උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ මහනුවර හා මාතලේ සීඝ්‍රගාමි දුම්රියේ( from colombo fort @ 10.35am) එක් මැදිරිය බැගින් ඇත. මීට අමතරව කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රියේ හා මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේද එක් මැදිරිය බැගින් ඇත. තවද සවස මහනුවර නගරාන්තර සීග්‍රඝාමී දුම්රියේ AFC පහසුකම් ඇත.

02, නැරඹුම් මැදිරිය (OFV)🚂😍

පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ⁣ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල මෙම මැදිරි ඇතුලත් දුම්රියන්.කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, උදෑසන මහනුවර නගරාන්තර දුම්රියේත් මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් කලින් ධාවනය විය.ඉදිරියේ දී මෙය එක් කරනු ඇත.සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.

03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)🚂😍

ආනතිය වෙනස් කල හැකි වඩා සැපපහසු ආසන වේ. ආහාර ගැනීමට කුඩා මේසය බැගින්ද තිබේ.දැනට කිසිම දුම්රියක මෙම මැදිරි දක්නට ලැබෙන්නෙ නැත.

04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)🚂😍

සැබවින්ම මෙය ඇදන් 2ක් සහිත කුඩා කාමරයකි. මේස, පුටු, ⁣කබඩ් එකක්, ඇදුම් එල්ලනයක්, කන්නාඩියක්, විදුලි පංකාවක් ආදී කාමරයක අන්තර්ගත සියල්ල මෙහි තිබේ. තවද කාමරයටම සම්බන්ධිත කුඩා නාන කාමරයක්ද ඇත. එක් ඇදක් බිම් මට්ටමේ ඇති අතර අනෙක ඉහලින් ඇත. ඉනිමඟක් ආධාරයෙන් එයට නැගිය යුතුය.
ඉතා දීර්ඝ ගමනාන්ත සහිත දුම්රියන් වලට යොදවන මෙම මැදිරි ලංකාව තුල කන්කසන්තරේ, බදුල්ල , ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් වලට එක් කර ඇත. තවද මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ ද මෙම මැදිරියක් දක්නට ලැබේ.
ජීවිතයේ එක් වරක් හෝ මෙම Berth මැදිරියක ගමන් කරන්න. එය ජීවිතයට මහඟු අත්දැකීමක් වනු නොඅනුමානයි.

05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)🚂😍

සාමාන්‍ය මුදලකට පහසුවෙන් ගමන් කල හැකි ආසන මෙහි ඇත. බොහෝ දුම්රියවල SCR මැදිරි වල මේස සපයා නොමැත. වැඩිම දුම්රිය ප්‍රමාණයක සපයා ඇති ආසන වෙන්කිරීමේ ක්‍රමයයි. නගරාන්තර දුම්රියන් සමන්විත වන්නේ මෙම වර්ගයේ මැදිරි කට්ටලයකිනි. අමතර වශයෙන් වෙනත් වර්ගවල මැදිරි 2,3ක් එක් කරයි.
මෙම පහසුකම සහිත දුම්රියන් වන්නේ.
- මහනුවර ICE (උදෑසන )
- මහනුවර ICE ( සවස)
- මහනුවර සතිඅන්ත ICE
- උත්තර දේවි ICE
- යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය
- උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය
- උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
- පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
(ICE = Intercity Express )

06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)🚂😍

සැපපහසු ආසන වේ. ආසනය සයනක ආකාරයෙන් ආනත කර නිදාගැනීමට හැකි ලෙස සකසා ඇත. එමෙන්ම ආසන අතර සැලකිය යුතු පරතරයක්ද පවත්වා ඇත. රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන් සදහා විශේෂයෙන් සකස්කර ඇත.
ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලු රාත්‍රී තැපැල් දුම්රියන්හි( බදුල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තරය හා තලේමන්නාරම) මෙම Second Class Sleeperets දක්නට ලැබේ. මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියටද මෙම මැදිරියක් යොදවා ඇත.

07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)🚂😍

මෙහිදී ආසනයක් මගියා වෙනුවෙන් වෙන්කර දීම පමණක් සිදුවේ. අමතර පහසුකම් සපයා නොමැත. ආසනද සුවපහසු බවින් තරමක් අඩුය. ආසන පේලි අතර පරතරයද සාපේක්ෂව අඩුය. නමුත් අඩුම මුදලට වෙනකර ගත හැකි ආසන වර්ගය වන්නේ TCR ය.
ලංකාව තුල මෙම පහසුකම ඇත්තේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් දෙකේ පමණි.

08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)🚂😍

TCR මැදිරි වලට සමාන වන අතර වෙනසකට ඇත්තේ ආසන ස්වල්පයක් ආනත කර සාදා තිබීමයි. රාත්‍රී දුම්රියන් වෙනු⁣වෙන් ⁣සකසා ඇත. සාමාන්‍ය මගියෙකුට අඩු මිලකට නිදන ආසනයක් වෙන්කර ගැනීමේදී TCS වැදගත් වේ...
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ සහ මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ මැදිරිය බැගින් ඇති අතර කන්කසන්තරය රාත්‍රී තැපැල් දුම්රිය මැදිරි 2කින් යුක්තය

📸 Credit goes to respective owner

    🇱🇰🇱🇰❤️
23/07/2022


🇱🇰🇱🇰❤️

19/07/2022
Thank you David Warner ❤️
11/07/2022

Thank you David Warner ❤️

Address

Galle

Telephone

+94778289187

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Sri Lanka:

Share