යමං බං - Yaman ban

යමං බං - Yaman ban Sharing travel tips, locations, and adventure essentials. Let's explore together! ���

Gobustan Mad volcanos (ගොබුස්ථාන් මඩ ගිණි කඳු)
14/01/2025

Gobustan Mad volcanos (ගොබුස්ථාන් මඩ ගිණි කඳු)

14/01/2025

ඔය Photo වල Video වල පේන පරණ පාෂාණ කැටයම් සහ මඩ ගිනිකඳු රාශියකට ප්‍රසිද්ධ පළාත තියෙන්නෙ අසර්බයිජාන් වල බාකු නගරයේ ඉඳන් කිලෝමීටර් 70ක් විතර දුරින්. මේ පළාතේ නම "ගොබුස්තාන්" (Gobustan) මේක යුනෙස්කෝ ලෝක උරුමයක්.

මඩ ගිනි කඳු (Mud Volcanoes)

ගොබුස්තාන් කලාපයේ සැලකිය යුතු සාන්ද්‍රණයක් සහිත මඩ ගිනිකඳු 400කට ආසන්න ප්‍රමාණයක් දකින්න පුලුවන්. මේවා හැදෙන්නෙ පෘථිවියේ ගැඹුරේ තියෙන වායූන් මඩ, ජලය එක්ක මිශ්‍ර වෙලා පුපුරා යාමෙන්. ඇත්තටම වේවා මඩ වායු කඳු විදියට කිව්වනම් තමා හරි. පිටකරන වායූන් මූලික වශයෙන් මීතේන්, කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් අතර මීතේන් සාන්ද්‍රණය බොහෝ විට 90% ඉක්මවවන නිසා ඉක්මනින් ගිණිගන්නවා. පිටවෙන වායු පීඩනය අනුව මේ ගිනි දැල් අඩි 45 විතර උඩට විහිදෙනවා කියල තමා කියන්නෙ. එහෙම එකක් තමයි ඔය මම (මී හරකෙක් වගේ) පත්තු කරලා බලන්නෙ.

Gobustan 4x4 Tour

මෙතනට යන්න එයාල පාවිච්චි කරන්නෙ 4 X 4 වර්ගයේ කුඩා පරණ කාර්. එයාලගෙ පැදවීම් ගොඩාක් වේගවත් වගේම අවදානම් නිසා අනවශ්‍ය වේගයෙන් යනවනම් ඒකට විරුද්ධ වෙන්න කියලයි මට මගේ මග පෙන්වන්නා අවවාද කලේ. ඒත් ලංකාවෙ පාරවල් වල යන අපිට එහෙම කරන්න ඕන උනේ නම් නෑ.

ආ තව අවවාදයක් දුන්නා. ඔය වීඩියෝ එකේ තියෙන්නෙ ඒක අකුරටම පිළිපදින විදිය..

#සමීර_බෝපගේ

#යමංබං

Chamil Stephen

ලොවෙත් නැතිඅසර්බයිජානය ගැන කතා කරමුද. ?ලොවෙත් නැති කියන එකෙන් මම අදහස් කලේ ශ්‍රීලංකාවේ සංචාරය කරන අය අතරෙ මේ නම කියවෙන්න...
13/01/2025

ලොවෙත් නැති
අසර්බයිජානය ගැන කතා කරමුද. ?

ලොවෙත් නැති කියන එකෙන් මම අදහස් කලේ ශ්‍රීලංකාවේ සංචාරය කරන අය අතරෙ මේ නම කියවෙන්න අරගෙන වැඩි කාලයක් නැති නිසා.
මෑත කාලීනව අසර්බයිජානය ගැන ලෝකෙ වැඩි කතාබහක් ඇති උනේ මගී ගුවන් යානාවකට එල්ල වුනු ප්‍රහාරයෙන්.

අසර්බයිජානය තියෙන්නෙ නැගෙනහිර යුරෝපයේ සහ බටහිර ආසියාවේ සන්ධිස්ථානයක් විදියට කිව්වොත් තමා හරි. නැගෙනහිරින් කැස්පියන් මුහුද, උතුරින් රුසියාව, වයඹින් ජෝර්ජියාව, බටහිරින් ආර්මේනියාව, වගේම දකුණින් මායිම් වෙන්නෙ ඉරානයට.
රටවල් වල නම් කිව්වම ඔයාල දන්නවා මෙයාල ඉන්නෙ මේ දවස්වල සිද්දවෙන යුද ගැටුම් මැද දත් අතරෙ තියෙන දිව වගේ පිහිටීමක.

මේක ස්වභාවික සම්පත් බහුල, විශේෂයෙන් තෙල් සහ ස්වාභාවික වායු වලින් පොහොසත් රටක්. එයාලා ඒ ස්වාභාවික සම්පත් මේ වෙද්දි නියම විදියට කළමනාකරණය කරගන්න සමත් වෙලා තියෙනවා.

මෙයාලගෙ අගනුවර විදියට සලකන්නෙ "බකු", මුදල් ඒකකය "මනාත්". ඒ වගේම එයාලට ආවේනික අසර්බයිජානු භාෂාවකුත් තියෙනවා.
ලොකු ජනගහනයක් නම් නෑ. සමස්ත ජනගහනය ආසන්න වශයෙන් මිලියන 10 ක් විතරයි. ආගම ප්‍රධාන වශයෙන් ෂියා මුස්ලිම්. හැබැයි ආගම මුවාවෙන් බොරු ඇඳුම් පැළඳුම් අඳින ගෝනි බිල්ලො වගේ අයනම් මෙහේ දකින්න නැහැ. බොහොම විවෘත සමාජයක් විදියට තමා පේන්නෙ.
ඒ වගේම මේවෙද්දි අසර්බයිජාන් රජය ශක්තිමත් ජනාධිපති ධුරයක් තියෙන ජනරජයක්.

අසර්බයිජානය සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගන්නෙ 1991 අවුරුද්දෙදි. ඒ කාලෙදි මෙයාල ලොකු ආර්ථික අර්බුදයකට මූණ දෙනවා. අපේ සංචාරක මගපෙන්වන්නාට අනුව නම් කෑමට පාං කෑල්ලක් හොයාගන්න බැරි තරමට ආර්ථිකය අස්ථාවර වුනා කියලයි කියන්නෙ.

මෙයාලට අසල්වැසි රටක් වුන ආර්මේනියාව එක්ක නිරන්තර අර්බුද තියෙනවා. පළමු ප්‍රධාන ගැටුම ඇතිවෙන්නෙ 1980 ගණන්වල අග. ඒක 1994 දි සටන් විරාමයකින් අවසන් වෙනවා. මෙම කාලෙදි ආර්මේනියාව නගෝර්නෝ-කරබාක් සහ අවට ප්‍රදේශ පාලනය කරන්න පටන් අරගෙන දහස් ගණනක් අසර්බයිජානියානුවන් අවතැන් කලා කියලයි ඉතිහාසය කියන්නෙ.

ආයෙම 2020 සැප්තැම්බර් මාසයේදී ආර්මේනියාව නාගෝර්නෝ-කරබාක් සම්බන්ධයෙන් ආයෙ යුද්ධයක පැටලුනත් ඒක දවස් 44 කින් ඉවර කරගන්න අසර්බයිජානයට පුලුවන් වෙන්නෙ සැලකිය යුතු යුධ ජයග්‍රහණයක් අයිති කරගෙන. මේකෙදි සටන් නතර කරගන්න රුසියාව සාමසාධක හටයන් යෙදවීම දක්වා සැලකිය යුතු මැදහත් වීමක් කරලා තිබ්බා.

2020 ඉඳලා යුධ ගැටුම් වලින් අසරණ උන පළාත් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම වගේම බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මෙයාල උස්සාහගනිමින් ඉන්නෙ.

මේ වෙද්දිත් අසර්බයිජානය ආර්මේනියාව එක්ක දේශසීමා සීමා කිරීම් සහ සාම සාකච්ඡා සම්බන්ධයෙන් විටින් විට ගැටුම් සහ ප්‍රශ්න නිර්මාණය කරගන්නවා.

1991 වෙද්දිත් අමාරුවෙන් හිටිය රටක් උනත් මේ වෙද්දි මෙයාලා සාර්ථක ආර්ථික, දේශපාලන කළමනාකරණය හරහා අතිශයින් සාර්ථක වෙමින් තියෙන රටක්.

මෙහේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 75.649 ක් වගේම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 7,381 ක්.

අසර්බයිජානයේ සාමාන්‍ය මාසික වැටුප මනාත් 1,002.4ක්. ලංකාවෙ රුපියල් වලින් කිව්වොත් ආසන්න වශයෙන් 175000/-.

රට සහ මිනිස්සු ඉතාම ලස්සනයි. වියලි , ශීත, උනුසුම් , හිම පතන, වර්ශාව, මුහුදු බඩ ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ සේරම මේ රටේ අයට අත්විඳින්න පුලුවන්.
විනෝදය සඳහා වෙන සමාජ ශාලා, වීදි, වෙලඳපොළ වල් සුලභව දකින්න තියෙනවා. ලබපු අත්දැකීම් අනුව නම් පොලීසිය නීතිය නිසිවිදියට පවත්වාගෙන යනවා.
ඒත් රාත්‍රී ජීවිතය (Night Life) එක ඇතුලෙ ඔයාව රවට්ටන්න සැදී පැහැදී ඉන්න පිරිස් ඕනෑ තරම්. Taxi රියදුරන් පවා ඉතාම පහත් විදියට සංචාරකයන්ව සූරා කෑමට දක්ෂයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අසර්බයිජානය සංචාරය කරන්න හොඳ රටක්. රට ඇතුලෙදි වියදම සාපේක්ෂව අඩුයි. නරඹන්න, විඳින්න, වෙනස් අත්දැකීම් ලබන්න අවස්ථා බොහොමයි.

#යමංබං
#සමීර_බෝපගේ

31/12/2024

🌍✨ Happy New Year 2025! 🎉

As the sun sets on 2024, we at Yaman Ban are filled with gratitude for all the incredible journeys, stunning destinations, and unforgettable memories we’ve shared together this year.

✨ Let’s make 2025 a year of even more exploration, adventure, and discovery. From breathtaking beaches to majestic mountains, there’s a whole world waiting for us to uncover!

📸 Thank you for being part of our travel family. Your support inspires us to keep bringing the wonders of the world closer to you.

Here’s to new destinations, new experiences, and endless possibilities in the year ahead!

🌟 Happy New Year from the Yaman Ban 🌟

මනුස්සයෙක් තමන්ගෙ අමුත්තෙකුට "රා" කට්ටක් පිළිගන්වද්දි, පිළිගන්වන කෙනා අමුත්තා ඉඳිරිපිටම ඒ රා වලින් කොටසක් බොන එක තමා ඔය ...
28/12/2024

මනුස්සයෙක් තමන්ගෙ අමුත්තෙකුට "රා" කට්ටක් පිළිගන්වද්දි, පිළිගන්වන කෙනා අමුත්තා ඉඳිරිපිටම ඒ රා වලින් කොටසක් බොන එක තමා ඔය පලවෙනි පින්තූරෙ වෙන්නෙ.

හේතුව දන්නවද.
මනුස්සයෙක්ට වසක් විසක් දෙන්න හොඳම මාධ්‍යයක් තමා රා. ඉතිං තමන් පිළිගන්වන රා කට්ට වස විස වලින් තොරයි කියල ඔප්පු කරන්න තමා ඕක කරන්නෙ.

ඉතිං මේ පරණ චාරිත්‍රය අපි ඉස්සරහ ඉෂ්ට කරන්නෙ ගාල්ල , කළුතර දිස්ත්‍රික් මායිමේ කළුතර දිස්ත්‍රික්කයේ කෙළවර තියෙන හිඟුරුවැල්කැටිය / කළුකන්දාව කියන ගමේ කෙලවරේම ගෙදර ඉන්න ප්‍රේමදාස මාමා.

එයාගෙ ගෙදරට යන්න සිංහරාජ කැලේ මැදින් කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනෙ.
එයාට අසල් වැසියො නෑ. ඉස්සරහින්, දෙපැත්තෙන්, පිටිපස්සෙන් ගෙදර වටේම රූස්ස කැලෑව.
මේ වෙද්දි වයස හැත්තෑ දෙකක් කියල හිතාගෙන ඉන්න එයා අසූපහක් ඉන්නව කියල තමා අපි එක්ක කිව්වෙ. ඉතිං හුදකලා ගමක, හුදකලා ගෙදරක ඉන්න එයාට ඒ ආයු අපේක්ෂාව සාක්ෂාත් කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරලා ඒ ලස්සන නොඉඳුල් පරිසරයේ පහස විඳගෙන අපි ආපහු ආවා....!!!

ප.ලි
ඔය රා බූලිය වටේ ඉන්න එකෙක්වත් මම නෙමේ හරිද. මම තමා පොටෝව ගත්තෙ. 😀😀
#යමංබං

#සමීර_බෝපගේ

10/12/2024

ඉස්තාන්බුල් නගරයේ කාර්‍යබහුල වීදි දිගේ ඇවිද යමි.

ඉස්තාන්බුල් කියන්නෙ ටර්කිවල , එහෙම නැතිනම් තුර්කියේ ලොකුම නගරය. ඇත්තටම මේ රටට ටර්කි කියනවට මෙයාලා කැමති නෑ. එයාලා ඒක කියන්නෙ තුර්කි විදියට. මේ නගරය කොටසක් ආසියාවටත් තව කොටසක් යුරෝපයටත් අයිති ලෝකයේ එකම නගරය. මේ අසාමාන්‍ය අයිතිය නිසා ආසියානු යුරෝපා මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ ඉස්තාන්බුල් නගරයේ වගේම තුර්කිය පුරා දකින්න පුලුවන්.
සුන්නි මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගම රජයේ ආගම විදියට බහුතරයක් දෙනා පිළිගත්තත් බුර්කාව වගේ ඇඳුම් පැළඳුම් භාවිතා වෙනවා දකින්න අඩුයි.

මිනිස්සු එකිනෙකාට ඒ තරම් උදවු කරන්න කැමැත්තක් නෑ. ඒක පැහැදිලිවම පේන කාරණයක්. හැබැයි එයාල උදවු ඉල්ලන්න නම් දෙපාරක් හිතන්නෙ නෑ. මෙහේට එන ගමනෙදි මම කලින් වෙන්කරවා ගත්තු සීට් එක මගෙන් ඉල්ලගත්තෙ තූර්කි පවුලක්. ඊට පස්සෙ එයාලා හැසිරුනේ එයාලට මගේ ආසනය දීලා එයාලගෙ සීට් එකේ වාඩිවෙලා එන්න සිද්ද වුනු මට දිගින් දිගටම බාධා වෙන විදියට.

මෙහේ කෑම වර්ග ගත්තොත්

ප්‍රධාන වශයෙන් හරක් මස් සහ බැටළු මස් අඹරලා හදන කෙබාබ් (Kebab)

කොමඩු, යෝගට්, ඖෂධීය පැළෑටි ගම්මිරිස් පේස්ට් එක්ක හදන ආහාර රුචිකාරකයක් වෙන Meze

ග්‍රිල් කල මාළු, විවිධ රසට හදන ලද දැල්ලන් සහිත මුහුදු ආහාර

විවිධාකාරයෙන් හදන හතු වර්ග

පුච්චන ලද චෙස් නට්
වගේම
බීම වර්ග විදියට හොඳින් ඉඳුනු දෙළුම්, තූර්කි තේ සහ කෝපි බොහොම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම වීදී ආහාර (street foods) වලට ඉස්තාන්බුල් බොහොම ලොකු ප්‍රසිද්ධියක් දරනවා.

ඓතිහාසික වැදගත්කම ගැන කිව්වොත් කලින් බයිසැන්තියම් සහ පස්සෙ කොන්ස්තන්තිනෝපල් විදියට හදුන්වපු ඉස්තාන්බුල් ප්‍රධාන අධිරාජ්‍ය තුනක අගනුවර වෙලා තිබ්බා. ඒ තමා රෝම, බයිසැන්තියානු සහ ඔටෝමාන් අධිරාජ්‍යයන්.

යුරෝපය සහ ආසියාව යාකරන උපායමාර්ගික පිහිටීම නිසා කාලයක් ගෝලීය වෙළඳාමට මේ නගරය බොහොම වැදගත් වෙලා තිබ්බෙ.

මේ වෙද්දි ඉරානය, ඉරාකය, සිරියාව, අසර්බයිජානය වගේ රටවල් වල තියෙන දේශපාලනය අස්ථාවරත්වය, යුද්ධ, සිවිල් අරගල වගේ දේවල් මැද බොහොම පරිස්සමෙන් තවමත් සාමකාමීව තියෙන රටක විශාල නගරයක් විදියටත් ඉස්තාන්බුල් හඳුන්වන්න පුලුවන්.

අපිලිවෙල වීදි, කුඩා වගේම විශාල සාප්පු සංකීරණ, වාහන තදබදය, මාරග නීති පිලිනොපදින පදිකයන්, රියදුරන්, පැහැපත් රූමත් නමුත් හිඟමන් අදින යාචකයින් පවා මේ නගරයේ සුලබ දසුනක්.

ඉස්තාන්බුල් වළ දේශගුණය බොහෝම වෙලාවට සෞම්‍යයි.

මාර්තු-මැයි වසන්ත කාලයේදි 10 -20 ° C සීතල දේශගුණයක්

ජූනි-අගෝස්තු ඉර එළිය සහිත උණුසුම් 25-30 ° C දේශගුණයක්

සැප්තැම්බර්-නොවැම්බර් සිසිල් 15-25 ° C වැසි සහිත දේශගුණයක්

දෙසැම්බර්-පෙබරවාරි සීතල 4-10° C තෙත්, ඉඳහිට හිම සහිත දේශගුණයක් දකින්න පුලුවන්.

ඉතිං මෙහේ එනවානම් සුදුසු කාලය ඔයාලම තීරණය කරන්න.

වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම් page එක like / follow කරලා තියාගන්න. ඔයාල සංචාරයට කැමත්තක් දක්වනවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන්න අපි ඕන වෙලාවක සූදානම්.

A 380 again 👇👇👇What is the A380 ???A 380 flight is a flight on the Airbus A380, the world's largest passenger aircraft. ...
07/12/2024

A 380 again 👇👇👇

What is the A380 ???

A 380 flight is a flight on the Airbus A380, the world's largest passenger aircraft. The A380 is known for its comfort, with wide seats, lots of legroom, and a cabin that can be up to 21.3 feet wide. It's also the first aircraft to have two full-length passenger decks.

The Airbus A380-800's empty weight is 285,000 kg (628,300 lb). The A380-800 has a maximum takeoff weight of 560,000 kg and a maximum landing weight of 391,000

ලෝකෙ ලොකුම මගීන් අරගෙන යන Airbus එක. තට්ටු දෙකයි. Business Class එකට අමතරව 1st Class එකකුත් තියෙනවා. Seats වල ඉඩ වැඩී. සුවපහසුව අනිත් ඒවාට වඩා ගොඩක් වැඩියි.
560000 KG අරගෙන පියාඹන්න පුලුවන්. හැබැයි Land කරන්න පුලුවන් 391000 Kg එක්ක විතරයි. 😀😀 ඉතුරු ටික පිච්චෙන තෙල්බරට තියාගන්න..

මේ වගේ විස්තර වලට page එක like කරල තියාගන්න

දැනගෙන ඩුබායි යමු.ප්ලේන් එකේ ටිකට් ගන්න තැන ඉඳන්, Taxi, කෑම, සංචාරය කරන්න පුලුවන් ස්ථාන, ඒ තැන් වල tickets වලට discount ...
03/12/2024

දැනගෙන ඩුබායි යමු.

ප්ලේන් එකේ ටිකට් ගන්න තැන ඉඳන්, Taxi, කෑම, සංචාරය කරන්න පුලුවන් ස්ථාන, ඒ තැන් වල tickets වලට discount ගන්න හැටි , කල යුතු නොකලයුතු දේවල්, ඩුබායි වල සංචාරය කල නොකල යුතු කාල වකවානු දක්වා සේරම විස්තර තිතට දැනගන්න #යමංබං page එකට like එකක් දාලා Follow කරලා තියාගන්න.

#යමංබං

හෙට Dubai රටේ 𝗗𝘂𝗯𝗮𝗶 𝗥𝘂𝗻 දවස.සංචාරක ප්‍රවර්ධනය, ජනතාවගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමේ වැදගත්කම හුවා දැක්වීම වෙනුවෙන් හ...
23/11/2024

හෙට Dubai රටේ 𝗗𝘂𝗯𝗮𝗶 𝗥𝘂𝗻 දවස.

සංචාරක ප්‍රවර්ධනය, ජනතාවගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමේ වැදගත්කම හුවා දැක්වීම වෙනුවෙන් හැම වසරකම නොවැම්බර් මාසයේ දවසක් මේ වෙනුවෙන් යොදාගන්නවා.
මේක වෘත්තීය ධාවකයන්ගේ පටන් ආධුනික ධාවකයන් දක්වා සහභාගීවෙන ඉසව්වක්.

රටේ ප්‍රධාන පුරවැසියා වන Sheikh පවා මේ ඉසවුවට සහභාගීවීම විශේෂයක්.

හෙට ඩුබායි ප්‍රධාන නගරයේ විශාල මාවත් කීපයක් මේ වෙනුවෙන් ධාවන පථ බවට පත්වේවි.

ඉතිං හෙට මමත් දුවනවා ඩුබායි රන් එකේ.
විස්තර පස්සෙ කියන්නම්.

#සමීර_බෝපගේ
#යමංබං
Follow කරලා තියාගන්න

Address

Kithulampitiya
Galle
80000

Telephone

+94777772613

Website

Alerts

Be the first to know and let us send you an email when යමං බං - Yaman ban posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category