Travel With Era

Travel With Era සංචාරක සටහන්
Traveling in Sri Lanka.Exploring the Nature with Adventure.Rock Climbing and Waterfall Hunting in Jungles.

ඉතිහාසයටත් වර්තමානයටත් පෙම් බදින්නන්ගේ වෙරළ මායිමේ කෙම්බිම "රාමසලට" යන් ..නම පොඩ්ඩක් විතර නුපුරුදු උනාට ෆොටො එක නම් හැමෝ...
04/05/2024

ඉතිහාසයටත් වර්තමානයටත් පෙම් බදින්නන්ගේ වෙරළ මායිමේ කෙම්බිම "රාමසලට" යන් ..

නම පොඩ්ඩක් විතර නුපුරුදු උනාට ෆොටො එක නම් හැමෝටම හුරුපුරුදුයි කියලා මං දන්නවා. ඔව් මෙ අපි හැමෝම ආදරය කරන රූමස්සල ...

රාම සීතා ප්‍රේම පුරාණේ ඉදන් කියවෙන ඒ කෙම්බිම ..
ගාල්ල, දකුණ , ලංකාව විතරක් නෙවෙයි ලෝකයක් ආදරේ කරන බිම ...
සුවහසක් සංචාරකයන්ගේ වාස භූමිය ..
ආදරවන්තයන්ගේ ප්‍රේම භුමිය ..
අදටත් ගාලු අහසට හුස්ම බෙදන අභය භූමිය මේ රූමස්සල කිව්වොත් මං හරි..

හිමාලයට පමණක් සීමා වෙච්ච ශාක එක්ක ජීවත් වෙන්න ,
මුහුදු හුළග එක්ක කඳු ගැටයක් උඩට වෙලා මුහුද දිහා බලන් ඉන්න ආස මිනිස්සුන්ට ඒ හැගීම අඩු නැතුව බෙදන රූමස්සල තමයි මේ..
රොබින්සන් අන්දරය බලපු මට ඒ පෙන්නපු දූපත් අත්දැකීම් අදටත් මතක් කරන අරුම පුදුම වෙරළ කඳුගැටය තමයි මේ... පන් පසිදුවන්ගේ ප්‍රදීපාගාරයේ වික්‍රමය කියවපු මට ඒ තිබුන වෙරළ මතක් කරන අරුම පුදුම බිම තමයි මේ...

ඉතින් ආදරෙන් වැළදගමු, පරිස්සම් කරමු ඒ ඉතිහාසයත් වර්තමානයත් යා කරන අරුම පුදුම රූමස්සල (රාමසල) අභය භූමිය ..

- එරන්ද ඉන්ද්‍රජිත් -
📷 Sithum Induwara Paranavithana

උතුරුකරයෙන් හිරු බැස යද්දි ලියමි. උතුරටත් , දකුණටත් තවමත් පායන්නේ එකම ඉර. ඒ ඉර වෙනසක් නොකර උතුරත්, දකුණත් එකම විදියට කර ...
03/05/2024

උතුරුකරයෙන් හිරු බැස යද්දි ලියමි.

උතුරටත් , දකුණටත් තවමත් පායන්නේ එකම ඉර. ඒ ඉර වෙනසක් නොකර උතුරත්, දකුණත් එකම විදියට කර වෙන්න වේලවනවා ඒත් තවමත් ඇයි මේ උතුරු - දකුණු බෙදීමක් , ඒ බෙදීමෙන් තොරව අපි එකම රටක උන් කියා අත්වැල් බැදෙන්න ඇයි තාමත් අපි බය ..

කැඩුණු සිංහලය ලස්සනට ගොතන යාල්පානමේ මිනිස්සු හරි ආදරයෙන් උබව පිලිගනිවී. අලිමංකඩ ඉදන් හෙමීට හුස්මගනින් , අවුරුදු පහලොවකට විස්සකට කලින් ආපු ලේ සුවද, වෙඩි බෙහෙත් ගඳ දැන් යාපනෙන් එන්නෙ නෑ. හෙමීට ඒ හුස්ම මැදින් යාපනේට ඇතුල් වෙයන් .. කැඩුණු බිදුණු ගෙවල්, පාරවල් දැන් යාපනේ නෑ, හැබැයි ඉක්මනින් කැඩෙන බිදෙන හිත් ගොඩක් යාපනේ තියෙනව , ඒව එක්ක පරිස්සමින් කතා කරපන් ... හෙමින් කන්කසන්තුරේ හීන් වැල්ලේ ඇවිදපන් , ලංකාවේ උඩම කෙළවරෙ ඉදන් ආඩම්බර වෙයන් මේක මගේ රට කියලා නෙවෙයි මේක අපේ රට කියලා ....

උබට පුලුවන් නාගදීපයට බෝට්ටුවෙන් යන්න , ඩෙල්ෆ් වලට, කයිට්ස් වලට යන්න .. ඒ දූපත් වල මිනිස්සු ජිවිත එක්ක කරන අරගල බලන්න... බොන්න වතුර ටික, කරන්ට් ටික , බෙහෙතක් ගන්න රෝහලක් නැතුව විදින කට්ට බලන්න, කැමති නම් උබත් ඒ කට්ට දවසක් දෙකක් විදින්න.. කැමති නම් නල්ලුර් වගේ කෝවිලක් වදින්න, සියගාණක් තියෙන කෝවිල්වලින් එක කොවිලක පූජාවකට යන්න.... එහෙම නැත්තන් පොඩි ගමක කඩපිලක ඉන්න අන්කල් කෙනෙක් එක්ක අමාරුවෙන් හරි කතා කරන්න.. ඒක හරි අමුතුම හැගීමක් වෙයි උබලට.... මේ හැමදේම එක්ක ආයෙත් ඒ මිනිස්සු එක්ක බැදෙන්න උත්සහ කරන එක ලස්සන අත්දැකීමක් වෙයි ..

මේ හැමදේම මැද්දේ හෙමීට පොළොවෙ ඇවිදපන් , මොකද මේ උතුරු පොළොවේ රණවිරුවන් ඇතුළු සියදාස් ගාණක් වැළලිලා ඉන්නවා අනුන්ගේ අරමුණු නිසා තමන්ගේ උපන් දේශය බේරගන්න ගිහින් ජිවිතෙන් සමු අරන් ගියපු මිනිස්සු .. සිංහල වේවා , දෙමළ වේවා , මුස්ලිම් වේවා ඒ මිනිස්සු හැමෝම මේ රටේ මිනිස්සු , එක එක පරමාර්ථයන් වෙනුවෙන් ජිවිතේ දන් දීපු ... නිතරම ඒ මිනිස්සුන්ට ගරු කරපන් , ඒ අස්සේ උබලම ප්‍රාර්ථනා කරපන් , මේ ලස්සන බිමේ ආයේ ජාති , ආගම් , කුල බේද ඇති නොවේවා කියලා ...

මේ ලස්සන උතුරුකරේට අපේ කියන හැගීමෙන් ගිහින් , සහෝදරත්වයෙන් අත් අල්ලන් , ආදරේ වපුරලා වරෙන්.. දවසක ඒ ආදරේ අස්වනු දේවී අපේ මුළු රටටම 🤍..

ආයෙත් සමනල්ලු මියගිය A9 දිගේ ගිහින් යාපනේ තල් සුවද විදන් කන්කසන්තුරේ හීන් වැල්ලේ වාඩී වෙලා ප්‍රදීපාගාරයට එහායින් ඉර බහින හැටි බලන් ඉන්න ආසාවෙන් උතුරුකරයට සමු දෙන්නම් ..

நன்றி யாழ்ப்பாணம் 🤍

- Eranda Indrajith Bandara-

අනාථ වූ අලි ඇතුන් රැක බලා ගැනීමට 1975 වසරේදි පිහිටුවන ලද පින්නවල අලි අනාථාගාරයෙ සොදුරු දසුන් කිහිපයක්.🍃😍🐘✨
03/05/2024

අනාථ වූ අලි ඇතුන් රැක බලා ගැනීමට 1975 වසරේදි පිහිටුවන ලද පින්නවල අලි අනාථාගාරයෙ සොදුරු දසුන් කිහිපයක්.🍃😍🐘✨

 #ඇල්ලෙ Trip එක.♥️ජීවිතේ අමතක නොවෙන ගමනක් .සෑහෙන කාලයක් ප්ලෑන් කරල Camping එකටත් එක්කම අපි තීරනය කලේ ඇල්ල. ♥️Colombo (09...
03/05/2024

#ඇල්ලෙ Trip එක.♥️

ජීවිතේ අමතක නොවෙන ගමනක් .

සෑහෙන කාලයක් ප්ලෑන් කරල Camping එකටත් එක්කම අපි තීරනය කලේ ඇල්ල. ♥️
Colombo (09.45 am ) to ella (07.30 pm)
Tickets booking දාලා ගියානම් ලේසී .

ඇල්ලට යද්දි රෑ වෙන නිසා Tea Villas Ella කලින්ම Booking දාලා නවතින්න තැනක් ගත්තා.
නියම ප්ලේස් එක .ඇල්ල Town ඒකේම steshon එකේ ඉදල 200m වගේ දුර . තේ වත්තම ලග camping අත්දෑකීමක් . 😘
පහුවදා උදේම කෑම කාලා ඉස්සරල්ම ගියෙ Nine arch bridge එකට .ඇල්ල steshon එකේ ඉදල 2km විතර දේමෝදර පැත්තට රේල් පාර දිගේ පයින්
විනාඩි 20 යන්න පුලුවන් . 🛤
10.20 am වෙද්දි ඇල්ලෙ Steshon එකට ආවොත් #කිතල්_ඇල්ලට යන්න trean එක අල්ල ගන්න පුලුවන් .
Kithal ella , Ella rock camping කරන්න ඉන්නවනම් බඩු මලුත් අරන් trean එකේ යන එක හොදයි . 🚊
අපිටනම් යන්න වුනේ පයින් 3.5 km පයින් තමා ගියෙ .ඇල්ලෙ Camping කියන්නෙ අමුතුම අත්දැකීමත් 4.30 pm වෙද්දි වැහිපොද එනවා. අපි ගිය දවසෙ වැස්සෙ නෑ. කිතල් ඇල්ලෙන් නාගෙන කන්ද නැග්ගා උඩම Camping කරන්න දෙන්නෙ නෑ. ඊට 2km පහලින් place එකක තියනවා.
උඩට යන්න කලින් ,👊

* ඇතිවෙන්න වතුර ගන්න ,
* Toilet පහසුකම් නෑ.
* වැස්සොත් අකුණු ගහනවා පරිස්සමෙන් ,
* ගමේ මනුස්සයො හරිම හොදයි කතා කරක උදව් ඉල්ල ගන්න පුලුවන් ,
* ගිනිමැල ගහන්න නිවල එන්න ,
* ගෙනියපුවා ආපහු අරන් එන්න ,
*
මාරම අත්දෑකීමක් sun rise ලස්සනට බලාගන්න පුලුවන් මීදුම ,හුළග ගිහින්ම බලන්න .

පා සටහන් විතරක් ඉතුරු කරල එන්න අමතක කරන්න එපා . 👊පහුවදා (7.00 am ) Kithal ella to colombo ( 4.15pm ) ගෙදර ආවා .

Mr, පොඩී

🇱🇰

Travel With Era 🍂🍃

 #කැලෑබොක්ක_view_point_360’.Camping කරන්න සුපිරිම place එකක් තමා කැළාබොක්ක . වාහනයක යනවනම් යන්න හොදම වාහනේ bike එක මොකද ...
03/05/2024

#කැලෑබොක්ක_view_point_360’.

Camping කරන්න සුපිරිම place එකක් තමා කැළාබොක්ක . වාහනයක යනවනම් යන්න හොදම වාහනේ bike එක මොකද වාහනවල උඩටම යන්න බෑ.

මතලේ පහු කරලා මාතලේ -යාපනය පාරෙ 6km එද්දි වම් පැත්තට කන්දෙනුවර මාර්ගය හම්බෙනවා ලස්සන තේ වතු කදු මැද්දෙ 27km වගේ ආවාම කන්දට යන මාර්ගය හම්බෙනවා .කන්ද උඩටම් යන්න 6 km තියනවා .වාහනවල ආවෙත් මග දාල තමා යන්න වෙන්නෙ. යනවනම් බයික් එක තමා හොදම 🤟

එක්කෙනෙක්ට ටිකට් එකක් රු. 100/= ක් වෙනවා.

Trevel කරන කෙනෙක්නම් යන්න ඕනෙම තැනක් තමා කෑලෑබොක්ක ගිහින් බලලා පරිසරේ සුංදරත්වය ඉතුරුකල එන්න .
පරිස්සමෙන් ❤️

📷

Travel With Era 🍃🍂

බෙල්වුඩ් |Bellwood |  🥀🍃💚🌎නුවර තියන දිව්‍යලෝකයක් 😍Bellwood පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මුහුදු මට්ටමේ සිට මීටර 897 (අඩි 290...
02/05/2024

බෙල්වුඩ් |Bellwood | 🥀🍃💚🌎

නුවර තියන දිව්‍යලෝකයක් 😍

Bellwood පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මුහුදු මට්ටමේ සිට මීටර 897 (අඩි 2900) උසින් වන අතර තේ වගාවට ප්‍රධාන තැනක් ගනි. ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ 1870 වසරේ මැද කාලයක ආරම්භය සඳහන් වී ඇති බව කියැවේ. සිසිල් කාලගුණයක් සහිත ප්‍රදේශයකි. දළ බෑවුම් සහ කඳු සහිත ප්‍රදේශයක් Camping සදහා යනවනම් හොදම තැනක්... බයික් වලින් කන්ද උඩටම යන්න පුලුවන්.

සුන්දර බෙල්වුඩ්... මහනුවර සිට 20km පමණ දුරින්...
අම්පිටිය හරහා තලාතුඔය පහුකරලා මොරගොල්ල පාරේ යන්න ඔනේ..
ලස්සන වැවක් එක්ක .. වැවට උඩින් බෙල්වුඩ් view point එක.

B E L L W O O D 🍀
පාසටහන් පමනක් ඉතිරි කර පැමිනෙන්න.

Address

Galle
90090

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Era posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Era:

Share