Ami & Tharu Diaries

Ami & Tharu Diaries Explore Sri Lanka like never before! Travel tips, hidden gems, culture, and entertainment – all in one place.
(5)

චේතනාව පිරිසිදු නම්...අපි ප්‍රාර්ථනා කරන දේවල් දවසක අපට හබෙනවා. 🌱🍀🌻🪔
29/06/2025

චේතනාව පිරිසිදු නම්...

අපි ප්‍රාර්ථනා කරන දේවල් දවසක අපට හබෙනවා. 🌱🍀🌻🪔

🗻💚 නුවරඑළියට යන්න හිතනවද? මේ තියෙනවා තවත් අය නොදන්න ලස්සන තැන් 150+ ක්! 🌿📍🔶 නුවරඑළිය කියන්නේ ලස්සනම ස්වභාවික සුන්දරත්වයෙ...
28/06/2025

🗻💚 නුවරඑළියට යන්න හිතනවද? මේ තියෙනවා තවත් අය නොදන්න ලස්සන තැන් 150+ ක්! 🌿📍

🔶 නුවරඑළිය කියන්නේ ලස්සනම ස්වභාවික සුන්දරත්වයෙන්, සීතල කාලගුණයෙන්, waterfall එකෙන්, tea estate වලින් පිරුණු දිස්ත්‍රික්කයක්.

✨ අද අපි අරගෙන ඇවිල්ලෙයි ඔයා වෙනුවෙන්ම බලන්න වටින තැන් 150කට වැඩි එක ලිස්ට් එකක්!

1. ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය

2. ග්‍රෙගරි වැව

3. වික්ටෝරියා උද්‍යානය

4. වික්ටෝරියා කෞතුකාගාරය

5. The little England cottage

6. නුවරඑළිය Post office

7. සඳතැන්න (Moon plains)

8. Single tree hill

9. ස්වර්ණගිරි මහා විහාරය

10. ඉහළ කොත්මලේ වේල්ල

11. කොත්මලේ වේල්ල කෞතුකාගාරය

12. කොත්මලේ මහවැලි මහ සෑය

13. කොත්මලේ මොණරගල (Peacock hill view point)

14. ඓතිහාසික පුසුල්පිටිය රජමහා විහාරය

15. නුවරඑළිය Leopard Rock

16. කොටගල උමඟ

17. St.clair's Tea center

18. St.clair viewing Gallery Restaurant

19. ශාන්ත ක්ලෙයාර් ඇල්ල

20. චැරියට් පාත් / සීතා පොකුණ (රාවණා රජු සීතා දේවියට තම රාජධානියේ සුන්දරත්වය පෙන්වන ලදැයි විශ්වාස කරනු ලබන ස්ථානය)

21. චැරියට් පාත් Camping site

22. රණමුනේ රජ පීල්ල සහ අම්බලම (ගැමුණු කුමරු ස්නානය කරන ලද ස්ථානය වශයෙන් සැලකේ)

23. කාට්ටුමරියම්මාන් කෝවිල

24. ඩෙවොන් ඇල්ල

25. Mlesna tea castle

26. Pedro Tea center and Factory

27. දෙහදු කඩුල්ල

28. පුරාණ කඩදොර විහාරය

29. නානුඔය Railway station

30. නානුඔය ඇල්ල

31. නානුඔය Edinburgh view point

32. Blackpool view

33. රම්බොඩ ඇල්ල

34. මැද රම්බොඩ ඇල්ල

35. පහළ රම්බොඩ ඇල්ල

36. හැල්බොඩ ඇල්ල

37. ගැරඬිගිනි ඇල්ල

38. පූනා ඇල්ල

39. දේවතුරා ඇල්ල

40. ලබුකැලේ Damro tea නිෂ්පාදන ආයතනය

41. කොතලාගල කන්ද

42. Race course ground

43. ඩන්සිනන් ඇල්ල (පුඩළුඔය ඇල්ල)

44. කිරිගල්පොත්ත කන්ද (ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය මෙය මෙන් ම මහජනයාට විවෘත්තව පවතින උසම ස්ථානය ද වේ. පිදුරුතලාගල කන්දට ඇතුළු වීම සීමා සහිතව අවසරයක් ඇතුව කළ යුතු බැවින්)

45. පිදුරුතලාගල (යාමට පෙර අවසර ගත යුතුය.)

46. පොත්ගුල් විහාරය

47. මන්දාරම්නුවර

48. මන්දාරම්නුවර view point

49. කබරගල ඇල්ල

50. හවරි ඔය ඇල්ල

51. කළුපාලම ඇල්ල

52. මතුරට අන්දරේ ගල ඔසවන ලදැයි සැලකෙන ස්ථානය සහ එම ගල

53. ඇතිනිවල ඇල්ල

54. ශාන්තිපුර ගම්මානය

55. ලංකාවේ උසින්ම පිහිටි ගම්මානය / view point / බස් මගී ආවරණය / කුඩා ජලාශය / චේතියගිරි විහාරය / ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිය / තේ කර්මාන්ත ශාලාව

56. ලවර්ස් ලීප් ඇල්ල

57. ආඳාවල ඇල්ල

58. කිකිළයාමාන කන්ද

59. ඔලිපන්ට් කන්ද සහ වතුයාය

60. උඩරදැල්ල ගොවිපල සහ උඩරදැල්ල කන්ද

61. හැඩන් කන්ද

62. කුරත්තව කන්ද

63. පාක් ග්‍රීන් කන්ද

64. හරස්බැද්ද කුඩා ලෝකාන්තය

65. දුප්පතාගේ කුඩා ලෝකාන්තය (හෝර්ටන් තැන්න ආශ්‍රිතව පිහිටා ඇති මෙම ස්ථානයට ඇතුළු වීම සඳහා නීතියෙන් අවසර නොමැත. ගිනිහිරිය වනජීවී බංගලාව පිටුපස පිහිටා ඇත.)

66. රන්දෙණිගල view point

67. ගොළුමලේ

68. කිරිගේ කන්ද

69. කිරිගේ කන්ද view point

70. ජපන් සාම චෛත්‍යය (වලපනේ)

71. හයිෆොරස්ට් මාර්ගය

72. අශ්ව ලාඩම් වංගුව

73. ඇල්ජින් ඇල්ල 1

74. ඇල්ජින් ඇල්ල 2

75. ඇල්ජින් ඇල්ල 3

76. ඇල්ජින් ඇල්ල view point (පරාක්‍රමපුර සහ අඹේවෙල යන දුම්රියපොළවල් දෙක අතර මෙම නැරඹුම් ස්ථානය ඇති අතර පහළ දියඇළි ද්විත්වය මෙහි දී දැකගත හැකිය. මෙය එම දුම්රිය ගමන අතරවාරයේ දී නැරඹිය හැකිය.)

77. පල්ගස්තැන්න නැරඹුම් ස්ථානය

78. හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව

79. පට්ටිපොළ දුම්රිය ස්ථානය

80. පට්ටිපොළ Summit level

81. පට්ටිපොළ දුම්රිය ස්ථානය අසළ පවතින කුඩා ස්වාභාවික ඇල මාර්ගය (වර්තමානයේ ජනප්‍රියත්වයට පත් වී ඇති මෙම අලංකාරවත් පාරිසරික ස්ථානය සංචාරකයන්ගේ මානව ක්‍රියාකාරකම් මත විවිධ අභියෝගයන්ට ලක්වෙමින් පවතී.)

82. පට්ටිපොළ view point

83. ග්‍රේට්වෙස්ටර්න්

84. හෝර්ටන් තැන්න (මහඑලිය තැන්න)

85. කුඩා ලෝකාන්තය / මහා ලෝකාන්තය / බේකර්ස් ඇල්ල / චිමිනි පොකුණ / හෝර්ටන් තැන්න කෞතුකාගාරය

86. ඩයගම හරහා හෝටර්න්තැන්නට නැවත විවෘත වූ මාර්ගය

87. තොටුපළ කන්ද (ලංකාවේ තෙවැනියට උසම කන්ද මෙය වේ)

88. Ramya Horticulture Strawberry Farm

89. Sen Horti strawberry Farm

90. Jagro strawberry Farm

91. ත්‍රිත්ව දෙව්මැදුර (ලංකාවේ පැරණිත ම පයිප් ඕගනය මෙහි දී දැකගත හැකිය)

92. තෝමස් රොජර්ස් සොහොන (බ්‍රිතාන්‍ය ජාතික මොහු නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල අලි ඇතුන් 1500 කට වඩා දඩයම් සඳහා මරා දමන ලද පුද්ගලයෙකි. අකුණක් වැදී සිදු වූ ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ සොහොනට පවා අකුණු ගසන බව සඳහන් වේ. ඔහුගේ එම සොහොන මෙහි දී ඔබට දැකගත හැකිය.)

93. සීතා අම්මාන් කෝවිල

94. හක්ගල උද්භිද උද්‍යානය

95. හක්ගල ඇල්ල

96. හක්ගල කන්ද (අධි රක්ෂිතයක් බැවින් ඇතුලු වීමට නීතියෙන් අවසර නැත)

97. Conical Hill (ලංකාවේ 9 වැනියට උස කඳුවැටිය)

98. සීතා එළිය කෘෂි තාක්ෂණික උද්‍යානය

99. කඳපොල සීතාඑළිය රක්ෂිතය

100. කන්දෙ ඇල ජලාශය

101. කන්දෙ ඇල අධ්‍යාපනික වන උද්‍යානය

102. අඹගහතැන්න දියඇල්ල

103. අඹේවෙල ගොවිපල - අඹේවෙල ජලාශය

104. අඹේවෙල ශ්‍රී පාදය view point

105. වර්වික් තේ වතුයාය (Warwick tea estate)

106. බෝඹුරු ඇල්ල

107. බෝඹුරු ඇල්ල ජලාශය (බෝඹුරු ඇල්ලට ජලය ගෙනයන ස්ථානය)

108. ගල්වල ඇල්ල

109. Windy Corner ඇල්ල

110. ග්ලාසෝ ඇල්ල

111. මන්දාරම්නුවර කොඩිආරාගල කන්ද

112. පුරහන්ගල ස්වාභාවික තටාකය

113. කොළපතන ඇල්ල

114. කොළපතන Natural view point

115. හරිත කන්ද

116. බෝපත්තලාව (Camp site)

117. ඇබර්ඩින් ඇල්ල

118. කර්ණාගල view point / Camping site

119. කැප්පෙටිපොළ පැරණි බලකොටුව

120. අඹගහතැන්න දියඇල්ල

121. යකා ඇඬු ඇල්ල

122. කුරුඳු ඔය දියඇල්ල

123. ශ්‍රී භක්ති හනුමාන් විහාරය - රම්බොඩ

124. Kip falls

125. සිතුම් ඇල්ල

126. රවන් ඇල්ල

127. සාරි ඇල්ල

128. නීල ගරුඬ පාෂාණය (පණ්ඩිතයාකුඹුර ආශ්‍රිත ප්‍රදේශය)

129. රාහුගල

130. වඩුවාවල පාලම (දෙපසින් ක්‍රම ක්‍රමයෙන් ගල්වලින් බැඳ මැද එක් ගලකින් පාලම සවිකොට ඇති බවත් එම ගල ගැලවුවහොත් පාලම වැටෙන බවත් ගම්මුන් සඳහන් කරයි. ඒ බව කෙසේ වුව ද මෙය ඉපැරණි පාලමකි)

131. අග්‍රා දියඇල්ල

132. ගැරඬිගිනි දියඇල්ල

133. කඩියන්ලෙන දියඇල්ල

134. මහකුඩුගල කන්ද (රාවණා රජු සිහි මුර්ජා වූ පසු සිරුරේ බෙහෙත් ගල්වා මෙම කඳු මුදුනේ අභ්‍යන්තරයේ සඟවා
තබන ලදැයි ජනප්‍රවාදයේ සඳහන් වේ)

135. ස්ත්‍රීපුර කන්ද

136. ස්ත්‍රීපුර කන්ද ආසන්නයේ ඇති රාවණා ගුහා සංකීර්ණය (රාවණා රජු සීතා දේවිය ගෙන ගොස් සඟවන ලදැයි විශ්වාස කරනු ලබන උමං මාර්ගයකි. තරමක් දුරට අභ්‍යන්තරයේ ගමන් කළ හැකි නමුත් එය දුෂ්කරය.)

137. Mount Vernon waterfall

138. හිරන් ඇල්ල (හේවාහැට)

139. රොටුපිහිල්ල හුණුගල් ගුහාව

නුවරඑළිය නගරයට දුරින් පිහිටි තවත් අලංකාරවත් ස්ථාන කිහිපයක්
140. ලක්ෂපාන ඇල්ල
141. කොත්තා විසූ ලෙන (කොත්තැල්ලෙන වසමේ පදිංචිව සිටි මුල් ම පුද්ගලයා වශනේ සැලකෙන කොත්තා ජීවත්ව සිටි ස්ථානය යැයි විශ්වාස කරයි. ලක්ෂපාන ඇල්ල සමීපයේ පිහිටා ඇත.)
142. ගල්බොඩ ඇල්ල
143. මෝහිනී ඇල්ල
144. පැරණි මස්කෙළිය නගරය (මාවුස්සාකැලේ ජලාශයට මෙම නගරය යට වූ අතර වියළි කාළගුණයක් සහිත අවස්ථාවන්හි දී ඉපැරණි පන්සල, හින්දු කෝවිල, බ්‍රිතාන්‍ය අවධියේ සකස් කරන ලද ඉපැරණි ආරුක්කු පාලමක් ඇතුළු තවත් නටඹුන් රැසක් දැකගත හැකිය.)
145. සප්තකන්‍යා කඳු වැටිය
146. සඳගල තැන්න
147. බෙල්ලන්බැඳිහෙල / බෙල්ලන්බැඳිගල (වන අලි සහ දිවියන් සැරසරන බැවින් ප්‍රවේශම් විය යුතුය)
148. Gartmore දියඇල්ල
149. Gartmore Estate view point
150. Moray ඇල්ල
151. මුල්ගම සීතගඟුල ඇල්ල
152. ලංකා ඇල්ල
153. ෆෙයාලෝන්ස් ඇල්ල (Fairlawns waterfalls)
154. ගවරවිල ඇල්ල / ගවරවිල වතුයාය / ගවරවිල තැන්න / ගවරවිල Camping Site
155. හෝප් ස්වාභාවික තටාකය

📌 පහලින් comment එකක් දාන්න — මේ ලිස්ට් එකෙන් ඔයා ගිහිං තියෙන තැනක් තියෙනවද? නැත්තං යන්න හිතන තැනක්? 🤔👇

🚗 මේවා සෙරිනිටි එකකට හෝ adventure එකකට perfect. ඔයාගේ next Nuwara Eliya trip එක වෙනස් කරන්න අදම plan එකක් හදාගන්න! 🔥

🗣️ අපි travel lovers කට්ටියට මේ list එක share කරලා ඔවුන්ටත් මේ ලස්සන තැන් හොයාගන්න හෙල්ප් කරමු!

සුන්දර නුවරඑලිය   |Nuwaraeliya | 🍃🥀🌎🥰🍃 Location - New Zealand farm 📷 Ami_Tharu Diaries
26/06/2025

සුන්දර නුවරඑලිය |Nuwaraeliya | 🍃🥀🌎🥰

🍃 Location - New Zealand farm

📷 Ami_Tharu Diaries

25/06/2025

ජීවත් වෙයන් කාටහරි උඹව block කරන්න හිතෙන විදියට 😆😅

ඔයාලා අහල තියෙනවා ද දිඹුලාගල ඖෂධ  පොකුන ගැන.වර්ථමානයෙ  මෙ ගුණය  තියෙනවා ද නැද්ද කියන්න මංදන්නෑ🌼🌼🌼🌼🌼මෙම පොකුන අඩි 22 පලලි...
24/06/2025

ඔයාලා අහල තියෙනවා ද දිඹුලාගල ඖෂධ පොකුන ගැන.වර්ථමානයෙ මෙ ගුණය තියෙනවා ද නැද්ද කියන්න මංදන්නෑ
🌼🌼🌼🌼🌼
මෙම පොකුන අඩි 22 පලලින් හා අඩි 8ක් එලියට විවර වූ ගිරි කුලක පිහිටා තියෙන්නෙ
මෙහි සැමදාම අඩි තුන හතරක් ජලය පිරී තියෙනවා ..ඒත් පොකුනට ජලය එන තැනක් හෝ යන තැනක් නෑ.ඒ වගේමයී ඉතාමත් පිරිසිදු ජලය තියෙන්නෙ ...
සමාවෙන්න වර්ථමාන තත්වය කෙසේද නොදනී..

මෙය ඖෂධ පොකුන ලෙස ප්‍රසිද්ද වෙන්න හේතුව කියන්නම් ඉස්සෙල්ල ම .
බුදුන් වහන්සෙ ලංකාවට වැඩම කල කාලයේ දැඩි නියඟය ක් තිබිලා..පස්සෙ යක්ශ ගෝත්‍රිකයන් මෙම පොකුනෙන් වතුර අරන් ගිහිං බුදු රජානන් වහන්ස්ට පිපාසයට පූජා කරල තියෙන්නෙ .
💧💧💧💧💧
පැන් කොතලය අතට ගත්තු බුදුන් වහන්සේ මේ බුද්ධ කල්පය අවසන් වන තෙක් මේ පොකුනෙහි ජලය නොසිඳේවා,මෙහි ජලය බොන්නන්නගෙ අමනුශ්‍යදෝස සහ ,නානා විධ රෝග සුව වේවා කියල අධිශ්ඨානයක් කරල තියෙනවා .
🙏🙏🙏🙏
එදා සිට මේ පොකුනෙහි ජලය නොසිඳෙන බවයි කියන්නෙ.💧💧💧💧💧
🌼🌼🌼🌼🌼
දැන්මම කියන්නම් මගෙ සත්‍ය අත්දැකීම

අතීතයේ මීට අවුරුදු 40 කට විතර කලින් මා කුඩා අවදියේදි දින හතක වන්දනා ගමනක් ගියා ආච්චි අම්මායි,සීයයි එක්ක.
දෙවෙනි දිනය වෙද්දී විසප්පුවක් හැදි මම ඉතාමත් වේදනාවෙන් හිටියෙ.මට මතකයි මං සීයට අඬ අඬා කිව්ව ගෙදර යමු කියාල.පස්සෙ නඩේ ගුරා කිව්ව හෙට වෙනකම් ඉවසන්න අපි ඖෂධ පොකුනෙ වතුරෙන් හෝදමු කියල.
දැන් හතරවෙනි දවස එහෙ ගියෙ.
සීයා ඔය පොකුනෙන් වතුර අරන් එතන හොඳින් හේදුව.විස්වාස කරන්න කන්ද බැහැලා බස් එක ලඟට එනකොට විසප්පුව පිපිරිලා පුදුම සනීපයක් දැනුනේ..මමදන්නෑ එහෙම වුනේ කොහොමද කියල.ඒත් එහෙම උනා.
අපේ කෙනෙකුට විසප්පු ගෙඩියක් හැදිලා.
මට මතක් වුන ඒ අතීතය සහ ඒ කාලයෙ හාස්කම් ගැන ඔබට කියන්න මට හිතුනා..
පින්තූර අන්තර්ජාලයෙනි ✍️ උපුටාගැනීම කි.

හෝර්ටන්තැන්න මෙච්චර වටිනවාද😍🌿😱🌾🌻🌼"හෝර්ටන්තැන්න" කියන්නේ අධි සංවේදි පරිසර කලාපයක්, මේවගේ තියෙන සමහර පාසි වර්ග, සමහර සත්ව ...
24/06/2025

හෝර්ටන්තැන්න මෙච්චර වටිනවාද😍🌿😱🌾🌻🌼

"හෝර්ටන්තැන්න" කියන්නේ අධි සංවේදි පරිසර කලාපයක්, මේවගේ තියෙන සමහර පාසි වර්ග, සමහර සත්ව විශේශ ලෝකේ කොහෙවත් නෑ. ලංකාවට ආවේණිකයි, ඒවගේම ලංකාවෙන්ම තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ විතරයි , ඒකයි හෝර්ටන් තැන්නේ හැම්තැනම ගහලා තියෙන්නේ තණකොළ පාගන්න එපා කියලා එහෙම. ඇහැට පේන්නේ නැති කුඩා ජීවීන් ඉන්නවා( පොඩි මකුලුවෝ වර්ග පවා) මේවා ලංකාවට ආවේණික වීම විශේශයක්, ඒකයි මේවට අධි සංවෙදි පරිසර පද්ධති කියන්නේ. ගෙවල් වල සහ අනිත් තැන් වල ගස් ගල් උඩ නගිනවා වගේ නෙවෙයි, මේවට නැග්ගම අන්න ඒකයි වෙනස....

ඒ වගේම ඔය ලංකාවට ආවේණික කුඩා කුඩා සත්තු, ( මකුලුවෝ, කටුසු පැට්ටු ) වගේ සත්තු විදේශිකයන් පරීක්ශන වලට ජාන විකුර්ති කරන්න අරන් යනවා කියලා මන් අහලා තියනවා. ඒකට ලංකාවේ ගහන දඩේ හරිම සුලු මුදලක් ලු. ඊට වඩා ඒ සතා විකිනීමෙන් ලැබෙන ලාබය අධිකයි ලු. ඒ නිසා මේ ජාවාරම දිගින් දිගටම වෙනවා කියලා තමා ආරන්චිය, ඒ වගේම අර සතාට කෑම දෙන එකත් අනුමත කරන්න බෑ. ඊටපස්සේ දිගටම උන් මිනිස්සුන්ගේ කෑම වලට යැපෙන්න පුරුදු වෙනවා. විශේශයෙන් පිටි සහිත ආහාර ගෝනුන්ට සුදුසුම නැ. ඔවුන්ගේ ආමාශ ඒවට හැඩගැහිලා නෑ. ඒවා කන්න කන්න ඔවුන් ඉක්මනට මරණයට පත් වෙන එක වෙන්නේ.

තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගන්න අධි සංවේදී පරිසර පද්ධතියට වටිනාකම. ලෝකෙටම එකයි, ඒකත් ලංකාවේ විතරයි හෝර්ටන් තැන්නේ තියම සමහර සත්තු හා ගස් , දිලීර එහෙම......

හෝර්ටන් තැන්න හරියට ලංකාවේ හදවත වගේ. දවසින් වැඩි හරියක් වැස්ස පින්න හෝ මීදුම තියෙනවා , මේක ස්පොන්ජ් එකක් වගේ සරලව කිව්වොත්. වතුර උරාගෙන පහල උල්පත් ජලමූලාශ්‍ර වලින් ගංගා ඇලදොල නිර්මාණය වෙනවා, ඒකයි හදවත වගේ කිව්වේ හදවතත් මුලු ඇගටම ලේ පොම්පකරනවා වගේ තමා මේකත් ❤️

ඒ නිසා මේ වටිනා සම්පත රැකගැනීම අප හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්!

✍️ උපටාගැනීම -Sahan Sadun

BREAKING: සටන් විරාමය තුලදී බියර් ෂෙවා වෙත ඉරානයේ මිසයිල ප්‍රහාරයක් සිදුව ඇත.මෙම ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල් අගමැති ඩොනල්...
24/06/2025

BREAKING:
සටන් විරාමය තුලදී බියර් ෂෙවා වෙත ඉරානයේ මිසයිල ප්‍රහාරයක් සිදුව ඇත.
මෙම ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල් අගමැති ඩොනල් ට්‍රම්ප් අතර දුරකථනය මගින් සාකච්ඡාවක් සිදුව ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ, "ටෙහෙරානයේ හදවතේ ඇති රජයේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් ඉරානය සටන් විරාමය උල්ලංඝනය කිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වන ලෙස" ඊශ්‍රායල හමුදාවට උපදෙස් දුන් බවයි. 🚀🇮🇷🇮🇱

සුන්දර නුවරඑලිය   |Nuwaraeliya | 🍃🥀🌎🥰🍃 Location - shanthipura📷 Ami_Tharu Diaries
24/06/2025

සුන්දර නුවරඑලිය |Nuwaraeliya | 🍃🥀🌎🥰

🍃 Location - shanthipura

📷 Ami_Tharu Diaries

24/06/2025

Just In–
ඇමරිකානු සාම කතා මැද ඉරාන බැලස්ටික් මිසයිල වලින් ඊශ්‍රායලයේ බියර් ෂෙවා වෙත පහර දෙයි.
පිපිරිම් රැසක් වාර්තාා වී ඇත. !

24/06/2025

ඉරානය සහ ඊශ්‍රායලය පූර්න සටන් විරාමයකට 🫂
එකඟ වී ඇතිබවට අමෙරිකානු ජනපති කියයි ❤️❤️🙏

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ami & Tharu Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category