20/03/2026
L&M Funtours අපේ 03වන සිරිපා කරුණාව 2025-03-17/18
අපේ ගමන ගැන කෙටියෙන් මෙහෙම කියන්නම්...😎😎😎😎
🔅මාසයකට වැඩි කාලයක් අපි අපේ නෑයො,යාලුවො ඒ වගේම සිරීපාදෙ වදින්න කැමති අයව හොයල අපේ ගමනට සම්බන්ධ කරගත්තා...
අපි දින දාගත්තෙ මාර්තු 17 හා18 දවස් දෙක.යන්න ආස උනත් ගොඩක් අයට නිවාඩු නැති නිසා එන්න අමාරුයි කිව්වා....🤭
ඒ උනත් කොහොමහරි කට්ටිය හොයාගෙන අපේ බස් එක 🚌🚌🚌🚌Nimsara yaldewi /නිම්සරා යාල්දේවි Blue Luxury Premium Version
රමිරු මල්ලි එක්ක කතාබහ කරලා ගමන ok කරගත්තා....
17 උදේ 2 තමා වෙලාව දාගත්තෙ.ඒත් අපේ කට්ටිය ඇවිත් අපි යද්දි 3 පහු උනා.
යාල්දෙවි අපේ ගාල්ලේ බස් එකක් නෙමෙයි හක්මණ ඉදන්නෙ ආවේ...👍එයාලත් එහෙන් පාන්දරම අපිව ගන්න ආවා....
අපි ගමන පටන් අරන් බද්දෙගමින් එන්න හිටපු තවත් අපේ set එකක් අරන් Highway දාලා ගැලනිගමින් එලියට ඇවිත් නල්ලතන්නිය බලා පිටත් උනා.....
🎶🎶🎶🎶🎶
උදේ කිතුල්ගල කඩෙකින් කස්ටියම කාලා ආයෙම ගමන පිටත් උනා....
නල්ලතන්නිය කිට්ටුවෙන් අපි කෑම උයාගෙන නල්ලතන්නියට ඇවිත් නාලා කාලා හවස 4 විතර වෙද්දි සමනොල ගිර කරුනාවට අපේ නඩයම ගමන් ආරම්භ කලා....
හැමෝම මකර තොරන එහෙම පහුකරල සීත ගගුලට ඇවිත් අපේ කෝඩු කාරයින්ගේ කෝඩු චාරිත්‍ර කරලා සමන් දෙවියන්ගෙ පිහිටෙන් සිරි පා වන්දනාවට තවත් උඩට පඩි නැග නැග කරුණා කලා..
උඩ මලුවට රෑ 11 විතර වෙද්දි ආවා...සතියෙ දවසක් නිසා සෙනග අඩුයි...අපි හරිම පහසුවෙන්ම ආවා...
⛰️
උඩ මලුවට ඇවිත් මල්,පහන් පත්තු කරලා ගෙනාපු පිරිකරත් පූජා කරලා අපේ බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී පාදය වැද පුදා ගත්තා....
ඉර සේවයත් බලලා බහින්න ඕන නිසා අපි හැමෝම මලුව යට ශාලාවෙ
සීතලේ ගැහි ගැහි නිදාගත්තා....🥶🥶🥶උදේ ඉර සේවයත් බලලා 🌄🌄🌅🌅🌅
හෙමීට පහලට අපේ නඩයම කරුණා කරන්න පටන් ගත්තා....
පහල බස් එක ගාවට එනකොට උදේ 9විතර උනා.මග දිගට දොදොල් කඩ එහෙම තියෙනවනෙ.අපි ඉතින් හැම කඩේකින්ම Sample කකා ආවා...
ඇවිත් අයෙම දවල්ට කන්න උයන්න පටන් ගත්තා...Rice එකක් හදලා පරිප්පු,චිලි පේස්ට් ම්ම්ම්ම්.....😊😆😆😆😁
ඊට පස්සෙ නාලා කාලා කිතුල්ගට ඇවිත් බස් එකේ Dj එක set කරන් අපි නටලා විනෝද උනා...රමිරු මල්ලි තමා dj එක ගැහුවෙ ජෙනියත් set කරන්.🎼🎼🎼🎼
වැඩේ කියන්නෙ අපි නටද්දි වෙන බස් වල ආපු අයත් අපි එක්ක නටලා විනෝද උනානෙ...👯👯👯👯💃🤹
කොහොමහරි ඒකත් ඉවරවෙලා අපි සමන් දෙවි පිහිටෙන් ආයෙම ගාලු බලා පිටත් උනා...
අපි අපේ ගමට එද්දි රෑ 11 පහු උනා...ඉතින් එතනින් මේ සුන්දර ගමන් නිමාවට පත් උනා...
අපි විශේශයෙන් ස්තුති කරනවා හක්මන ඉදන් අපිව ගන්න ආපු රමිරු මල්ලි @ඇතුලු නිම්සරා කාර්‍ය මන්ඩලයට..👍👍
yaldewi /නිම්සරා යාල්දේවි Blue Luxury Premium Version
ඒ වගේම නන් අයුරින් උදවු උපකාර කල හැමෝටමත් ගොඩක් පිං...ඒ වගේම අපේ නඩයටත් 🙏🙏🙏
ඉතින් අපි මේ වගේම ලස්සන ගමනකින් ආයෙම හමුවෙමු...
ඔයාලා හැමෝටම
බුදු සරනයි!!!
සුමන සමන් දෙවි පිහිටයි!!!