Travel With Tharu & Hubby

Travel With Tharu & Hubby Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Tharu & Hubby, Travel Company, Hapugala, Galle.

18/08/2026

Golden hour hits different at the beach 🏖️🌊😍
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚

10/08/2026

Sunsets & Sea Breezes 🌅💙
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚

20/07/2026

𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚

20/07/2026

*" හේතු හොයාගෙන හරි ජීවිතේ විදින්න.*
*මොකද,*
*දින සති මාස වලින් ගෙවිලා යන්නේ කාලය විතරක්ම නෙවෙයි.*

*ජීවිතේ ලස්සනම දවස්.. ! ❤️🌸"*

27/05/2026

😍
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚



I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏...
20/04/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

ලංකාවෙ තියන තවත් ලස්සන නගරයක් 🌴🌿🌴🌿 යාපනය🌿🌴  නාගදීප පුරාණ රජ මහා විහාරය 🙏 - නාගදීපය 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚Prageeth Madusha...
09/01/2026

ලංකාවෙ තියන තවත් ලස්සන නගරයක් 🌴🌿

🌴🌿 යාපනය🌿🌴
නාගදීප පුරාණ රජ මහා විහාරය 🙏 - නාගදීපය
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚
Prageeth Madushanka 😘


යාපනේ කෙලවර, ඩෙල්ෆ් දූපත 👇🐎🍇🦜🐠🐙😍 ඩෙල්ෆ් දූපත යනු ලංකාවේ යාපනය අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියානු ගොඩබිමට 80km දුරින් ද, ...
07/01/2026

යාපනේ කෙලවර, ඩෙල්ෆ් දූපත 👇🐎🍇🦜🐠🐙😍

ඩෙල්ෆ් දූපත යනු ලංකාවේ යාපනය අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියානු ගොඩබිමට 80km දුරින් ද, තලෛමන්නාරම සහ රාමේශ්වරම් වලට 42km බැගින් දුරකින් ද, පෝක් සමුද්‍ර සන්ධිය මැද පිහිටා තිබෙන ශ්‍රී ලංකාවට අයත් දූපතකි. මෙහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 43 ක් පමණ වන අතර දූපතේ වට ප්‍රමාණය 27km ක් පමණ වේ. මෙම දූපත තලෙයිමන්නාරම් දූපත හැරුනු කොට ලංකාවෙන් ඉන්දියාව දෙසට පිහිටා ඇති ආසන්නතම මනුෂ්‍ය වාසයක් සහිත ගොඩබිම වේ.

* ඩෙල්ෆ් යනවනම් ඔයාලා යාපනේ ඉදලා කුරිකඩ්ඩුවාන් ජැටියට යන්නම ඕනේ. එම 'කුරිකඩ්ඩුවාන් ජැටියේ' සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු ගමන් වාර කිහිපයක් දිනකට ක්‍රියාත්මක වේ

* සාමාන්‍යයෙන් මේක විනාඩි 60 - 90ක් වගේ යන ගමනක්

* ඩෙල්ෆ් වලින් බහිනකොට නේවි එකෙන් ID විස්තර ගන්නවා.

මෙම දූපතේ සංචාරය කරන ඔබට වෙනස්ම පරිසරයක අත්දැකීමක් විඳීමට අවස්ථාව උදාවන අතර නැරඹීමට ඇති විශේෂ ස්ථාන

1. බයෝ බැබ් ගස ( Baobab Tree ).
2. ලියලන ගල ( නාග ගල / කෝවිල අසල ගල )
3. ප්‍රදීපාගාරය ( Queen's Tower ).
4. හිරිගල් තාප්ප නිර්මාණ
5. පරවියන් ඇති කළ ලංදේසි කුළුණ.
6. ලංදේසි කොටුව.

මීට අමතරව, පොඩි ඩීසල් විදුලි බලාගාරයක්, රෝහල, පොලීසිය, පාසල් 8 ක්, ජාතික පාසල් 1, ග්‍රාම සේවා වසම් 4, අධිකරනයක් , ජල පවිත්‍රාගාරයක් මෙහෙ තියෙනවා.

ඩෙල්ෆ්ට් දූපතට පැමිණි ලංදේසින් විසින් මෙහි ගෙන ආ අශ්වයින් ගෙන් පැවතෙන අශ්වයින් සහ පෝනියන් තවමත් දූපතේ ස්වල්ප වශයෙන් ඉතිරිව සිටියි. එම නිසා ලංකාවේදී ඩෙල්ෆ් දූපතේදී පමණක් දැකීමට අවස්ථාව උදාවෙන කෑලෑ අශ්වයන් සහ පෝනියන් නැරඹීමේ අවස්ථාව ද මේ දූපතේ සංචාරය කරන ඔබට හිමිවනු ඇත.

මුළු දූපතම පිහිටා ඇත්තේ හුණුගල් ස්ථරයක් මත ය. #දූපතේ වැට මායිම් සළකුණු තාප්ප නොමැති අතර හුණුගල් එක මත එක තබා තැනූ තාප්ප සෑම පසෙකම තිබේ. අලංකාර මුහුදු වෙරළකින් ද සමන්විත මෙම දූපත හට රූස්සව සෑදුනු තල් ගස් යායවල් එකතු කරන්නේ මනස්කාන්ත දසුනකි. එක් කලක දී සංචාරක කුරුල්ලන්ගේ නවාතැන්පොළක් වන මෙම දූපත එකලට කුරුළු පාරාදීසයක් බවටද පත් වේ. මෙම සුන්දර දූපත ජීවිතකාලය තුළ එකවරක් හෝ නැරඹිය යුතුම ස්ථානයකි.
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 💚


Address

Hapugala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Tharu & Hubby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category