13/12/2022
වනජීවී ඡායාරූප සහතිකපත්‍ර පාඨමාලාවක්
වනජීවී ඡායාරූප ශිල්පීන් සහ වනජීවී සංරක්ෂණයට ආදරය කරන අය වෙනුවෙන්, මාස 03ක වනජීවී ඡායාරූප සහතිකපත්‍ර පාඨමාලාවක් , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබන 2023 ජුනි මස කොළඹදී ආරම්භ කිරීමට අදහස් කර ඇත.
ඒ සදහා ඔබ කල යුත්තේ පහත ගුගල් පෝරමය නිවැරදිව පුරවා 2023 ජනවාරි 15 ට පෙර අප වෙත එවීමයි.
ගුගල් පෝරමයෙන් තෝරාගත් 30 දෙනෙකු බැගින් යුත් කණ්ඩායම් 03 ක් සඳහා ජාතික උද්‍යාන 03ක නේවාසික වැඩමුළු 03ක් ලංකාවේ වනජීවී ක්ෂේත්රයේ ප්රවීනයන් සමග ප්රවීන වනජීවී ඡායාරූප ශිල්පීන් මෙහෙයවනු ලබන අතර, එහි පළමු නේවාසික වැඩමුළුව හෝර්ටන් තැන්න ජාතික උද්යානයේදී 2023 පෙබරවාරි 24, 25 සහ 26 දින පැවැත්වේ.
මෙම නේවාසික වැඩමුළුවලින් දක්ෂතා පෙන්වන සහ මනා සුදුසුකම් සහිත සුපිරි කණ්ඩායමක් මාස 03 ක වනජීවී ඡායාරූප සහතිකපත්‍ර පාඨමාලාව සදහා සුදුසුකම් ලබන අතර වසර අවසානයේ ඔවුන්ගේම ඡායාරුප ඇතුලත් ඡායාරූප ප්රදර්ශනයක් ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුර්ණ අනුග්රහයෙන් සිදු කරනු ඇත.
පාඨමාලාව අවසන් කරන සැමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිළිගත් වටිනා සහතිකයක් පිරිනැවමන අතර ,ජාතික උද්යාන තුල පාඨමාලා කටයුතු කරගෙන යාමට පහසුකම් සැලසෙනු ඇත.
https://forms.gle/qP5J8xiR9JbLjzML7
https://docs.google.com/forms/d/e/1FAIpQLSe6fqqedXw0mk1XX5Bxu5qaaEBmLXNrK4Dad1Q5TPppuGaQdw/viewform