12/08/2025
World Elephant Day, observed annually on August 12, was launched in 2012 to raise global awareness about the urgent need to protect elephants and ensure their survival.
Elephants, the largest land mammals on Earth, play a crucial role in shaping ecosystems. They help maintain forest and grassland habitats, disperse seeds, and create water access for other wildlife. Despite their ecological importance, elephants face severe threats including habitat loss, human-elephant conflict, and poaching for ivory.
Sri Lanka is home to the Sri Lankan elephant (Elephas maximus maximus), a subspecies of the Asian elephant and a symbol of the nation's cultural and natural heritage. However, their population is declining due to shrinking habitats, agricultural expansion, and increasing human-elephant conflict.
World Elephant Day reminds us that elephants are not just majestic animals, but keystone species vital for healthy ecosystems. Through conservation programs, habitat protection, and peaceful coexistence, we can ensure a future where elephants continue to roam freely in the wild.
2012 වසරේ පටන් වාර්ෂිකව අගෝස්තු 12 වන දින සමරනු ලබන ලෝක අලි දිනය, අලි ඇතුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පැවැත්ම සහතික කිරීම සඳහා පවත්වනු ලබයි.
ගොඩබිම ජීවත් වන විශාලතම ක්ෂීරපායින් වන අලි ඇතුන් පරිසර පද්ධතියක තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් වනාන්තර සහ තෘණබිම් පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වා ගැනීමට, බීජ ව්‍යාප්තියට සහ අනෙකුත් වන සතුන් සඳහා අවශ්‍ය ජල ප්‍රවේශය නිර්මාණය කිරීමට උපකාරී වේ.
නමුත්, මේ වටිනා අලි සම්පත වාසස්ථාන අහිමි වීම, මිනිස්-අලි ගැටුම, රථ වාහන වල ගැටීම සහ ඇත්දළ සඳහා දඩයම් කිරීම ඇතුළු දැඩි තර්ජන රැසකට මුහුණ පා ඇත. ආසියානු අලියාගේ උප විශේෂයක් වන සහ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ හා ස්වාභාවික උරුමයේ සංකේතයක් වන ශ්‍රී ලංකා අලියාගේ (Elephas maximus maximus) ගහනය ද වාසස්ථාන විනාශය, කෘෂිකාර්මික ව්‍යාප්තිය සහ වැඩිවන මිනිස්-අලි ගැටුම හේතුවෙන් විශාල වශයෙන් අඩුවෙමින් පවතී.
මේ අමිල සම්පත ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමකි. දැනුවත්භාවය, ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සහ සුදුසු සංරක්ෂණ උත්සාහයන් තුළින්, ඔවුන්ගේ පැවැත්ම සහ පරිසර පද්ධතිවල සමතුලිතතාවය සහතික කළ හැකිය.