Ruwan Diaries

Ruwan Diaries අපේ රට පාරාදීසයක්...
ආශ්චර්යමත් සොබා දහමේත්, මානව ශිෂ්ඨාචාරයේ විස්මිත උරුමයන්ගෙනුත් සුපොහොසත්...

29/07/2026

සැන්ටා කෲස් හි සීබ්‍රයිට් (Seabright) වෙරළේ දැවැන්ත රළ පහරකින් කුඩා දරුවෙකු බේරාගත් වීරෝදාර ජීවිතාරක්ෂක නිලධාරියා ධවල මන්දිරයට කැඳවීමට ට්‍රම්ප් පියවර ගනී.

අපි ජීවත් වන මේ ලෝකයේ එක එක විදියේ අභියෝග, නපුරුකම් තියෙන්න පුළුවන්. ඒත් රයිඩර් වගේ තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා අනුන්ගේ ජීවිත බේරගන්න හිතන මෙහෙම සැබෑ ජීවිතයේ දේවදූතයෝ ඉන්නකම්, මේ ලෝකය තාමත් ලස්සන තැනක් ❤️❤️❤️

19/07/2026

ශ්‍රී ලංකාවේ මීගමුව වෙරළ තීරයේ, හිරු එළියෙන් පිරුණු සුන්දර ඉරිදා උදෑසනක සාම්ප්‍රදායික කරවල නිෂ්පාදන ක්‍රියාවලිය අත්විඳින්න. වෙරළබඩ පරිසරයේ පවතින සන්සුන් බව විඳගන්නා අතරම, පරම්පරා ගණනාවක සිට පැවත එන ක්‍රමවේදයන් භාවිතයෙන් දේශීය ධීවරයින් නැවුම් මාළු සකසන ආකාරය නරඹන්න.

එක එක වර්ගයේ අය යායට අව්වේ වේලනවා. කොටින්ම තව ටිකක් වෙල උන්නොත් මාවත් අර පේන කරවල කෑල්ල වගේ වෙනවා ...😆😆😆

12/07/2026

වැස්සත් ගමනට ආශිර්වාද කියනවා..! 🌧️⛈️🌨️

12/07/2026

සුන්දර මාතර පුරවරයට යන ගමන් .. 💚💚💚

කබලෑව සිද්ධ සූනියම් පුරාණ දේවාලය...
09/07/2026

කබලෑව සිද්ධ සූනියම් පුරාණ දේවාලය...

03/07/2026

මාවතේ සංගීත චාරිකාව

01/07/2026

එදා අතීත හෙළයන් මහා කලුගල් වෙන්කරමින් ඔවුන්ගේ නිර්මාණ සදහා භාවිතා කල තාක්ෂණය මොනතරම් ශූරකමක්ද ..?

29/06/2026

කබලෑව ඇඹව ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් මහා දේවාලය..

ඔබ සැමට පින්බර පොසොන් පොහෝදිනයක් වේවා.! 🙏🙏🙏
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහෝදිනයක් වේවා.! 🙏🙏🙏

29/06/2026

අටසැට ලෙන් පූජා කරන ලද්දේ දේවානම් පිය තිස්ස රජු බවයි මහාවංශ කතුවරයා සඳහන් කරන්නේ. නමුත් පසුකාලීන දායකයන්ද විශාල වශයෙන් මෙම පරිශ්‍රයට ලෙන් පූජා කල බව කටාරම් අසල කොටා ඇති ලෙන් ලිපි මඟින් පෙනී යනවා. ලෙන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම පරිශ්‍රයේ දක්නට ලැබීම එම උපකල්පනය තවදුරටත් සනාථ කරනවා. පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂර වලින් කරවන ලද මෙම ලෙන් ලිපි වසර 2300 ක් පමණ පැරණි බවයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ. මිහින්තලේ අරාම සංකීර්ණයෙන් දැනට හමුවී ඇති ලෙන් ලිපි ගණන 75 ක් පමණ වනවා. එයින් 58 ක්ම තිබෙන්නේ මේ අටසැට ලෙන් ආශ්‍රිතවයි.

Address

Ja-Ela
Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Ruwan Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruwan Diaries:

Shortcuts

Share