29/05/2026
අනුරාධපුර තියෙන ථූපාරාම රෝහල් සංකීර්ණය සහ සංඝාරාම සංකීර්ණයේ වෙත.
ථූපාරාම විහාර පරිශ්‍රය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදු කෙරෙද්දී පුරාවිද්‍යාඥයනට හා පර්යේෂකයන්ට එක් කරුණක් පිළිබඳව දැඩි අවධානයක් කරන්නට සිදු විය. ඊට හේතුව තමයි “ථූපාරාම විහාර පරිශ්‍රය පුළුල් වූ නිසා එහි වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලාද සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ අගයක් ගන්නට ඇති. ඉතින් එනිසා මෙහි වැඩ විසූ භික්ෂුන් ගිලන් උනහම උන්වහන්සේලාට ප්‍රතිකාර කරන්නට බෙහෙත් ගෙයක් හෝ රෝහලක් මෙම
භූමියේ සැකැස්ම අනුව තිබිය යුතුයි” කියන නිගමනය තමයි ඒ.
මෙතෙක් සිදු කළ ගවේෂණවලදී නිශ්චිතව මූලාශ්‍ර ගත වෙනත් සාධක මේ සඳහා නැතත් ථූපාරාම පරිශ්‍රයේ රෝහලක් තිබුණු බවට වන තොරතුරක් අනුරාධපුර, කිරිබත්වෙහෙර පිහිටි ටැම් ලිපියක සඳහන් වීම නොසලකා හරින්නට බැහැ අපට. මේ කියන කිරිබත්වෙහෙර තිබෙන්නේ ථූපාරාමයට කිලෝමීටර් 5ක් පමණ උතුරු දිසාවේය. කිරිබත්වෙහෙරට ගිය එච්.සී.පී. බෙල් මහතා 1891දී මෙම ටැම් ලිපිය සොයාගත් අතර ඒ නිසා ථූපාරාම රෝහල ගැන සාක්ෂියක් ලැබී තිබේ.
එම ටැම් ලිපියේ සඳහන් වන්නේ “ථූපාරාමයේ බෙහෙත් ගෙට ඉඩම් පරිත්‍යාගයක්” සිදු කළ බවට වූ තොරතුරකි. ලිපියේ සඳහන් වන්නේ, එය නිකුත් කළේ සිරි සංග් බෝ නම් රජකුගේ, දාහතර වැනි රාජ්‍ය පාලන වර්ෂයේදී බවය. ඒ අනුව මෙහි කියැවෙන රජු හතර වැනි කසුබ් රජ බවට හඳුනාගෙන ඇත. රජුගේ රාජ ආඥාවෙන් ලිපිය පිහිටුවා තිබෙනවා කියලයි සදහන් වෙන්නේ.
“හතරවැනි කාශ්‍යප රජුගේ 14 වැනි රාජ්‍ය පාලන අවුරුද්දෙහි වප් මස පුරපොහොය දිනයේදී, රජ ගෙදර නියෝගයක් අනුව මහරජු විසින් ථූපාරාම බෙහෙත් ගෙට දුන් උතුරේ මේගිරිවත්තට, නැඟෙනහිර දිශාවෙන් ‘වෙහෙරවත්ත’ සීමා කොටසටත්, දකුණු දිසාවෙන් මී ගස සීමා කොටසත්, බස්නාහිර දිසාවෙන් කරත්ත පාර සීමා කොටසත්, උතුරු දිසාවෙන් සංබඩ කැලය සීමා කොටසත්, මේ සතර සීමාවන් ඇතුළත් වූ වත්ත ලෙස හැදින්වීම කර තියෙන්නේ.
ථූපාරාම විහාර පරිශ්‍රය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදු කෙරෙද්දී පුරා...