22/09/2026
🔰 දින 25 දඹදිව වන්දනාව...
⏩ සොඳුරු කලකෙකි අද
පැතිරෙන ලොවේ දම් රැස
යමුද දක්නට අප
අලාමක මුනි ගොයුම් ගොත් රද.....
✅ පිටත්වීම් - 2027 - පෙබරවාරි, මාර්තු
⭐ 2026 දෙසැම්බර් දින 18 ඉන්දියානු නේපාල සංචාරයේ ඉතිරි ආසන ප්රමාණය - 15
🔰 අපගේ ආසන ඉක්මණින් සම්පූර්ණ වන බැවින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න
⭕ බොහෝ කාලයක් තිස්සේ දින 25 සංචාරයන්ගේ අත් දැකීම් බහුල දහම් අරණ ටුවර්ස් අප සමඟ ඔබත් එක් වන්න...
⭕ අනුකරණ වලට නොරැවටී ඔබගේ මුදල් සහ සංචාරය ගැටළුවකින් තොරව සිදු කර ගැනීමට වග බලා ගන්න..
🛫🛫🛫 ශ්රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත සුවපහසු ගුවන් ගමනක් සමඟින් ... කොළඹ - චෙන්නායි , චෙන්නායි - කොළඹ
🔰 දහම් අරණ භාවනා සෙනසුනේ අනුශාසක පූජ්ය කළුතර සුබෝධි ස්වාමින් වහන්සේගේ මාර්ගෝපදේශය සහ අනුශාසකත්වය සමඟින් සිදු කෙරෙන වටිනා දඹදිව වන්දනාවකි...
⭕ ඔබත් අදම ලියාපදිංචි වන්න
⭕ දු.ක. 078 630 5966 / 076 98 98 875 (whatsapp)
🔥 කෙටියෙන්ම කියනව නම් මුළු ඉන්දියාවම වගේ බලන් එන්න පුළුවන් වන්දනා ගමනක් තමයි මේක. මේ වන්දනා ගමන වැටිල තියෙන්නෙ ප්රාන්ත ගණනාවක් හරහා. තමිල්නාඩු, ආන්ද්රා, තෙලන්ගනා, මහාරාෂ්ට, මධ්ය ප්රදේශ්, උත්තර් ප්රදේශ් කියන ප්රාන්ත තමයි ඒ.
ඇත්තෙන්ම දින 25 වන්දනා ගමන කීවම ගොඩක් අය ඒකට බයයි. එක එක අයගෙ කතා අහලා බොරු බයක් හිතේ ඇති කර ගන්නවා.. ඇත්තටම එහෙම අනියත බයක් ඇති කර ගන්න කිසිම උවමනාවක් නෑ. මේ වන්දනා ගමන අපි පටන් ගන්නෙ චෙන්නායි හරහා. චෙන්නායි ඉඳල බස් රථයකිනුයි සංචාරය කරන්නෙ. දුම්රිය ගමන් කිසිවක් මේකට යෙදිල නෑ. නවාතැන් විදිහට හෝටල් පහසුකම් තියෙනව. කෑමත් ලංකාවේ විදිහට සකස් කරල තමයි දෙන්නෙ. බොන්න වතුර බෝතල් දෙනව. ඒ නිසා ඔබගේ වයසක දෙමාපියන් සහභාගි කරවනව නම් මේ තමයි හොඳම සහ සුදුසුම වන්දනා ගමන.
එහෙම කියන්න මූලිකම හේතුව තමයි මේ වන්දනා ගමනෙ බලන්න යන තැන් ටික. කිසිම අඩුවක් නැතුව ඉන්දියාවේ ගොඩක් තැන් මේ ගමනෙන් ආවරණය වෙනව.
⭕ තිරුපති ( බුදු රජාණන් වහන්සේගේ සිරි පතුලක් තිබෙන ස්ථානයක්)
⭕ අමරාවතී ( ධර්මාශෝක රජතුමා ඉදි කල චෛත්යයක්, දීපංකර බුදු රජාණන් වහන්සේගේ ප්රතිමාව, ක්රිෂ්ණා නදිය, කෞතුකාගාරය )
⭕ නාගර්ජුන් කොණ්ඩා ( බෞද්ධ විශ්වවිද්යාලයකි. බෝට්ටුවකින් යා යුතුයි )
⭕ බුද්ධවනම් ( බෞද්ධ සිද්ධස්ථානයකි )
⭕ දේක්ශාභූමි විහාරය - නාග්පූර් ( අම්බෙඩ්කාර් තුමා විසින් ඉදි කරන ලද චෛත්ය )
⭕ කොසඹෑ නුවර - ඝෝෂිතාරාමය, පාරිලෙයිය වනය
⭕ බරණැස - ධම්මරාජික ස්ථූපය, ධම්මික ස්තූපය, මූලගන්ධකුටි විහාරය, දම්සභා මණ්ඩපය, නව මූලගන්ධ කුටි විහාරය, බරණැස කෞතුකාගාරය, සම්මුඛ චෛත්යය, බ්රහ්මදත්ත මාලිගය
⭕ බුද්ධගයා, දුර්ගේශ්වරී, සුජාතා ගම
⭕ ගුරුපාදය ( මහාකාශ්යප මහරහතන් වහන්සේගේ ශරීරය තැන්පත් කොට ඇති උන් වහන්සේ බොහෝ කලක් වැඩ සිටි ස්ථානය )
⭕ විෂ්ණුපාද ( දෑසින්ම දැක ගත හැකි බුදු රජාණන් වහන්සේගේ සිරිපතුලක් ඇති ස්ථානයකි )
⭕ ගයා ශීර්ෂය ( කාල වේලාව අනුව මෙම ස්ථානය නැරඹීමට යොදා ගනු ඇත. ආදිත්ත පරියාය සූත්රය දේශනා කල ස්ථානය )
⭕රජගහ නුවර, බිම්බිසාර සිර මැදිරිය, ජීවක අඹ වනය, වාලසංඝාටික චෛත්ය, සප්තපර්ණී ගුහාව, වාලසංඝාටික චෛත්ය, ගිජ්ඣකූට පර්වතය, සූකර ඛත ලෙන
⭕ විශාලා මහ නුවර, ආනන්ද සෑය, අභිෂේක පොකුණ, ධාතු චෛත්ය, කූටාගාර ශාලාව, අශෝක කුළුණ
⭕ කුසිනාරා, නිබ්බාන චෛත්ය, ආදාහන චෛත්ය, ධාතු බෙදූ ස්ථානය
⭕ කේශාරියා ස්ථූපය ( බුදු රජාණන් වහන්සේගේ පාත්ර ධාතුව තැන්පත් කොට ඇත )
⭕ ලුම්බිණි, තිලාවුර්කෝට්, නිග්රෝධාරාමය, සුද්ධෝදන මාළිගය, කකුසඳ බුදු රජාණන් වහන්සේ ඉපදුණු ස්ථානය, කෝණාගමන බුදු රජාණන් වහන්සේ ඉපදුණු ස්ථානය
⭕ ඉන්දියානු කපිලවස්තුව
⭕ සැවැත් නුවර, ගන්ධ කුටිය, ආනන්ද බෝධිය, දම්සභා මණ්ඩපය, කරේරු කුටිය, රාජකාරාමය, රාහුල කුටිය, පූතිගත්ත තිස්ස කුටිය, සීවලී කුටිය, සාරිපුත්ත කුටිය, අචිරවතී නදිය, පූර්වාරාමය, අංගුලිමාල සෑය, අනේපිඬු සිටු මාලිගය
⭕ සංකස්ස
⭕ අග්රා, ටජ්මහල්
⭕ දිල්ලි, සතිපට්ඨානය දේශනා කල ස්ථානය, දිල්ලි කෞතුකාගාරයේ ධාතූන් වහන්සේලා, ඉන්දියා ගේට්, රාෂ්ට්රපති භවන්
⭕ සාංචිය ( මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා රහත් මෙහෙණිය සිටි ස්ථානය)
⭕ සත්ධාරා ( මහාකච්චායන මහ රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානය)
⭕ අජන්තා එල්ලෝරා ( අසිරිමත් කළු ගල් කැටයම් ඇති ලෙන් සංකීර්ණය )
⭕ මහාබාලිපුරම් ( පාණ්ඩව රජුන්ගේ මාළිගය )
එකම ගමනකින් මේ ඔක්කොම ස්ථාන දවස් 25 කින් බලන්න පුළුවන් කියන එක කොච්චර වටිනවද. ආයෙ ගිහින් ඇවිත් අඬන්න කණගාටු වෙන්න දෙයක් නෑ.
ඒ හින්දා හිතේ තියෙන බොරු බයයි අනිත් අයගෙ එක එක කතාවලුයි අහල හිත වෙනස් කර ගන්න එපා. දවස් 12 ට 14 ට භාගෙට බලන්නත් 240,000 - 250,000 ක් වගේ ඔබගෙන් අය කරන කොට මේ ඔක්කොගෙම ඔබව අරන් යන්න අපි ගන්නෙ 260,000 යි. ඉතින් ඇත්තටම මේක සාධාරණ ගාණක් නේද. ඒ හින්දා ඔබේ දෙමාපියන් ඉන්නව නම් මේ ගමනට සම්බන්ධ කරවන්න. කිසිම දේකට බය වෙන්න එපා. අපි ඒ අය ගැන බලා ගන්නව.
ඒ වගේම දඹදිව එක්ක යන ආයතන ඔහේ උඩින් පල්ලෙන් ඒ ඒ ස්ථාන පෙන්නගෙන යන කොට අපි ඒ ඒ තැන් වල ලස්සන වැඩසටහන් කරනවා. ධර්ම දේශනා කරනව. සූත්ර සජ්ඣායනා කරනව. වන්දනා කවි කියලා ලස්සනට ඒ තැන් වන්දනා කරවනව.
🔥 අපේ දඹදිව වන්දනාවෙ ආදර්ශ පාඨය තමයි " ධර්මයෙන් බුදු රදුන් දැක.. සැදැහැයෙන් දඹදිව වඳිමු " කියන එක. ඉතින් මේ ගමන පුරාවටම අපි ඔබට ධර්මය කියල දෙනව. ධර්මයේ හැසිරෙන හැටි කියල දෙනව. ඉතින් ඒකෙන්ම අපේ ආදර්ශ පාඨය යථාර්ථයක් කර ගන්න අපි හැම වෙලාවෙම උත්සහ කරනව.
ඉතින් ඒ වෙනුවෙන් විශේෂ ධර්ම දේශනා සහ වැඩසටහන් මාලාවකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්.
🌻 තිරුපති සිරිපතුල වන්දනාව
🌻අමරාවතී චෛත්ය වන්දනාව
🌻 කොසඹෑ නුවර ගන්ධ කුටිය වන්දනාව
🌻 දම්සක් පැවතුම් සූත්ර ධර්ම දේශනාව - බරණැස
🌻 අනාත්ම ලක්ඛණ සූත්රය සජ්ඣායනාව සහ ධර්ම දේශනාව - බරණැස
🌻 සම්මුඛ චෛත්යය වන්දනාව
🌻 ජයශ්රී මහා බෝධි වන්දනාව සහ ධර්ම දේශනාව - බුද්ධගයාව
🌻 මහා සච්චක සූත්ර සජ්ඣායනාව සහ ධර්ම දේශනාව - දුර්ගේශ්වරී
🌻 මහා කස්සප ථේර ගාථා - ධර්ම දේශනාව සහ මහා කස්සප ගුණ වරුණ
🌻 ආදිත්ත පරියාය සූත්ර සජ්ඣායනාව සහ ධර්ම දේශනාව
🌻 ගිජ්ඣකූට ගන්ධ කුටිය වන්දනාව සහ ධර්ම දේශනාව
🌻 සාරිපුත්ත ගුණ වරුණ සහ ධර්ම දේශනාව - සූකර ඛත ලෙන
🌻 ධාතු චෛත්ය වන්දනාව - විශාලා
🌻 ආනන්ද සෑය වන්දනාව, රතන සූත්රය සජ්ඣායනාව සහ ධර්ම දේශනාව - විශාලා
🌻 කේශාරියා ස්තූප වන්දනාව
🌻 කුසිනාරාවේ නිබ්බාන චෛත්ය වන්දනාව සහ ධර්ම දේශනාව
🌻 ආදාහන චෛත්ය වන්දනාව සහ ධර්ම දේශනාව
🌻 ලුම්බිණිය වන්දනාව සහ ධර්ම දේශනාව
🌻 නිග්රෝධාරාම චෛත්ය වන්දනාව
🌻 සැවැත් නුවර ගන්ධ කුටිය වන්දනාව
🌻 ආනන්ද බෝධි වන්දනාව
🌻 දම්සභා මණ්ඩප වන්දනාව
🌻 අනාථ පිණ්ඩිකෝවාද සූත්රය - ධර්ම දේශනාව
🌻 අංගුලිමාල පිරිත සජ්ඣායනාව
🌻 සංකස්ස වන්දනාව
🌻 ධාතු වන්දනාව - දිල්ලි
🌻 සතිපට්ඨාන සූත්රය ඇසුරෙන් ධර්ම දේශනාව - දිල්ලි
🌻 සාංචි වන්දනාව
🌻 සත්ධාරා වන්දනාව සහ ධර්ම දේශනාව
මේ කියන වටිනා වැඩසටහන් ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන් කම මේ ගමනෙදි ඔබට ලැබෙනව. වන්දනාවෙ ගිහින් ධර්මයත් ඉගෙන අපේ අරමුණ වෙන උතුම් නිවන සාක්ෂාත් කරන මාර්ගය වඩන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන වටිනාම දේ. ඉතින් ඔබත් බය සැකක් නැතුව මේ වන්දනාවට සම්බන්ධ වෙන්න. ඔබගේ හිතවතුන් සම්බන්ධ කරවන්න. ඔබගේ දෙමාපියන් සම්බන්ධ කරවන්න. ඒ අයට වටිනාම දෙයක් දෙන්න.
🔰 දඹදිව වන්දනාව – ගමන් විස්තරය
⭕ 1 වන දිනය
කොළඹින් චෙන්නායි බලා පිටත් වීම, මහාබාලිපුරම් නැරඹීම
රාත්රි – චෙන්නායි
⭕ 2 වන දිනය
චෙන්නායි සිට තිරුපති පැමිණීම, තිරුපති නැරඹීම
රාත්රි – තිරුපති
⭕ 3 වන දිනය
අමරාවතී බලා පිටත්වීම, අමරාවතී නැරඹීම
රාත්රි – ගුන්ටූර්
⭕ 4 වන දිනය
ගුන්ටූර් සිට හයිද්රාබාද් බලා පිටත්වීම, අතරමඟ නාගර්ජුන කොණ්ඩා, බුද්ධවනම් නැරඹීම
රාත්රි – හයිද්රාබාද්
⭕ 5 වන දිනය
හයිද්රාබාද් සිට කොසඹෑ නුවර බලා පිටත්වීම, දේක්ශාභූමි විහාරය නැරඹීම
⭕ 6 වන දිනය
කොසඹෑ නුවරට පැමිණීම, පාරිලෙයිය වනය නැරඹීම
රාත්රි – කොසඹෑ නුවර
⭕ 7 වන දිනය
කොසඹෑ නුවර නැරඹීම, බරණැස බලා පිටත්වීම
රාත්රි – බරණැස
⭕ 8 වන දිනය
බරණැස වන්දනා කිරීම
රාත්රි – බරණැස
⭕ 9 වන දිනය
බරණැස සිට බුද්ධගයා බලා පිටත්වීම, අතරමඟ බරණැස මාළිගය නැරඹීම
රාත්රි – බුද්ධගයා
⭕ 10 වන දිනය
සිල් සමාදන් වීම, දුර්ගේෂ්වරී සහ සුජාතා ගම නැරඹීම
රාත්රි – බුද්ධගයා
⭕ 11 වන දිනය
ගුරුපාදය සහ විෂ්ණුපාද නැරඹීම
රාත්රි – බුද්ධගයා
⭕ 12 වන දිනය
රජගහ නුවර, නාලන්දාව නරඹා විශාලාවට පැමිණීම
රාත්රි – විශාලා
⭕ 13 වන දිනය
විශාලාව වන්දනා කොට කුසිනාරාවට පැමිණීම
රාත්රි – කුසිනාරා
⭕ 14 වන දිනය
කුසිනාරාව වන්දනා කිරීම, ලුම්බිණි බලා පිටත්වීම
රාත්රි – ලුම්බිණී
⭕ 15 වන දිනය
ලුම්බිණි, තිලාවුර්කෝට් නැරඹීම
රාත්රි – ලුම්බිණි
⭕ 16 වන දිනය
ලුම්බිණි සිට සැවැත් නුවරට පැමිණීම
රාත්රි – සැවැත් නුවර
⭕ 17 වන දිනය
සිල් සමාදන් වීම, ජේතවනාරාමය, අංගුලිමාල සෑය, අනේපිඬු සිටු මාලිගය, පූර්වාරාමය, ගණ්ඩබ්බ වෘක්ෂ මූලය නැරඹීම
රාත්රි – සැවැත් නුවර
⭕ 18 වන දිනය
සැවැත් නුවර සිට සංකස්ස වන්දනා කොට අග්රා බලා පිටත්වීම, ටජ්මහල් නැරඹීම
රාත්රි – අග්රා
⭕ 19 වන දිනය
අග්රා සිට දිල්ලි බලා පිටත්වීම, කපිලවස්තු ධාතු වන්දනා කිරීම, සතිපට්ඨානය දේශනා කළ ස්ථානය වන්දනා කිරීම, ශොපින්, නැවත අග්රා බලා පැමිණීම
රාත්රි – අග්රා
⭕ 20 වන දිනය
දිල්ලි සිට සාංචි බලා පිටත්වීම
රාත්රි – සාංචි
⭕ 21 වන දිනය
සාංචිය වන්දනා කිරීම
රාත්රි – සාංචි
⭕ 22 වන දිනය
සාංචි සිට අජන්තා බලා පිටත්වීම
රාත්රි – අජන්තා
⭕ 23 වන දිනය
අජන්තා, එල්ලෝරා නැරඹීම
රාත්රි – අජන්තා
⭕ 24 වන දිනය
අජන්තා සිට චෙන්නායි බලා පිටත්වීම
⭕ 25 වන දිනය
චෙන්නායි පැමිණීම, විවේක ගැනීම, ශොපින්
රාත්රි – චෙන්නායි
⭕ 26 වන දිනය
ගුවන් තොටුපොළ බලා පැමිණීම
🔰 මේ වන්දනාව සම්පූර්ණයෙන් මෙහෙයවන්නෙ කළුතර සුබෝධි ස්වාමින් වහන්සේ. කළුතර දකුණ, හෙට්ටිගොඩ, කොහොලාන දහම් අරණ භාවනා සෙනසුනේ අනුශාසක ස්වාමින් වහන්සේ.
🔥ධර්මයත් ඉගෙන ගෙන
🔥ධර්මයේ හැසිරෙමින්
🔥බුදු ගුණ මනසිකාරයේ යෙදෙමින්
අපි හැමෝම දඹදිව වඳිමු...
Daham arana tours pvt limited
Daham arana meditation center
Hettigoda
Koholana
Kaluthara south
Tel - 076 98 98 875
තෙරුවන් සරණයි