Travel With Ruchira

Travel With Ruchira Come and see the beautiful city

වැද්දාට රැවටුණු සුද්දා නිසා හැදුණ දහ අට වංගුවේ කතාව.. 🤔=====================================ලංකාවේ තියෙන පාරවල් අතුරින් ...
12/01/2024

වැද්දාට රැවටුණු සුද්දා නිසා හැදුණ දහ අට වංගුවේ කතාව.. 🤔
=====================================

ලංකාවේ තියෙන පාරවල් අතුරින් ඉතා විශේෂත්වයක් ගන්නා එක් මාර්ගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. සංචාරකයන් පවා ලංකාවට ආවොත් මේ දහඅට වංගුව අමතක කරන්නේ නැහැ. මොකද එහි ඒ තරම් සුවිශේෂීත්වයක් එහි ගැබ් වෙලා තියෙන නිසා. ලංකාවේ තියෙන A ශ්‍රේණියේ මාර්ග අතුරින් හැමෝම යන්න කැමති පාරවල් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මහනුවර ඉඳලා යාපනයට යන A 9 මාර්ගය. අනිත් මාර්ගය තමයි මහනුවර ඉඳලා මහියංගනයට යන A 26 මාර්ගය. මේ මර්ගයේ තමයි අද අපි කතා කරන වංගු 18 තියෙන්නේ.

මෙහි ප්‍රපාතාකාර වැලමිට වංගු 18 ක් ඇති නිසා මේ මාර්ගයේ එක් වතාවක් පමණක් ගමන් කර ඇති අයෙක්ට වුණත් ඒ ගමන නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ.උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වෙන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙන්.ඉතින් කඳුකර ප්‍රදේශවල පහසුවෙන්ම මහියංගණයට ළඟා වෙන්න පුළුවන් පහසු මාර්ග සකසන්නට හැකියාව තිබුණත් මේ වගේ අසීරු මාර්ගයක් හදපු එක ගැන සොයන්නම වෙනවා. ඉතින් ඒ සඳහා මේ වංගුවේ අතීත කතාව සොයා බලන්නට වෙනවා.

අද වෙද්දි වංගු 17 ක් පමණක් දකින්නට ඇති දහ අට වංගුවේ අතීත කතාව ගැන විමසන්නටයි මේ සූදානම. මීට වසර ගණනාවකට කලින් යුරෝපීය ජාතීන් ලංකාව පැමිණිලා ලංකාවේ පාලනය ඔවුන් යටතට ගන්නට කටයුතු කළා. ඒ අතුරින් පෘතුගිසීන්ට ලන්දේසීන්ට නොහැකි වුණු කාර්යය ඉංග්‍රීසීන් විසින් සිදු කළා. ඉතින් ඉංග්‍රීසීන් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් පසුව වතු වගාව ආරම්භ කරන්නට මුල් පිරුවා. තේ. රබර්, කෝපි ,සිංකෝනා ආදී මෙකී නොකී වගාවන් ව්‍යාප්ත කරන්නට කටයුතු කළා. ඒ වතු වගාව කඳුකරයේ ශීඝ්‍රයෙන් පැතිරිලා ගියා. ඒ අතරෙ යුරෝපීයන්ට තමන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට අරගෙන යන්නට අවශ්‍ය වුණා. ඒ නිසා මාර්ග පද්ධතියක අවශ්‍යතාවය ඔවුන්ට දැණුනා. කොළඹ සිට මහනුවරට මාර්ගයක් සකස් කරන්නේ ඒ නිසාවෙන්.

නමුත් මේ අතරෙ දි ටොරින්ටන් සාමිවරයාගේ 1848 දී නව බදු ප්‍රතිපත්ති පැනවීම නිසා උඩරට කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය අතරෙ 1850 දී පමණ හුන්නස්ගිරි පළාතෙත් තේ වගේම එනසාල් වගාවත් ආරම්භ වෙනවා. මේ හේතු නිසාම බ්‍රිතාන්‍යයන් මහනුවරින් මාර්ග නිර්මාණය කිරීම නතර කරන්න නොහැකි බව තේරුම් අරගෙන උඩුදුම්බර දක්වාම පාරවල් හැදුණා. ඒත් ඉතින් පාරවල් හදන එක ගැන වැඩි අවබෝධයක් ඉංග්‍රීසි ජාතිකයන්ට තිබුණේ නැති නිසා ඔවුන් මේ සඳහා පළාතේ ජනතාවගේ අදහස් දැන ගන්නට කටයුතු කළා.

එකල උඩුදුම්බර ගමේ ප්‍රධානීන් 4 දෙනෙක් වුණු ගම්පහ බස්නාහිර කෝරළේ, ගම්පහ නැගෙනහිර කෝරළේ,ගම් දෙකේ කෝරළේ,කන්ද පහළ කෝරළේ යන අය කැඳවාගෙන ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කර තිබුණා.මේ වෙද්දි මේ කෝරලේ හතරදෙනා තුළම ඉංග්‍රීසි ජාතිකයන් ගැන එතරම් පැහැදීමක් තිබිලා නැහැ.ඒකට ප්‍රධානම හේතුව තමයි උඩරට කැරැල්ල වෙලාවේ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් කඩහපොළ හිමියන්ට එරෙහිව නඩු අසා එක් දවසකින්ම වෙඩි තබා මරණයට පත් කිරීම. මේ නිසා කෝරළේ හතරදෙනා වැදි ගම්මානයෙන් ආපු කෙනෙක් සම්බන්ධ කරගෙන වැදි ගම්මානයට යන්න තියෙන අසීරුම මාර්ගය පෙන්වාදී තියෙනවා.කොහොමහරි හුන්නස්ගිරිය ඉහළටම නැගලා මහා බෑවුමක් එක්ක මහියංගණය දැක්කම ඉංග්‍රීසින් තීරණය කර තියෙනව වංගු සහිතව මාර්ගය ඉදි කරන්නට.

තවත් ජනප්‍රවාදයකට අනුව ඒ කාලේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ගම්වල ගැහැණු දැරිවියො ආරක්ෂා කර ගන්නට ගම්මාන නැති කැලෑ ප්‍රදේශවලින් පාර පෙන්නන්න කතිකා කරගෙන තිබුණලු. ඉතින් කොහොමහරි ඒ මාර්ගය හදන්නත් ශ්‍රමය සූරාකෑවේ අපේම මිනිසුන්ගෙන්. ඒ කාලේ සෑම වැඩිහිටි පිරිමියෙක්ම සතියට දින 6 ක්ම නොමිලයේ පාරවල් තැනීමේ කටයුතුවලට සම්බන්ධ විය යුතු වුණා. එහෙම නැති වුණොත් සිලිං තුනක ඇඟ බද්දක් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. පාර බද්ද කිව්වේ ඒකට.

කොහොමහරි උඩුදුම්බර ඉඳල නාසරුව,කෝවිල්මඩ, තවලන් තැන්න,තැම්මිටියාන,තිස්පන දක්වා මාර්ගය සැකසීමෙන් මේ දහ අට වංගුව නිර්මාණය වුණා. ඉතින් වරක් ඉංජිනේරු මහතෙක් පවසා තිබුණේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් එහි දුර මීටර් 500 කටත් අඩුවන බවයි.ඉතින් වංගු 18 ම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්. ඉතින් කිලෝමීටර් භාගයක් දුර නගින්න හෝ බසින්නට කිලෝමීටර් 7 ක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතු වෙනවා.

කොහොමහරි ඒ දහ අට වංගුවේ දෙවනි වංගුව ඉතාමත් අනතුරුදායක එකක් වුණු බවයි සඳහන් වෙන්නේ. එතන නතර කර වාහනය රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බැහැ. එදා ගල් තාර යොදා තිබූ දහ අට වංගුව අද කාපට් ඇතුරූ සුවපහසු ආරක්ෂිත සුන්දර මාර්ගයක්.එදා මීටර් 3 ක් පමණ පළලින් යුක්ත මේ මාර්ගය අද මීටර් 8.5ක් පමණ පළලින් නිර්මාණය වී ඇත්තේ මංතීරු දෙකක් ද සමඟින්. ඒ වගේම පාලම් 9 ක් බෝක්කු 30ක් ඉදිකර තියෙනවා.

ඉතින් මේ මාර්ගය ඉදිකරන්නට එදා ගස් 5000 ක් පමණ කපා දමන්නට සිදුව තිබුණා. එයත් සමඟ අසරණ ජනතාවගේ දහඩියෙන් නිර්මාණය වුණු මේ මාර්ගය ලංකාවේ ඇති එක්තරා දුෂ්කරම මාවතක්. නමුත් හරිම සුන්දර ගමනක්.මේ මාර්ගය සකස් කිරිමේදී අපේ මිනිසුන් කී දෙනෙක් මරණයට පත් වෙන්නට ඇති ද. ඒ වගේම මේ කළු ගල් කඩන්නට සිදුව තිබුණේ පරිසරයට වගේම අවට පදිංචිකරුවන්ට හානිදායක වෙන විදියට.ඒ සඳහා සාම්ප්‍රදායික බෝර දැමීම් වගේම රසායනික ක්‍රමයටත් ගල් පුපුරවා තිබුණා.ඉතින් විශාල අභියෝගයන් රැසක් මැද එදා මේ මාර්ගය ඉදිකෙරුණා වගේම නැවත මාර්ගය පුළුල් කිරීමත් සිදු කෙරුණා.

අපේ රටේ ජාතික උරුමයක් වෙන මේ දහ අට වංගුවට වසර 30 කටත් අධික කාලයක් ගෙවී ගිහින්. ඉතින් හරි අපූරු ඉතිහාස කතාවත් සිහියේ තබාගෙන දහ අට වංගුවේ රවුමක් යන එක කොහොමටත් හොඳයි නේ.

 #වික්ටෝරියා ජලාශයට යටවුණු දුම්බර මිටියාවත  #පැරණි_තෙල්දෙණිය_නගරය
26/04/2023

#වික්ටෝරියා ජලාශයට යටවුණු දුම්බර මිටියාවත
#පැරණි_තෙල්දෙණිය_නගරය

 #ජලාශ_පතුලේ_සැඟවීගිය_ඉතිහාසය_නැවතත්Youtube - https://youtu.be/Lxpezbv6FcI #කඩදොර_විහාරය, කොත්මලේ | 19/03/2022ඓතිහාසික ක...
25/03/2022

#ජලාශ_පතුලේ_සැඟවීගිය_ඉතිහාසය_නැවතත්

Youtube - https://youtu.be/Lxpezbv6FcI

#කඩදොර_විහාරය, කොත්මලේ | 19/03/2022

ඓතිහාසික කොත්මලේ ප්‍රදේශයේ පිහිටි තවත් එක් සුවිශේෂී විහාරයක් ලෙස කඩදොර විහාරය පෙන්වා දිය හැක. එසේ සුවිශේෂී වීමට හේතුව වනුයේ වර්තමානයේදී නම් එනම් ක්‍රි.ව. 1979න් පසුව විහාරය දැකිය හැක්කේ දැඩි ඉඩෝර සමයකදී වීම හේතුවෙනි.

කොත්මලේ ජලාශයට විහාරස්ථාන 54ක් පමණ යටවී තිබෙන අතර, ඉන් ඉඩෝර සමයකදී හෝ පැහැදිලිව දැක ගත හැකි එකම විහාරය කඩදොර විහාරය පමණි.

1979 වසරේදී කොත්මලේ වේල්ලේ වැඩ පටන් ගත් අතර එතැන් සිට කොත්මලේ ජලාශයේ ජලයට විහාරය යටවිය. ඉන් පසුව දකින්නට ලැබෙනුයේ වසර ගණනාවකට පසුව එන දැඩී ඩෝරයකදී ජලාශයේ ජලය සිදුණු පසුවයි.

කොත්මලේ ඔයේ ඉවුරේ, එනම් කඩදොර කන්ද පාමුල විහාරය පිහිටා තිබේ. නටඹුන් අතර පිළිම වහන්සේ, මල් ආසනය, දේව රූපයන් හා මකර තොරණ දැක ගත හැක. සුවිශේෂීත්වය නම් වසර 40ක් ගියද පිළිමගයි ලී උළුවස්ස තවමත් දිරාපත් නොවී තිබීමයි.

පිළිමය භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිමවා තිබේ. තමන් වහන්සේ බුදු බව ලැබීම සදහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයන් ගණනක් පෙරුම් පිරූ බවට මහී කාන්තාව (පොළව) ශාක්ෂි දරණ බවට පොළව දෙසට ශ්‍රී හස්තය යොමු කිරීමෙන් පෙන්වන බව මෙම මුද්‍රාවේ අර්ථයයි

24/03/2022

බෙල්වුඩ් | කොත්මලේ ජලාශය පතුලේ සැඟවීගිය කඩදොර විහාරය
Video -https://youtu.be/Lxpezbv6FcI

https://youtu.be/u7uqYPCEvCg
14/01/2022

https://youtu.be/u7uqYPCEvCg

සප්තකන්‍යා කඳුවැටියේ සිදුවූ ලංකාවේ විශාලතම ගුවන් අනතුර | ලක්ෂපාන ඇල්ල , ලක්ෂපාන ඇල්ල ඉහල කොටස

 #වික්ටෝරියා_ජලාශයට_යට_නොවුනානම් අද නුවරටත් වඩා දියුණු නගරයක්  #තෙල්දෙණිය
21/08/2021

#වික්ටෝරියා_ජලාශයට_යට_නොවුනානම්
අද නුවරටත් වඩා දියුණු නගරයක් #තෙල්දෙණිය

14/06/2021
වික්ටෝර්යා වේල්ලේ කතාව | Victoria Dam -  🇱🇰 යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🌊☘️♥️🍂😍මේ පුද...
13/05/2021

වික්ටෝර්යා වේල්ලේ කතාව | Victoria Dam - 🇱🇰 යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🌊☘️♥️🍂😍

මේ පුදුමය ගැන කියවලම දැනගන්න.❤️

මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ.
මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10.

ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.

මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980වෙ......

J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න .
ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව.

අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන "වික්ටෝරියා" කියන නම කියල..

J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව.
මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල....

කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව.

ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්.
එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒකනිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල...

⭕ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි..

📌️ කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.

📌️ ජල විදුලිය නිශ්පාදන කිරීමට.

📌️ වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.

📌️ මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.

📌️ ගං වතුර පාලනය කිරීමට.

පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ. 🤗😃🤗

ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.

ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට....

🔴🔴🔴🔴
කෙටියෙන් වේල්ලේ විස්තර...
🔴🔴🔴🔴

මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.
අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.

📌️වේල්ලෙ උස මීටර් 121

📌️දිග මීටර් 520

📌️වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.

📌️ මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.

📌️උපරිම ජල මට්ටම - මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.

📌️මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.

📌️උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.

📌️මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.

📌️මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?

📌️අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ.අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.

📌️ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව.ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.

📌️එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.

📌️ ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.

📌️නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.

📌️1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.

📌️ ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.

📌️ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි... ලාංකික 47.එංගලන්ත 3 යි....

🔴ඔබගේ මිතුරන්ටත් දැනගැනීමට share කරන්න අමතක කරන්න එපා...

කලින් ලියපු පෝස්ට් එක👇

වික්ටෝරියා වේල්ලේ කතාව | Victoria Dam 🇱🇰

අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල ගැන...

මහවැලි ගංගාවේ ඉහළ කොටසේ තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලක් තමා මේ වික්ටෝරියා වේල්ල...

මෙය ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට මෙගාවොට් 210 විදුලී ධාරිතාවක් සපයනවා...

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පාදමකින්ද යුක්ත වෙනවා...

මේ වේල්ලට මේ නම ලැබුනේ මෙහෙමයි....
වික්ටෝරියා වේල්ල තිබෙන ස්ථානයේ එය සෑදීමට පෙර එයට 300m පහළින් තිබුනේ වික්ටෝරියා දිය ඇල්ල යි.
වික්ටෝරියා වේල්ලට එම නම ලැබුනේ වික්ටෝරියා දිය ඇල්ල නිසා යි...

මේ නම වැටෙන්න තවත් කතාවක් තියෙනවා ඒ තමා...

එංගලන්තයට ගොස් දෙවන එළිසබෙත් රැජිණ හමුවූ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ සාදන විශාලතම ජලාශය සඳහා ණය මුදලක් අවශ්‍ය බව රැජිනට පවසනවා....

මෙය ණයක් ලෙස ගත්තත් ජලාශය නම් කරන්නේ එලිසබෙත් රැජිණගේ මිත්තනිය වන වික්ටෝරියා රැජිණගෙ නමින් බවත්‍ ඔහු පවසනවා.

නමුත් සැබවින්ම වික්ටෝරිය ජලාශයට එම නම මීට පෙර සිටම යෝජනා වී තිබුණු එකකි. මන්ද වේල්ල නිර්මාණය වූයේ වික්ටෝරියා දිය ඇල්ල මත නිසාවෙනි....
ඔන්න ඔහොම කතාවකුත් තියෙනවා....

මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙනවා..

ඔයාලා දන්නවද ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් වික්ටෝරියා ජලාශය සමන්විත වෙනවා...

ඒ වගේම වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙනවා...

ජලාශයේ ජල මට්ටම ඉහළ යාමේදී මේ වාන් දොර‍ටු ස්වයංක්‍රීයව විවෘත වෙනවා...

මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පාදමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරනවා....

Victoria Dam

Victoria Dam is an arch dam located 130 mi upstream of the Mahaweli River's mouth and 4 mi from Teldeniya. Its main purposes are irrigation and hydroelectric power production. It is the tallest dam in Sri Lanka, and supports a 210 MW power station, the largest hydroelectric power station in the country.

කලින් ලියපු පෝස්ට් එක කැමතිනම් කියවන්න 👇

වික්ටෝරියා වේල්ලේ කතාව | Victoria Dam 🇱🇰

අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල ගැන...

මහවැලි ගංගාවේ ඉහළ කොටසේ තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලක් තමා මේ වික්ටෝරියා වේල්ල...

මෙය ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට මෙගාවොට් 210 විදුලී ධාරිතාවක් සපයනවා...

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පාදමකින්ද යුක්ත වෙනවා...

මේ වේල්ලට මේ නම ලැබුනේ මෙහෙමයි....
වික්ටෝරියා වේල්ල තිබෙන ස්ථානයේ එය සෑදීමට පෙර එයට 300m පහළින් තිබුනේ වික්ටෝරියා දිය ඇල්ල යි.
වික්ටෝරියා වේල්ලට එම නම ලැබුනේ වික්ටෝරියා දිය ඇල්ල නිසා යි...

මේ නම වැටෙන්න තවත් කතාවක් තියෙනවා ඒ තමා...

එංගලන්තයට ගොස් දෙවන එළිසබෙත් රැජිණ හමුවූ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ සාදන විශාලතම ජලාශය සඳහා ණය මුදලක් අවශ්‍ය බව රැජිනට පවසනවා....

මෙය ණයක් ලෙස ගත්තත් ජලාශය නම් කරන්නේ එලිසබෙත් රැජිණගේ මිත්තනිය වන වික්ටෝරියා රැජිණගෙ නමින් බවත්‍ ඔහු පවසනවා.

නමුත් සැබවින්ම වික්ටෝරිය ජලාශයට එම නම මීට පෙර සිටම යෝජනා වී තිබුණු එකකි. මන්ද වේල්ල නිර්මාණය වූයේ වික්ටෝරියා දිය ඇල්ල මත නිසාවෙනි....
ඔන්න ඔහොම කතාවකුත් තියෙනවා....

මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙනවා..

ඔයාලා දන්නවද ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් වික්ටෝරියා ජලාශය සමන්විත වෙනවා...

ඒ වගේම වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙනවා...

ජලාශයේ ජල මට්ටම ඉහළ යාමේදී මේ වාන් දොර‍ටු ස්වයංක්‍රීයව විවෘත වෙනවා...

මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පාදමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරනවා....

 #රහස්  #පුටුව..👇මේ පුටුව  කුණ්ඩසාලේ  රජමහා විහාරයේ කෞතුකාගාරයේ තියෙන්නේ, තිදෙනෙකුට රහස් සාකච්ඡාවක් එකිනෙකාගේ සවන් වලට ඉ...
06/05/2021

#රහස් #පුටුව..👇
මේ පුටුව කුණ්ඩසාලේ රජමහා විහාරයේ කෞතුකාගාරයේ තියෙන්නේ, තිදෙනෙකුට රහස් සාකච්ඡාවක් එකිනෙකාගේ සවන් වලට ඉතාමත් සමීපව කල හැකිවෙනවා සේම අවටින් කවරකුට හෝ නොපෙනී මේ ආසන්නයට පැමිණීමේ හැකියාවක්‌ නෑ... විශිෂ්ඨ නිර්මාණයක්‌...🙏

තැන තැන කුණුදාන පරපුර මෙලොවින් තුරන් වෙන තුරු ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහටම තියෙයි.මේ වගේ එකෙක්ගෙන් පහත දේවල්...
22/04/2021

තැන තැන කුණුදාන පරපුර මෙලොවින් තුරන් වෙන තුරු ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහටම තියෙයි.

මේ වගේ එකෙක්ගෙන් පහත දේවල් බලාපොරොත්තු වෙන්න එපා.
1. රටට පන වගේ ආදරය කරන කෙනෙක්
2. පරිසරයට සතා සීපාවට ආදරය කෙනෙක්
3. තමාගේ පවුලට ආදරය කරන කෙනෙක්
4. දූ දරුවන්ගේ ආනාගතය ගැන හිතන කෙනෙක්
5. නිරෝගිමත් කෙනෙක්
6. රටේ හරි පාලකයෙක් තෝර ගැනීමේ හැකියාව
7. තමන්ගේ දේමාපියන්ට ආදරේ කෙනෙක්
8. උගත් දැනුම හරියට පාවිච්චි කරන කෙනෙක්
9. වැඩිකල් ජිවත් වෙන කෙනෙක්

&&&&   අවුරුදු   කෑම    &&&&            ============ඉර පායන කොට ඉර බැස යන කොට  උඹලා ගැන සිහියට   එනවා අවුරුදු එනකොට ඇඳුම...
10/04/2021

&&&& අවුරුදු කෑම &&&&
============

ඉර පායන කොට ඉර බැස යන කොට උඹලා ගැන සිහියට එනවා
අවුරුදු එනකොට ඇඳුම් මහපු හැටි කැවුම් හදපු හැටි සිහි වෙනවා.
උඹලගෙ පැටවුන් අද මහ ගේ තුළ අවුරුදු කනහැටි සිහි වෙනවා
උඹලට අවුරුදු ජයට තියේ නම් මගේ සිතත් අවුරුදු කනවා
======== ======= ========

Address

Nuwara Eliya
NILDANDAHINNA

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Ruchira posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category