21/02/2021
🎋🏌️♂️🤾🤽♂️ රන් සෙම්බුවක් මතු වූ සෙම්බුවත්තේ දවසක් ගතකරමුද 🏊♂️🏊♂️🏊♂️🏊♂️
සෙම්බුවත්ත පිහිටා තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේය. මහනුවර සිට කටුගස්තොටට ඇවිත් වත්තේගම හරහා ඇල්කඩුවටත් නැතහොත් මාතලේ සිට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණ සෙම්බුවත්තට ලගා විය හැක.මහනුවර සිට 30km සහ මාතලේ සිට 22km දුරකින් මෙම වැව පිහිටා ඇත.🏊♂️🏊♂️
සෙම්බුවත්ත පයිනස් කැලයකින් සහ තේ වත්තකින් වට ව නිර්මාණය වි ඇත, සෙම්බුවත්ත යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද ඉතාමත් අලංකාර වු පරිසරයකට හිමිකම් කියන ස්ථානයකි. 🍀🌸🌱🌺
යටත්විජිත සමයේදී ඉංගී‍්‍රසීන් මේ ප්‍රදේශයේ තේ වගාව ආරම්භ කළ අතර, වර්තමාන වැව අවට ප්‍ර‘දේශයේ එකළ සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස භාවිත කර තිබේ. නමුත් ‘සෙම්බුවත්ත’ වතුයායට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ඉදිවූ අතර, එයට විදුලිය ලබාගැනීමේ අරමුණෙන්, පෝලෝ කී‍්‍රඩාංගණය තුළ මෙම වැව නිර්මාණය කර තිබේ. එම තේ කම්හල වසා දමා මේ වනවිට වසර 20 ක් පමණ ගෙවී ඇතිමුත්, ඒ අවට ගොඩනගා තිබෙන නිවාසවලට තවමත් විදුලිය සැපෙයෙන්නේ මේ වැවෙන් ලබාගන්නා ජල විදුලියෙනි.
මෙම තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ අතර එම සෙම්බුව රැගෙන වතුයාය අනුයුක්තව සේවය කළ කංකානි ඉන්දියාවට පලා ගොස් ඇතැයිද ඔහුගේ පුත් ජල උල්පත තිබූ තැන කෝවිල කරවා ඇතැයිද ජනප්‍රවාදවල සඳහන් වේ. මෙයට "සෙම්බුවත්ත" යන නම වැටී ඇත්තේ ඒ අයුරින් බවද පුරාවෘත්ත සාක්ෂි සපයයි. මේ වන විටද ‘සෙම්බුවත්ත’ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එම කෝවිලේ නටබුන් දැකගැනීමට අවස්ථාව තිබේ.
කලයාගේ ඇවෑමෙන් සෙම්බුවත්ත එහි ජීවත්වන්නන්ට පමණක් සීමාවන අතර, 2005 වසරේදී මෙම වතුයාය භාරව කටයුතු කළ වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රම ක‍්‍රමයෙන් ‘සෙම්බුවත්ත’ වැව සහ ඒ අවට ප‍්‍රදේශය නිසි ආකාරයෙන් නඩත්තුකොට, වැව අවට ගිම්හාන කුටි සහ නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් අතර ප‍්‍රචලිත කිරීමට කටයුතු කර තිබේ.
සෙම්බුවත්තේ සංචාරය කරන්නන් හට විවිධ වු ක්‍රියාකාරකම් හමුහයක නිරත වීමට හැක. මේ වනවිට වැව අවට ගිම්හාන කුටි 10 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබෙන අතර, අවශ්‍ය නම් රාත‍්‍රියක් ගත කිරීමටද වෙන්කර ගත හැකිය. තවද ළමුන්ට කී‍්‍රඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකර තිබෙන අතර, එම පරිසරයේ අසිරිය නැරඹීමට අවශ්‍ය පුද්ගලයින්ට වැව වටා යාම සඳහා මේ වන විට එහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර තිබේ.
වැව අසල ඇති නාන තටාකයද අඩි 5 ක පමණ ගැඹුරකින් සමන්විත වීම නිසා ඕනෑම අයෙකුට එහි දිය නෑමට හැකියාව තිබේ. උල්පත්වලින් එන ජලයෙන් නාන තටාකය පෝෂණය වන අතර, එහි ජලය අධික ශීතලෙන් යුක්ත නිසා වැඩි වේලාවක් දිය කෙළීමට නුසුදුසු නම් කිව යුතුමය.
රාති‍්‍රය ගත කිරීම සඳහා නිවාඩු නිකේතනයක් තිබෙන අතර, මීට පෙර මෙම නිවාඩු නිකේතනය "සෙම්බුවත්ත" සහකාර වතු අධිකාරිවරයාගේ නිලනිවස ලෙස භාවිත කර තිබේ.
නිවාඩු නිකේතනයේ නවාතැන් ගැනීම සඳහා 066-3682459, 066-4935767 සහ 066 4935768 යන දුරකථන අංක ඔස්සේ ඇල්කඩුව තේ වතු යායේ කාර්යාල සේවකයන් ඇමතීමෙන් වෙන්කරවාගත හැකි අතර, නවාතැන් ගන්නා අයගේ ආහාර පිළියෙල කරගැනීම සඳහා කෝකියෙක්ද එහි සිටියි.😋😋🦞🦐
Sembuwatta Lake is a tourist attraction situated at Elkaduwa in the Matale District of Sri Lanka, adjacent to the Campbell's Lane Forest Reserve.
Sembuwatta Lake is a man-made lake created from natural spring water. Alongside the lake is a natural swimming pool. Sembuwatta Lake is believed to be 9 m to 12 m deep.
Pc -: ජායාරූප වල අයිතිය මුල් හිමිකරුවන් සතුය.
, , , ,
, #පාරාදීසයේ_අක්_මුල්