Walk with udara

  • Home
  • Walk with udara

Walk with udara Take only memories, leave only footprints.

https://youtu.be/dWFUdVeLt7I?si=rSwfCM36CotGX415ලංකාවේ තවත් ලස්සනම train station එකක මෙච්චර ලස්සන තැන් ඇති කියලා හිතුවද ...
05/01/2025

https://youtu.be/dWFUdVeLt7I?si=rSwfCM36CotGX415

ලංකාවේ තවත් ලස්සනම train station එකක මෙච්චර ලස්සන තැන් ඇති කියලා හිතුවද ❤️🍀

Nanu Oya ...

මේක අපිලගේ රට 🍀💙🦋
27/10/2024

මේක අපිලගේ රට 🍀💙🦋

වැස්සයි මීදුමයි කියන්නේ සමහරැ ආසම නැති දෙයක් ඒත් මම ආසම වැස්සයි මීදුමයි එක්ක තියන ඒ ගුප්ත බවට  🍀💙🌊 හැංගුන දියඇලි පාරාදීස...
15/10/2024

වැස්සයි මීදුමයි කියන්නේ සමහරැ ආසම නැති දෙයක් ඒත් මම ආසම වැස්සයි මීදුමයි එක්ක තියන ඒ ගුප්ත බවට 🍀💙🌊
හැංගුන දියඇලි පාරාදීසයක්

14/10/2024

මහ වැස්සක අවසානේ 🍀🌸💙


11/10/2024

දියඇලි කියන්නෙම පිස්සුවක් 🍀💙🌊

30/09/2024

මෙච්චර ලස්සන තැන් තියනවද 😳🍀❤️

මේක route van එකක්..බස් එකක්ම නොවේ.. නමුත් ඒ කාලයේ වතුකරයේ ජනතාවට අමිල සේවයක් කරලා තියෙනවා...සමහර  දුෂ්කර වතු ගම්මාන වල ...
11/06/2024

මේක route van එකක්..
බස් එකක්ම නොවේ.. නමුත් ඒ කාලයේ වතුකරයේ ජනතාවට අමිල සේවයක් කරලා තියෙනවා...

සමහර දුෂ්කර වතු ගම්මාන වල මංගල දිනයේ මනාල යුවලගේ මංගල ගමනේ සිට අළුත උපන් බිළිදා ගෙදරට ගෙන ඒමත් සමහර වෙලාවන් වලට නගර රෝහලේ මියැදුනු තම සහෘදයාගේ නිසල දේහය වල ගොඩැලි වතු මාවත් ඔස්සේ නිවසට ගෙන ඒම දක්වාම සිදු කලේ අමිල සේවාවක්..

වතු මාසික වැටුප් ගෙවන දිනට නගරයේ සිට වහලයේ පවා බඩු පටවාගෙන වතු ගම්මාන වලට යන දර්ශනය එකල සුලභ විය..
අදටත් සමහර පැති වල මෙම මගී ප්‍රවාහන සේවාව පවතී...
මේ එවැනි බස් රථයක් තම අවසන්. කාලය ගත කරන අයුරු...

උපුටා ගැනිමකි.
ස්තූතිය. ලිපියෙහි සහ ජායාරූපය මුල් හිමිකරුට...

හිතුන ගමන් වැස්සෙම ගියපු ගමනක් කැලෑබොක්ක ☘️❤️😌🍃🍀කැලෑබොක්ක කියන්නේ ලංකාවේ අංශක 360 ම පේන view point වලින් ලස්සනම තැන් වලි...
26/05/2024

හිතුන ගමන් වැස්සෙම ගියපු ගමනක්
කැලෑබොක්ක
☘️❤️😌🍃🍀

කැලෑබොක්ක කියන්නේ ලංකාවේ අංශක 360 ම පේන view point වලින් ලස්සනම තැන් වලින් එකක් යන්න පාරවල් ගොඩක් තියනවා ඔයාලා නුවර ඉදන් යනවනම් වත්තේගම හරහා යන්න පුලුවන් මොනරාගල අම්පාර පැත්තෙන් එනවනම් දිගන නාරම්පනාව හරහා පන්විලට ඇවිත් යන්න පුලුවන් මේ පාරවල් දෙකම 18 කනුව ලගින් හම්බවෙනවා කොහොම හරි පන්විල ටවුන් එක හරහා තමා යන්න තියෙන්නේ ඔයාලා පුද්ගලික වාහනේක යනවනම් මේ පාරේ බලන්න තැන් තියනවා මාර විදියට යන පාරෙම රහස් ඇල්ල තියනවා වැස්ස කාලේ නිසා මාරම ලස්සනයි තව ඔයාලා වාහනේක එනවනම් හුලගග ටවුන් එකට ඇවිත් ඒ පැත්තේ ලස්සන බලන්නත් පුලුවන් (හුලුගග ඇල්ල ,අලකොල වත්ත ,රත්නතැන්න සාරි ඇල්ල ,ජෝඩු ඇල්ල ,තලිය වැටුන ඇල්ල ති⁣යෙන්නේත් මේ ලග පාතමයි කැලෑබොක්ක යන පාරේ නම් නෙවේ ති⁣යෙන්නේ ඒක නිසා වාහනේක එනවා නම් ගමන තවත් සුන්දර වෙයි ☘️🩵😌
බස් වල එනවනම් වත්තේගමට ඇවිත් කබරගල බස් එකේ යන්න ඕන දිගනෙන් එනවනම් නාරම්පනාව හරහා යන බස් එකක යන්න ඕනි ඒත් එ්ක නුවනට හුරැ නෑ ඒක නිසා කබරගල බස් එකකම යන්න පැයෙන් පැයට බස් තියේ
මෙතන එක දෙයක් කියන්න ඕන ටිකට් ජ⁣ාවාරමක් වෙනවා ඒක ගැනත් සැලකිලිමත් වෙන්න ටිකට් දුන්නේ නැත්තම් සල්ලි දෙන්න එපා 😌🙏 සල්ලි ගන්නේ වෙන කට්ටියක් කවුන්ටරේ අය දන්නෙත් නෑ ඒ කවුද කියලා ඒක නිසා කවුන්ටරරෙන්ම ගන්න

කෝම හරි වාහනේකම උඩටම යන්න පුලුවන් උස වාහනයක් නම් වඩාත් සුදුසුයි 🙏
පාර නම් පුදුම ලස්සනක් උඩ කෝවිලක් තියනවා ඒකත් එක්ක පුදුම feeling එකක් තියෙන්නේ උඩ එහෙනම් පරිස්සමෙන් යන්න
බලන්න විදින්න ලස්සන දකින්න පාසටහන් පමනක් තබා එන්න 💚🙏❤️





ආසම දේවල් කරන්න පරක්කු වෙන්න එපා 🍀🍃❤️ ඇවිදින්න මතක ගොඩක් එකතු කර ගන්න හැමෝටම බැරි කාලයක් එනවා සැදෑ සමයක් එනවා ඒ කාලෙ⁣ට බලලා සතුටු වෙන්න පුලුවන් විදිහට මතක එකතු කර ගන්න 😌🍀🍃❤️

⁣කාවද මතක් වෙන්නේ 🤣☘️
26/05/2024

⁣කාවද මතක් වෙන්නේ 🤣☘️

😌🍃🍀 ජේජ් එකටත් ලයික් කරන්න
15/05/2024

😌🍃🍀 ජේජ් එකටත් ලයික් කරන්න

තවත් ලස්සන සංචාරයක්  #හුලංගල 🍃🍀☘️🩵❤️🕊️ලංකාවේ තවත් ලස්සනම පාරාදීසයක් ☘️🍀🍃ගමන යන්න යනම් කුරැණෑගලට හෝ මාතලේට එන්න ඕනි කුරැන...
15/05/2024

තවත් ලස්සන සංචාරයක් #හුලංගල 🍃🍀☘️🩵❤️🕊️
ලංකාවේ තවත් ලස්සනම පාරාදීසයක් ☘️🍀🍃
ගමන යන්න යනම් කුරැණෑගලට හෝ මාතලේට එන්න ඕනි කුරැනෑගල පැත්තෙන් එනවනම් ඉබ්බාගමුව හරහා ඇවිත් km 32 කට පස්සේ යටවත්ත ටවුන් එක හම්බෙනවා
මාතලේ ඉදන් යනවනම් කුරැනෑගල ⁣පාරේ ගිහින් පලාපත්වල හන්දියෙන් හැරිලා යනකොට km 8 කට පස්⁣සේ යටවත්ත ටවුන් එක හම්බෙනවා යටවත්තේ ඉදල⁣ා ඊට පස්සේ යන්න ඕනි සැලගමට සැලගමට ඇවිත් තවත් km 4 කින් හම්බවෙනවා හුලංගලට යන හන්දිය එතන ඉදලා හුලංගල මුදුනට තවත් Km 5ක් තියනවා 🙂☘️

ඔයාලා බස් එකක යනවනම් තමා ගමන ටිකක් දුශ්කර වෙන්නේ මොකද සැලගම බස් එක කෙලින්ම මාතලේ ඉදන් තමා යන්නේ සැලගමට බස් අඩුයි ඒක නිසා කෙලින්ම
සැලගමට යන බස් එක මිස් උනොත් ඔයාලට යන්න වෙන්නේ යටවත්ත බස් එකක යටවත්තේ බැහැලා සැලගමට බස් එකක් ආවේ නැත්තම් වීල් එකක තමා යන්න වෙන්නේ 1000k වත් ගයි 🙂🙃
කොම හරි සැලගමට ඇවිත් එතනින් හුලංගලට යන හන්දියේ ඉදලා km 5 පයින් යන්න ඕනි කදු පාරක

ඒක නිසා පෞද්ගලික වාහනේක යන එක තමා සුදුසුම තීරනය ඔබ සතුයි ☘️❤️😌

කොම කෝම හරි ටිකට් කවුන්ටරේ ලගට යනකම් පාර හොදයි ඊට පස්සේ නම් පාරේ පයින් යන්න වත් අමාරැයි උස වාහනේක හෝ බයික් එකක එන එක තමා සුදුසුම

පාර නම් මාර ලස්සනයි මොකද සැලගම ප්ලාන්ටේශන් එක මැදින් තමා පාර වැටිලා තියෙන්නේ තේ වතු ලස්සන මීදුමෙන් වැහුන කදු පන්ති මාරම ලස්සනක් තියන පාරක් මේක තව වැස්ස කාලෙට ගියොත් බිසෝ ඇල්ලත් බලාගෙනම එන්න පුලුවන්
ගිහින් බලන්න ආසහිතෙයි
☘️❤️😌🍃🍀

බලන්න විදින්න ලස්සන දකින්න පාසටහන් පමනක් තබා එන්න 💚🙏❤️



02/05/2024

දොලෙස්බාගේ දේදුගල පාරේ යද්දි හම්බෙන ලස්සනම තැන..

පැලම්පිටිය viewpoint එක 🌳💚🍃🌼🌍

ලංකාවේ ලස්සනම පාරක් හරහා තමා මේ viewpoint එකට යන්න ති⁣යෙන්නේ දොළොස්බාගේ ඉදලා දේදුගලට යන පාර ලංකාවේ තියන ලස්සනම පාරක්

පාර පටන් ගත්ත වෙලේ ඉදන් ඇස අහකට ගන්න හිතෙන්නේ නැති තරමට අමුතුම feeling එකක් තියන ලස්සන කොල පාටින් පිරැණු තේ වතු දියඇලි කදු වලින් පිරැනු ලස්සන වටපිටාවක් බලාගෙන මේ Road trip එක යන්න පුලුවන් වැස්ස කාලෙට යනවනම් තවත් හොදයි

ඔයාලට නුවර පැත්තේ ඉදන් එනවනම් ගම්පොලට ඇවිත් එතනින් දොලොස්බාගේ පාරට දාලා දේදුගලට යන්න පුලුවන් අපි ගියෙත් එහෙන්

ඒත් ලස්සනම පාර ති⁣යෙන්නේ කොලබ පැත්තෙන් කරවනැල්ල-බුලත්කොහුපිටිය හරලාදේදුගල දොළොස්බාගේ යන එක පාර ලොකුවටම අවුලක් නෑ යන්න පුලුවන් ඒත් ගල් ගැලවිලා නිසා උස වාහනේක යන්න ඒ පාරේ යද්දි රිකිලිඇල්ල නලගන ඇල්ල වගේ ජනප්‍රිය ලස්සන ඇලි ගොඩක් බලන්න විදින්න පුලුවන් ❤️☘️🙏🍀📸


එහෙනම් බලන්න විදින්න ලස්සන දකින්න පාසටහන් පමනක් තබා එන්න තව පරමිපරා ගානකට මේ ලස්සන දකින්න ඉඩ දෙන්න 💚🙏❤️

Traveller කෙනෙක්ගේ හීනයක් 🤣🍀☘️❤️කාව හරි මෙන්ෂන් කරන්න දෙකක් තියන නිසා 😌🤣
30/04/2024

Traveller කෙනෙක්ගේ හීනයක් 🤣🍀☘️❤️
කාව හරි මෙන්ෂන් කරන්න දෙකක් තියන නිසා 😌🤣

පාරාදීසයක් වැනි සුන්දර  #පෙරට්ටාසි ගම්මානය හැඩකරන සුන්දරිය  #ගැරඩිගිනි ඇල්ල 🍃🍀🕊️❤️ගමන කටුකයි ගමනාන්තය සුන්දරයි ❤️🤟ගොඩක් ...
27/04/2024

පාරාදීසයක් වැනි සුන්දර #පෙරට්ටාසි ගම්මානය හැඩකරන සුන්දරිය #ගැරඩිගිනි ඇල්ල 🍃🍀🕊️❤️
ගමන කටුකයි ගමනාන්තය සුන්දරයි ❤️🤟

ගොඩක් අය ගැරඩිගිනි ඇල්ලයි ගැරඩි ඇලිදාමයයි පටල ගන්නවා මේක ගැරඩිගිනි ඇල්ල ❤️🍃🍀අපි ගිය දවසේ නම් වතුර අඩුයි

යන්න පාරවල් දෙකක් තියනවා

1.රම්බොඩ blue field tea factory එක හරහා යන පාර(රම්බොඩ -පෙරෙට්ටාසි)
2පුස්සැල්ලාව-පෙරෙට්ටාසි පාර

මේ පාරවල් දෙකම පෙරෙට්ටාසි වලදි එකතු වෙනව

අපි ගමන පිටත් උනේ නුවරින් නුවර ගම්පොලට ඇවිත් ඊලගට ආවෙි පුස්සැල්ලාවට මාර ලස්සන පැත්තක් ❤️🕊️
පුස්සැල්ලාවට ඇවිත් protoff වතුයාය හරහා වැටිච්ච කියලා නිම කරන්න බැරි ලස්සනම පාරක් හරහා තමා යන්න තියෙන්නේ මීදුම කාලෙට නම් පිස්සුවක් ❤️🕊️

Protoff පාරේ hospital එක ලගට යනකම් පාර කාපට් ඊට පස්සේ නමි පයින් වත් යන්න බැරි තරමට පාර අවුල් 🙂 ඔහොම දිගටම ගියාම
පෙරට්ටාසි අයිරි දෙමල පාසල ලගින් තියන පාරෙන් ගියාම ඇල්ල ලගටම යන්න පුලුවන්

බලන්න විදින්න ලස්සන දකින්න පාසටහන් පමනක් තබා එන්න තව පරමිපරා ගානකට මේ ලස්සන දකින්න ඉඩ දෙන්න 💚🙏❤️

Walk with udara with udarafe

Address


20160

Telephone

+94720606352

Website

Alerts

Be the first to know and let us send you an email when Walk with udara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walk with udara:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share