S r i l a n k a T r i p

S r i l a n k a  T r i p We are a travel company. Established in 2017 . We offer day tours, round tours, cultural tours, city

ඓතිහාසික කිරින්ද රජමහා විහාරය🙏🖤❤️⛰️🏕️
01/08/2020

ඓතිහාසික කිරින්ද රජමහා විහාරය

🙏🖤❤️⛰️🏕️

දුනුමාල ඇල්ල 👣⛰🏕🍃🌼🏊‍♀️🌿🐾🧗‍♂️⛰🧭🌏Dunumala Ellaමේ සුන්දර දිය ඇල්ලට දුනුමාල ඇල්ල, අල්ගම ඇල්ල, අලවල ඇල්ල, දේවින් පැන්න ඇල්ල ය...
01/08/2020

දුනුමාල ඇල්ල 👣⛰🏕🍃🌼🏊‍♀️🌿🐾🧗‍♂️⛰🧭🌏
Dunumala Ella

මේ සුන්දර දිය ඇල්ලට දුනුමාල ඇල්ල, අල්ගම ඇල්ල, අලවල ඇල්ල, දේවින් පැන්න ඇල්ල යන නම් කිහිපයකින්ම හදුන්වනවා.
මෙම ඇල්ල ගම්පහ දිස්ත්‍රිකයට අයත් දියඇලි අතරින් එකක් ලෙසත් කෑගලු දිස්ත්‍රික්කයට අයත් දියඇල්ලක් ලෙසත් සමහර පොත්පත් වල සදහන් වෙනවා.
අඩි 40-45ක් පමණ උස පර්වතයකින් කඩා හැලෙන මෙම දුනු මාල ඇල්ල පෝෂණය කරනු ලබන්නේ දුනු මාල ඔයෙනි. දුනුමාල ඇල්ල ඉහළ සිට කොටස් තුනකට ගලා බහිනවා පලමුවෙන්ම අඩි 10ක් පමණ උස ගල් කුලකින් වැටී ඉන්පසු තවත් ජල කොටසක් තවත් අඩි 5-6ක් පමණ උස ගල් කුලකින් පහලට වැටෙනවා. ඉන්පසු තවත් අඩි 3ක් පමණ උස ගලකින් පහතට වැටේ. ඇල්ල පාමුල බේසමක හැඩය ගත් ස්වභාවිකව නිර්මානය වු කුඩා දිය තාටාකයක්ද වේ.

අපිට ලංකාවේ තියන දිය ඇලි ගොඩක් වෙලාවට දකින්න හම්බවෙන්නේ ඉදිරිපසින්. නමුත් දුනුමාල ඇල්ල අපිට ඉදිරිපසින් වගේම ඇල්ල ඉහල සිට පහලට වැටෙන ආකාරයත් දිය ඇල්ල පැත්තෙන් පෙනෙන ආකාරයෙනුත් දැක බලාගන්න පුළුවන්.

ඔන්න තවත් නියම පොට් එකක් 💙 😮Seethagalla Natural Sea Waterpool 🏖️️🌊සීතගල්ල ස්භාවික මුහුදු තටාකය 🌊😮Gandara,kottegoda,Beliw...
17/07/2020

ඔන්න තවත් නියම පොට් එකක් 💙 😮

Seethagalla Natural Sea Waterpool 🏖️️🌊

සීතගල්ල ස්භාවික මුහුදු තටාකය 🌊😮

Gandara,kottegoda,Beliwatta 🌊

ගන්දර,කෝට්ටෙගොඩ,බෙලිවත්ත 🌊

📷 Sazhan Ahamed

 #මන්දාරම්_නුවරමන්දාරම් පරිසරයක , මීදුමෙන් පිරි කදු අතර , මිතුරන් සමග  කදවුරු බැද රාත්‍රයක් ගත කිරීමට නම් , හොදම තැන මන්...
15/07/2020

#මන්දාරම්_නුවර

මන්දාරම් පරිසරයක , මීදුමෙන් පිරි කදු අතර , මිතුරන් සමග කදවුරු බැද රාත්‍රයක් ගත කිරීමට නම් , හොදම තැන මන්දාරම් නුවර යි, මෙම ප්‍රදේශය ශ්‍රීලංකාවට ස්භාදහමෙන් ලැබුනු අපූරු දායාදයකි ,මෙම නගරයේ ඉතිහාසය රාවණ රජ කාලය දක්වා විහිදී යන බව මතයක් ඇත.

මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි .දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී ඇති නිසා මෙම නගරය " misty city " නමින් හදුන්වයි.

මෙම නගරයට පැමිණිමට පහසුම මාර්ගය වන්නේ, මහනුවර - රිකිල්ලගස්කඩට පැමිණ එතැන් සිට පදියපැලල්ලට පැමිණ උඩහට 12km ආ විට මෙම නගරයට පිවිසිය හැක.

භූගෝලීය පිහිටීම නිසා ගමට වර්ෂයේ වැඩි කාලයක් වර්ෂාව ලැබේ,මීදුමෙන් වැසුනු කදු පන්ති, දිය ඇලි හා විවිධ ශාක හා සතුන් ගෙන් පිරුණු පරිසරය නගරයේ සුන්දරත්වය තවත් වැඩි කරයි.

මෙම නගරයේ ඇති දිය ඇලි ලෙස කොලොපන දිය ඇල්ල, බෙරගහන දිය ඇල්ල, කබරගල දිය ඇල්ල, දාසය දිය ඇල්ල, බෝපත් ඇල්ල හා ගල් පාලම ලග දිය ඇල්ල වේ, ඊට අමතරව කබරගල තේ වතු යාය හා පයිනස් වතු යාය සංචාරකයන් වන අපට නැරඹීමට හැකි ස්ථාන වේ.

අවවාදය 🚯️: සංචාරකයන් වශයෙන් අප මෙවැනි වටිනා ස්ථාන අපවිත්‍ර නොකර පිරිසිදුව තබා ගැනීම අපේ යුතුකමකි.


⬇️
☑️



Misty city is the perfect place to spend the night in a camping environment with friends and camping in the mist.This area is a wonderful gift of nature to Sri Lanka.It is believed that the history of this town dates back to the reign of Ravana.

misty city is a beautiful village located in the foothills of the Piduruthalagala mountain in the nuwaraeliya district of central province .The city is called "misty city" because it is covered with fog most of the day.

The easiest way to get to this town is by traveling to Kandy - Rikillagaskada and then coming up to Padiyapalalla and climbing 12km.

Due to its geographical location, the village receives rainfall most of the year,The misty-capped mountain ranges, waterfalls, and flora and fauna add to the beauty of the city.

The waterfalls in the town are Kolapana Falls, Beragagana Falls, Kabaragala Falls, Dahasaya Falls, Bopath Falls and falls near Gal Bridge .
Kabaragala Tea garden and Pine garden are places we can visit.

Warning🚯️: As tourists we are
It is our duty to keep our places clean and free from contamination.


⬇️
☑️

වෙල් යායක් මැද්දෙන් තියෙන ලස්සන පන්සලක් 😍😍😍බණ්ඩාරගම පරමානගල පන්සල ❤️🙏📷 credit to the respective owner
15/07/2020

වෙල් යායක් මැද්දෙන් තියෙන ලස්සන පන්සලක් 😍😍😍
බණ්ඩාරගම පරමානගල පන්සල ❤️🙏

📷 credit to the respective owner

vilpattu , sri lanka ❤️🌸🌿
15/07/2020

vilpattu , sri lanka ❤️🌸🌿

බුරුස් ගලේ ලිස්සා යමුද.ෆැට්නා නොහොත් බුරුස් ගල   deniyayaya නැතොත් පුංචි නුවරඑළිය 😘😘Location 👉 Patna Devision Deniyaya S...
14/07/2020

බුරුස් ගලේ ලිස්සා යමුද.

ෆැට්නා නොහොත් බුරුස් ගල deniyayaya
නැතොත් පුංචි නුවරඑළිය 😘😘

Location 👉

Patna Devision Deniyaya Sliding Rock
Patna Devision Deniyaya Sliding Rock
Enasalwaththa Rd
070 313 1211
https://maps.app.goo.gl/mJNJmBkxQZGRCsHN9

දෙනියායෙ පිහිටි මෙම මනරම් දිය කොමළිය නැරබීමට නම් ඔබට දෙනියායේ සිට වාහනයක යනවනම් 11 Km පමණ දුරක් ගමන් කිරීමෙන් පසුව පයිනුත් 2 km පමණ දුරක් ගමන් කල යුතුයි. එසේම මෙය පිහිටා තියෙන්නෙ ෆැට්නා නම් මනරම් තේවතු යායෙ මැද පිහිටි බුරුස් ගල නම් ගල් තලාවෙයි. මෙය බුරුස් ගල නමින් හදුවා තිබෙන්නෙ ඉතා කුඩා තැනකින් පටන් ගන්නා මෙම දිය පහර මත පහලට ලිස්සා යා හැකි නිසා මෙය බුරුස් ගල නමින් හදුන්වයි

එසේම දෙනියාය විහාර හේනේ පිහිටා ඇති මතුරට වැවිලි සමාගමට අයත් එන්සල් වත්ත වතුයායේ ෆැට්නා වතු කොටසේ පිහිටා තිබෙන අපූරු ස්ථානයකි. බොහෝ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගත් ඉතා මනරම් ස්වාභාව සෞන්දර්ය අතින් අනූන ස්ථානයකි.

සුන්දර ගල් තලාවක් මැදින් ගලා යන ස්වභාවික ජල පහර මෙහි එන සංචාරකයන් සිත් අමන්දානන්දයට පත් කර‍යි. එසේම ගල් තලාව මත ගලා යන දිය පහර ඔස්සේ පහලට යාම මෙම ස්ථානයට පැමිනෙන කිසිම සංචාරකයෙක් අමතක කලේ නම් නැත. ඒ අපූර්ව අත්දැකීමට මුහුණ දීමට විශාල සංචාරකයන් පිරිසක් මෙම ස්ථානය පැමිනේ...

නමුත් ස්වභදහම පිළිබද කිසිම තැකීමක් නැති සංචාරකයන්ගේ ඇතැම් ක්‍රියා කාරකම් නිසා මෙම සුන්දර ස්ථානය දැන් විනාශයට පත් වෙමින් පවතී. එනිසා මෙම සංචාරක ස්ථාන නැරබීම්ට පැමිනෙන පුද්ගලයන් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුයි.

මන් හිතන්නෙ හැමෝම යන්නම ඕනෙ තැනක්. නිවාඩු දවස් වල නම් ටිකක් සෙනග. එහෙම උනාම විනෝද වෙන්න ටිකක් අමාරුයි.

දැන්නම් රුපියල් 50ක ටිකට් එකක් ගන්න ඕනේ.

හවසට sun set එක ලස්සනයි. වැහි කාලෙට නම් බුරුස් ගලේ හොදට විනෝද වෙන්න පුලුවන්. හැබැයි ටිකක් සීතලයි. අවදානම්. පරිස්සමෙන්.

🌞 තමයි හොදම වෙලාව. ගන්න දේවල් දෙනියායෙ න් ම අරන් ගියානම් තමයි හොද........

අවසාන වශයෙන්, 🙏🙏
ඔබගේ පා සටහන් පමනක් ඉතිරි කර ඔබ රැගෙන ගිය අන් සියලුම දේ රැගෙන එන්න.



📷 චායාරූප හා පිටපත මුල් අයිති කරැ සතු වේ.✌️👍

Arugambay, is known as surfer's paradise   S R I L A N K A  ❤️
14/07/2020

Arugambay, is known as surfer's paradise
S R I L A N K A ❤️

එක පාරක් හරි යන්නම ඕනේ තැනක් 🔥🇱🇰 මුරුතවෙල ජලාශය,ගිනිපෙට්ටි පාලම❤
07/07/2020

එක පාරක් හරි යන්නම ඕනේ තැනක් 🔥🇱🇰
මුරුතවෙල ජලාශය,
ගිනිපෙට්ටි පාලම❤

A L A G A L L A  M O U N T A I N  R A N G E K A N D Y | S R I  L A N K A 🇱🇰 Alagalla Mountain Range or “Potato Range” is...
04/07/2020

A L A G A L L A M O U N T A I N R A N G E

K A N D Y | S R I L A N K A 🇱🇰

Alagalla Mountain Range or “Potato Range” is situated at the boundaries of the Central and Sabaragamuwa Provinces in Sri Lanka. It has protected Buddhism and (Sinhala:සිංහල ජාතිය Sinhala Jathiya) culture from the western powerful nations such as the Portuguese, Dutch and English for approximately five centuries as a natural barrier (1505–1948).

Most of the battles against invasions aimed at the Kandyan Kingdom by the western nations from time to time in their ruling period of Maritime Provinces happened at the Alagalla Mountains. Invading foreign armies were defeated by the battles at Balana (View Point) under the reign of Kandyan Kings. Balana fort was the main fortress established to protect the Sinhalese Kingdom from foreign powers, and is situated between Kadugannawa pass and Potato Range. When the English established themselves in Kandy, they started tea and coffee plantations in the area of the Colombo-Kandy railway line, which has cut through tunnels in the mountains.

After a train ride from Colombo or Kandy trekking can be started at Ihalakotte railway station passing a mysterious climb through the Ihalakotte village. On the walk up leads a small foot path which branches off downwards through the jungle on the left. There is a 30 m (98 ft) high waterfall (Dekinda Fall) served by the Alagalla forest reserve, which is hidden in the jungle. The summit of the Potato Range is a platform to witness the view of the other surrounding mountains, including Bathalegala (Bible rock), Devanagala, Ambuluwawa, Knuckles Mountain Range and Hanthana Mountain Range.

Address

Primrose Garden
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94779239803

Website

Alerts

Be the first to know and let us send you an email when S r i l a n k a T r i p posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category