10/11/2023
මෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමුවේ...
අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....
මෙතෙක් ශ්‍රී ලංකාවේ හමු වී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයා ගන්නේ මී කැඩීම සඳහා වනයට ගිය ගැමියෙක් විසින් ලබා දුන් තොරතුරක් මතය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.පී.රත්නපාල දිගුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවන ලද ලිපියක සඳහන් වන්නේ එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත්වන බවය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.
දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනයක් කුමන යුගයට අයත්ද යන්න මෙතෙක් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාඥ නිලධාරීන්ට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බවද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
Hiru News - https://youtu.be/8gpg5zNS8BI?si=hi1zJuS6lJb0EKjy
Copied-