23/03/2020
ඔන්න අපි අැවිදින්නෝ වෙතින් මීළඟට ගෙන එන්නේ අප සාමාජිකයින්ගේ දෙවැනි ගමන යි. අපි මෙවර තෝරාගනු ලැබුවේ පාසිකුඩා සහ අාරුගම්බේ වෙරළ තීරයන් අාශ්‍රිත සංචාරක ප්‍රදේශයන් ය. මෙය ද ඉතාමත් සුන්දර මතකයන් හා අත්දැකීම් වලින් සපිරි ගමනකි. මෙම ගමන අපි යන්නේ 2018 සැප්තැම්බර් වලදී ය. මෙහි දී අප සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුතුව අැත. මෙහිදීත් අපි දුම්රියෙන් ගමන අාරම්භ කළහ. අපි අළුයම 05.30 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගොස් කොළඹ කොටුවෙන් උදේ 06.05 ට මඩකළපුව බලා පිටත් වන උදය දේවි ශීඝ්‍රගාමී දුම්රියෙන් අප ගමන අාරම්භ කළෙමු. ඉන්පසු ප.ව. 02.45 පමණ වන විට අපි මඩකළපුව දුම්රිය ස්ථානයට පැමිණියහ. ඉන්පසු දුම්රිය ස්ථානයෙන් පිටත් වී නවාතැන් පහසුකම් සොයාගැනීම සඳහා නගරය වෙත පියමං කළෙමු. එහි දී වැඩි වශයෙන් අපට දක්නට ලැබුණේ දමිළ හා මුස්ලිම් මිනිසුන් ය. නමුත් අප බලාපොරොත්තු නොවූ ලෙස අඳුරන කෙනෙක් අපට හමු වූ අතර ඔහු නවාතැන් සඳහා ස්ථානයක් නගරයෙන් ම සොයාදීමට කටයුතු කළේය. ඉන්පසු අප එහි නැවතී විඩා නිවාගත්තෙමු. ඉන්පසු සවස අපි මඩකළපුව නගරයේ අැවිදීමට ගියහ. එහිදී අපට ඉතාමත් ලස්සන නගරයක් ලෙස දැන්නේ එහි අැවිදින විට දී ය. ඒ අතරින් ගාන්ධි පාර්ක් එක, ලන්දේසි කොටුව, කල්ලඩි පාලම, කළපුව මෙන් ම හිරුගේ බැසයාම අප නෙත් පැහැරගන්නා අංගයන් විය. මෙම නගරය ප්‍රෞඩ ඉතිහාසයක් අැති නගරයකි. ඉන්පසු අපි පැය කිහිපයක් නගරය තුළ ගත කළ අතර නැවත බස් නැවතුම් පොළ වෙත පිය නැගුවෙමු. මන්ද පසුදින අප පාසිකුඩා සංචාරය කිරීම සඳහා බස් යන එන වේලාවන් ගැන දැන ගැනීමටය. පසුව අපි එතැනින් නැවතත් අපගේ නවාතැන වෙත පියමං කළහ. Sunshine Restaurant එකෙන් රාත්‍රී අාහාරය ගෙන නවාතැන ට ගොස් නිදාගත් අතර පසුදින පාසිකුඩා යාම සඳහා සූදානම් විය. ඉතිං අද අපි ගෙන එන්නේ දුම්රියේ එන විට නැගෙනහිර දුම්රිය මාර්ගයේ හමු වූ සුන්දර ස්ථාන හා මඩකළපුව නගරයේ සංචාරයේ සුන්දර දසුන් කිහිපයක් ය. පාසිකුඩා සහ අාරුගම්බේ සංචාරයන් වල මතක සටහන් ඉදිරියේ දී ඉතා ඉක්මණින් ම ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. තවද අපගේ මෙම Page එකට Like කරල Share කරන්නත් අමතක කරනනත් එපා.. අදට සමුගනිමි.. තෙරුවන් සරණයි...!