Sri La Isla Tours

Sri La Isla Tours A trusted tourism agency in Sri Lanka

I had the pleasure of guiding Kerstin, a wonderful German lady, during her 21-day visit to Sri Lanka. She is a truly kin...
02/02/2025

I had the pleasure of guiding Kerstin, a wonderful German lady, during her 21-day visit to Sri Lanka. She is a truly kind and caring person. Throughout her journey, she met and connected with many local people, always showing warmth and friendliness.

During these 21 days, Kerstin explored the beauty of Sri Lanka with great enthusiasm. Her generosity was remarkable—she even helped poor people by offering financial support, showing her big heart and compassion. It was inspiring to see how much she enjoyed learning about our culture and interacting with the local community.

This was her second visit to Sri Lanka, which shows how much she loves this beautiful country. Her love for Sri Lanka, its people, and its traditions is truly special.

On behalf of Sri La Isla Tours, we sincerely thank Kerstin for choosing and trusting us for her journey. It was truly a pleasure to assist her in exploring Sri Lanka. We wish her happiness, success, and many more wonderful travels. Looking forward to welcoming her again in the future!❤
🇱🇰❤

ඇමරිකාවේ ලොව සුපතල VOGUE සගරාව මගින් මෙවර සීත ඍතුවේ, ලොව සැමගේම ආකර්ෂණය හා සිහින ගමනාන්තය ලෙසට ශ්‍රී ලංකාවේ දකුණු වෙරල ත...
19/01/2025

ඇමරිකාවේ ලොව සුපතල VOGUE සගරාව මගින් මෙවර සීත ඍතුවේ, ලොව සැමගේම ආකර්ෂණය හා සිහින ගමනාන්තය ලෙසට ශ්‍රී ලංකාවේ දකුණු වෙරල තීරය නම් කර තිබෙනවා..

ලෝ ප්‍රකට Vouge සගරාව වෙනුවෙන් CHRISTINE CHITNIS ශ්‍රී ලංකාවට පැමින ශ්‍රී ලංකාවේ ගතකල කාලය තුල ඇය ලැබූ ආගන්තුක සත්කාර හා ඇයගේ අත්දැකීම් මෙම සගරාව වෙත ලියා තිබෙනවා. සගරාවේ වර්ණවත් පිටු ගනනාවක්ම මෙය සදහා වෙන්වී තිබීමද විශේෂතවයකි.

ඉංග්‍රීසි බසින් Vouge සගරාවේ ඇති මෙම කොටසෙහි ඇති පින්තූරත් විස්තරයත් මා සිංහල පරිවත්තනයක් ලෙසින් පහතින් උපුටා දක්වන්නම්. ඉතින් අපි අහිංසක ආඩම්බරයෙන් රස විදිමු අපේ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ලෝකයටම ගෙනගිය ආකාරය...

Waves to Wildlife, Tea to Tranquility: Sri Lanka’s South Coast Is This Winter’s Hottest Destination
BY CHRISTINE CHITNIS
January 8, 2025

උදෑසන අරුණෝදය විහිදෙන විට, සුන්දර වෙරළේ මීදුම හරහා රන්වන් හිරු කිරණ විකසිතවන අතර,මගේ සුඛෝපභෝගී කූඩාරම් නවාතැනේ දොර අසල කැඩුනු අතු කැබලි කිහිපයක් සහ ඇදහිය නොහැකි තරම් විශාල පා සටහන් වනරොද තුලට මාර්ගයක් හෙළි පෙහෙලි කර තිබුනි. ඊයේ රාත්‍රියේ මාගේ කූඩාරම අසල ගැවසුනු අලි අමුත්තා කොළ අතු හරහා ගමන් කරන ආකාරය දැකීමට බලාපොරොත්තුවෙන් මා ලහි ලහියේ සුදානම්ව වනරොද අතරේ උදෑසන සෙවනැලි දෙස බලමින් ගමන් කලේය. පෙර දිනයේ සවස වෙරළ දිගේ සොබාදහමේ අසිරිය විදිමින් ඇවිද ගිය මං සලකුණු සිහිපත් කරමින් ඉතා ප්‍රවේශමෙන් මම ගමන් කරමි, මේ ගමන ආරම්භ කර කෙටි වේලාවකින්ම අඩි අටක් දිග ඇස් කණ්ණාඩි සහිත (ප) නාගයෙකු හමු විය - නාගයා යනු ඉතා විෂ සහිත සර්පයෙකි.

මම නැවතී සිටින්නේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති යාල ජාතික වනෝද්‍යානයේ Wild Coast Tented Lodge හි Relais & Châteaux, නිවාඩු නිකේතනයේය.නිකේතනයේ නවාතැන් සදහා ඇති සුවපහසු කූඩාරම් Cocoon වලට සමාන වන පරිදි නිර්මාණය කර ඇති අතර, පෝස්ටර් හතරකින් යුත් ඇඳන්, තඹ නියපොතු ලෙස නිර්මාණයන්කර ඇති පාද සහිත ටබ් Mini bar,සහ ඇදුම් දැමීමට සම් වලින් නිශ්පාදනය කරනු ලැබූ Vintage ආකෘතියේ පෙට්ටි කිහිපකද විය. මෙම සියල්ල සපයා ඇත්තේ හීලෑ නොකරන ලද වනසතුන් සිටිනා සුන්දර වනාන්තරකය් මැදය.
මෙහි කිසිදු වැට කඩොල්ලක් හෝ ආරක්ශිත සීමා මායිමක් නැත්. එබැවින් හීලෑ නොවු වන අලින්, දිවියන්, වලසුන් මෙන්ම උදෑසන මා දුටු නාගයන්ද කුඩාරම් අසලටම පැමිනිය හැක.

ශ්‍රී ලංකාවේ විවිද දේශගුණික හා විවිද භූමි කලාප ඇති අතර එය ඕනෑම අයකුගේ සිත් ඇදගන්නා සුලුය. මිලියන 22ක ජනගහනක් ජීවත්වන මෙම දූපත් රාජ්‍ය මට දැන්නේ කැලෑ දිවියන් පදුරු අතරින් මුමුනමින් යන, නිල්වන් සාගරෙයේ නිල් තල්මසුන් පෙන පිඹින, කදුකරය තේ පැහැයෙ සශ්‍රීක හරිත පැහැයෙන් වර්ණවත් කරන, පුරා වසර දහස් ගනනක් පන්සල්, දේවාල අතීත රහස් මුමුනන ඉතා පියකරු , සිත් වසග කරගන්නා සුන්දර දිවයිනක් ලෙසිනි.
වෙරළේ ඇති රන්වන් පැහෑ වැලි තලාවත්, දිය ක්‍රීඩාවේ (surf) ප්‍රිය බවත්, කුඩා ගුරුපාරවල් වල හැඩවැඩ වෙමින් යන Tuk Tuk නලා හඩත්, මාලු වෙළෙන්දන්ගේ රිද්මයානූකූල ඝෝශාවත්, වීදී කඩවල උදෑසන බැදෙන ආප්ප සුවදත් සමග මුසු වී මගේ හිත සතුටින් පිනා යයි.
පිගන් පිරී යන බත් සහ සුවදින් පිරි බොහෝ ව්‍යංජන ප්‍රමානයත් මා හට නැවත නැවතත් සිහිපත් කරනුයේ මේ කුඩා දූපතේ සූප සාස්ත්‍රයේ පොහොසත් කමත් ය.

නමුත් පසුගිය දශක කිහිපය තුල ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් විය. කලින් කලට සිදු වූ පෘතුගීසි,ලන්දේසි සහ බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතකරණයේ සදාකාලික අමිහිරි කැළැල් මේ දිවයිනේ ඉතිරි කළේය.
1983 සිට 2009 දක්වා, රට දීර්ඝ සිවිල් යුද්ධයකට මුහුණ දුන් අතර, ඉන් පසුව 2004 දී සුනාමියේ විනාශය සහ 2022 දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ගෝලීය මාතෘකා අතරට ඇද වැටුණි.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි ලංකාවේ හදිසි ආණ්ඩු වෙනසක් ද සිදුවිය.
එහෙත් අද වන විට රට ශක්තිමත්ව පවතී. මෑත කාලයේ ජනාධිපති අනුර දිසානායක යටතේ නව දේශපාලන යුගයක් සහ උපායමාර්ගික වීසා ප්‍රතිපත්ති මගින් සංචාරක කර්මාන්තය පුනර්ජීවනය වී ඇති අතර, එය 2025 දී විදේශ විනිමය ඉපැයීම් වාර්තා බිඳ දැමීමට නියමිතය.

නැවතත් චාරීකාවට පිවිසෙමු:
මෙහිදී වඩාත් පැන නගින ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව ඔබව ආකර්ෂණය කර ගනීවිද යන්න නොවේ - ශ්‍රී ලංකාව තුලදී ලැබිය හැකි සියල්ල අත්විඳින්නේ කෙසේද යන්න තීරණය කිරීමයි. එහිදී මම කදිම පිළිතුරක් Resplendent Ceylon හි Route du Bonheur දි සොයා ගත්මි. මෙම සුවපහසු Unique Relais & Châteaux ජාලය Dilmah Tea සමාගමේ හිමිකාරීත්වය දරන ප්‍රනාන්දු පවුල විසින් පවත්වාගෙන යනු ලබනයි.
මේ මනස්කාන්ත දිවයිනේ දකුණු වෙරළ තීරයේ Surf, කදුකරයේ සුවපහසුවත් , වනබිම් හරහා සෆාරි ත් ද සංස්කෘතිය, නිර්මාණශීලීත්වය මෙන්ම මිතශීලිත්වයද සහ ආගන්තුක සත්කාර හා සූප සාස්ත්‍රයද උතුරු අර්දගෝලයේ සීත කාලයේ නවාතැන් සොයන්නෙකුට කදිම අකර්ශනක් මෙම සුන්දර දිවයින ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ කාර්‍යබහුලම අගනගරය වන කොළඹට ගොඩ බෑ මම, මාගේ චාරිකාව දකුණු වෙරළ තීරය දිගේ හිකඩුවටත් ඉන්පසු සුන්දර හිරිකැටියටත් ප්‍රවිශ්ඨ වු යේ එය මිහිරි surf ක්‍රීඩාවට ලොව ප්‍රසිද්දියක් උසුලන ස්ථාන නිසාවෙනි.
එමෙන්ම මෙහිදී වැලිගම Cape Waligana හෝටලය මගේ නවාතැන ලෙස තේරීම කදිම තෝරාගැනීමක් විය.හෝටලයේ ටෙරාකොටා වහල, බට්ලර් සේවා සපයන සුඛොපභෝගි විලා ඇත.
තායිලන්තය, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල් පුරා නිවාඩු නිකේතන සැලසුම් කිරීම සඳහා ප්‍රසිද්ධ තායි ගෘහ නිර්මාණ ශිල්පී ලෙක් මාතර් බුනාග් විසින් මෙම Cape Walivama හෝටලය නිර්මාණය කරන ලදී.ගල් බිත්ති හා මනාකොට සැලසුම් කරන ලද උද්‍යාන සහිත සෑම විලාවකටම පෞද්ගලික තටාකයක් ඇතුළත් වේ.අතු පතර හිසට ඉහළින් පැද්දෙන වදුරන් හා භූමිය හරහා ඇවිදන් යන මොනරුන් යන්නේ ඔවුන්ට එම ස්ථානය හිමි ආකාරයට ය.

සර්ෆින් ක්‍රීඩාවට මා අලුත් වුවත්, එය අත්හදා බැලීමට ඇමරිකාවේ මිචිගන්හි විල ආසන්නයේ හැදී වැඩීමෙන් ජල ක්‍රීඩා කෙරෙහි මගේ ජීවිත කාලය පුරාම ඇති ආදරය, මට ආත්ම විශ්වාසයක් ලබා දුනි. මගේ ඉවසිලිවන්ත උපදේශකයාගේ මඟ පෙන්වීම යටතේ, මම රළ කිහිපයකින්ම එය අල්ලා ගැනීමට සමත් විය.
සර්ෆ් ක්‍රීඩා උදෑසනකින් පසු හෝටලයට නැවත පැමිනි මා හට කේප් වැලිගම අවන්හලෙ ආහාර පිලිගැන් වූවා: පොල් පැණි සමඟ පිළිගන්වන ලද මී කිරි, බිත්තර ආප්ප කූඩ; රතු බත් සහ කරස් හඩින් හැපෙනස පපඩම් සමඟ පිළිගන්වන ලද සුවඳැති කොළ බෝංචි කහ කරිය මාගේ ආහාර රුචිය තවත් වැඩි කලා.
ආහාර ගැනීමෙන් පසු මා හට අද දින දවස නිමාවට පෙර කලයුතු සංචාරක ලයිස්තුවක්ම සිහියට නැගුනා,එනම්
යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඓතිහාසික ගාලු කොටුව නරඹීමට යාම, තල්මසුන් නැරඹීමට නෞකාවක නැග සයුරේ යාත්‍රා කිරීම, සුවඳැති කුරුඳු වතුයායක සංචාරය කිරීම, නැතහොත් ආසියාවේ හොදම බාර් 50 අතරට ශ්‍රේණිගත කර ඇති එළිමහන් බාර් එකක් වන ස්මෝක් ඇන්ඩ් බිටර්ස් හි හිරු බැස යන කොක්ටේල් භුක්ති විඳින්න.....

නැවතත් යාල වනයේ කූඩාරමට:
වෙරළ තීරයේ සතුටින් සිටීමට පෙළඹවීමක් ඇතිකරනවා මෙන්ම වනයේ කුරුලු ගුමු ගුමු ඇමතුමද මට මහත් ප්‍රීතියක් ගෙනදෙයි. ශ්‍රී ලංකාවේ දකුනු වෙරළ තීරයට මායිම්ව ඇති යාල වන උද්යානය, ලෝකයේ වෙරල තීරයකට මායිම ඇති ජාතික වනෝද්‍යාන කිහිපයෙන් එකක් වන අතර එය අද්විතීය දුර්ලභ වෙරළබඩ සෆාරි අත්දැකීමක් ලබා දෙයි. වයිල්ඩ් කෝස්ට් ටෙන්ටඩ් ලොජ්, උද්‍යානයේ මායිමේ පිහිටා ඇති අතර ඉන්දියන් සාගරයේ විශ්මයජනක දර්ශන සහ විවිද වන සත්ව හමුවීම් සඳහා අසමසම ප්‍රවේශයක් ඇත. මෙම පරිසර හිතකාමී නිවාඩු නිකේතනයට උණ-සිවිලිම් Beach බාර් එකක් සහ කොකෝන් වැනි කූඩාරම් 28 ක් ඇතුළත් වේ. භූ දර්ශනය පුරා විසිරී ඇති ගල්පර ලෙස නිර්මාණය කර ඇති මෙම සුඛෝපභෝගී කැන්වස් නවාතැන් වේගවත් WiFi සහ නවීන සුවපහසුවකින් සමන්විත වන අතර අලි ඇතුන් නිතරම ජල පානය සඳහා පැමිනීමට පුද්ගලික ජල තටාකයක් ද නිර්මාණය කර ඇත.

මගේ සෆාරිය ආරම්භ වූයේ උදෑසන 5:30 ට, (අපගේ මාර්ගෝපදේශකයා මගේ කූඩාරම් දොරට සැහැල්ලුවෙන් තට්ටු කර පැවසූයේ සතුන් දැකීමට හොඳම කාලය අලුයම සන්සුන් කාලය බවයි)
යාල ජාතික වනෝද්‍යානයේ අද්විතීය පරිසර පද්ධති - පඳුරු වනාන්තර, ගංගා ආශ්‍රිත වාසස්ථාන, වැලි කඳු සහ නිර්මල වෙරළ තීරයන් සහා වන සතුන් සහ පක්ෂීන් රැසකගේ විස්මිත නිවහන වේ.මෙම ගමනේදී පක්ශීන් විශාල සංක්‍යාවක් අපි දුටිමි.යාල වනෞද්‍යානයේ පක්ෂි විශේෂ 235 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, එය කුරුළු රසිකයින්ගේ පාරාදීසයක් බවට පත් කරයි. කෙසේ වෙතත්, දිවියන් දැකීම මෙහි ප්‍රධාන අරමුන වන අතර, අපගේ මාර්ගෝපදේශක කසුන් ප්‍රියංකර, ඔහුගේ දැනුමෙන්, මෙම විලෝපිකයන්ගෙන් කෙනෙකු සොයා වන මංපෙත් අතරින් යෑමට සමත් විය.මෙහිදී බොහෝ අලි ඇතුන් ප්‍රමානයක්ද අපි දුවුවෙමි.

යාල සිට, රට තුල ගමන් කරනා ජලයේ ගොඩබැස්විය හැකි කුඩා ගුවන් යානයකින් අපව කදුකරයේ තේ රට වෙත ගෙන ගියේය.ගුවන් යානය කඳුකරයේ හරිත පැහැය හරහා පියාසර කර Castlereagh Lake වීදුරුවක් මෙන් නිසල ජලකද මත මෘදු ලෙස ස්පර්ශ කළේය.ශ්‍රී ලංකාවට යන කිසිදු සංචාරයක් කඳුකර ප්‍රදේශය සංචාරය කිරීමකින් තොරව එම ගමන සම්පූර්ණ නොකරයි. බොගවන්තලාව නිම්න හදවතෙහි ඇති - "ලංකා රන් තේ නිම්නය" ලෙස ලෙස හැඳින්වෙන පෙදෙසෙහි මුලි ඉදිකිරීම් වලට හානි නොවන ලෙස ඉතා සූක්ෂම ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද වැවිලිකරුවන්ගේ බංගලා පහක් පිහිටා ඇති ඇත.මෙහිදී මම මම නෝර්වුඩ් හි නැවතී සිටියෙමි. මෙය 1890 දී ඉදිකරන ලද ඉපැරණි බංගලාවකි,එහි අතීත යුගයක ආකර්ෂණය තවමත් පවතී: බුම්මගෙන ගොරවන ගිනිදැල් සහ දුඹුරු පැහැ විස්කි, පෞරාණික මහෝගනී ගෘහ භාණ්ඩ, පිරී ඉතිරී යන පොත් ඇති පුස්තකාලයක් සහ නියපොතු පාද සහිත නාන තටාක මෙන්ම පිටත සුවඳැති උද්‍යාන., ඕකිඩ්, රෝස මල්,සහ පැඟිරි ගස් වලින් පිරී ගියේය.

මෙහිදි ගතකල කාලය තුල දින ගෙවී යන්නේ ලොව කාර්‍යබහුල නාගර වලට සාපේක්ශව සුඛෝපභෝගී ලෙස හා මන්දගාමී වේගයකින්. උදෑසන ආරම්භ වන්නේ ලංකාවේ හොඳම, නැවුම් තේ කෝප්පයක් සහ හරිත මංපෙත් හරහා හමා යන නැවුම් සුලග ආස්වාස කිරීම් හා ඇවිදීම් ද සමගිනි.
සාරවත් තේ වතු පුරා සිනහා මුව රැදි දීප්තිමත් සාරිවලින් සැරසුණු තේ දළු නෙළන්නන් දවසේ අස්වැන්නෙන් කූඩ පුරවයි.
ශ්‍රී ලංකාවේ කදුකරයේ සචාරය කරන්නෙකුට තේ වතු, කුඩා ගම්මාන, ශුද්ධ සිද්ධස්ථාන සහ ජෛව විවිධත්වයෙන් පිරුණු වනාන්තර ඇතුළු බොහෝ දෑ නැරඹිය හැක.
කෙටියෙන්ම ඔබ ශ්‍රී ලංකාව සංචාරය කිරීමේදී ඔබට දිය හැකි සියල්ල ලබා දෙයි.

✍️ පරිවර්තනය - Dileep Gunawardane

සැ.යු -: මෙය VOGUE සගරාවේ සිංහල පරිවර්තනය බැවින් සමහර වචන තේරුම් ගැනීමට අපහසුය.

Dr Arjunan Illamaran from india.I warmly welcome to my beautiful country❤️.  🇱🇰
02/01/2025

Dr Arjunan Illamaran from india.I warmly welcome to my beautiful country❤️.
🇱🇰

This is my beautiful country   🇱🇰❤    📷 to the respective owner.
15/12/2024

This is my beautiful country 🇱🇰❤

📷 to the respective owner.

Thank you for visiting sri lanka and trusting us as your traveling partner.Come again to my beautiful country.🌎🥰   🇱🇰
13/11/2024

Thank you for visiting sri lanka and trusting us as your traveling partner.Come again to my beautiful country.🌎🥰 🇱🇰

Ending one of our longest tours with the beautiful couple Mr.Hans Dahlin and Mrs.Helena ❤️. Thank you for visiting Sri L...
08/10/2024

Ending one of our longest tours with the beautiful couple Mr.Hans Dahlin and Mrs.Helena ❤️. Thank you for visiting Sri Lanka and supporting us and we hope you guys enjoyed the whole 36 days with us😊.

Experience the essence of magical island with us🥰Sri Lanka is a beautiful country with stunning beaches, ancient temples...
23/08/2024

Experience the essence of magical island with us🥰

Sri Lanka is a beautiful country with stunning beaches, ancient temples, and lush rainforests. With a tailor made vacation, you can enjoy all the best that the country has to offer, from exploring the cities to relaxing on the beach. You can also customize your itinerary to include activities that interest you, such as hiking or scuba diving.

The country also offers a variety of accommodations, from luxury hotels to budget hostels, so you can find the perfect place to stay.

Whether you’re looking for an outdoor adventure, cultural exploration, or a relaxing beach holiday, we can prepare a perfect package for you🤩.

📞 contact us on whatsapp: 071 488 1828
📲 Email: [email protected]

Address

49/75, Sadhun Uyana, Mabulgoda, Pannipitiya
Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when Sri La Isla Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category