Travel With KaniYa

Travel With KaniYa Freedom life and Love Traveling and Hiking��

කුරුණෑගල කිව්වම කවදාවත් අමතක නොවෙන තැනක් කියාගෙන යන්න...😁❤️
17/05/2026

කුරුණෑගල කිව්වම කවදාවත් අමතක නොවෙන තැනක් කියාගෙන යන්න...😁❤️

Hallow Kobeigane ❤️
29/04/2024

Hallow Kobeigane ❤️

විස්තර ටික ඉක්මනට දාන්නම්🥰
10/05/2023

විස්තර ටික ඉක්මනට දාන්නම්🥰

අවුරැද්දේ පලවෙනි අවාරේ ශ්‍රීපාදස්තාන වන්දනාව❤️2023/05/08
08/05/2023

අවුරැද්දේ පලවෙනි අවාරේ ශ්‍රීපාදස්තාන වන්දනාව❤️
2023/05/08

My Russian Friend Dmitry❤️
02/04/2023

My Russian Friend Dmitry❤️

හිතට ප්‍රශ්නයක් ආපු ගමන් කරන්න හොදම දේ ටිකක් නිදහසේ ඇවිදින එකලු🥰යමුද මීගමුව කලපුවේ බෝට්ටු සවාරියක්🙂Next Chapter Is commi...
18/03/2023

හිතට ප්‍රශ්නයක් ආපු ගමන් කරන්න හොදම දේ ටිකක් නිදහසේ ඇවිදින එකලු🥰
යමුද මීගමුව කලපුවේ බෝට්ටු සවාරියක්🙂
Next Chapter Is comming Soon😜
Like And Share please🥺❤️

Trincomalee❤️🥰මෙකනම් හදිස්සියේ සෙට් වෙච්ච ට්‍රිපක්🤪අපි කුරුණෑගලින් තමයි කෝච්චියට නැග්ගේ 😙කුරුණෑගල station එකේ ඉදන් රෑ 11...
09/03/2023

Trincomalee❤️🥰
මෙකනම් හදිස්සියේ සෙට් වෙච්ච ට්‍රිපක්🤪
අපි කුරුණෑගලින් තමයි කෝච්චියට නැග්ගේ 😙
කුරුණෑගල station එකේ ඉදන් රෑ 11.40ට තිබ්බ කෝච්චිය අපේ වාසනාවට විනාඩි 40ක් පරක්කු වෙලා 12.00ට තමයි අවේ🚂ආ කියන්න අමතක උනා අපි station එකට ආවේ 09.00ට කෝච්චිය මිස් වෙයි කියලා 😂 අවුලක් නෑ ඉතින් අපේ කොල්ලෝ මොන දේවල් උනත් ආතල් එකේ ඉන්න හින්දා කෝච්චිය එනකම්ම කාලෙකට පස්සේ කාඩ් ගැහුවා😌
කොහොම හරි කෝච්චියේ කුරුණෑගල ඉදන් ත්‍රිකුනාමලයට ටිකට් එක රුපියල් 330/- කොහොම හරි 12හේ ඉදන් කෝච්චියේ ගිහින් ත්‍රිකුනාමලයට ‍යද්දි උදේ 06.20 විතර උනා.කෝච්චියෙන් බැහැලා අපි මුලින්ම කන්න තැනක් හොයන්න හිතාගෙන station එකෙන් එලියට ආවා👣
ආපු ගමන් අපිට Threeweel අංකල් කෙනෙක් ඇවිත් අපිත් එක්ක විස්තර කතා කරලා එයාගේ වීල් එකෙන් අපිව කෝනේශ්වරම් කෝවිලට එක්කන් ගියා.station එකේ ඉදන් අපි බැහැපු තැනට රුපියල් 500/-ක් ගත්තා🛺.
අමතක කරන්න බෑ එතන ආමි එකේ කොල්ලොන්ගේ සුභසාදක වෙලදසැලක් තියනවා.එකේ කෑමත් සුපිරි අපි එතනින් කාලා කෝනේශ්වරම් කෝවිල වැදපුදාගත්තා🙏
කෝනේශ්වරම් කෝවිල වටේටම තියන මුහුද කියන්න බැරි තරම් ලස්සනයි😊 අනික හැම තැනම මුවෝ ඉන්නවා.උනුත් මනුස්සයොන්ට ගොඩක් හීලෑයි🦌
ඊට පස්සේ අපි නිලාවේලි බීච් එකට ගියා නාන්න.අපිට ටවුන් එකේ ඉදන් නිලාවේලි යන්න Three wheel එකට රුපියල් 2500/- ගියා.පොඩියට අඩියක් එහෙම ගහලා සිංදුවක් කියලා අපි අපේ ආතල් එක ගත්තා🤪
අපිට බීච් එකේ ඉදන් අයේ ටවුන් එකට එන්න බස් එකක් හම්බුනා ඒකටනම් එක්කෙනෙක්ට රුපියල් 150/- විතර ගියේ බස් එකේ විස්තරයක්නම් මතක නෑ සමාවෙන්න ඒකට.
ඊට පස්සේ අපි ටිකක් ත්‍රිකුනාමලය ටවුන් එකේ ඇවිදලා
හවස 07.00ට තිබ්බ කෝච්චියෙන් අයේ කුරුණෑගලට ආවා.කෝච්චියේ හිටපු කට්ටියත් සුපිරි.එයාලත් එක්ක එකතු වෙලා සිංදුවක් එහෙම කියද්දි වෙලාව ගිහින් කුරුණෑගලට ආවා දන්නෙත් නෑ🥹❤️‍🔥
අයේ ගොඩක්ම ආදරෙයෙන් මතක් කරන්න ඕනේ නිලාවේලි පොලීසියේ ස්ථානාදිපති තුමා ඇතුලු ඒ නිලදාරින් මංඩලය❤️
අපිට අපේ ගමන සාර්ථක කර ගන්න ඒ කට්ටිය පුලුවන් උපරිමයෙන් උදව් කරා❤️‍🔥

යමුද රවුමක්🤗
05/03/2023

යමුද රවුමක්🤗

Negombo Browns Beach❤️‍🔥Ng Ep 01ඒත්තුකාල වෙරල තීරය නැත්තම් Browns Beach කියන්නේ මීගමුවේ ඇවිදින්න තියන තැන් වලින් යන්නම ඕ...
18/01/2023

Negombo Browns Beach❤️‍🔥
Ng Ep 01

ඒත්තුකාල වෙරල තීරය නැත්තම් Browns Beach කියන්නේ මීගමුවේ ඇවිදින්න තියන තැන් වලින් යන්නම ඕනේ තැනක්🥺🥰
මීගමුව නගරයේ ඉදන් මේ ඒත්තුකාල වෙරලට යන්න ප්‍රදාන පාරවල් දෙකක් තියනවා.ඒ මොන පාරෙන් ගියත් ඔයාලට 4Km විතර තමා ටවුන් එකේ ඉදන් යන්න තියෙන්නේ😍
මීගමුවේ ඉදන් මේ වෙරල උද්‍යානයට යන්න පාර හොයාගන්න ගොඩක් ලේසියි ඒ හින්දා මං යන පාර ගැන දාන්නේ නෑ🙂

මේ ඒත්තුකාල වෙරල ගැන කතා කරනවානම් ඔයලාට සති අන්තයක් ගත කරලා යන්න හොදම තැනක් තමා මේ වෙරල තීරය.ඒකට හේතුව මේ browns beach එකේ හැම සති අන්තෙකම මොකක් හරි විශේශ උත්සවයක් තියනවා.

මීට අමතරව මුහුදේ බෝට්ටු සවාරියක් යන්න,රැල්ල පාගන්න,නිදහසේ ඇවිදින්න,පෝනියෝ පිටේ රවුමක් යන්න ඕනෙම දෙයක් මෙතන කරන්න පුලුවන්🥰
Drinks එහෙම ගහනවානම් ඒකටත් මෙතන සුපිරි තැනක්.

අනිත් දේ තමයි මේ මීගමුව නගරයම සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය නිසා මේ වෙරල ලග ඕනේ තරම් නවතින්න තැන් තියනවා.ඔයාලට ඕනේ විදියට සුව පහසු තැනක් ඔයාලට මේ වෙටලට යන පාර දෙපැත්තෙන් හොයාගන්න පුලුවන්❤️🥰
අනිත් විශේසම දෙයක් තමා සති අන්ත වල ඔයාලගේ ආරක්ෂාවට මීගමුව පොලීසිය සහ පොලිස් ජීවිතාරක්ෂක කන්ඩායම පැය 24ම ඉන්නවා.🔥❤️

Contack for more details
My num:-0743680010
Name :-Kanishka
Please Like And Share🥰

Address

Kurunegala
Kurunegala
60000

Telephone

+94743680010

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With KaniYa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category