Dila Hub

Dila Hub “Life moments | Videos | Creativity by Dila Hub”

19/05/2026

කඩෙන් ලස්සන වෙසක්කූඩුවක් අරගෙන දෙනවාට වඩා, උණබට ලීයක් කපලා පොඩි වෙසක්කූඩුවක් දරුවා එක්කම හදන්න. ඒක අලවන්න, සරසන්න, ඇතුළේ පහනක් දල්වන්න දරුවාට ඉඩ දෙන්න. ටික වෙලාවකින් ඒ කූඩුව පිච්චිලා, අලුවෙලා, නැතිවෙන හැටි දරුවාට පෙන්වන්න. එතකොට ඔහු හෝ ඇය තේරුම් ගනීවි — මේ ලෝකේ හැම දෙයක්ම තාවකාලිකයි, වෙනස් වෙනවා කියලා. වෙසක් සැමරුමක් පමණක් නොව, ජීවිත පාඩමක් ද දරුවාට ලබා දෙමු.❤️❤️❤️

18/05/2026

හැමදෙයක්ම අහිමිවෙන්න පුළුවන්…
හැමදෙයක්ම මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්…

ඒ නිසා බැඳීම්වලටත්, බලාපොරොත්තු වලටත්, ආදරයටත් සීමාවක් තියාගෙන ජීවත් වෙන්න.
එතකොට හිතට බර අඩුයි… ජීවිතේ සරලයි…
අහිමිවීම් අඩුවෙන් රිදෙයි…

14/05/2026

ඔයාට කවුරු නැතත් මම ඉන්නවා” කියන වචන වල වගේම
හැම මොහොතකම ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන කෙනෙක් ජීවිතේට ලැබෙන්න ඕනෙ…

අම්මා තාත්තාගෙන් ආදරෙන් හැදී වැඩුණු හිතක්,
ආදරයකදිත් බලාපොරොත්තු වෙන්නේ
රැකවරණය, සැනසීම, ගෞරවය සහ පිරිසිදු ආදරයමයි…

මගනොහරින, හිත නොරිදවන,
“මම ඉන්නවා” කියලා හැම දේකදිම අල්ලගෙන ඉන්න ආදරයක්
හැමෝටම ලැබෙන්න ඕනෙ… ❤️

14/05/2026

අපේ ජීත හැඩකරන්න අපේ අම්මා තාත්තා කොච්චරනම් කැපකිරීම් කරන්න ඇත්ද?ඒ කැපකිරීම මෙහෙමයි කියලා කියන්න බැරිතරම්.සමහරවිට එයාලට ප්‍රති උපකාර කරන්න බැරිතරම් දරුවන් අසරණ වෙලා ඇති.අම්මා තාත්තාගෙ වෙන්ව යෑම නිසා...දරුවෙක් අම්මෙක් තාත්තෙක් උන දාට එයාලගෙ දෙමව්පියන් ඒ දරුවන්ට කරපු කැපකිරීම් දැනෙනවා තදින්ම....ඉතින් අපේ අම්මා තාත්තා ඉන්නකාලෙ අපි ආදරෙන්ම බලාගමු...❤️❤️❤️

12/05/2026

පුංචි කාලේ වෙල් යායවල් අතර මඩ නාගෙන දුවපු අපි…
තාක්ෂණය අඩු, හිත් නිදහස් තිබුණු ඒ දවස් අද මතකයක් විතරයි.
ගමේ හුළඟ, කුරුල්ලන්ගේ හඬ, සෙල්ලම් කළ ඒ පාරවල්…
කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලා.
ඒත් ඒ ලස්සන මතක හදවතෙන් කවදාවත් මැකෙන්නෙ නෑ… 🥰❤️🥹🥹🥹

01/05/2026

ඔබ ජීවිතයේ කිසියම් අවස්ථාවක ප්‍රතික්ෂේප වී තිබෙනවාද? එසේත් නැත්නම් තනිවී, අගයක් නොලැබුණු බවක් ඔබට හැඟෙනවාද?

ඇත්ත වශයෙන්ම, ලෝකයේ විශාල වෙනස්කම් කළ බොහෝමයක් මිනිසුන්ගේ ගමන ආරම්භ වුණේ ඒ වගේම අඳුරු අවස්ථාවලින්. ප්‍රතික්ෂේප වීම අසාර්ථකත්වයක් නොවෙයි—එය ඔබව ශක්තිමත් කරන පුහුණුවක්.

මෙම වීඩියෝව/ලිපිය තුළින් ඔබ ඉගෙන ගන්නේ:
• ප්‍රතික්ෂේප වීම ඔබේ ශක්තියක් බවට පරිවර්තනය කරගන්නේ කෙසේද
• තනිවීම සහ වේදනාව ඔබව උසට නංවන ආකාරය
• නොපසුබට උත්සාහය තුළින් ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ කෙසේද

“ඔබව ප්‍රතික්ෂේප කරන ලෝකයට, ඔබ කවුදැයි පෙන්වීමට ඇති හොඳම ක්‍රමය—ඔබ සාර්ථක වීමයි.”

ඔබේ කතාව තවම අවසන් වෙලා නැහැ. අද ඔබට වේදනාවක් වුණ දේ හෙට ඔබේ ශක්තිය වෙන්න පුළුවන්.🥹

27/04/2026

සමහර මිනිස්සු අදත් නිහතමානීව, නිසැකවම තමන්ගේ රට වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙනවා. අනාගත පරපුරට හොඳ රටක් දායාද කරන්න තමන්ගේ ජීවිතය පවා කැප කරන මේ වගේ මිනිස්සු සැබෑවටම දෙවිවරු වගේ.
ඔවුන්ගේ කැපවීම, ආදරය, සහ අසීමිත ශක්තියට අපි සියලු දෙනා ගෞරවය පිරිනමමු.
දෙවියනි, මේ ආදරණීය හදවත් හැමදාමත් ආරක්ෂා කරලා, ශක්තිය දෙන්න… 🥹🙏

27/04/2026

ආදරණීය මිනිස්සු හැමදාමත් තනිවෙන්නේ ඔවුන්ට වාද කරන්න බැරි නිසා නෙවෙයි…
ඔවුන් තෝරාගන්නේ නිහතමානීව නිහඬව ඉන්න එක.
අනිත් අයට දුකක් නොදෙන්න, කාටවත් බරක් නොවෙන්න,
තමන්ගේ වේදනාවත් හිත ඇතුළේම දරාගෙන ජීවත් වෙනවා.
ඒ නිහඬ හදවත් ඇත්තටම ගොඩක් ශක්තිමත්… ඒත් ඒක කවුරුත් නොදන්න රහසක්.🥹🥹🥹

25/04/2026

සමහර වෙලාවට ජීවිතේ අපිව බිඳ දමනවා… ආයෙ ආයෙත් පරාජය දෙනවා. ඒත් ඒ හැම පරාජයක්ම අනාගත ජයග්‍රහණයකට පියවරක් විතරයි. දවසක් එනවා—අතීතේ ඔක්කොම දුක්, වැරදි, පරාජයන් අමතක වෙලා… ලොවෙත් නැතිවෙන්නම ගොඩයන දවසක්. 💪✨
ඒ දවස වැඩි ඈතක නෙමෙයි. මහන්සිවෙන්න, නවත්තන්න එපා.
ඔයා ඒ ගේම ගහනවාමයි… ජයගන්නවාමයි!

23/04/2026

ප්‍රේමයේ සුන්දරත්වය වචනෙන් විස්තර කල නොහැකිතරම් හරි සුන්දරයි.ආදරණීයම දෙන්නෙක් හමුවීමෙන්ම ඒ ප්‍රේමයේ වටිනාකම ජීවිතය ජීවත්කරවනසුළුයි...ජීවිතයේ ප්‍රේමය සතුටින් විදින මිනිස්සු හරි සුලබ වූවත් ඒ හැගීමට ගරු කරන මිනිසුන් හරි සුන්දරයි.ප්‍රේමයේ මතක මිනිසුන් ජීවත් කරවනවා හැමදාමත්ිතින් ප්‍රේමණීය මිනිසුනි ආදරයක වටිනාකම තේරුම්ගමු❤️

19/04/2026

තමන්ගෙ රස්සාව,යාලුවො,සමාජය ගැන හරියට දැනගෙන අවබෝධයෙන් ගෙවන ජීවිතය සාර්ථකයි....අපි අපේ ගමන කාටවත් කරදරයක් නොවී නිමාකරයිනම් ඒ ගමන හිතේ සැනසීමත් එක්ක ලස්සනට බැබලෙනවා දවසක....බොරු ආටෝප නැති ජීවිතය වාසනාවක්❤️

Address

Colombo
Kurunegala
60214

Website

Alerts

Be the first to know and let us send you an email when Dila Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category