Nuwaragala Hike and night camping

Nuwaragala Hike and night camping �Visits include :
*Nuwaragala camping night
*Bathing in a natural pool
*Scenery on view point

The ruined city abandoned by King Saddhatissa, which falls into ruins over time - Nuwaragala ⛰️ | Nuwaragala ⛰️🇱🇰Join us...
22/02/2026

The ruined city abandoned by King Saddhatissa, which falls into ruins over time
- Nuwaragala ⛰️ | Nuwaragala ⛰️🇱🇰

Join us today if you want to have a different experience.

⭕ Activities
• Nuwaragala Hike & Camping
• Jungle Trekking
• natural pool bathing

⭕ 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 𝐈𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬
•Tikets & guide
• 5 Main Meals with evining tea
• A/C Transportation
•Tractor transportation through forest
• Basic First Aid Support

⭕ Details
•Date: March 2026 (Saturday & Sunday)
•2-Day Tour
• Pick up location : colombo fort

⭕ Route
•Colombo Fort / Kadawatha / Nittambuwa /Kegalle / Kandy / mahiyanganaya Padiyatalawa / Maha Oya

⭕ payment Details
Total Cost: LKR 11,500 per person
Advance Payment: LKR 5000
Contact us for bank details

⭕ For more information 📞
0776820321–Banuka
(Call / Text / WhatsApp)

17/02/2026

" කන්ද උඩ සොබාවේ සුන්දරත්වය
අහසට කිට්ටු සුන්දර තැන.." 💫🍃🌱🦋

“වෙහෙසකර ගමනක අවසානය , හදවත සැනසීමෙන් පුරවන දර්ශන.. 🍃💫❤️
16/02/2026

“වෙහෙසකර ගමනක අවසානය , හදවත සැනසීමෙන් පුරවන දර්ශන.. 🍃💫❤️

🚜🧭Thank you very much for trusting me.🚜🧭🏕️🐘🌱
10/02/2026

🚜🧭Thank you very much for trusting me.🚜🧭🏕️🐘🌱

09/02/2026

. #කාලයාගේ ඇවෑමෙන් නටඹුන් වන සද්ධාතිස්ස රජු අතහැර දැමූ නටඹුන් නගරය සොයා ගිය තවත් එක් සොඳුරු ගමනාන්තයක අවසානය මෙසේ සනිටුහ...
08/02/2026

. #කාලයාගේ ඇවෑමෙන් නටඹුන් වන සද්ධාතිස්ස රජු අතහැර දැමූ නටඹුන් නගරය සොයා ගිය තවත් එක් සොඳුරු ගමනාන්තයක අවසානය මෙසේ සනිටුහන් විය.🏕️🐘🌱🧭
Hike and Night Camping මා විස්වාස කල

ඔබට බෙහෙවින් ස්තූතියි 🌱🐘

17/11/2025

https://youtube.com/?si=l6sd-kWB-SA5-HdO🏕 Piyapath Nuwaragala Hike and night camping

🏕️ Beautiful days don't come looking for us..🌸 We ourselves should make every day as beautiful as possible..🍃🏕️🧭🌍 🏕️ලස්සන දවස් අපිව හොයාගෙන එන්නේ නෑ..🌸 අපිම හැම දවසක්ම පුළුවන් තරම් ලස්සන කරගන්න ඕනේ..🍃🏕️🧭🌍

17/11/2025

's VLOG # Nuwaragala Hike and night camping Piyapath 🏔️සොදුරු මිතුදමින්🌹පිරුනු ගමනාන්තයක ආරම්භය 🌍🧭🏕️ 🏔️The beginning of a journey full of beautiful friendships 🌍🧭🏕️

17/11/2025

's VLOG # Piyapath සංචාරක සමුහය හා Nuwaragala Hike and night camping 🌏🧭🏕️🥰 අප හා එක්ව හතර වන වරටත් දේශීය🇱🇰 හා විදේශීය🌏 සංචාරකයන් සමග එකම පවුලක්🌹 සේ ආදරනීයව ගෙවුනු කාල පරිච්චේදයක සොදුරු මතක සටහන් 🏕️🧭🌍

's VLOG # Piyapath Tourist Group and Nuwaragala Hike and night camping 🌏🧭🏕️🥰 For the fourth time together with us, local🇱🇰 and foreign🌏 tourists, we shared a wonderful memory of a time spent together as one family🌹🏕️🧭🌍

නුවරගල මුදුනේ ගුප්ත බලකොටුවේ විස්මය | Nuwaragala🏕️🌏⛰️අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබෙන නුවරගලට යා හැක්කේ මහඔය නගරය...
10/11/2025

නුවරගල මුදුනේ ගුප්ත බලකොටුවේ විස්මය | Nuwaragala🏕️🌏⛰️

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබෙන නුවරගලට යා හැක්කේ මහඔය නගරයේ සිට වනය මැදින් දිවයන පොල්ලේබැද්ද වැදි ගම්මානට යන පාරේ ගමන් කිරීමෙන් හා මහඔය බොරපොල ගම්මනය හරහා දිවෙන රක්ෂිතය මැදින්ය. බොරපොළ වැව් ඉස්මත්තට නුවරගල කන්දු මුදුන මනාව දිස් වේ. මේ කන්ද ජනප්‍රවාද කිහිපයක් පිරිවරාගත් නොවිසඳුණු ඓතිහාසික රහස් සඟවාගත් තැනක්.

අම්පාර නුවර ප්‍රධාන මාර්ගයේ බොරුපොල විද්‍යාලය අසල සිට බස්නාහිර දෙසට කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු බොරපොල
වැවහමුවෙයි. එහි සිට වනයේ අඩිපාරවල් ඔස්සේ කඳුමුදුනට පිවිසීමට ගමන් කළ යුතු යි. ඈතින් රඹකැන් ඔය ජලාශයත් පිහිටා තිබෙනවා. වනාන්තරය මැද ඉතා සුන්දර වටපිටාවක තමයි මේ පුරාවිද්‍යා උරුමය පිහිටා තිබෙන්නේ. පුරාණ දිගාමඩුල්ලේ බින්තැන්නේ මහ වැදිරටට තමයි මේ පැත්ත අයිති වුණේ. ඉංග්‍රීසි ජාතික පර්යේෂකයකු වූ සෙලිග්මාන් වැදි රටේ සංචාරය කර ඇත්තේ වැද්දන් පිළිබඳ පර්යේෂණාත්මක ගවේශනයක් කිරීමට යි. ඊට පසු ආර්. එල්. ස්පිට්ල් මේ අවට වැද්දන් සොයා කළ සංචාර ගැන ඔහුගේ කෘතිවල දැක්වෙනවා.

නුවරගල කන්ද දක්වා ගමන්කිරීමට අඩිපාරවල් තමයි තිබෙන්නේ. මේ අවට අලිඇතුන් ද සංචාරය කරන නිසා ඒ සඳහා මග පෙන්වන්නෙකුගේ මඟපෙන්වීම ලබා ගැනීම ඔබගේ ආරක්ෂාවට වඩාත් සුදුසු යි. කෑම සොයා යන අලි ඇතුන් නියං සමයේ දී දිය පවස නිවා ගැනීමට නුවරගල කඳු මුදුනේ පිහිටි පොකුණට එන බවත් පැමිණි.

නුවරගල කන්ද

පොළෝ මට්ටමේ සිට අඩි දහසක් පමණ ඉහළ නගින මේ කන්ද ගල්පර්වත කිහිපයකින් සමන්විත යි. බොහෝ දිය මං අද්දර කොටි වසුරු තිබීමෙන් පෙනෙන්නේ කොටියා ද මේ අවට සැරිසරන බව යි. තිත් මුවා සහ ගෝනා ද මෙහි සුලබ යි. වලසුන් ද මේ වනය සිය අභය බිම කරගෙන ඇති බවට සලකුණු තිබෙනවා.

කන්දේ තැනින් තැන වනාන්තරයත් පැතිර තිබෙනවා. ගල් පර්වත අතරින් කන්ද මුදුන දක්වා ගමන් කිරීමට පුරාණයේ සකස් කළ මාර්ගය දැන් වල් බිහිවී ගොස් ඇති නිසා, එය තරණය කිරීම දුෂ්කර කාර්යයක්. නමුත් ත්‍රාසජනක සංචාරවලට කැමති රසිකයන් ඒ වෙත පිවිසෙනවා. පුරාණයේ ගල්පඩි අල්ලා, ගල් වැටි දමා සකස් කළ බලකොටුවක් ලෙස මෙය තිබූ බව යි පැවසෙන්නේ. නමුත් ඒ ගැන නිශ්චිත ඓතිහාසික සාධක නම් හමුවෙලා නැහැ. සමහර විට අංගසම්පූර්ණ පුරාවිද්‍යා කැණිම් වැඩසටහනක් කළොත් එයට පිළිතුරු ලැබේවි. වැල්වල එල්ලෙමින් දණ ගාමින් ද විටෙක ගලින් ගලට පනිමින් කන්ද නැගීමට සිදුවෙනවා.

දශක කිහිපයකට පෙර මේ ස්ථානයට පිවිසි පුරාවිද්‍යා පර්යේෂක එල්ලාවල මේධානන්ද නාහිමි ඒ ගැන මෙසේ විස්තර කරනවා:

හැම පැත්තෙන්ම සීඝ්‍ර බෑවුම් සහිත නුවරගල කන්දට නැගිය හැක්කේ බටහිර පැත්තෙන් පමණි. කන්ද පාමුල සිට මුදුනට නැගීම පිණිස පුරාණයේ දී කරවන ලද විශේෂ මාර්ගයක් දක්නට ලැබේ. ගල්පලු ඇතිරූ දෙපස අත්වැල් ගල් සවිකර ඇති මේ මාර්ගය සැතපුමකට වඩා (කි. මී. 1.6කට වඩා) දිව යයි.

(නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය කෘතිය)

කටාරම් කෙටූ ලෙන්

දශක කිහිපයකට පෙර මේ ස්ථානයට පිවිසි පුරාවිද්‍යා පර්යේෂක එල්ලාවල මේධානන්ද නාහිමි ඒ ගැන මෙසේ විස්තර කරනවා:

හැම පැත්තෙන්ම සීඝ්‍ර බෑවුම් සහිත නුවරගල කන්දට නැගිය හැක්කේ බටහිර පැත්තෙන් පමණි. කන්ද පාමුල සිට මුදුනට නැගීම පිණිස පුරාණයේ දී කරවන ලද විශේෂ මාර්ගයක් දක්නට ලැබේ. ගල්පලු ඇතිරූ දෙපස අත්වැල් ගල් සවිකර ඇති මේ මාර්ගය සැතපුමකට වඩා (කි. මී. 1.6කට වඩා) දිව යයි.

(නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය කෘතිය)

කටාරම් කෙටූ ලෙන්

මෙහි දැක්වෙන ගමිණිතිශ මහ රජු සද්ධාතිස්ස රජු ලෙස සැලකීමට හැකි බව එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරනවා. ඒ අනුව ඔහුගේ පුත්‍රයා ලෙස දැක්වෙන්නේ ඉන්පසුව අනුරාධපුරයේ රජ වූ ලජ්ජිතිස්ස යි. ඒ අනුව නුවරගල ලෙන් පූජා කරවා ආරණ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කර ඇත්තේ ලජ්ජිතිස්ස කුමාර කාලයේ දිගාමඩුල්ලේ සිටි කාලයේ විය යුතු බව එල්ලාවල හිමි දක්වනවා.

මෙහි මුලින්ම පැවති බලකොටුව කවුරුන් විසින් කරවූයේදැ යි නිශ්චිත නැහැ. ඒ සඳහා පුරාවිද්‍යා ගවේශනයක් හෝ කැණීමක් ද මේ ප්‍රදේශයේ සිදුකර නැහැ. කඳු පාමුල සිටපොල්ලෙබැද්ද දක්වාත් වනයේ තැනින් තැනත් නටබුන් රාශියක් හමුවෙනවා. ඒවා අනුරාධපුර යුගයේ මුල්කාලීන ලක්ෂණ දරනවා. එකල දිගාමඬුල්ලේ මේ ප්‍රදේශය ඉතා සශ්‍රීක මෙන්ම බෞද්ධ ජනතාවක් වාසය කළ පෙදෙසක් බවට යි මේ සාධකවලින් පෙනෙන්නේ.

ගල මුදුනේ නුවර

පුරාණයේ කිසියම් පිළිවෙළකට ගල් අතුරා සකස් කරන ලද මං පෙත අවසන් වන්නේ සමතලා ගල්තලාවකින්. මේ මඟ අඩි 8ක් පමණ පළලකින් යුක්ත යි. එය වසා ගෙන දෙතුන් පැත්තකින් ගස්වැල් වැවී සෑදුන සෙවන නිසා ඔබට එහි විවේක ගැනීමටත් පුළුවන්. ගැමියන් එයට ලබා දී ඇති නම වාඩිගල යි. එතැන් සිට ඉහළට තනි කෙළින් නැඟී සිටින නුවරගල ගල් පර්වතයෙහි බෑවුමට වෙන්නට තැනින් තැන ගලින් සෑදු මුර කුටි වැනි ස්ථාන කිහිපයක් හමුවෙනවා.

දෙතුන් දෙනෙකුට සිටිය හැකි සේ මනාව ගල් සිටවා සකස් කර ඇති මුර කුටි අතරින් කන්ද මුදුනට නැඟීමට වක්‍රාකාරව මං පෙතක් වැටී තිබෙනවා. ඒ ඔස්සේ කන්ද තරණය කරන්නෙකුට හමු වන්නේ ගල්පර්වතය වසා ගෙන වැවුන විවිධ වර්ගයේ ගස් වැල් ද මීවන උඩවැඩියා ආදියෙන් ද අලංකාර වූ වියළි කලාපීය වනපෙතක්.

අඩි 700ක් තරම් උස් මට්ටමේ කඳු හිසෙහි ඉදිරියට නෙරා ඇති ගල් තැල්ලක් කටාරම් කොටා සැකසූ ලෙන් කුටි හතක් ද මෙහි හමුවෙනවා. දොර කවුළු තරම් උසින් පළලින් යුතු කුටි හත ගැමියන් හඳුන්වන්නේ “දොරන් පේන ඇල්ල” නමින්. මේ දොරන්වලට සමීප විය හැක්කේ ගල මුදුනේ සිට වැල් ඉණිමඟක් පහතට හෙළා ඒ මඟින්. ඒවා සීගිරියේ බිතුසිතුවම් සහිත ගල්ගෙය ද එවැනි ස්ථානයක්.

ආර්. එල්. බ්‍රෝහියර් නුවරගල පිළිබඳව මෙසේ දක්වා තිබෙනවා:

ආරක්ෂාව පිළිබඳ ස්වභාවික සාධකය නිසා මෙය සැබවින්ම සුපතළ බළකොටුවක් වන්නට ඇත. පැරණි රජුන් තම බළකොටු පිහිටුවා ගත්තේ මහ වන මැද රළු බෑවුම් ඇති පර්වත මත ය. බොහෝවිට ජලාශයකින් ද එය තවදුරටත් සුරැකුණි. පර්වතය මුදුණේ දැකිය හැකි පැරණි නගරයේ නටබුන්වලට අමතරව ඉතා සුන්දර කෘතිම කෙමක් දැකියා හැක. කෙම යනු ගල්පර්වතවල පිහිටා ඇති සුන්දර පොකුණකි. නුවර ගලේ බටහිර පවුරක් වන් තද බෑවුමකි.

(බ්‍රෝහියර් දුටු ලංකාව)

විස්මිත පොකුණ

නුවරගල සැබැවින්ම ගලක පිහිටි නුවරක් බව පැහැදිලි වන්නේ එහි කඳු මතට පිවිස විට යි. ගිරි ශිඛර මුදුන අක්කර ගණනන් පුරා පැතිර පවතින තැනිතලාවක්. ගල මුදුණෙහි එක කොටසක් මඳක් උසින් වැඩියි. එයට පහළින් ඇත්තේ පර්වතය හාරා මිනිසා තැනූ පොකුණක්.

අදත් ජලයෙන් පිරී පවතින පොකුණෙහි දිග අඩි 77ක් වන අතර පළල අඩි 55ක්. නියං සමයෙහි පවා එහි දිය නොසිඳෙන බව සඳහන් වෙනවා. එය විස්මිත නිර්මාණයක් බව යි දකින විට පෙනෙන්නේ. මෙකී ජල පොකුණ කපා සකස් කිරීමේ දී ඉවත් කළ ගල් කුට්ටි බෑවුම දෙසින් ගල් වැටියක් ලෙස ගොඩ කර තිබෙනවා. මේ පොකුණ තවත් පුළුල් කිරිම සඳහා හෝ පොකුණට ප්‍රවිෂ්ට වීම සඳහා මාර්ග පද්ධතියක් ඉදි කිරීමට හෝ කරන ලද සීමා නිර්ණ සලකුණු පොකුණ පිහිටි ගල්තලාව සමීපයේ දක්නට ලැබෙනවා. ඉදිකිරීම් වැඩ නිම නොවූ මෙම ජලාශයට ඉහළ කොටසේ කිසියම් ගොඩනැගිල්ලක් තිබු බවට ද සලකුණු දැකගත හැකියි.

පොකුණට ඔබ්බෙන් පිහිටි උස් බිම හඳුන්වන්නේ මාලිගාතැන්න කියලයි. ඒ අවට ගල්කුලුනු කොටස්, ගල් පාදම්, ගඩොළු ආදිය විසිර තිබෙනවා. පුරාණයේ මෙහි ගොඩනැගිලි කිහිපයක්ම තිබූ බවට එම ශේෂ අපට පවසනවා. එම ස්ථානයේ සිට නැඟෙනහිර දෙසට බෑවුමේ අඩි සියක් පමණ දිගකින් යුත් ගල්ලෙනක් පිහිටා තිබෙනවා. මෙහි විශේෂත්වය නම් එය කටාරම් තුනකින් යුක්තවීම යි. දිගාමඬුලු තැනිතලාව ඉතා සුන්දර අයුරින් දැකගැනීමටත් කඳු මත දී ඔබට අවස්ථාව ලැබෙනවා.

ගිරිනුවර

ඇතමෙක් මේ ස්ථානය ගිරි නුවර වශයෙන් ද මතයක් ඉදිරිපත් කරනවා. ධාතුවංශයේ සඳහන් වන කාවන්තිස්ස රජුගේ සොහොයුරියක වූ සෝමා දේවිය (සෝමවතිය දාගැබ තැනීමට මුල් වූ) සරණ පාවාගත් ගිරි අභය නම් රජ කුමරාගේ ප්‍රාදේශිය රාජධානිය මෙහි පිහිටි බව ඔවුන්ගේ මතය යි. ගැමුණු කුමරු සමග හටගත් මතභේදයක් නිසා ගිරිඅබය රජු පසුව ගිරිනුවර අතහැර සේරු නුවරට ගිය බව ධාතු වංශයේ සඳහන්.

රඹකැන්ඔය

නුවරගල කඳුවැටිය පාමුල සීත වන්නිය කඳුවැටිය අසලින්ගලා යන රඹකැන්ඔය හරස් කර පුරාණයේ වේල්ලක් බැඳ ජලාශයක් ඉදිකර තිබුණා. එහි දෙපා ඇළ මාර්ගවල නටබුන් ද වනගතව දැකගත හැකියි. එම නටබුන් නිරීක්ෂණය කිරීමේ දී හැඟීයන්නේ එම වාරි කර්මාන්ත වැඩ නිම නොකරන ලද්දක් බව යි. එයට යම්කිසි සතුරු කරදරයක් හේතුවූවා විය හැකියි. වර්තමානයේ, වර්ෂ 2013 දී, එම ස්ථානයේ රඹකැන්ඔය ජලාශය අලුතින් ඉදිකර අවට වගාබිම්වලට දියවර සපයනවා.

උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය 🌹

Address

Mahaoya
Maha Oya
32070

Telephone

+94776820321

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwaragala Hike and night camping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nuwaragala Hike and night camping:

Share

Category