Nuwaragala Hike and night camping

Nuwaragala Hike and night camping �Visits include :
*Nuwaragala camping night
*Bathing in a natural pool
*Scenery on view point

.කාලයාගේ ඇවෑමෙන් නටඹුන් වන සද්ධාතිස්ස රජු අතහැර දැමූ නටඹුන් නගරය - නුවරගල ⛰️ | Nuwaragala ⛰️🇱🇰 කැලයෙන් වැසීගිය නුවරගල ⛰️...
06/03/2025

.කාලයාගේ ඇවෑමෙන් නටඹුන් වන සද්ධාතිස්ස රජු අතහැර දැමූ නටඹුන් නගරය - නුවරගල ⛰️ | Nuwaragala ⛰️🇱🇰

කැලයෙන් වැසීගිය නුවරගල ⛰️ තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයේ බොරපොල ගම්මානයට හා පොල්ලේබැද්ද ගම්මානයට යාබදවයි.දැනට නම් මේ භූමිය අයිති වනසංරක්ෂණ දෙපාර්ත්මේන්තුවට ඊට කලින් නම් ආදීවාසී ජනතාවට. කොහොම උනත් අතීතයේදී නම් මේ බිම ජනාවාස වෙච්ච භූමියක් කියලා කියන්න පුලුවන් ඒ මොකද පැරණි වැව් බැමි, පන්සල්වල නටඹුන්, ලෙන් විහාර විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව තියෙනවා ඒ ගොඩක් ඒවා විධිමත් පර්යේෂණයකට ලක්වෙලා නෑ තවමත්. ඒ නිසාම ගොඩක් තැන් විනාශයට පත්වේගෙන යනවා කියලා කිවුවොත් හරි.

මේතන ඉතිහාසය ගැන කියනවා නම්, තවමත් හරියටම හොයාගෙන නෑ කියලා තමා කියන්න පුලුවන්. හැබැයි මත කිහිපයක්ම තියෙනවා එකක් තමා සද්ධාතිස්ස රජතුමා 👑️මේ ගොඩනැගිලි ඉදිකර බවත් සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට නොහැකිව අතරමග දමාගියා කියලා අනෙක් කාරනාව තමා සද්ධාතිස්ස රජුගේ👑️ පුත් ලජ්ජතිස්ස රජතුමා 👑️මේ ආශ්‍රිතව විහාර ඉදිකළා කියලා එල්ලාවල මේදානන්ද හාමුදුරුවො කියලා තියෙනවා. ඒවගේම තමා කාවන්තිස්ස රජතුමාගේ👑️ සොහොයුරිය වූ සෝමා කුමරියගේ සහකරු වූ ගිරි අබය කුමාරයා ගොඩනගපු ගිරි නුවර මේ ආශ්‍රිතව ගොඩනැගුණු බවට මේ මත තුන තමා ප්‍රධාන වශයෙන් තියෙන්නේ.😐

කොහොම උනත් මේ කදු සහිත භූමිය පුරාම විවිධ නටඹුන් විශාල ප්‍රමාණයක් තියේනවා. මම හිතන විදියට තවමත් හමු නොවුණු ස්ථානත් ගොඩක් ඇති. ගම්වාසීන් නම් කියන්නේ ඔය කැලේ පන්සල් ගොඩක් තියෙනවා කියලා. අවාසනාවකට නිධන් හොරුන්ගෙ ඇහැ ගැටිලා ගොඩක් තැන්වලට. ප්‍රධාන වශයෙන් පොකුණු, ලෙන් ලිපි සහිත ලෙන්, පසුකාලිනව ආදිවාසින් චිත්‍ර ඇන්ද ලෙන්, ගල් පඩිපෙළව( කන්ද පුරාවටම තැනින් තැන තියෙනවා) ගල් කණු, පන්සල්වලට අයත් නටඹුන් ගොඩක් මේ කදු සහිත කැළේ හැම තැනකම තියෙනව.
විශේෂයෙන්ම කියන්න ඕන මේ කන්ද උඩ තියෙන පොකුණ අදටත් කවදාකවත් හිදෙන්නේ නෑ කියල තමා ගම්වාසින් කියන්නේ. මේ අවට ඉන්න ගොඩක් සත්තු මෙතනින් තමා වතුර බොන්නේ. සාමාන්‍යයෙන් අඩි තිහ තිහ විතර විශාලයි මේ පොකුණ. මේක සම්පූර්ණයෙන්ම ඉදිකරලා නෑ කියල කියන්න පුලුවන් සාදක ගොඩක් දකින්න පුලුවන්. මේ අසලම ලෙන් ලිපියක් සහිත කටාරම් සහිත විශාල ලෙනක් දකින්න පුලුවන්. අනෙක් කාරනාව තමා මේ පොකුණ අවට බිම ගල් කණු විශාල ප්‍රමාණයක් තියෙනවා. කොහොම උනත් මේ අවට භූමිය කැලයෙන් වැසීගිය පුරාවිද්‍යානූකූලව සෑහෙන්න වැදගත් භූමියක් කිවුවොත් හරි.⛰️
නුවරගල මුදුනට ගොස් බලනවිට අවටින් කදු පංති රැසක් දැකගත හැක.ඒ අතරින් දර් ශණියම කන්ද වාලිම්බ හෙළයි. එය තරණය කදු නගින්නෙකුගේ තවත් එක් හීනයකි.ගොරිකාන, ඇත්බැද්දේ හෙළ,මැදගොඩ,එක් හස්ස කන්ද,තිඹුලාදේවි ගොඩගන්ද,දේව හෙළ කන්ද, ආදි කදු පංතියක් පිරිවරාගෙන නුවරගල පිහිටා තිබෙි.

සද්ධාතිස්ස රජුගේ අතහැර දැමූ නටඹුන් නගරය නුවරගල Nuwaragala ⛰️🇱🇰 කැලයෙන් වැසීගිය නුවරගල තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔ...
13/06/2024

සද්ධාතිස්ස රජුගේ අතහැර දැමූ නටඹුන් නගරය නුවරගල Nuwaragala ⛰️🇱🇰

කැලයෙන් වැසීගිය නුවරගල තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයේ බොරපොල ගම්මානයට හා පොල්ලේබැද්ද ගම්මානයට යාබදවයි.දැනට නම් මේ භූමිය අයිති වනසංරක්ෂණ දෙපාර්ත්මේන්තුවට ඊට කලින් නම් ආදීවාසී ජනතාවට. කොහොම උනත් අතීතයේදී නම් මේ බිම ජනාවාස වෙච්ච භූමියක් කියලා කියන්න පුලුවන් ඒ මොකද පැරණි වැව් බැමි, පන්සල්වල නටඹුන්, ලෙන් විහාර විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව තියෙනවා ඒ ගොඩක් ඒවා විධිමත් පර්යේෂණයකට ලක්වෙලා නෑ තවමත්. ඒ නිසාම ගොඩක් තැන් විනාශයට පත්වේගෙන යනවා කියලා කිවුවොත් හරි.

මේතන ඉතිහාසය ගැන කියනවා නම්, තවමත් හරියටම හොයාගෙන නෑ කියලා තමා කියන්න පුලුවන්. හැබැයි මත කිහිපයක්ම තියෙනවා එකක් තමා සද්ධාතිස්ස රජතුමා. මේ ගොඩනැගිලි ඉදිකර බවත් සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට නොහැකිව අතරමග දමාගියා කියලා අනෙක් කාරනාව තමා සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජතුමා මේ ආශ්‍රිතව විහාර ඉදිකළා කියලා එල්ලාවල මේදානන්ද හාමුදුරුවො කියලා තියෙනවා. ඒවගේම තමා කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරිය වූ සෝමා කුමරියගේ සහකරු වූ ගිරි අබය කුමාරයා ගොඩනගපු ගිරි නුවර මේ ආශ්‍රිතව ගොඩනැගුණු බවට මේ මත තුන තමා ප්‍රධාන වශයෙන් තියෙන්නේ.

කොහොම උනත් මේ කදු සහිත භූමිය පුරාම විවිධ නටඹුන් විශාල ප්‍රමාණයක් තියේනවා. මම හිතන විදියට තවමත් හමු නොවුණු ස්ථානත් ගොඩක් ඇති. ගම්වාසීන් නම් කියන්නේ ඔය කැලේ පන්සල් ගොඩක් තියෙනවා කියලා. අවාසනාවකට නිධන් හොරුන්ගෙ ඇහැ ගැටිලා ගොඩක් තැන්වලට. ප්‍රධාන වශයෙන් පොකුණු, ලෙන් ලිපි සහිත ලෙන්, පසුකාලිනව ආදිවාසින් චිත්‍ර ඇන්ද ලෙන්, ගල් පඩිපෙළව( කන්ද පුරාවටම තැනින් තැන තියෙනවා) ගල් කණු, පන්සල්වලට අයත් නටඹුන් ගොඩක් මේ කදු සහිත කැළේ හැම තැනකම තියෙනව.
විශේෂයෙන්ම කියන්න ඕන මේ කන්ද උඩ තියෙන පොකුණ අදටත් කවදාකවත් හිදෙන්නේ නෑ කියල තමා ගම්වාසින් කියන්නේ. මේ අවට ඉන්න ගොඩක් සත්තු මෙතනින් තමා වතුර බොන්නේ. සාමාන්‍යයෙන් අඩි තිහ තිහ විතර විශාලයි මේ පොකුණ. මේක සම්පූර්ණයෙන්ම ඉදිකරලා නෑ කියල කියන්න පුලුවන් සාදක ගොඩක් දකින්න පුලුවන්. මේ අසලම ලෙන් ලිපියක් සහිත කටාරම් සහිත විශාල ලෙනක් දකින්න පුලුවන්. අනෙක් කාරනාව තමා මේ පොකුණ අවට බිම ගල් කණු විශාල ප්‍රමාණයක් තියෙනවා. කොහොම උනත් මේ අවට භූමිය කැලයෙන් වැසීගිය පුරාවිද්‍යානූකූලව සෑහෙන්න වැදගත් භූමියක් කිවුවොත් හරි.

මාත් එක්ක යන ඔයාලට 🚜🏞️🐘🐵 එකම වහලක් යටින් හැමදේම ලබාගන්න පුලුවන්
🚜Nuwaragala Hike And Night camping
⭕ප්‍රවාහන සදහා - 16000
⭕මගපෙන්වීම එක් අයෙක් සදහා - 750
⭕ප්‍රවේශ පත්‍ර සදහා එක් අයෙකුට - 250
⭕උදේ - ඉදි ආප්ප
අල හොදි
පොල් සම්බෝල

⭕දිවා - බත්
මාලු හෝ චිකන් කරි
අල තෙලට
පරිප්පු ඩ්‍රයි කරිය ...(පාර්සල්)



⭕පසු දින දිවා - බත්
වැවි මාලු
පරිප්පු
මැල්ලුම්
එක් පුද්ගලයෙක් සදහා 1400 පමනි.
⭕සනීපාරක්ෂක කටයුතු සදහා -1000

14/04/2024
නුවරගල ⛰️🏞️🚜🏕️🐘🌳🍂⭕Nuwaragala Hike And Night Camping  මා සමග එක්වන්න.ඔයාලට ඕන         ❎ මගපෙන්වීම         ❎ කෑම බීම      ...
22/03/2024

නුවරගල ⛰️🏞️🚜🏕️🐘🌳🍂

⭕Nuwaragala Hike And Night Camping මා සමග එක්වන්න.ඔයාලට ඕන
❎ මගපෙන්වීම
❎ කෑම බීම
❎ සනීපාරක්ෂක කටයුතු
❎ ප්‍රවාහන හා
❎ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම එකම වහලක් යටින් සිදුකරවා ගැනීමට එන්න මාත් එක්ක ⛰️ #නුවරගල 🏕️🐘සංචාරය කරන්න

20/03/2024

#නුවරගල ⛰️🏞️🚜🏕️🐘🍂

නුවරගල ⛰️🏞️🚜🏕️🐘🌳🍂⭕Nuwaragala Hike And Night Camping  මා සමග එක්වන්න.ඔයාලට ඕන         ❎ මගපෙන්වීම         ❎ කෑම බීම      ...
16/03/2024

නුවරගල ⛰️🏞️🚜🏕️🐘🌳🍂

⭕Nuwaragala Hike And Night Camping මා සමග එක්වන්න.ඔයාලට ඕන
❎ මගපෙන්වීම
❎ කෑම බීම
❎ සනීපාරක්ෂක කටයුතු
❎ ප්‍රවාහන හා
❎ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම එකම වහලක් යටින් සිදුකරවා ගැනීමට එන්න මාත් එක්ක ⛰️ #නුවරගල 🏕️🐘සංචාරය කරන්න

16/03/2024

⛰️🏞️🚜🐘🏕️

නුවරගල ⛰️🏞️🚜🏕️🐘🌳🍂⭕Nuwaragala Hike And Night Camping  මා සමග එක්වන්න.ඔයාලට ඕන         ❎ මගපෙන්වීම         ❎ කෑම බීම      ...
16/03/2024

නුවරගල ⛰️🏞️🚜🏕️🐘🌳🍂

⭕Nuwaragala Hike And Night Camping මා සමග එක්වන්න.ඔයාලට ඕන
❎ මගපෙන්වීම
❎ කෑම බීම
❎ සනීපාරක්ෂක කටයුතු
❎ ප්‍රවාහන හා
❎ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම එකම වහලක් යටින් සිදුකරවා ගැනීමට එන්න මාත් එක්ක ⛰️ #නුවරගල 🏕️🐘සංචාරය කරන්න

- නුවරගල මුදුනේ දිය තටාකයක් සහිත නටබුන් නගරය 🏕️🍂🌿👣

දිගාමඬුලු බින්තැන්නේ වන අසිරිය විඳ ගන්නට මෙන්ම පුරාවිද්‍යාත්මක ඓතිහාසික ස්ථානයක් දැක බලා ගැනීමටත් ජෛව විවිධත්වයෙන් යුතු විවිධ වර්ගයන් ගෙන් සුසැඳි ඵලබර ගහ කොළ ද සියොතුන් ද සාවුන් මීමින්නන්, මුවන් ගෝනුන් ආදි සිවුපාවුන් ද දැක බලා ගැනීමට හැකි දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොළ පුරවන නුවරගල ගවිසිතුරුය. මනස්කාන්තය.

නුවර ගල ඒ තරම් ම චිත්තාකර්ෂණීය දිය කඳුරු, දිය කඩිති හෝ පොකුණු ආදියෙන් ද සුපෝෂිත ලතා මඬුල්ලෙන් ද අලංකෘත ය.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානය හරහා රඹකැන් ඔය මිටියාවත ඔස්සේ වන සංචාරයක යෙදෙන්නකුට සොබා දහමේ අපූර්ත්වයක්, පෙර රජ දරුවන්ගේ විස්මිතයනුත් නරඹමින් සොබා දහමේ අපුරු නිමවුමක් වු නුවරගල වෙත ළඟා විය හැක.

ගල් පර්වත වලින් ගහන වු මේ පෙදෙසේ ගලින් සෑදුණු ගල් ගුහා රැසක් දක්නට ඇත. එකල ඒවා වැදි ගෝත්‍රික ජනයාගේ වාසස්ථාන විය. එහෙත් පසු කාලීනව මේ ප්‍රදේශය වඩාත් බුද්ධිමත් ජන සමූහයක වාසස්ථානයක් වු බවට සාධක තිබේ.

නුවර ගල නමැති පර්වතය මුදුණේ විසල් නුවරක නටබුන් දැකිය හැකිය.

බ්‍රෝහියර් දුටු නුවරගල චමත්කාරය දෑසින් දැක ගන්නට අපිදු වන පියස පියමං කර රඹ පැහැ දියෙන් පිරි රඹකැන්ඔය තරණය කර සුවිශාල තැනිතලාවකට අවතීර්ණ වූවෙමු. තැනිතලාව අක්කර දහස් ගණනකින් යුක්ත විය. තලා බිම් කඩෙහි පසෙකින් යෝධයෙකු මෙන් නැගී සිටි මහා ගල් පර්වතයකි. ඒ තමා නුවරගල

පර්වත මුදුන මඳ බෑවුම් සහිත තැනිතලාවකි. ගල් තලාවන් ද අතරින් පතර පස් සහිත පොළොවෙන් ද යුතුය. කුඩා පඳුරු ද ගස් වැල් ද එම තැන් වලින් පැන නැගී ඇත. මාදං මෝර වැනි මධ්‍ය ප්‍රමාණයේ ගස් ද නැත්තේ නොවේ. කඳු මුදුන එසේ මෙසේ එකක් නොව අක්කර හැටක පමණ වපසරියෙන් යුක්ත වුවකි. මෙම ගල් තලාව පාදක කර ගෙන පැරණි ගල්වඩුවන්ගේ දෑතින් නිම වු ජල පොකුණ අතිශය රමණීය වුවකි.

මේ ගිරි ශිඛරය මුදුනේ සිසිල් ජල පොකුණක් සඳහා දිය උල්පත් කෙසේ පහළ විනිදැයි කිව නොහැක. පිහිටි කළු ගල් තලය කපා සාදා ඇති මේ දිය පොකුණ වැහි ජල රැඳවුමක්ද විය හැක. පැරණි හෙළයන් ජලය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙවැනි උපක්‍රම භාවිත කළේය. දිගින් අඩි 77 ක් වු ද පළලින් අඩි 55 ක් වුද මෙම නිල් දිය පොකුණේ දැනට ඇති ගැඹුර අඩි 7 ක් පමණ වුවද රොන්මඩ පස් නෙරැඳුණු තැන්හි ගැඹුර අඩි 11 කි. නිරන්තරයෙන් දියෙන් පිරී තිබෙන මේ ජල තටාකය වෙත නියං සමයේ දී දිය බීම සඳහා සිවුපාවුන් ද අලි ඇත්තු ද පැමිණෙති.

එහි සුන්දරත්වය විඳ දරා ගන්නට යන ඔබ සැමගෙන් අප කරන එකම ආයාචනය ඔබ ගෙන යන කිසි දෙයක් එහි රඳවා නොඑන ලෙසත් ගහක්, කොළක්, පොතුත්, මලක් හෝ අන් කිසිවක් රැගෙන නොඑන ලෙසත්ය. ඒවා අයිති ඔබට නොවේ. වන පෙතටය

⛔️With Piyapath

සම්පූර්ණ වීඩියෝව : වන අලි මැදින් නුවරගලට🐘| Nuwaragala Night Camping🏕️ | The journey of takeshi🍃 | Travel vlog
https://youtu.be/3g7Syvkbdhs

The Journey of Takeshi

NUWARAGALA
#නුවරගල hiking & camping

15/03/2024

නුවරගල ⛰️🏞️🚜🏕️🐘🌳🍂

⭕Nuwaragala Hike And Night Camping මා සමග එක්වන්න.ඔයාලට ඕන
❎ මගපෙන්වීම
❎ කෑම බීම
❎ සනීපාරක්ෂක කටයුතු
❎ ප්‍රවාහන හා
❎ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම එකම වහලක් යටින් සිදුකරවා ගැනීමට එන්න මාත් එක්ක ⛰️ #නුවරගල 🏕️🐘සංචාරය කරන්න

14/03/2024

තවත්🏞️ එක් සොදුරු ⛰️ගමනාන්තයක🏕️ නිමාව 🚜මෙසේ සනිටුහන් විය 🥰⛰️🏞️🚜🏕️

Address

Mahaoya
Maha Oya
32070

Telephone

+94776820321

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwaragala Hike and night camping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nuwaragala Hike and night camping:

Share

Category