Travel with Madu's

Travel  with  Madu's Travel 🛵Nature🍃Sing🎙️

14/04/2026
💕💕💕💕
12/04/2026

💕💕💕💕

14/02/2026

Happy valantine's day my ❤️❤️❤️

ඔයාලත් මේ  වගේ ද?  Comment එකක් දාන්න 💖✨️
01/02/2026

ඔයාලත් මේ වගේ ද? Comment එකක් දාන්න 💖✨️

31/12/2025

Happy New year everyone 🙏🙏🙏💕💕💕💕

Christmas vibe 🌲🎅🥰☃️
29/12/2025

Christmas vibe 🌲🎅🥰☃️

නංගි/මල්ලි, ඔයා දැන් වාට්ටුවේ බෙහෙත් රවුන්ඩ් එකේ රෝගියාට Morphine හෝ Tramadol ටිකක් දීලා "දැන් හරි යයි" කියලා නිකන් ඉන්න...
16/12/2025

නංගි/මල්ලි, ඔයා දැන් වාට්ටුවේ බෙහෙත් රවුන්ඩ් එකේ රෝගියාට Morphine හෝ Tramadol ටිකක් දීලා "දැන් හරි යයි" කියලා නිකන් ඉන්නවා නම්, ඔයා තාම හරි "Pain Detective" කෙනෙක් නෙවෙයි.

Painkiller එකක් දෙනවා කියන්නේ "ටොෆියක්" දෙනවා වගේ වැඩක් නෙවෙයි! අපි පොඩ්ඩක් ඇඟ ඇතුළට බැහැලා බලමු, ඔයා දුන්න බෙහෙත මොකද කරන්නේ කියලා.

1. "Multimodal Analgesia" කියන්නේ මොකක්ද? (The Cocktail Effect)

ගොඩක් වෙලාවට දොස්තර මහත්වරු බෙහෙත් ජාති 3ක් විතර එකපාර ලියනවා (PCM + NSAIDs + Opioids). සමහර හෙදියෝ හිතනවා "ඇයි මෙච්චර ගොඩක්? එකක් දුන්නම ඇතිනේ" කියලා.
නෑ, ඒක හරියට හොරෙක් අල්ලන්න පොලීසිය, ආමි එක සහ STF එකම දානවා වගේ වැඩක්. අපි මේකට කියන්නේ Multimodal Analgesia කියලා.
Paracetamol: මේක වැඩ කරන්නේ කෙලින්ම මොළයේ (Central). තාම හරියටම කාටවත් හොයාගන්න බැරි වුනාට, මේක "Pain Signals" මොළයට දනෙන එක අඩු කරනවා.

NSAIDs (Diclofenac/Ibuprofen): ශල්‍යකර්මය කරපු තැන සෛල වලින් Prostaglandins කියලා රසායනිකයක් (Chemical mediator) නිකුත් කරනවා. මේක තමයි "වේදනා පණිවිඩකරුවා". NSAIDs වලින් කරන්නේ මේ පණිවිඩකරුවාව මරලා දාන එක (Inhibits COX enzymes).
Opioids (Morphine/Pethidine): මේක තමයි ලොක්කා. මේක ගැන පහළින් බලමු.
Smart Nurse Tip: මේ තුනම එකට වැඩ කරනකොට, එක බෙහෙතක මාත්‍රාව (Dose) අඩු කරන්න පුළුවන්. Side effects අඩුයි.

2. මෝෆින් (Morphine) සහ ශ්වසනය අතර "මාරාන්තික සෙල්ලම" (The Mu Receptor Drama)

ඔයා රෝගියාට මෝෆින් දුන්නම, ඒ බෙහෙත දුවගෙන ගිහින් රෝගියාගේ ස්නායු පද්ධතියේ තියෙන Mu Receptors (µ-receptors) එක්ක යාළු වෙනවා.
මේ යාළුකම නිසා දේවල් දෙකක් වෙනවා:
හොඳ දේ: "වේදනාව" කියන දොර වැහෙනවා (Analgesia).
භයානක දේ: මේ බෙහෙත මොළයේ තියෙන ශ්වසන මධ්‍යස්ථානයට (Respiratory Center in Medulla) බලපෑම් කරනවා. එතකොට මොළය කියනවා "හයියෙන් හුස්ම ගන්න එපා, පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න" කියලා.
අන්න එතකොට තමයි Respiratory Depression (ශ්වසන වේගය අඩුවීම) එන්නේ. රෝගියා හුස්ම ගන්නේ නැති වුනාම, ඇඟ ඇතුලේ CO2 (කාබන් ඩයොක්සයිඩ්) පිරෙනවා. මේක මාරාන්තිකයි.

3. ඔයා බලන්න ඕනේ මොකක්ද? (The Golden Rule: Sedation Score)

ගොඩක් හෙදියෝ කරන්නේ රෝගියාගේ Respiratory Rate (RR) එක විතරක් බලන එක. "ආ.. මිනිහා විනාඩියට හුස්ම 12ක් ගන්නවා, අවුලක් නෑ" කියලා ඊළඟ ඩෝස් එකත් දෙනවා.
පරිස්සම් වෙන්න!
Respiratory Rate එක අඩු වෙන්න කලින් රෝගියා පෙන්නන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි නිදිමත ගතිය (Sedation).

රෝගියා කතා කර කර ඉද්දිම නිදාගන්නවා නම්,
ඇහැරවන්න අමාරු නම්,
ගොරව ගොරව නිදාගෙන ඉන්නවා නම්,
STOP THE OPIOID! (ඊළඟ ඩෝස් එක දෙන්න එපා).
Respiratory Rate එක අඩු වෙන්නේ අන්තිමට. ඊට කලින් රෝගියා "Sedate" වෙනවා. හොඳ හෙදියෙක් බලන්නේ Sedation Score එක මිසක් RR එක විතරක් නෙවෙයි.

4. ඇත්තටම ඇබ්බැහි වෙලාද? (Addiction vs. Pseudo-addiction)

රෝගියෙක් පැයෙන් පැයට "මට තාම රිදෙනවා, බෙහෙතක් දෙන්නකෝ" කියලා කෑගහනකොට, අපි ලේසියෙන්ම කියනවා "අන්න අරයා Drug addict වෙලා, බෙහෙත් ඉල්ලනවා" (Drug Seeking Behavior) කියලා.
නමුත් විද්‍යාවේ Pseudo-addiction (ව්යාජ ඇබ්බැහි වීම) කියලා දෙයක් තියෙනවා.
ඒ කියන්නේ, අපි දෙන බෙහෙත් මාත්‍රාව රෝගියාට ඇත්තටම මදි. වේදනාව ඉවසගන්න බැරි තැන තමයි රෝගියා බෙහෙත් ඉල්ලන්නේ.
ඔයා නියම මාත්‍රාව (Correct Dose) දුන්න ගමන් එයාගේ ඒ "බෙහෙත් ඉල්ලන ගතිය" නැති වෙලා යනවා.
ඒ නිසා රෝගියාට "Addict" කියලා ලේබල් ගහන්න කලින්, එයාගේ වේදනාව ඇත්තටම පාලනය වෙලාද කියලා චෙක් කරන්න.

Summary for Young Nurses:
Prostaglandins කියන රසායනික සතුරව නවත්තන්න NSAIDs ඕනේ.
Morphine දෙනකොට Respiratory Rate එකට කලින් Sedation Score (නිදිමත ගතිය) ගැන බලන්න.
රෝගියා කෑගහන්නේ ඇබ්බැහි වෙලාද, නැත්නම් ඇත්තටම රිදෙන නිසාද (Pseudo-addiction) කියලා තේරුම් ගන්න.

5. "ඇයි මේ වේදනාවට ෆිට් එකට දෙන බෙහෙත්?" (The Mystery of Neuropathic Pain)

ඔයා දැකලා ඇති සමහර රෝගීන්, විශේෂයෙන් ඩයබිටික් රෝගීන් හෝ කොන්දේ අමාරු තියෙන අය කියනවා "මිස්, මගේ කකුල දාලා යනවා වගේ, කරන්ට් වදිනවා වගේ, පිච්චෙනවා වගේ" කියලා.
ඔයා ඒ වෙලාවටත් පුරුද්දට ට්‍රැමඩෝල් (Tramadol) දෙනවා නම්, සොරිම තමයි! ඒ වේදනාවට ට්‍රැමඩෝල් අහන්නේ නෑ.
විද්‍යාව (Pathophysiology): මේකට කියන්නේ Neuropathic Pain කියලා. මේක වෙන්නේ තුවාලයක් නිසා නෙවෙයි, ස්නායු (Nerves) වලට හානි වෙලා. හරියට "Electric Wire" එකක පරිවාරක බාහිර ආවරණය (Insulation) ගැලවිලා කරන්ට් එක ලීක් වෙනවා වගේ වැඩක්.
විසඳුම: දොස්තර මහත්තයා මේකට ලියන්නේ Gabapentin හෝ Pregabalin.
හෙදියගේ රෝල් එක: රෝගියා අහන්න පුළුවන් "ඇයි මිස් මට ෆිට් එක හැදෙන ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක් (Anti-epileptics) දීලා තියෙන්නේ? මට ෆිට් එක නෑනේ" කියලා.
ඔයා දෙන්න ඕනේ උත්තරේ: "බය වෙන්න එපා සීයේ/මාමේ, මේ බෙහෙතෙන් කරන්නේ ඔයාගේ ස්නායු වල ලීක් වෙන කරන්ට් එක (Calming down hyper-excited nerves) පාලනය කරන එක. එතකොට තමයි ඔය පිච්චෙන ගතිය අඩු වෙන්නේ."

6. ඔයාගේ කටහඬත් Painkiller එකක් බව දන්නවාද? (Gate Control Theory)

අන්තිමට කියන්න තියෙන වැදගත්ම දේ. ඔයා කවදාවත් අහලා තියෙනවද Gate Control Theory ගැන?
අපේ කොඳු ඇට පෙළේ (Spinal Cord) පොඩි "ගේට්ටුවක්" තියෙනවා. වේදනා පණිවිඩ මොළයට යන්නේ මේ ගේට්ටුවෙන්.
රෝගියා බයෙන්, තරහෙන් හෝ පාළුවෙන් ඉන්නවා නම් මේ ගේට්ටුව ඇරෙනවා. (එතකොට පොඩි වේදනාවත් දැනෙන්නේ මාර ලොකුවට).
රෝගියා සන්සුන් නම්, කවුරුහරි ආදරෙන් කතා කරනවා නම් මේ ගේට්ටුව වැහෙනවා.
Smart Nurse Tip: ඔයා බෙහෙත විදින ගමන්, රෝගියාගේ අතින් අල්ලලා, "බය වෙන්න එපා, අපි ඉක්මනට මේක හොඳ කරමු" කියලා හිනාවෙලා කිව්වොත්, අර ගේට්ටුව භාගයක් වැහෙනවා. ඒ කියන්නේ ඔයාගේ වචන වලට පුළුවන් ඖෂධයේ බලය (Efficacy) දෙගුණ කරන්න
මේ ටික දන්නවා නම් ඔයා නිකම්ම නිකන් හෙදියක් නෙවෙයි, ඔයා Lifesaver කෙනෙක්!
Credit by original author

17/11/2025

Kitty

මට පෞද්ගලිකව  නීරා බලන්න පොළඹවපු හේතු  පිළිවෙලින් ලීවොත්   Raveen Tharuka ගේ "මට ආයේ ඕනා" සිංදුව, Yasas Medagedaraගේ "නී...
01/11/2025

මට පෞද්ගලිකව නීරා බලන්න පොළඹවපු හේතු පිළිවෙලින් ලීවොත් Raveen Tharuka ගේ "මට ආයේ ඕනා" සිංදුව, Yasas Medagedaraගේ "නීල මලේ" සිංදුව සහ Shanudrie Priyasad රවීන් මෑතකාලීනව ආසම ගායකයන්ගේ උඩින්ම ඉන්න කෙනෙක් වීම සහ තමන් යන ගමන හරි අභිමානයෙන් යන පුංචි ගෑනු ළමයෙක් විදියට පොඩි කාලේ පටන් මම ශනුද්‍රිට මාරම කැමතියි..

ඒ මොනවා කොහොම වුනත් ෆිල්ම් එක බලනකොට මගේ අවධානය සහ ආකර්ෂනය වැඩියෙන්ම ගියේ මේ අලුත් නළුවාට Zenith Gajaweera සහ Kasuni Kavinda නිළියට. මේඝ කියන්නෙ අලුත්ම නළුවෙක් වුනාට කසුනි මම ආසම නිළියක් වුනේ තණමල්විල කොල්ලෝ එකේ දම්මි වුන දා ඉඳන්.

කසුනි නම් එයාගේ capacity එක කලින් පෙන්වලා තියෙන නිසා මේ චරිතයට තෝරා ගත්තා කියමුකො, ඒත් ‍Zenith! මේ වගේ තමන්වත් තමන්ව ම හරියට කියවාගෙන නැති, හඳුනාගෙන නැති හරි ගුප්ත චරිත ලක්ෂණ තියෙන, තීරණයක් ගන්න බැරි, ගන්න තීරණවලට හරි පදනමක් පේන්න නැති විදියේ අමුතුම විදියේ මනුස්සයෙක්ගේ ස්වරූපය අති සාර්ථකව රඟපාන එක, ඊටත් මීට කලින් රඟ නොපාපු කෙනෙක් විදියට ඔහුගේ දක්ෂතාවය , ඒ වගේම ඒ පෙනුමේ මේ චරිතයට තියෙන ගැළපීම! කොහොමහරි ලංකාවේ සිනමාවට අලුතෙන් හඳුන්වා දුන්න මේ මූණ ඉදිරියේදි ලොකු වෙනසක් කරයි කියලා නම් ස්ථිරයෙන්ම කියන්න පුළුවන්.

කතාවේ මුලදිම කසුනි ස්ථිර සහ ශක්තිමත් නොවෙනස් වෙන කෙල්ලෙක්ටත් වඩා "ගැහැනියක්" විදියට අවධානය දිනුවේ හරි ආදරණීය බවක් එක්ක වුනාට, මැද හරියෙදි ඒ ඇයගේ ආයෙමත් මතුවීම එක්ක නම් ඇතිවුනේ තරහක්. ඒකට හේතුව අර මං කලින් කීවා වගේ, පෞද්ගලික ජීවිතේ හරි අභිමානයෙන් ලස්සන ගමනක් යන ශනුද්‍රි, ෆිල්ම් එක ඇතුළෙත් ප්‍රණීති විදියට තමන්ගේ වටිනාකම් හඳුනන , ශක්තිමත් කෙල්ලෙක්ගේ චරිතය නිරූපණය කිරීමයි කියලා මට හිතෙනවා.

ඉතින් එහෙම කෙල්ලෙක්ගේ ලස්සන ජීවිතේ තෙවන පාර්ශවයක් නිසා කඩන් වැටෙන්න යනවා වගේ හිතෙද්දී ප්‍රේක්ශකයෙක් විදියට දැනෙන දුක නිසා වෙන්න ඇති කසුනි එක්ක තරහා යන්නේ. හැබැයි පහුවෙලා හිතද්දි තේරෙනෙවා ඒ අපිට ඇතිවෙන තරහම තමයි ඇයගේ "අති දක්ෂතාවය" කියන දේ!

ඊළඟට ප්‍රණීතිගේ නැන්දම්මා! කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ දක්ෂතාවය ගැන කවර කතාද? හැබැයි සමහර තැන්වල සම්ප්‍රදායික නැන්දම්මෙක් කියන කතා කීවට මොකද තමන්ගේ පුතා වීම නිසා මේඝව තෝරා නොගෙන ප්‍රණීතිගෙ ( තමන්ගේ ලේලිගේ) පැත්තෙන් හරි ආදරෙන් හිටගන්න තැන නම් මට ආසා හිතුනා. එහෙම බැඳීම් හැමෝටම හමුවෙන්නේ නෑ! ඒ නිසා නේ ප්‍රනීති කියන්නෙ" මට හොඳ නැන්දම්මා කෙනෙක් ලැබුණා කියලා "🧐

කතාව ඉවර වෙනකොට මේඝයි ප්‍රණීතියි එක්වෙන එක, ප්‍රේක්ෂකයෝ විදියට අපි දකින ආසම හීනය වුනාට, ප්‍රණීතිගේ ඒ ස්ථිර තීරණය හරහා හරියට ශනූගේ vlog එකකින් ගැනූ ළමයින්ට ඇතිකරන influence එකට සමාන විදියේ බලපෑමක් ඇතිකරනවා කියලා මට හිතෙනවා.

ඒවා බලලා solo date යන්න පටන් ගත්ත, තමන්වම celebrate කරන්න පටන් ගත්ත, තමන්ට priority දෙන්න පටන් ගත්ත, පුංචි ගෑනු ළමයි, මෙතනදිත් තමන්ගේ ජීවිතේ කියන්නේ, කාගේම හෝ ස්ථිර තෝරා ගැනීමක් මිසක්
" එක්තරා තෝරා ගැනීමක් හෝ විකල්ප තෝරාගැනීමක්" වෙන බව වැටහෙන තැනදි ඉවත්ව යන තීරණය ගතයුතු බව අනිවාරෙන්ම හිතට ගන්න ඇති.

කතාව ඇතුළෙ රෂ්මි විසින් මේඝට කියපු එක කොටසක් මගේ හිතට වැදුනා,
" මේඝ, මනුස්සයෙක් වුනාම ජීවිතේ කරන එක දේකට හරි අවංක වෙන්න ඕනා!"😔
ඒත් එක දේකට හෝ තෝරාගත්ත දේවල්වලට පමණක් නොවී තමන් කරන හැමදේටම සහ හැම බැඳීමටම අවංක වෙන්න පුළුවන් වුනානම්, මිනිස්සු නිසා "මිනිස්සුන්ගේ" හිත් මේ තරමට නොබිඳී තියෙන්න තිබුනා!❤️‍🩹😶

✍️ Travel with Madu's

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Madu's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category