18/09/2021
🇱🇰 විජය - කුවේණි කතා පුවතේ අවසානය සනිටුහන් වූ "යක්දෙස්සාගල".▪️
•••
👉 ඇතුගල්පුර වටා විහිදෙන අඳාගල කඳු පන්තියේ උසම කඳු මුදුන ලෙස සැළකෙන යක්දෙස්සාගල උසින් ගත් කළ ලංකාවේ සිය වෙනියට උසම කඳු මුදුන ලෙසද සළකනු ලබයි.
විජය - කුවේණි කතා පුවතේ සෝචනීය අවසානය සනිටුහන් කරමින් කුවේණිය විජයගේ පිටුපෑමෙන් ශෝකයට පත්ව මෙම කඳු මුදුනෙන් පැන දිවි තොර කරගත් බවත් යක්ෂ ගෝත්‍රිකයින් කුවේනියගේ විලාපය ඇසෙන මානය තෙක් දෙස් තැබූ බවත් එබැවින් මෙය යක්දෙස්සාගල නම් වන බවත් ජනප්‍රවාද ගත වී ඇත.
කුරුණෑගල සිට ගෝනගම බස් රථයෙන් 16km ක් පමණ ගිය පසු හමුවන සංවැලි මහා විහාරය අසළින් බැස ගත් විට මාර්ගයේ අනෙක් පසින් මෙම කඳු මුදුන තරණය ආරම්භ කළ හැක.
කඳු මුදුන කරා යන ගමන, හෝරා දෙකකට අඩු කාලයක් තුළ සම්පූර්ණ කළ හැකි අතර, ගල්, තෘණ පඳුරු සහිත වියළි පරිසරයක් ඇති හෙයින් සර්පයින්ගෙන් ප්‍රවේශම් විය යුතු බවද මතක් කළ යුතුය. එසේම ගමනට අවශ්‍ය පමණට ජලය ගෙන යාමද අනිවාර්ය වන අතර කඳු මුදූනේ අවු රශ්මියත් වියලි සුළගත් සීඝ්‍රයෙන් ජල අවශ්‍යතාවය වැඩි කරනු ඇත.
කඳු මුදුනේ සිට පැහැදිලි දිනක, ඇතුගල සහ කුරුණෑගල නගරය ඇතුළු අඳාගල, දොලුකන්ද, අලගල්ල, කුරුමිණිගල, ඉබ්බාගල වැනි කඳු මුදුන් පියවි ඇසින් දැක බලාගත හැක. එහෙත් ඉර මුදුන් වන විට කඳු මුදුනේ සිටීම අවු රශ්මියත් සමග යම්තාක් දුරට අපහසු වුවත් කඳු සිසාරා ඇදෙන සුළං රැලි එම විඩාව අඩු කරනු ඇත. එබැවින් මේ ගමන සඳහා උදෑසන හෝ සන්ධ්‍යා කාලය යෝදා ගැනීම වඩා යෝග්‍ය වේ.
කෙසේවෙතත් අවාසනාවකට යටපත් වූ හෙළ ඉතිහාසයේ සාක්ෂි නිහඬව දරාගෙන සිටින යකුන් දෙස් තැබූ ගල, කුවේණියගේ ශාපලත් විලාපය ඇසෙන මානයක වුවත්, සුන්දරත්වයෙන් නම් අගතැම්පත් ඉසව්වක් බව නම් අනිවාරයෙන් කිව යුතුය.▪️
- The.Roamer_
❎ [ සංචාරක අත්දැකීම් හා ඡායාරූප යෝදා, සකස් කරන ලද ලිපියක් වන හෙයින්, අවසරයකින් තොරව ලිපිය හා ඡායාරූප උපුටා ගැනීම තහනම් ] ❎
•••