29/11/2024
නිවාඩුවට කෙල්ලෝ ටිකත් එක්ක මාතලේ camping ⛺️ එකක් කරමුද? 😍
මාතලේ🌿 කියන්නේ මාරම ලස්සන සීතලම සීතල කඳු පන්තිවලින් වටවුණු වෙනම ලෝකයක්. ඉතින් බලන්න තැන් ගොඩක් තියෙනවා. 👉 මාතලේ අලුවිහාරය, ලංකාවේ මධ්‍ය ලක්ෂය නාලන්දා ගෙඩිගේ, සෙම්බුවත්ත වැව, කැලෑබොක්ක 360 View, 1 Tree Hill, බඹරකිරිඇල්ල, වැවතැන්න, රිවර්ස්ටන්, පිටවලපතන පුංචි ලෝකාන්තය, පිටවල පතන, සේර ඇල්ල, මානිගල, වැද්දාපැණි ඇල්ල, දකුණු ආසියාවේ පුංචිම ගම්මානය වල්පොලමුල්ල, වල්පොලමුල්ල වැව, දුවිලි ඇල්ල, knuckles කඳු පන්තිය, මී මුරේ, මී මුරේ ලකේගල, කොමලේගල , කොමල පතන, දඹුල්ල විහාරය, සිගිරිය සහ තවත් බොහොමයක් කොළ පාට තේ වතුවලින් හැඩවුණු කඳු මුදුන් සහ දිය ඇලි 👌
ඉතින් මේ සීතල වලාකුළු💦 වලින් දැවටුණු රිවර්ස්ටන් වල තියෙන කොලපාට ලෝකය නම් ඔයාගේ ඇස්වලින් බලන්නම ඕනි. ජිවිතේ එක පාරක් හරි ඒ පාරෙන් යන්නම ඕනි 🛵
මේ සුන්දර අත්දැකීම ගන්න දැන් ඔයාට තවත් කල් අරින්න ඕනි නැහැ. ජීවිතය හරිම කෙටියි 😢 ඔයාගේ යාළුවොත් එක්ක අදම එන්න මාතලේට🚂 ඔයාලව මාතලේ බස් නැවතුම්පළෙන් හරි දුම්රියපලින් හරි ඇවිත් එකතු කරගන්නම් 🛺 ඔයාලගේ තනියට විශ්වාසනීය මගපෙන්වන්නෙක් දෙන්නම්. එයා ඔයාලව ආරක්ෂාකාරීව මාතලේ කඳු අතරින් එක්කන් යනවා. ඒ විතරක් නෙවෙයි කැලේ මැදින් ඇවිදින්න, කඳු නගින්න, දියඇලි බලන්න, සීතල තැනකින් ආරක්ෂිතව නාගන්න, කෑම හදන්න මේ හැමදේකටම උදව් කරනවා 🥰
ඒ විතරක් නෙවෙයි Camping කරන්න ඕනි බඩුටිකත් ඔක්කොම දෙනවා. ගිනිමැලයක් ගහගෙන BBQ🍗 එකක් හිතේ හැටියට රහබලන්නත් උදව් කරනවා. තේ, කෝපී සහ camping කෑමත් විටින් විට හදල දෙනවා 😍 ඔයාව කීයටවත් බඩගින්නේ නම් තියන්නේ නෑ🍉🍔🍫🍳 මේක ඔයාගේ ජිවිතයේ කවදාවත් අමතක නොවන ගමනක් වෙන්නයි අපිටත් ඕනි.
ඔයා යාලුවෙක් නැතිව තනියෙන් නම් ඉන්නේ කිසිම දෙකට දුක් වෙන්න එපා. ඔයාටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. කලින් කිව්ව හැමදේම ඔයා වෙනුවෙනුත් අපි කරනවා❤️
මාතලේ camping ⛺️ කරන්න තැන් බොහොමයක් තියෙනවා. ඔයාගේ රුචිකත්වය අනුව කැමති තැනක් තෝරාගන්න පුළුවන්. දිය ඇල්ලක් ළඟ, වටේම පේන කන්දක් උඩ, කඳු පන්තියක් මැද කුඹුරු යායක වගේ ඕනිම තැනක්. ඉතින් අදම ඔයාගේ මාතලේ camping adventure එකට ඔයාට පහසු දිනයක් හැමෝටම කලින් වෙන්කරගන්න 🤙
තවත් විස්තර දැනගන්න ඕනිනම් දැන්ම අපට WhatsApp 0702152035 පණිවිඩයක් තියන්න.