Dote Traveler

Dote Traveler 𝕵𝖔𝖇𝖘 𝖋𝖎𝖑𝖑 𝖞𝖔𝖚𝖗 𝖕𝖔𝖈𝖐𝖊𝖙,𝖇𝖚𝖙 𝖆𝖉?

🇱🇰 ශ්‍රී ලංකාවේ අරගලය (2022) – සාරාංශයක්🔥 2022 මාර්තු 31මිරිහාන ප්‍රදේශයේ ජනතා විරෝධතාවක් ඇති වූ අතර, මෙය රටපුරා පැතිරුණ...
06/08/2026

🇱🇰 ශ්‍රී ලංකාවේ අරගලය (2022) – සාරාංශයක්

🔥 2022 මාර්තු 31
මිරිහාන ප්‍රදේශයේ ජනතා විරෝධතාවක් ඇති වූ අතර, මෙය රටපුරා පැතිරුණු අරගලයේ ආරම්භක අවස්ථාවක් ලෙස සැලකේ.

🏕️ 2022 අප්‍රේල් 9
"GotaGoGama" අරගල භූමිය ගාලු මුවදොරදී ආරම්භ විය. දහස් ගණන් ජනතාව දිනපතා එක්වෙමින් රටේ ඉතිහාසයේ විශාලතම මහජන විරෝධතාවක් බවට පත් විය.

💥 2022 මැයි 9
අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරවලින් පසු රට පුරා නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
ඒ සමඟම අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

🏛️ 2022 ජූලි 9
ඉතිහාසගත දිනයක්!
ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොළඹට පැමිණ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස ඇතුළු ස්ථානවලට ඇතුළු වූහ.
මෙම දර්ශන ලොව පුරා මාධ්‍යවල ප්‍රධාන පුවතක් විය. 🌍

✈️ 2022 ජූලි 13
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගියේය.

📜 2022 ජූලි 14
ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

🗳️ 2022 ජූලි 20
පාර්ලිමේන්තු ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් විය.

📖 අරගලයේ බලපෑම
✅ ජනතා හඬේ බලය ලොවට පෙන්වීය.
✅ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විශාලතම මහජන විරෝධතා ව්‍යාපාරයක් ලෙස සටහන් විය.
✅ ආර්ථික අර්බුදය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව සහ ජන ජීවිතයට බලපෑ ගැටලු පිළිබඳ ලෝකයේ අවධානය දිනාගත්තේය.

🎥 විශේෂයි!
මම ජනාධිපති මන්දිරය ඇතුළත ගොස් රූගත කළ දුර්ලභ වීඩියෝව අපගේ YouTube චැනලයේ තිබෙනවා.
👉 පහළින් තියෙන ලින්ක් එකෙන් බලන්න!

https://youtu.be/gpglJs6O44E?si=7oEEDFoK3hj61g8Y

💬 ඔබත් අරගලය ගැන මතකයේ රැඳුණු සිදුවීම Comment එකෙන් කියන්න.
👍 Post එක Share කරලා තවත් අයටත් මේ ඉතිහාසය මතක් කරමු!

අපි Dote Traveler 😍👊
Subscribe on Youtube 👉 http://bit.ly/38K0ggF
Like us on Facebook 👉 https://bit.ly/3emj4oc
Follow us on Instagram 👉 https://bit.ly/2Q0rfy2
Follow us on TikTok 👉 http://bit.ly/3vwalYA

Dote අපේ සංචාර 👣
Manigala Night Camping 👉 https://bit.ly/2XMOsru
Nadagamkarayo Shooting Location 👉 https://bit.ly/3uloUxR
Saree Ella Waterfall 👉 https://bit.ly/3o9yzGF
Kallebokka 👉 https://bit.ly/2XNpEzB

05/08/2026

හිටපු තැන තිබ්බ විදිහට තියලා යන්න බැරිනම් එන්න එපා බන් මේ ගෙ තැන්වලට.😐

සුභ ගමන් Legend 🥺❤️ Nimsdai Purja කඳු වලට වීරයෝ නෑ..... හැබැයි Nimsdai කියන්නෙම වීරයෙක්.දැන් ටිකක⁣ට කලින් Officially N...
01/08/2026

සුභ ගමන් Legend 🥺❤️ Nimsdai Purja
කඳු වලට වීරයෝ නෑ..... හැබැයි Nimsdai කියන්නෙම වීරයෙක්.

දැන් ටිකක⁣ට කලින් Officially Nimsdai පැත්තෙන් දැම්මා Nimsdai මිය ගිහිහිල්ල කියලා. ඒ වගේම අතුරුදහන් සියලු දෙනාම මේකෙන් මිය ගිහිල්ලා.
(Elite Exped එකෙන් Officially දාලා තියනවා,Nimsdai ගේ Company එක)

ජූනි 30 වෙනිදා උදෑසන 9.30 ට පමණ මීටර් 8051 ක් උස, ලෝකයේ 12 වෙනියට උසම කන්ද වුන Broad Peak වල වුන Massive Avalanche එක නිසා කඳු නගින්නන් 10 දෙනෙකු අතුරුදන් වුනා. මේකෙන් සුප්‍රසිද්ධ Celebrity කඳු නගින්නකු වන Nimsdai Purja මිය ගිහිල්ලා තියනවා.
මොකද මේකෙදි Nimsdai මීටර් 800ක් පහලට වැටිලා තියනවා.

High Altitude වල වීරයෝ දෙන්නයි, එක්කෙකේ
Reinhold Messner, අනෙත් කෙනා Nimsdai Purja

2019 Project Possible එක්ක Nimsdai කියන්නේ වීරයෙක් වුනා. සාමාන්‍යය පවුලකින් ආපු Nimsdai කාලයක් එක්ක කඳු නගින ප්‍රජාව අතර Celebrity කෙනෙක් වුනා.

ඉස්සර නේපාල් අය කඳු නගින කොට හිටියේ එක්කු ෂර්පලා විදියට එහෙම නැත්නම් පෝටස්ලා විදියට.
එතනින් එහාට ගිහිල්ලා තමන්ලේම High Altitude Company එකක් හදලා, Nimsdai කියන Brand Name එක වෙනමම Level එකකට ගෙනාවා.

2019 වගේ ඉදන් මේ වෙනකම් Nimsdai ගහපු ගේම, ඒක අපි දැක්කා, සමහරවිට Nimsdai,
Reinhold Messner ටත් වඩා වීරයෙක් වූනේ ඒක නිසා වෙන්න ඇති.

හැබැයි අවසානේදි හැමදාම කියනවා වගේ High Altitude වලදි මැරෙන්න ක්‍රම ඕනේ තරම් තියනවා, කඳු වලට වීරයෝ නෑ.....

Nimsdai කියන්නේ කවුදකියලා ඇහුවොත්?

1).57 වතාවක් 8000 මීටර් Peak Summit කරලා, 8000 Peak වැඩියෙන්ම නැගපු මනුස්සයා.

2). 8000 Peak 29 ක් අමතර ඔක්සිජන් නැතුව Summit කරලා තියනවා. මේ ඔක්කෝම World Record.

3). 2019 දී Project Possible කරලා, මාස 6යි දින 6න් 14 Peaks Summit කරලා World Record එකක් තිබ්බා. මේක ගැන Project Possible කියලා Netfix documentary එකකුත් ආවා 🥺

4). ඉතිහාසයේ ප්‍රථම වතාවට K2 Winter එකේ Summit කරලා Record එකක් තියපු Team එකේ Leader

5). නේපාල් වල තියන Hiking Company එකක් වුන Elite Expedition වල නිර්මාතෘ.

6). High Altitude වලට වෙනමම Nimsdai නමින් Hiking Equipment

7). Nimsdai Sky diving Company එක, පටන් ගත්තා

8). Rescue Mission බර ගානකට ගිහිල්ලා 8000 Peak වල බර ගානක් බේරගෙන තියනවා.

Galle, Sri Lanka is the fifth best honeymoon destination in the world, according to Tripadvisor Travelers' Choice Awards...
19/01/2026

Galle, Sri Lanka is the fifth best honeymoon destination in the world, according to Tripadvisor Travelers' Choice Awards, Best of the Best 2026

's Ella and Tangalle also makes it to the top 25, ranking 13th and 22nd respectively
🌎🫶🏼🇱🇰

Sri Lanka Rank - 26 ❤️
05/01/2026

Sri Lanka Rank - 26 ❤️

30/11/2025

ඒ අතින් ලංකාවේ මිනිස්සු රත්තරන්.. 🙏

මේ කතාවනම් සහතික ඇත්ත..❤️
30/11/2025

මේ කතාවනම් සහතික ඇත්ත..❤️

🇱🇰 ජංගම දුරකථන වෝකී-ටෝකී ජාලය (internet නොමැතිව)ස්වභාවික විපත් හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම ද...
29/11/2025

🇱🇰 ජංගම දුරකථන වෝකී-ටෝකී ජාලය (internet නොමැතිව)

ස්වභාවික විපත් හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ජාල (සංඥා) ඇනහිටියහොත්, අන්තර්ජාලය හෝ සිග්නල් නොමැතිව සන්නිවේදනය පවත්වා ගැනීමට ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වෝකී-ටෝකී එකක් ලෙස භාවිතා කළ හැකිය.

මෙය සිදු කරන්නේ බ්ලූටූත් (Bluetooth) හෝ Wi-Fi Direct තාක්ෂණය හරහා දුරකථන දෙකක් හෝ වැඩි ගණනක් අතර සෘජු සම්බන්ධතාවක් (Peer-to-Peer) ඇති කිරීමෙනි.

📶 එය ක්‍රියා කරන ආකාරය

* බ්ලූටූත්: කෙටි දුර (මීටර් 10-30) සන්නිවේදනයට වඩාත් සුදුසුය.
* Wi-Fi Direct: බ්ලූටූත් වලට වඩා වැඩි දුර (මීටර් 100+ දක්වා) ආවරණය කළ හැකිය.

📲 අවශ්‍ය ඇප් (App) එක තෝරා ගැනීම
ජාලයක් නොමැතිව ක්‍රියා කරන, සෘජු දුරකථන-සම්බන්ධතා (Peer-to-Peer) පහසුකම් ඇති ඇප් එකක් තෝරාගත යුතුය. ජනප්‍රිය Zello වැනි ඇප් වලට අන්තර්ජාලය අවශ්‍ය වන බැවින් ඒවා මෙහිදී නුසුදුසුය.

ඔබට සුදුසු ඇප් වල නම කිහිපයක්.

Bluetooth Talkie බ්ලූටූත්/Wi-Fi ඔස්සේ සරලව ක්‍රියා කරයි.

| Walkietooth | බ්ලූටූත්/Wi-Fi Direct හරහා කණ්ඩායම් සන්නිවේදනයට ඉඩ දෙයි.

⚙️ සකසා ගන්නා පියවර (කෙටියෙන්)
* ඇප් එක download කරන්න: ජංගම දුරකථන connection තියෙන අවස්ථාවේදී, ඔබට අවශ්‍ය ඇප් එක සියලුම දුරකථන වල download කරගන්න.

* සක්‍රීය කරන්න: සියලුම දුරකථන වල බ්ලූටූත් (සහ Wi-Fi Direct භාවිතා කරන්නේ නම් Wi-Fi ද) සක්‍රීය කරන්න.

* සම්බන්ධ වන්න: ඇප් එක විවෘත කරන්න. එය ස්වයංක්‍රීයව අසල ඇති දුරකථන සොයා සම්බන්ධ විය යුතුය ("Host" සහ "Client" ලෙස).

* කතා කරන්න: කතා කිරීම සඳහා ඇප් එකේ ඇති "Push-to-Talk" (PTT) බොත්තම ඔබාගෙන සිටින්න.
කතා කර අවසන් වූ පසු මුදා හරින්න.

⚠️ ආරක්ෂාව සහ සැලකිලිමත් විය යුතු කරුණු

* බැටරි ආයු කාලය: බ්ලූටූත්/Wi-Fi නිරන්තරයෙන් ක්‍රියාත්මක වන නිසා බැටරිය ඉක්මනින් අවසන් විය හැකිය. එබැවින් Power Banks සූදානම් කර තබා ගන්න.

* දුර සීමාව: සන්නිවේදන දුර සීමිත බව (මීටර් 10-100 අතර) මතක තබාගන්න.

බිත්ති සහ ගොඩනැගිලි නිසා සංඥා දුර්වල විය හැක.

මෙම ක්‍රමය විපතකදී ඔබේ පවුලේ අය හෝ අසල්වැසියන් සමඟ කෙටි දුරක් තුළ සම්බන්ධව සිටීමට ඇති හොඳම සහ පහසුම ක්‍රමයකි.

Copied from : ASK VENOM page

(උපුටාගැනීමකි)

ඔබ දන්නවාද?😊🌍 ලෝකයේ “ලස්සනම / සංචාරයට හොඳම” රටවල් වල අලුත්ම rankings..1) World’s Best Countries to Visit (CEOWORLD 2025)...
23/11/2025

ඔබ දන්නවාද?😊

🌍 ලෝකයේ “ලස්සනම / සංචාරයට හොඳම” රටවල් වල අලුත්ම rankings..

1) World’s Best Countries to Visit (CEOWORLD 2025)

• Sri Lanka – Rank 05

2) Most Beautiful Islands in the World (Big7Travel 2025)

• Sri Lanka – Rank 01 (ලෝකේ ලස්සනම දූපත)

3) BBC Travel – 25 Best Places to Visit 2025

• Sri Lanka – Rank 09

අපිට අගේ නැති ලෝකෙට අගේ තියෙන අපේ රට..
ලස්සනට තියා ගන්න අපි හැමෝම එකතු වෙමු!!

අපේ Sri Lanka 🇱🇰

මිහිපිට ඇති සුන්දරම දිවයින ශ්‍රී ලංකාව 💚  🇱🇰 ලෝක ප්‍රකට  සංචාරක වෙබ් අඩවියක්   වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලො...
29/07/2025

මිහිපිට ඇති සුන්දරම දිවයින ශ්‍රී ලංකාව 💚 🇱🇰

ලෝක ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලොව අලංකාරම දූපත් 50 පිළිබඳ වාර්ෂික ලැයිස්තුව නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව එහි පළමු ස්ථානයට තේරී පත්ව තිබේ. 🇱🇰 💚 🌺 👣

පිළිවෙලින් එම ලැයිස්තුවේ පළමු දූපත් 10 මෙසේයි

1. Sri Lanka

2. Mo’orea, French Polynesia

3. Socotra, Yemen

4. Madeira

5. The Galapagos, Ecuador

6. Great Exuma, Bahamas

7. Seychelles

8. Achill Island, Ireland

9. Koh Lipe, Thailand

10. Milos, Greece

Address

Matale

Telephone

+94712222570

Website

Alerts

Be the first to know and let us send you an email when Dote Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dote Traveler:

Shortcuts

Share