
16/05/2025
❄️❄️🫵🏻 ලොරි චැසි මිත්‍යාව
වර්ථමානයේ සාමාන්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදෙන බස් රථ ලොරි චැසි බස් ලෙස පහත් කරමින් පවතින බස් රථ ශ්‍රී ලංකාවට නුසුදුසු යයි සමාජයේ මතයක් ගොඩනගමින් පවතී.. මෙම මතය කලින් කලට මතුවෙමින් සහ යට යමින් තිබේ,, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ රජයක් වෙනස් වූ විට මෙම ලොරි චැසි කතාව කරලියට පැමිනේ
ශ්‍රීලංකාවේ වසර 60 කට වැඩි කාලයක් මිනිසුන් රැගෙන ගිය බස් රථ එක්වරම අඩු තක්සේරුවට පමුනුවන්නේ ඇයි,,මේ මතය සමාජ ගත කරන්නේ කවුරුන්ද?
කෙසේ වෙතත් චීන බස් සමාගමකින් බස් රථ ගෙනවිත් ලංකාවට වැඩි මිලකට ගෙනවිත් ඒවා ලංගමයට දැමීමේ කසුකුසුවක් නැවත වතාවක් කරලියට පැමින ඇත...විහිලූවට කරුන නම් ලෝකයේ බස් නිෂ්පාදකයින් අතර තෙවැනිතැන උසුලන ලොරිචැසී බස් ලෙස හන්වඩු ගසන බස් නිපදවන සමාගම් සතුවද චීනයෙන් ආනයන කිරීමට වෙර දරන බස් වලට වඩා සැප පහසුවෙන් යුත් නවීන බස් රථ අඩු මිලට තිබීමයි
අනෙක් ලස්සනම කරුන වන්නේ ශ්‍රී ලංකාවෙ ප්‍රධානතම බස් රථ සපයන්නා කර්මාන්ත අමාත්යාංශයට අයත් ආයතනයක් වීමත් එම ආයතනය මගින් බස් ගෙන්වීමේදී රටේ වැඩි මුදලක් ඉතිරිකරගැනීමට හැකි වීමත් හා අලෙවියෙන් පසු විශිශ්ට සේවාවාක් ලබා දීමට හැකි විශාලතම ආයතනය එම ආයතනය වීමත්ය
අපි නැවත සාමාන්‍ය ධාවනයේ යෙදෙන ලොරි චැසි ලෙස අඩු තක්සේරු කරන මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ ඔබ අපව, අප්ගේ වැඩිහිටියන්ව ප්‍රවාහනය කල බස් රත දෙස හැරෙමු,, මිනිසුන් ඇයි මෙම බස් රථම වැඩි වශයෙන් මිලදී ගන්නේ?
වැඩි ධාරිතාව : ශ්‍රී ලංකාවේ වර්ථමානයේ ප්‍රායෝගිකව කුමක් හෝ හේතුවක් නිසා උදැසන සවස කාර්‍ය භහුල වේලවන් වල විශාල මගී පිරිසක් ප්‍රවාහනය අපේක්ශාවෙන් සිටී,,කාර්ය භහුල වේලාවන් වලදී වැඩි පිරිසක් නංවාගේන පැමිනීමේ හැකියාව මෙහි විශේෂත්වයකි
මගියාට අඩු වියදම : නඩත්තුව අවම නිසා මගී වියදම්ද ඉතා අඩුවේ
පිරිවැය-ඵලදායීතාවය: මෙම බස් රථ සාමාන්‍යයෙන් නිෂ්පාදනය කිරීමට සහ නඩත්තු කිරීමට වඩා දැරිය හැකි මිලකට ලබා ගත හැකිය.
කල්පැවැත්ම සහ අලූත්වැඩියා කිරීමේ හැකියාව: මෙම බස් රථ ශක්තිමත් යුරෝපීය තාක්ශනයෙන් යුත් ඇල්බියන් බස් චැසි මත ගොඩනගා ඇති අතර එමඟින් ශ්රී ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන රළු මාර්ග තත්වයන්ට වඩා සුදුසු වේ. ඒවායේ සස්පෙන්ශන් පද්ධතිවල දුනු කොල භාවිතය කල්පැවැත්ම වැඩි කරන අතර දේශීය ගරාජ වලදී පහසුවෙන් අලූත්වැඩියා කිරීමට ඉඩ සලසයි.
ඉහළ ඉඩකඩ : මෙම බස් රථවල සැලසුම සාමාන්‍යයෙන් වැඩි බිම් නිෂ්කාශනයක් ලබා දෙන අතර එය අසමාන සහ දුර්වල ලෙස නඩත්තු කරන ලද මාර්ගවල සැරිසැරීමට හැකියව ඇත
අමතරකොටස් : පවතින සැපයුම් දාමයන් නිසා, මෙම බස් රථ අමතර කොටස් පහසුවෙන් ලබා ගත හැකි අතර, ප්‍රසම්පාදනයේදී ප්‍රමාදයකින් තොරව පොදු ප්‍රවාහන සේවා පවත්වා ගත හැකි බව සහතික කරයි.
රටේ පවතින ආර්තික තත්වය, ප්‍රවාහන පහසුකම්, මාර්ග පහසුකම්, බස් රථ හිමියන්ගේ ආර්තික තත්වය, මගීන්ට ප්රවාහන සදහා ගෙවීමේ හැකියාව සලකා බලන විට ලොරිචැසි ලෙස පහත් කොට කතාකරන බස් රත රටට මහත් සේවයක් කර ඇත.. සුව පහසු බස් රථ ගෙන්වීමට අවශ්ය නම් එයට කල යුත්තේ මෙතෙක් කල් පාවිච්චි කල බස් රථ පහත් කොට කතා කිරීමෙන් වැලකී දේශීයව මුදල් වැඩියෙන් ඉතිරිවන නවීන තාක්ශනයෙන් යුත් විශ්වාස දායි තැණකින් නවීන බස් රත ගැනීමය,, බස් රත සමාගම් අතරින් වසර ගනනක් අඛන්ඩව පැවතී ඇති ආයතනයක්ද යයි සොයා බැලීමද වටින්නේ බස් විකුනා පසුව අලෙවියෙන් පසු සේවාව හරියට ලබා ගැණීමට නොහැකි උවහොත් සියල්ල කොට උඩ නිසාය
ධනුශ්ක මනතුංග වාහන සහ අමතර කොටස් විකුනුම් පිලිබද ආරාධිත දේශක ශ්‍රී ලංකා ජර්මානු තාක්ශනික විදුහල