Niru's picbook

Niru's picbook Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niru's picbook, Monaragala.

💐🙏 #වෙසක්2026බහිරවකන්ද
31/05/2026

💐🙏
#වෙසක්2026බහිරවකන්ද

💙🍃
14/03/2026

💙🍃

🌿
23/01/2026

🌿

🌞🌿

🌞🌿
23/01/2026

🌞🌿

🕊😌
04/01/2026

🕊😌

05/09/2021

*ගෝනගල ඇල්ල හෙවත් බේකර්ගේ ඇල්ල*

රටවටේම දිය ඇලි වල මතක ඔබත් එක්ක බෙදාගැනීමේ මුල්ම සටහන විදියට තෝරගන්නේ අපි බේකර්ගේ දිය ඇල්ල.

බේකර්ගේ දිය ඇල්ල බොහෝ දෙනා නොදන්නවා උනත් ගෝනගල ඇල්ල නමිනුත් හැදින්වෙනවා. ඉතින් මුලින්ම හදුන්වපු ගෝනගල ඇල්ල කියන නම බේකර්ගේ ඇල්ල බවට පත් වෙන්නේ බ්‍රිතාන්‍ය ගවේශකයෙකු වෙන සර් සැමුවෙල් බේකර්ගේ නාමය සිහිපත් කිරීමක් විදියට. ඒ වගේම සැමුවෙල් බේකර් කියන්නේ හෝටන් තැන්න ආශ්‍රිතව ජීවත් උන අලි දහස් ගානක් ඝාතනය කරපු කෲර දඩයක්කාරයෙක් කියන එකත් නොකියම බෑ. මහගස්තොට කිට්ටුව තියෙන සැමුවෙල් බේකර්ගේ සොහොනට ඒ කරපු අපරාධ නිසාම අදටත් හෙන ගහනවා කියලා කතාවකුත් ගම්මුන් අතර පැවතෙනවා.

ඉතින් මේ බේකර්ගේ දිය ඇල්ල පිහිටන්නේ මධ්‍යම පලාතේ නුවර එලිය දිස්ත්‍රික්කයේ හෝටන් තැන්න ඇතුලතමයි. හෝටන් තැන්නට ඇතුල් වෙන්න පුද්ගලයින්ට වෙනම ප්‍රවේශ පත්‍රයක් වගේම පැමිණෙන වාහන වලටත් වෙනමම ප්‍රවේශ පත්‍රයක් අරගන්න සිදුවෙනවා පට්ටිපොල හා ඔහිය යන පිවිසුම් දෙකේදීම. ප්‍රධාන පිවිසුමේ ඉදන් පා ගමනින් කිලෝමීටර 3කට ආසන්න දුරක් පාගමනින් ගමන් කිරීමෙන් පසු බේකර්ගේ ඇල්ලට ලගා වෙන්න පුලුවන්.

බේකර්ගේ ඇල්ල නිර්මාණය වෙන්නේ ඔබ අප කවුරුත් හොදින් දන්න හදුනන වලවේ ගගේ දිය ඇල්ලක් විදියට. වලවේ ගගේ උපත සිදුවෙන්නෙත් ප්‍රධාන වශයෙන්ම හෝටන් තැන්න ආශ්‍රිතව තියෙන තොටුපොල කන්දේ දකුණු බෑවුම් ආශ්‍රිතව වගේම සුලු වශයෙන් අග්‍රා බෝපත් හා කිරිගල්පොත්ත කදු වල නැගෙනහිර දෙසට වන්නට තියෙන බෑවුම් වලින්. හෝටන් තැන්න ඇතුලේ පිහිටන චිමිනි ඇල්ල දිය ඇල්ලක් විදියට බොහෝ දෙනා නොසලකන නිසාම වලවේ ගගේ මුල්ම දිය ඇල්ල වගේම වලවේ ගගේ මුහුදු මට්ටමේ සිට වඩාත්ම ඉහලින් පිහිටන දිය ඇල්ල විදියට මේ බේකර්ගේ දිය ඇල්ල සලකන්න පුලුවන්.

මුහුදු මට්ටමේ ඉදන් මීටර් 2065 කට ආසන්න ඉහලකින් තමයි බේකර්ගේ ඇල්ල පිහිටන්නේ. ඒ එක්කම ලංකාවේ මුහුදු මට්ටමේ සිට ඉහලින්ම පිහිටි දිය ඇල්ල විදියට සැලකෙන නුවර එලියේ තියෙන ආදරවන්තයින්ගේ දිය ඇල්ල හෙවත් ලවර්ස් ලීප් ඇල්ල පිහිටන්නෙත් ආසන්නව මේ උස ප්‍රමාණයට ආසන්නවයි. ඒ නිසාම බේකර්ගේ ඇල්ල බොහෝ දුරට ලංකාවේ මුහුදු මට්ටමේ සිට උසින් දෙවැනියට පිහිටන දිය ඇල්ල විය හැකියි.

බේකර්ගේ ඇල්ල ආසන්නව මීටර 20 ක පමණ උසකින් සමන්විත තරමක් පුලුල් දිය ඇල්ලක්. දිය ඇල්ල කඩා හැලෙන ගල්කුලු වල තියෙන හැඩය නිසාම එක තැන හැල්මේ කඩා හැලෙනවාට වඩා විහිදීමක් එක්ක බොහොම සුන්දරත්වයක් මවාගෙන ගලාගෙන යන දිය ඇල්ලක්.

බේකර්ගේ දිය ඇල්ල බලන්න සුදුසම කාලය විදියට මැයි ජුනි ජූලි මාස හැදිවෙනවා වතුර ප්‍රමාණය වැඩිපුර දකින්න ආස ඔබට වර්ශාව මධ්‍යයේ හෝ ගමන් කරමින්. දෙසැම්බර් ජනවාරි කාලය තුල නම් හෝටන් තැන්න ආශ්‍රිතව අන් කාලයක්ට සාපේක්ශව දැඩි සීතලක් ඇති බවත් මතක් කල යුතුමයි.

ප්‍රවාහන පහසුකම් ගැන කතාකලොත් පොදු ප්‍රවාහන සේවයන් ඔස්සේ දුම්රියෙන් හෝ බස් රථ මගින් ඔබට ලගාවිය හැකි අවසන් නැවතුම වන්නේ පට්ටිපොල හා ඔහියයි. එතැන් සිට ඔබට පයින් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් සූදානම් කරගෙන හෝටන් තැන්නට ලගා විය හැකියි.

මේ පරිසරය අපගේ දරුවන් වෙනුවෙන් රැක ගැනීම අද ඔබෙත් මගෙත් යුතුකමක් ලෙසින් සිතා කටයුතු කරන්න

තවත් සුන්දර දිය ඇල්ලක විස්තරත් එක්ක ඉක්මනින් හමුවෙමු

ඔබ මේ දකින්නේ සුන්දර මහඑලිය තැන්නට එසේත් නැත්තම් ඔබ හොදින් දන්නා හෝටන්ගේ තැන්නට පෙනෙන සුන්දර සමනල් කන්දේ දසුනක්. ඒ සමගම ...
07/05/2021

ඔබ මේ දකින්නේ සුන්දර මහඑලිය තැන්නට එසේත් නැත්තම් ඔබ හොදින් දන්නා හෝටන්ගේ තැන්නට පෙනෙන සුන්දර සමනල් කන්දේ දසුනක්. ඒ සමගම මහ එලිය තැන්නට යන ඔබ අප කවුරුත් දකින්නට බලාපොරොත්තු වෙන ගෝනුන් දෙදෙනෙකුත් මේ සුන්දර චායාරූපයේ දැකිය හැක.
සමනොල කන්දේ සිට මහඑලිය තැන්නට ආසන්නව ගුවන් දුර කිලෝ මීටර 35ක් පමණ වේ.
සමනල කන්දට දකුණින් දිස්වෙන කන්ද යකා ඇඩූ කන්ද වන අතර එම නිම්නයේ මේ පසින් කැළනිගගේ ප්‍රධාන අතුගංගාවක් වන මස්කෙලිය ඔයේ අතු ගංගාවකුත්, අනෙක් පසින් කලු ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන කුරුගගේ දිය පහරකුත් ආරම්භ වේ.

මේ චායාරූපයේ හිමිකරුට මේ චායාරූපයේ සියලු ගෞරව ලැබිය යුතුය

ඔබ මේ දකින්නේ සුන්දර මහඑලිය තැන්නට එසේත් නැත්තම් ඔබ හොදින් දන්නා හෝටන්ගේ තැන්නට පෙනෙන සුන්දර සමනල් කන්දේ දසුනක්. ඒ සමගම මහ එලිය තැන්නට යන ඔබ අප කවුරුත් දකින්නට බලාපොරොත්තු වෙන ගෝනුන් දෙදෙනෙකුත් මේ සුන්දර චායාරූපයේ දැකිය හැක.
සමනොල කන්දේ සිට මහඑලිය තැන්නට ආසන්නව ගුවන් දුර කිලෝ මීටර 35ක් පමණ වේ.
සමනල කන්දට දකුණින් දිස්වෙන කන්ද යකා ඇඩූ කන්ද වන අතර එම නිම්නයේ මේ පසින් කැළනිගගේ ප්‍රධාන අතුගංගාවක් වන මස්කෙලිය ඔයේ අතු ගංගාවකුත්, අනෙක් පසින් කලු ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන කුරුගගේ දිය පහරකුත් ආරම්භ වේ.

මේ චායාරූපයේ හිමිකරු රවිදුට මේ චායාරූපයේ සියලු ගෞරව ලැබිය යුතුය

📷නව වැනි පින්තූර එකතුව      අවාරයේ සිරිපා අඩවියේ දින දෙකක්   🔖02 කොටස        🏷බෑන සමනල                       ඉතින් කලින්...
07/11/2020

📷නව වැනි පින්තූර එකතුව

අවාරයේ සිරිපා අඩවියේ දින දෙකක්
🔖02 කොටස

🏷බෑන සමනල

ඉතින් කලින් පින්තූර එකතුවේ දි කියපු සිරිපා අඩවියේ ගෙවුන දින දෙකේ ගමනෙ දෙවෙනි කොටස තමයි මේ...හැමෝම නොයන මගක සුන්දරත්වය කටුකත්වය සොයාගෙන ගිය ගමනක්.සිරිපා අඩවියේ දැවැන්තයෙක "බෑන සමනල "....
අපි රත්නපුර පාරෙන් ටිකක් පහලට ඇවිත් එතනින් මුක්කුවත්ත පාරට හැරුනා. හැරුන ගමන් මීටර 50ක් විතර ඒ පාරෙනුත් පිටට ගිහින් කැලේ දිගේ අඩිපාරක්වත් නැතුව බෑන සමනොල හොයාගෙන ගියා.හැමෝම යන්නෙ කුරු ගඟ දිගේ උනාට අපි ගියේ වෙනස්ම පාරකින්.සමනල කන්දත් බෑන සමනලත් අතර තියෙන කඳු නෙරුවක් හරහා තමයි අපි මේ ගමන ගියේ.ඉතින් මේ පටන් ගත්ත ගමන හිතුවට වඩා දුෂ්කර ගමනක්.ඉස්සරහින් යන කෙනෙක් පේන්නේ වත් නැති තරමටම වැස්ස මීදුම.මේ හැම දේම එක්ක තමයි බෑන සමනල හොයාගෙන යන්නෙ.වැස්ස නිසා පස ගොඩක් බුරුල්..ලිස්සන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩියි.බට පතුරු කැලයක්..පාට පාට මල් ගස් හැමතැනම.ඒ වගේම පොඩි පොඩි වතුර පහරවල්.ඒ නිසා මඩ වගුරු වලිනුත් අඩුවක් නෑ...විශාල ගස් වලට වගේම පුංචි වල් පඳුරු වලටත් වාරු වෙවි තමයි ගමන යන්නේ.
උදේ දවල් කිසිම දෙයක් හිතා ගන්න බැ ඒ තරමට වැස්ස.ඉතින් බඩගින්නට කෑවෙත් යන අතර මගදීම තමයි. නතර වෙවී කන්න තරම් කාලයක් තිබුනේ නෑ..කලුවර වෙන්න කලින් බෑන සමනල කන්දට යන්න ඕන නිසා.
ඉතින් ඉදිරියට යද්දී දකින්න පුළුවන් උනේ විශාල මල් වත්තක්.වචනයෙන් විස්තර කරන්න බැරි තරමට ලස්සනයි...
මීදුමත් එක්ක දම් පාට මල් වලින් පිරුණු මල් යායක්.අහම්බෙන් මෙතනදි මීදුම අඩු වෙලා බෑන සමනල දකින්න පුළුවන් උනා.අපේ ගමන් මග තිබුනෙ මේ මල් යාය මැද්දෙන්.මේ මල් යාය කෙලවරේදී අපිට හමුවුණේ නැවතත් ඝණ කැලෑව.මාර්ග හිතාගන්නවත් බැරි තරම් විශාල ගස්.කොහොම හරි පාර හදාගෙන ගමන ඉදිරියට ගියා.
වැස්සෙන් නම් කිසිම අඩුවක් නෑ.වැස්ස කියලා ගමනෙ අපේ යන කිසිම කෙනෙක්ගේ වේගය අඩු උනෙත් නෑ.ඒ වගේම තමයි තද හුලඟ.මම මුලදී කිව්වනේ මේ අපි යන්නෙ සමනලත් බෑන සමනලත් හරහා වැටිලා තියෙන කඳු නෙරුවක් හරහා කියලා...ඉතින් මේ කඳු නෙරුව ඉවර වෙන්න බෑන සමනල කන්දෙ තියෙන විශාල ගල් පොත්තකින්.මහ වැස්ස,කටු පඳුරු,බුරුල් පස,දිරා ගිය ගස් මේ හැමදේම එක්ක ඔට්ටු වෙලා කොහොම හරි මේ ගල් පොත්ත නැග්ගා..හැමෝගෙම සහයෝගයෙන්.ආයෙමත් කුඩා වතුර පහරවල් එක්ක බට පඳුරු කැලෑව.ඉතින් පාර හදාගෙන ගස් වලට වාරු වෙවී ගමන ඉදිරියට.කොහොම හරි අපි අඩි පාරකට ආවා.ඒ කියන්නේ දැන් බෑන සමනලට කට්ටුයි.ඉතින් ඒ වැටිලා තිබුන අඩි පාර දිගේ යද්දී අපිට මුණගැහුණෙ අපි හොයපු බෑන සමනල.හවස 5යි.උදේ 8.45 ට උඩ මලුවෙන් පටන් ගත්තු ගමන...අත් කකුල් සුදු මැලි වෙලා.ඉතින් බෑන සමනල පාමුල තමයි එදා රෑ අපේ නවාතැන උනේ...
මේ අපූරු චාරිකා තවම ඉවර නෑ...මහ වැස්සක් එක්ක බෑන පාමුල ගෙවුන රාත්‍රියක්... හමුවෙමු අවාරයෙ සිරිපා අඩවියේ ගමනෙ තුන් වෙනි කොටස සමඟින්..

📷 අටවෙනි පින්තූර එකතුව        🏷අවාරේ සිරිපා අඩවියේ දින දෙකක්                               🔸️01 කොටස ජීවිතේ වටිනම වාසනාව...
15/10/2020

📷 අටවෙනි පින්තූර එකතුව

🏷අවාරේ සිරිපා අඩවියේ දින දෙකක්
🔸️01 කොටස

ජීවිතේ වටිනම වාසනාවන්ත දවස් දෙකක්...අවාරයෙ සිරි පා කරුණාව...සතියක් බොහොම භක්තියෙන් පේ වෙලා12 වෙනිදා පාන්දර 3.30ට හැටන් නල්ලතන්නිය පාරෙන් සමන් දෙවි පිහිටෙන් වැස්සත් එක්ක තමයි මේ ගමන පටන් ගත්තේ...හුළඟ, වැස්ස, මීදුම, කලුවර එක්ක...අපූරුම අත්දැකීමක්... ඉතින් හෙමින් හෙමින් ගමන පටන් ගත්තා..ටෝච් වල ආධාරයෙන්...වාරෙදි දකින්න තියන විදුලි එළි කිසිම දෙයක් අවාරෙදි දකින්න නෑ...දිය ඇලි වල වතුර සද්දෙ ඇහුනත් දකින්න උනේ කලුවර නිසා.වැස්සෙන් නම් කිසිම අඩුවක් නෑ.ඒත් එක දිගටම ගමනෙ ඉදිරියට.උදේ 6.00 විතර වෙනකොට යන්තම් එළිය වැටිලා.මුලු අඩවියම මීදුමෙන් පිරිලා...චිත්‍රයක් වගේ..ඉඳිකටුපාන අම්බලමේ නතර උනා.පැය භාගයක් විතර. මහන්සි මග හරින්න.ඒ වෙනකොට එළිය වැටිලා උදේ 7.00යි. මග දෙපැත්තෙම මල්.කහ පාට...රතු පාට..දම් පාට..නොයෙක් පාටින්..නිදහසේ ඉන්න ගහ කොළ.ඒ ගස් හැදිලා තිබුනේ විවිධාකාර හැඩ වලින්..පුදුම ලස්සනක්...මිහිපිට දෙව් ලොව.සමන් දෙවියන්ගෙ අඩවිය..ඉතින් මේ හැමදේම බල බල ගමනේ ඉදිරියට...මහ වැස්ස හුලඟ එක්කම.අවාරේ සිරිපා වන්දනා කියන දේ හොඳින්ම හිතට දැනුනා.බෑග් කොච්චර බර උනත් ඒ කිසි දෙයක් දැනුනේ නැති තරම්.උදේ 8.15 වෙද්දී මලුවට ආවා...වට පිටාවක් පෙනුනේ නෑ.ඒ තරමට වැස්ස .හරි අහම්බෙන් උඩ මලුවට ගිහින් වන්දනා මාන කරන්න අවස්ථාවක් ලැබුනා.ඒකත් පෙර පිනක් වෙන්න ඕන.හිතේ ඇති උන භක්තිය කියලා නිම කරන්න බෑ.ඉතින් ඊට පස්සේ 8.35 විතර ආපහු රත්නපුර පාරෙන් අපි පිටත් උනා...ඒ තවත් ගමනක ආරම්භයක් හැබැයි වෙනස්ම එකක්... හැමෝම නොයන මගක සුන්දරත්වය කටුකත්වය එක්ක සමනල අඩවියේ සුන්දරම දැවැන්තයෙක් සොයාගෙන ගිය ගමනක්.ඒ ගැන ඊලඟ පින්තූර එකතුවෙන්..

28/09/2020

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Niru's picbook posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share