Smart Way Tours

Smart Way Tours "The smarter way to explore the world with Smart Way Tours."

May the blessings of Ramadan fill your life with happiness, peace, and success. Ramadan Mubarak!ඔබේ ජීවිතයට සතුට, සාමය ස...
22/04/2023

May the blessings of Ramadan fill your life with happiness, peace, and success. Ramadan Mubarak!

ඔබේ ජීවිතයට සතුට, සාමය සහ සාර්ථකත්වයෙන් පිරි සුභ රාමසාන් දිනයක් වේවා !

ரமழானின் ஆசீர்வாதங்கள் உங்கள் வாழ்க்கையை மகிழ்ச்சி, அமைதி மற்றும் வெற்றியால் நிரப்பட்டும். ரமலான் முபாரக்!

15/04/2023
ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලුම ⁣ලක්වාසී ලෝකවාසී සෑම දෙනාගේම යහාපත් සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේ...
14/04/2023

ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලුම ⁣ලක්වාසී ලෝකවාසී සෑම දෙනාගේම යහාපත් සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි Smart Way Tours අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.

அனைத்து இலங்கையர்கள் மற்றும் உலகெங்கிலும் உள்ள மக்களின் நல்வாழ்த்துக்களை நிறைவேற்றும் வளமான புத்தாண்டுக்கு Smart Way Tours இல் நாங்கள் வாழ்த்துகிறோம்.

We at Smart Way Tours wish for a prosperous New Year that fulfills the best wishes of all Sri Lankan and people around the world.

27/03/2023
මාරි බිස්කට් එකේ පුදුම හිතෙන ඉතිහාසය...උපුටා ගැනීමකි.ස්තුතියි නිසන්සලා බන්ඩාර  මහත්මියට.🙏ශ්‍රී ලාංකික ඔබට බොහොම හුරුපුරු...
21/03/2023

මාරි බිස්කට් එකේ පුදුම හිතෙන ඉතිහාසය...

උපුටා ගැනීමකි.ස්තුතියි නිසන්සලා බන්ඩාර මහත්මියට.🙏

ශ්‍රී ලාංකික ඔබට බොහොම හුරුපුරුදු කෑමක් තමයි මාරි බිස්කට් කියන්නේ විවිධ වෙළඳ සන්නම් නාම යටතේ මාරි බිස්කට් ලංකාවේ දී අපට මිලදී ගන්න පුළුවන්.ඒ වගේම මිල අතිනුත් අනෙක් බිස්කට් වර්ග වලට වඩා මිල අඩු නිසා මේක දුප්පත් කෑමක් ලෙස සමහරුන් දකිනවා. ඒත් ඔබ දන්නවාද මාරි බිස්කට් ඉතිහාසය ගත් කල මාරි බිස්කට් කියන්නේ රාජ භෝජනයක් බව අහද්දිත් පුදුම හිතුනා නේද?මාරි බිස්කට් කියන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ හවස තේ මේසයට නැතිවම බැරි උන බිස්කට් වර්ගයක්.මාරි බිස්කට් බොහෝ වෙලාවට ගැලපෙන්නෙ හවස තේ වෙලාවට තමයි. මාරි බිස්කට් රස පොඟාවන් කනකොට කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවානේ එවා හදලා තියෙන්නෙත් තේ වල පොඟාවන් කන්න පුළුවන් විදිහටලූ. ඒ වගේම මාරි බිස්කට් රස වැඩිම අපේ රටේ තේ එක්ක පොඟවා කනකොට තමයි.මේ රසයට හේතුව මම මේ ලිපිය අවසානයේදී විස්තර කරන්නම්.

රුසියානු අධිරාජ්‍යයේ සාර් රජතුමාගේ දියණිය තමයි මරියා. 17 වන ශත වර්ෂය අග භාගයේ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලය උපරිම පැතිරිලා තිබුන කාලයක්. රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් රජතුමාගේ දියණිය වුණු මාරියා ඇලෙක්සැන්ඩර් කුමරියත් එංගලන්තෙ වික්ටෝරියා අධිරාජනිය ගේ පුත්‍රයා වුණු එඩ්වඩ් කුමාරයා අතරත් විවාහය 1874 දී සිදුවුණා මෙම විවාහය බලවත් රාජයන් දෙකක් අතර ඇතිවූ කිට්ටු සම්බන්ධයක ආරම්භයක් ලෙස හැඳින්වූවා.එම නිසා මෙම විවාහ උත්සවය මහ ඉහළින් සමරන්න රටවල් දෙකේම ජනතාව පෙළ ගැසුණා.

රාජකීය විවාහය වෙනුවෙන් නිල බිස්කට් එකක්....

maria කුමරිය හා එඩ්වඩ් කුමාරයාගේ රාජකිය විවාහය වෙනුවෙන් එංගලන්තය මහ ඉහළින් සූදානම් වුණා.විවාහය සඳහා ඇඳුම් පැළදුම්, ආභරණ , අශ්ව කරත්තය, මංගල කේක් වැනි දෑ නිර්මාණය කරන්න බොහෝ දක්ෂ ශිල්පීන්ට පැවරුවා. මරියා කුමරියව එන්ගලන්තයට පිළිගැනීම නිමිත්තෙන් නිල බිස්කටුවක් බිහිවන්නේ අනේ ඒ අනුවයි. මේ සඳහා ලන්ඩනය තිබූ සුවිසල් බේකරියක් වන PEEK FREAN ආයතනය තමයි එහි නිර්මාතෘ උනේ. එය මරියා කුමරිය නමින් maria බිස්කට් ලෙස නම් කෙරුණා.

මරියා බිස්කට් වල සුවිශේෂීත්වය.....

මේ වන විට එංගලන්තයේ තේ බොන එක බොහොම වැදගත් සම්ප්‍රදායක් වෙලා තිබුණා. බොහෝ වෙලාවට මේ සමග කේක් වැනි පැණි රස ආහාරයක් ගන්න ඔහු පුරුදු වෙලා තිබුණා. එ වන විට රටෙ ජනප්‍රිය වෙලා තිබුනෙ rich biscute නම් බිස්කට් වර්ගයක්.මේ maria බිස්කට් එකත් නිපදවූයේ තේ බොන වෙලාවට කෑමට ගන්නයි. රාජකීය මංගල උත්සවයකට සාදන ලද බිස්කට් වර්ගයක් නිසා මේ සඳහා දක්ෂ සූපවේදීන්, රස බලන්නන් සහ හොඳම අමුද්‍රව්‍ය යොදා ගන්නට PEEK FREANබේකරි ආයතනය කටයුතු කළා. ඒ කොහොම වුණත් රටේ ඕනෙම කෙනෙක්ට රස බලන්න පුළුවන් අඩු වියදමක් පවතින විදිහටයි මෙය නිර්මාණය වුණේ ඉතින් බහුලව තිබෙන තිරිඟු පිටි, සීනි , සූරියකාන්ත තෙල් හා වැනිලා සාරය මේ වට්ටෝරුව සකස් කිරිම සඳහා යොදා ගත්තා.

මේ කාලය වන විට එංගලන්තයට හොඳම තේ කොළ අපනයනය කෙරුනේ ceylon දිවයින හෙවත් ශ්‍රී ලංකාවේනි. එනිසා මරියා බිස්කට් රස බලන්නන් වෙනුවෙන් සිලොන් තේ කෝප්පයක් පිරිනැමුණා. කහට තේ වලට වගේම කිරි තේ වලටත් ගැලපෙන වට්ටෝරුවක් තෝරා ගැනීමට ඔවුන් වඩාත් වෙහෙසක් දැරුවා.දින ගණනාවක මහන්සියෙ ප්‍රතිපලයක් විදිහට මරියා බිස්කට් වට්ටෝරුව නිපදවුණා. අදටත් මාරි බිස්කට් බිෂ්පාදනයට යොදා ගන්නෙ එම වට්ටෝරුවයි. මාරි බිස්කට් කන්න වඩාත්ම ගැලපෙන අපේ රටේ තේ බව ඔබට දැන් වැටහෙනවා නේද..?

අපුරු මිහිරි රසයක් තියෙන මෙම මාරි බිස්කට් වර්ගය මරියා, මාරි ,මරියන් නමින් යුරෝපය පුරා බොහොම ජනප්‍රිය වුණා.එංගලන්තයේ මුලින්ම මරියා නමින් හැඳින්වූ මෙය පසුව මාරි නමින් ජනප්‍රිය වුණා. 1880 වන විට යුරෝපය පුරාම මෙම බිස්කට් වුව වාණිජ වශයෙන් නිෂ්පාදනය ඇරඹී තිබුණා.

පාන් වෙනුවට ආදේශකයක්....

මාරි බිස්කට් වල අපූර්වත්වය වුණේ එය වෙනත් තැවරුම් වලට ඉතා හොදින් ගැලපීමයි. ලුණු සහිත බටර්, උකු කිරි මාමයිට්, jam , syrup ,කස්ටර්ඩ් වැනි ඕනෑම තැවරුමක් තවරා එක මත එක අලවා ආහාරයට ගත හැකි වුණා. පාන් වලින් සැන්විච් සාදන ආකාරයටම මාරි බිස්කට් වලින් සැන්විච් සාදා ආහාරයට ගැනීමට ගොඩක් අය හුරු වුණා. මේ ක්‍රමය වඩාත් ම හොඳින් දැකගන්න හැකි වුණේ එක්දහස් නවසිය තිස් ගණන්වල දී ඇති වූ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට මුහුණ දෙන ජනතාව මහා පරිමාණ තිරිඟු වගා කරන්න පෙලඹිලා හිටියා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1939 යුද්ධය අවසන් වීමත් එක්ක විශාල තිරිගු අතිරික්තයක් ගොඩ ගැසුණා. මේවා අපතේ නොයවා මාරි බිස්කට් සාදන ලෙස ස්පාඤ්ඤ රජය ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඊට පස්සේ මෙම හදන ළද මාරි බිස්කට් ආනයනය කිරීමේන් ස්පාඤ්ඤ රජය විශාල ආදායමක් ලබනවා. ඒ නිසා අදටත් මාරි බිස්කට් ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙන් පසුව නැගී සිටීමේ සංකේතයක් ලෙසයි ප්‍රචලිත වී තිබෙන්නේ.

බිස්කට් එකේ හැඩය.....

ලෝකය පුරාම තිබෙන මාරි බිස්කට් පෙනුමෙන් එක සමානයි. ඒ එහි මුල් නිර්මාතෘ PEEK FREAN ආයතනයට ගෞරවයක් වශයෙනුයි.මාරි බිස්කට් රවුම් හැඩයක් ගන්නවා එහි පළල අඟල් දෙකයි. එහි එක් පැත්තක් පැතිලි ලෙසද අනෙක් පැත්ත බිස්කට් එක බේක් කරද්දි ලාවට පිම්බෙන විදිහට සකස් කරනවා.මාරි කියන නම බිස්කට් එකේ හරි මැද බ්‍රිතාන්‍ය රාජකීය front එකෙන් සදහන් වෙනවා. බිස්කට් එකේ දාරය වටා බූට් සපත්තුවක හැඩය ඇති මෝස්තරය කුත් අනිවාර්යෙන් පිහිටා තිබෙනවා එය ඇතුළත මුහුණතේ සිදුරු ටිකකුත් දක්නට ලැබෙනවා. මෙම ලක්ෂණ හැම එකක්ම ලෝකයේ තිබෙන ඕනිම මාරි බිස්කට් වර්ගයක දැකගන්න පුළුවන්.

ලංකාවේ තේ වල රසයට ගැළපෙන හදලා තියෙන මේ මාරි බිස්කට් ඉතිහාස කතාව අද දැනගත්ත නිසා ඔයාට හෙට ඉඳන් හරි ආඩම්බරයෙන් මෙම රාජකීය මාරි බිස්කට් වල රස රසවිදින්න පුළුවන්.....

උපුටා ගැනුමකි.

Address

Moratuwa
MORATUWA

Alerts

Be the first to know and let us send you an email when Smart Way Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category