28/03/2026
42 වන වරටත් සාර්ථකව පැවැත්වූ "සිරි සද" දඹදිව වන්දනා චාරිකාව
2026 වර්ෂයේ දෙවන දඹදිව චාරිකාව
සිරි සද ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ 42 වන දඹදිව වන්දනා චාරිකාව . දශක ගණනාවක් පුරා අප කෙරෙහි තැබූ නොබිඳෙන විශ්වාසය පෙරදැරි කරගෙන මෙවරත් අප සමඟ එක්වූ සියලුම බැතිමතුන් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නෙමු.
ගෞරවනීය මහා සංඝරත්නයට පණිවිඩය
මෙම පුණ්‍ය චාරිකාව ආගමික වතාවත්වලට අනුකූලව මඟ පෙන්වමින් වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය හිමි වේ. විශේෂයෙන්ම:
• නාවලපිටිය ශ්‍රී කවීශ්වර වෙළුවනාරාමාධිපති, පස්බාගේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති, පූජ්‍යපාද හකිරිල්ලේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේටත්,
• රවනාගොඩ විද්‍යාලෝක පිරිවෙනේ ගරු පරිවෙනාධිපති, පූජ්‍යපාද රම්බොඩ රතනාපාල නායක ස්වාමින් වහන්සේටත්,
ඇතුළු වැඩමවා වදාළ සියලුම මහා සංඝරත්නය වෙත අපගේ ගෞරවනීය පින් අනුමෝදනාව පිරිනමන්නෙමු.
චාරිකාවේ සුවිශේෂී අවස්ථා
මෙවර චාරිකාව ආරම්භ කරමින් මුලින්ම සාන්චි විහාරය වන්දනාමාන කිරීමට අවස්ථාව උදාවීම අප සැමගේ භාග්‍යයකි. අසිරිමත් සාන්චි පුදබිමේදී සිදුකළ ආගමික වතාවත් චාරිකාවට සහභාගී වූ සැමගේ සිත් තුළ අමුතුම අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් විය.
නාවලපිටිය අපි
Saddhalankara Himi