Anton Tours Negombo

Anton Tours Negombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anton Tours Negombo, Tour Agency, No. 23/12, St. Rita Road, Negombo.

27/05/2025
12/05/2025

ශ්‍රී.බු.ව 2569/2025 වෙසක් සුභාශිංසන පණිවුඩය​

සම්බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළ ගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

ශ්‍රී ලංකාවාසී අපගේ ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර්ශනය හා බැඳී පවතී. එය බුදු දහමෙන් අපට ලැබුණු දායාදයකි. අප රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වන අතර සියලුම දෙනා එක්ව වෙසක් උත්සවය වැනි ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීම ඊට හොඳම නිදසුනකි.

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ගොඩනැගීමේ අපේ තේමා පාඨය මූලික කරගෙන පිහිටුවාගත් අප රජය යටතේ එළැඹි පළමු වෙසක් උත්සවය මෙයයි. අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා සියලුම දෙනා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැඳගනිමුයි මාගේ වෙසක් පණිවුඩය තුළින් ඔබ සැමට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මේ වනවිට ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි මෙම වෙසක් සමයේ දී සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ මම ප්‍රාර්ථනා කරමි.

ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා! තුනුරුවන් සරණයි.

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

12/05/2025

බුද්ධරශ්මි වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ කොළඹ ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධාන කරන දන්සල සහ බැති ගී සරණිය..

බුද්ධරශ්මි වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ කොළඹ ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධාන කරන දන්සල සහ බැති ගී සරණිය..

2025 මැයි 12 සිට 15 දක්වා රාත්‍රී 07.00 සිට කෙටි ආහාර දන්සල සහ බැති ගී සරණිය. (ජනාධිපති කාර්යාලය අසල)

2025 මැයි 12, 13 රාත්‍රී 7.30 සිට මහා බත් දන්සල. (බලදක්ෂ මාවත, රථගාල අසල).
ඔබ සැමට බැති සිතින් ආරාධනා...

Address

No. 23/12, St. Rita Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Anton Tours Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category