බොදු මග වන්දනා Bodu Maga Travels

බොදු මග වන්දනා Bodu Maga Travels බොදුනුවන් ලෙස වඳිමු පුදබිම්!

🙏ඓතිහාසික කිරිවෙහෙර වන්දනාව සමඟින් කතරගම චාරිකාව🙏🤝ඉඩකඩ සීමිත බැවින් අදම අප හා සම්බන්ධ වන්න...-------------------🚌මීළඟ පි...
25/09/2025

🙏ඓතිහාසික කිරිවෙහෙර වන්දනාව සමඟින් කතරගම චාරිකාව🙏

🤝ඉඩකඩ සීමිත බැවින් අදම අප හා සම්බන්ධ වන්න...
-------------------
🚌මීළඟ පිටත්වීම - 2025 නොවැම්බර් 12

රාත්‍රී 01 - දින 02
-------------------
🌼සුවපහසු විශ්වාසනීය ගමනාගමන හා නවාතැන් පහසුකම් සමගින් අමතක නොවන මතකයන් සහිත වන්දනා චාරිකාවකට බොදුමග වන්දනා සමගින් ඔබත් එක්වන්න...🙏
🙏වන්දනා කරන ස්ථාන

🌼කතරගම කිරිවෙහෙර
🌼මහ දේවාලය
🌼සෙල්ල කතරගම
🌼සිතුල් පව්ව පුදබිම
🌼වැඩහිටිකන්ද
🌼කිරින්ද
🌼යාල වනෝද්‍යානයේ සෆාරි චාරිකාව
-------------------
👇අපෙන් ඔබට

✅නවීන ආසන 54 බස් රථයක ගමනාගමන පහසුකම්
✅කාමර සහිත නවාතැන් පහසුකම්
✅සියලු ආහාරපාන සහ පානීය ජලය
-------------------
🤝ඉඩකඩ සීමිත බැවින් අදම අප හා සම්බන්ධ වන්න...

+94(0)772400014
+94(0)703090722
+94(0)706602434

ගාස්තුව 👉 රු:- 3500/=

✅ අත්තිකාරම් ලබාදෙන සෑම කෙනෙකුටම ඔප කඩදාසියේ මුද්‍රිත 2026 ලස්සන කැලැන්ඩරයක් නොමිලේ.

පින් කැමැත්තෝ පැමිණෙත්වා!!!

#බොදු_මග_වන්දනා_2025

 #බොදු_මග_වන්දනා_2025⭕ හයවන වන්දනා චාරිකාව ⭕🩵 සුරිඳුනි කතරගම 🩵🔵 වන්දනා කරන ස්ථාන 🔵⚫ කිරින්ද විහාරය ⚫ වැවුරුකන්නල විහාරය ...
21/09/2025

#බොදු_මග_වන්දනා_2025

⭕ හයවන වන්දනා චාරිකාව ⭕

🩵 සුරිඳුනි කතරගම 🩵

🔵 වන්දනා කරන ස්ථාන 🔵

⚫ කිරින්ද විහාරය
⚫ වැවුරුකන්නල විහාරය
⚫ තිස්සමහාරාම විහාරය
⚫ කතරගම කිරිවෙහෙර
⚫ කතරගම දේවාලය
⚫ සිතුල්පව්ව රජමහා විහාරය
⚫ යාල ජාතික වනෝද්‍යානය

⭕ චාරිකාව දින දෙකකි.
⭕ ආහාරපාන සහ නවාතැන් සියල්ල නොමිලේ.
⭕ අත්තිකාරම් මුදල් දෙන සැමට ඔප කඩදාසියේ මුද්‍රිත 2026 අලංකාර දින දර්ශනයක් නොමිලේ.

⭕ දිනය :- නොවැම්බර් 12 සහ 13 දෙදින

💜️ ගාස්තුව 3500/=💜️

⭕ වයස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් ප්‍රවාහනය නොමිලේ.

පින් කැමැත්තෝ පැමිණෙත්වා!

එහෙනම්....දෙයියන්ගෙ පිහිටෙන්...සූදානම් වෙමු!
21/09/2025

එහෙනම්....දෙයියන්ගෙ පිහිටෙන්...
සූදානම් වෙමු!

අපගේ පස්වැනි වන්දනාවට....පැමිණි ඔබ සැමට ස්තූතියි !❤️❤️❤️❤️❤️
13/09/2025

අපගේ පස්වැනි වන්දනාවට....
පැමිණි ඔබ සැමට ස්තූතියි !
❤️❤️❤️❤️❤️

පස්වැනි වන්දනා චාරිකාව....සාර්ථකව අවසන් ❤️❤️❤️
13/09/2025

පස්වැනි වන්දනා චාරිකාව....
සාර්ථකව අවසන් ❤️❤️❤️

හන්තාන සඳගිරි සෑ වන්දනාවට....සියල්ල සූදානම්!...
10/09/2025

හන්තාන සඳගිරි සෑ වන්දනාවට....
සියල්ල සූදානම්!...

අපගේ උත්තමාචාරය
10/09/2025

අපගේ උත්තමාචාරය

අතිපූජ්‍ය Gangasiripura Dhammaloka Thero හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද දවස පුරා #වලපනේ #මන්දාරම්නුවර #හයිෆොරස්ට් ප්‍රදේශ තුළ සමාජ සේවා රැසක්.... ❤️🙏🥰

 #සඳගිරි_සෑ_වන්දනාව_2025⭕ වන්දනාවේ යන ඔබට ⭕බොදු මග වන්දනා අප ආයතනය පස්වැනි වරට සංවිධානය කරන වන්දනාව මෙම " සඳගිරි සෑය වන්...
02/09/2025

#සඳගිරි_සෑ_වන්දනාව_2025

⭕ වන්දනාවේ යන ඔබට ⭕

බොදු මග වන්දනා අප ආයතනය පස්වැනි වරට සංවිධානය කරන වන්දනාව මෙම " සඳගිරි සෑය වන්දනාවයි.මේ වන්දනා චාරිකාවේ මූලික කටයුතු මේ වන විට අවසන් වී තිබීම සතුටට කරුණකි.

ඔබට සුව පහසු වන්දනා චාරිකාවක් ලබාදීමේ අරමුණෙන් අප විසින් මාවිට කොස්වත්ත KD TOURS ආසන 54 නවතම බස්රථය තෝරාගෙන ඇති බව හදපිරි සතුටින් දැනුම් දෙමු.

වන්දනා චාරිකාවේ යන ඔබ පහත උපදෙස් පිළිපදින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

🔵 සඳගිරි සෑ වන්දනාව 2025 🔵

⭕ අළුයම 03.30 ට බස්රථය ඓතිහාසික බටුවංගල පුරාණ රජමහා විහාරස්ථානය අසළින් පිටත්වේ.නියමිත වේලාවටම පිටත්වන බැවින් කල්වෙිලා ඇතිව පැමිණීමට කාරුණික වන්න.

🟢 හප්පිටිය/ඇහැළපිටිය /බටුවංගල ජනපදය පින්වතුන්.
⚫ බටුවංගල ජනපදය මාතර ස්ටෝර්ස් අසළ
⭕ අළුයම 02.30

🟢 මද්දේගම /පහළ මද්දේගම/බෝපගොඩ පින්වතුන්
⚫ බෝපගොඩ ලකී බේකරිය (බෝපගොඩ කඩේ ) අසළ
⭕ අළුයම 02.45

🟢 පිටදෙණිය/බටුවංගල /කුරුඳුවත්ත පින්වතුන්
⚫ ඓතිහාසික බටුවංගල පුරාණ රජමහා විහාරය අසළ
⭕ අළුයම 03.00

🟢 උඩවෙල/ඉහළ මද්දෙගම/මොරගහකන්ද පින්වතුන්
⚫ ඕමුල්ල බස් නැවතුම්පොළ අසළ
⭕ අළුයම 03.20

🟢 නෙළුව /බටහිර බටුවංගල /මාවිට පින්වතුන්
⚫ ලක්ෂ්මන් ගුණවර්ධන මහතාගේ නිවස අසළ
⭕ අළුයම 03.30

🟢 මාවිට / බටහිර බටුවංගල / කොස්වත්ත පින්වතුන්
⚫ ආමි පාළම අසළ
⭕ අළුයම 03.40

🟢 තිනියාවල/හයහවුල/කැන්දකැටිය පින්වතුන්
⚫ හයහවුල බුදු මැදුර අසළ
⭕ අළුයම 03.50

වන විට අදාළ ස්ථානයන්ට පැමිණ සිටින්න.

⭕ සියලුම මව්වරුන් /කාන්තාවන්/ තරුණියන්/ ගැහැනු දරුවන් සුදු පැහැති දිග සායක් හෝ සුදු දිග ගවුමක් ඇඳ පැමිණීම අනිවාර්ය වේ.දිග කලිසම හෝ ඩෙනිම් ඇඳ වන්දනාවේ යන තරුණියන් සහ ගැහැනු දරුවන් ඉණට ඇඳීමට ප්‍රමාණවත් වන සුදු රෙද්දක් රැගෙන පැමිණෙන්න.එසේ නොවන අයට දළදා මාළිගයට ප්‍රවේශ වීමට අවසර හිමි නොවේ.

⭕ උදෑසන සහ දහවල් ආහාරය සමඟ බස් ගාස්තුවට අමතරව වැඩිපුර මුදල් රැගෙන එන්න.

⭕ මිල අධික රත්‍රන් ආභරණ,වළලු,මුදු,මාල,බ්‍රේස්ලට් ආදිය සහ ඉතා ඉහළ මිලකට මිලදීගත් දුරකථන රැගෙන ඒමෙන් වැලකීම සුදුසුය.ඒවා නැති වීමක් හෝ අහිමි වීමකදී අප විසින් වගකියනු නොලැබේ.

⭕ ඔබ යම් බෝවන රෝගයකින් පෙළෙන්නේ නම් මුහුණු ආවරණ පැළඳ පැමිණීම අනිවාර්ය වෙි.හැකි නම් භාවිතා කරන ඖෂධ ද රැගෙන එන්න.

⭕ ඔබ බෝ නොවන රෝගයකින් පෙළෙන්නේ නම් එම ඖෂධ පානය කර පැමිණීම⁣ට වග බලා ගන්න.
උදා :- අධි රුධිර පීඩනය,දියවැඩියාව ,කොලෙස්ටරෝල්

⭕ වන්දනා කරන දිනට පෙර දින සහ එදින මස් මාංශ අනුභවයෙන් වළකින්න.

⭕ ඔබ එම දෙදිනම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න.යම් අයෙකු මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර හෝ රැගෙන විත් ඇත්නම් කිසිදු දැනුවත් කිරීමකින් තොරව බස් රථයෙන් ඉවත් කරනු ලැබේ.

⭕ ඔබගේ නිවසේ ස්ථිර පදිංචි ,ඔබගේ වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට නොමිලේ ප්‍රවේශය හිමිවන අතර එසේ නොවන අනෙකුත් දරුවන් සඳහා භාග ප්‍රවේශ්‍ර පත්‍ර මිලදී ගත යුතුය.

⭕ ඔබ විසින් රැගෙන යන ආහාර ආවරණය කරන ලන්ච්ශීට්,පත්තර කොළ,ෂොපින් බෑග් නිසි ලෙස කසළ බඳුන් වෙත බැහැර කළ යුතුය.එවැනි පහසුකම් නොමැති තැන්වල දී එම ද්‍රව්‍ය නැවත තම නිවසට රැගෙන පැමිණිය යුතුය.

ඉහත සඳහන් කළකරුණු වලට අමතරව ඔබට යම් ගැටළුවක් ඇත්නම් මෙම වන්දනා චාරිකාවේ සංවිධායකයන් හමුවී පෞද්ගලිකව සාකච්ඡා කර විසඳාගත යුතුය.එසේ නොමැතිව ඔබේ ගැටළුව ශබ්ද නගා බස්රථය තුළ දී ප්‍රකාශ නොකළ යුතුය.

28/08/2025

බලන්න යන අය සූදානම් වන්න.

28/08/2025

සඳගිරි සෑ වන්දනා⁣වට සියල්ල සූදානම්!
ආසන 57 සම්පූර්ණයි!
දැක්වූ සහයෝගයට ස්තූතියි!🙏🙏🙏

24/08/2025

හන්තාන සඳගිරිසෑයේ සිරි අසිරි විඳින්නට සැරසෙන්න.

Address

Neluwa

Alerts

Be the first to know and let us send you an email when බොදු මග වන්දනා Bodu Maga Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category