Amila2r

Amila2r The journey ends, but the story lives on චාරිකාවන් නිමා වේ. මතකයන් සිතේ රැදේ

31/07/2025
27/07/2025

පිපී දීවයිනෙ බෝට්ටු

26/07/2025

ශ්‍රද්ධාව: බෞද්ධ ධර්ම දේශනා - ඔබගේ ජීවිතයට ආලෝකය! 🙏මෙම වටිනා දේශනාව තුළින් ශ්‍රද්ධාවේ සැබෑ අර්ථය සහ එය අපගේ ජීවිත.....

මේ පාර්ටි ඩාන්ස් ෆ්ලෝ එකෙ ඉන්න ප්ලාස්ටික් ගොනා.. මේකා කැරකෙනවා හතර අතේ. අපි උඩ රැඳිලා ඉන්න එක තමයි ගේම. අපි ඒ ප්ලේස් එකෙ...
26/07/2025

මේ පාර්ටි ඩාන්ස් ෆ්ලෝ එකෙ ඉන්න ප්ලාස්ටික් ගොනා.. මේකා කැරකෙනවා හතර අතේ. අපි උඩ රැඳිලා ඉන්න එක තමයි ගේම. අපි ඒ ප්ලේස් එකෙන් නෙමේ බිව්වෙ. හැබැයි ඒකෙ ඉවෙන්ට් වලට අපිටත් සෙට්වෙන්න ඉඩ ලැබුනා.
තව තව ගේම්ස් තිබුනා. උස පනින කොට වගෙ යූස් කරන ගින්නෙන් දැවෙන බාර් එකක් තියෙනවා. ඒ බාර් එක යටින් අපි යන්න ඕන පපුව පැත්ත උඩට තියෙන විදියට. බමන මතින් අපෙ යාලුවොත් ඒක යටින් රිංගුවා. ටිකෙන් ටික ඒ බාර් එක පාත දානවා. එතකොට යන්න අමාරුයි. යාලුවො වීරයො වගෙ ගියා. ඒත් ඊළග දවසේ බලනකොට පොඩි පොඩි පැචස් තිබුනා ඇගේ පිච්චිලා ලාවට..
එතනින් බොන්න බකට් ගන්න පුළුවන්. ඉතිං ඔය විදියට ඇක්ටිවිටි වල ගෑණූ පිරිමි කිසි බේදයක් නැතිව සංචාරකයො යෙදෙනවා .ඒ වගෙම රටවල් වල වෙනසකුත් නෑ. රශියන් යුක්රේන් ඉන්දියන් චීන යූකේ ඇමරිකා ආදී විවිධ රටවල ජනතාව විවිධාකාර වයස්වල මේවට සෙට් වෙලා ෆන් ගන්නවා.

හැන්දෑ වෙනකොට පිපි දූපත හැපනින් වෙනවා. වහපු කඩ ඇරෙනවා. ලස්සන ලස්සන කට්ටිය බහිනවා. අපි ගිය දවසේ තායිලන්තේ ක්රතොන් උත්සවය....
25/07/2025

හැන්දෑ වෙනකොට පිපි දූපත හැපනින් වෙනවා. වහපු කඩ ඇරෙනවා. ලස්සන ලස්සන කට්ටිය බහිනවා. අපි ගිය දවසේ තායිලන්තේ ක්රතොන් උත්සවය. ඒකට චූටි මල් පොකුරු බොකේ හදලා වතුරට දාලා පා කරනවා. පොඩි ලොකු ගෑනු ළමයි ලස්සන සාම්ප්‍රදායික ඇදුම් වලින් සැරසිලා ඒ ක්‍රතොන් මල් පොකුරු පාකරනවා වතුරේ. සංචාරකයොත් දේශීය අය කරන ඕන කෙංගෙඩියක් භක්තියෙන් කරන ජාතික වැඩපිලිවෙල යටතේ ඒක කලා. අපි එක්ක ගිය යසෙට් එකෙත් කීප දෙනෙක් ඒ මල් අරගෙන වතුරේ පා කලා.

එදා උත්සව දවසක් නිසා කට්ටිය වැඩියි බීච් එකේ. බීච් පාර්ටිවල මෙහෙ නුවර පෙරහැරටත් වඩා හොදට ලස්සනට ගිනිබෝල කරකවනවා. ගිනිබෝල කරකැවීම අපි ලංකාවේ පෙරහැරවල දැකපු හැඩේට නෙමෙයි විවිධාකාර වේසයෙන් මේ තැන්වල තියෙනවා. අපි ඒවත් බල බල ගියා. සමහර කෑම කඩවල තියෙනවා මහ විසාල මාලු ටැංකි ඒවගේ ඉන්නවා පණ තියෙන මාලු සහ පොකිරිස්සන් උන්ව සිලෙක්ට් කරාම හදලා උයලා කරලා අපේ දීසියට ගෙනත් තියෙනවා.

කසියා බෝතලය පිපි අයිලන්ඩ් එක කියන්නේ ෆන් ලෝකයක්. ටිකක් රෑ වේගෙන එද්දි වෙනම ලයිෆ් එකක්. තැන තැන තියෙනවා පොඩ්  ජූස් බාර් ව...
22/07/2025

කසියා බෝතලය

පිපි අයිලන්ඩ් එක කියන්නේ ෆන් ලෝකයක්. ටිකක් රෑ වේගෙන එද්දි වෙනම ලයිෆ් එකක්. තැන තැන තියෙනවා පොඩ් ජූස් බාර් වගේ තැන්. ඒ වගේ තැන්වල තමයි කොක්ටේල් හදන්නේ. ස්ප්‍රයිට් කෝක්, ලෙමන් ජූස් ආදී එකී මෙකී නොකී දේවල් එක්ක අරක්කු විස්කි ලෝකල් බඩු මික්ස් කරලා බකට් හදනවා. බකට් එකට අයිස් දාල දුන්නම ඒක බිබී යනවා. බකට් කීවේ අපි පොඩි කාලේ නාන්න යද්දි අරගෙන චූටි ප්ලාස්ටික් බකට්.
අපේ සෙට් එකට අවශ්‍ය මොනා හරි සබන් පවුඩර් ගන්න පිපි අයිලන්ඩ් එකේ තයෙන චූටි සෙවන ඉලවන් තාලේ සුපර් මාර්කට් එකකට ගියා. මම දැක්කා දූපතේ ඉන්න සාමාන්‍ය ජනතාව වගේ අය ඇවිත් චූටි බෝතලේකින් ගානට මැනලා ශොට් එකක් දාගෙන යනවා. ඒකේ නම ලාඕ කාඕ. මටත් ඒකෙන් ශොට් එකක් දාගන්න ආසාවක් ආවා. බෝතලේ ඒ හැටි විසාල ගානක් නෑ. ගත්ත බෝතලයක්ම. පෙනුම ලංකාවේ බියර් බෝතලයක් වගේ.
අරගෙන අපි අර ඇල්කොහොල් බකට් හදන අයගෙන් ඇහුවා කොහොමද මේක මිකස් කරගන්නේ කියලා.. එයාලත් දන්නේ නෑ හරියට මික්ස් කරන මෙව්වා එකක්. ඉතින් අපි ඒකයි තව බකට් එකකුයි කන්න එව්ව මෙව්වයි අරගන ගියා බීච් එකට. ගිහින් ඒකේ ලෑල්ලක් උඩ තියාගෙන අපි ගෙනා බෝතලේ දිග ඇරගෙන ගසන්න පටන් ගත්තා. ශා..එඒක වැදුනා වැදිල්ලක් සුපිරි ඈ..

පිපි අයිලන්ඩ් ඒක දූපතක්. දූපතක් කිව්වට වටේම වෙරළ දිගේ ඇවිදගෙන යන්න බැරි සංකීර්ණ විදිහේ කදු හිරිගල් වැටි, ඇතුලට නෙරාගිය ම...
21/07/2025

පිපි අයිලන්ඩ්
ඒක දූපතක්. දූපතක් කිව්වට වටේම වෙරළ දිගේ ඇවිදගෙන යන්න බැරි සංකීර්ණ විදිහේ කදු හිරිගල් වැටි, ඇතුලට නෙරාගිය මුහුදු කොටස් තියෙන වෙනස්ම ආකාරයේ දූපතක්. එක පැත්තක පියර් එක හෙවත් තොටුපල තියෙනවා. ක්‍රාබි සහ පුකෙට් වල ඉදන් එන වේග බෝට්ටු ඒ පියර් එකේ නවත්වනවා. අපිත් ඒ නවත්වපු ලොකු බෝට්ටුවකින් බැහැල දූපතට ගියා. දූපතේ සංචාරකයින් ඉන්න කොටසේ පයින් තමයි ගමන කොතනටත්. දූපත පොඩි නිසා පාරවල් නෑ. අපි පයින්ම ගිහින් නවාතැනකට ගොඩ වුනා. ඒ තැන බුක කරගනෙ ඒවා ඉවර වෙලා ඇවිත් කෑවා. කාල ඉවර වෙලා දූපතේ අනෙක් පැත්තට ගියා. ඒ පැත්තේ වඩදිය බාදිය තත්වය වැඩි වෙලා වතුර බැහැල ගිහින්. ලස්සන විසාල බෝට්ටු හැඩට තියලා වගේ තැන තැන තියනෙවා. වඩදිය බාදිය තත්වය නිසා අඩියක් දෙකක් විතර තියෙන වතුර බැහැල ගිහින් ඒ යාත්‍රා බිම තිබුනා.දූපතේ මොන පැත්තෙන් බැලුවත් සුන්දර දර්ශනවලින් සහ සංචාරකයින්ගෙන් අඩුවක් නෑ.

හැමදාම ස්ක්‍රින් වලින් දකින දේවල් ඇත්තටම බලන්න යන්න සෙට් වෙන්න. තායිලන්තයේ ලස්සන පලාත ඇස්වලින් දැකගන්න විදගන්න.
21/07/2025

හැමදාම ස්ක්‍රින් වලින් දකින දේවල් ඇත්තටම බලන්න යන්න සෙට් වෙන්න. තායිලන්තයේ ලස්සන පලාත ඇස්වලින් දැකගන්න විදගන්න.

Address

No 51, Nelumpokunawatta
Netolpitiya
82135

Website

Alerts

Be the first to know and let us send you an email when Amila2r posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share