Hike Somewhere

Hike Somewhere "🇱🇰 Welcome to explore the beauty of Sri Lanka. Let’s adventure together in the Pearl of the Indian Ocean!
❤️

From lush mountains to pristine beaches, join us as we uncover the hidden gems and rich culture of this incredible island.

✨ Port City Colombo  Beach Plaza - කොලඹ පිරිසිදුම වෙරල ( The Cleanest Beach in Colombo ) අද කියන්නෙ කොලඹ අවට ලේසියෙන් ඇව...
14/01/2025

✨ Port City Colombo Beach Plaza - කොලඹ පිරිසිදුම වෙරල ( The Cleanest Beach in Colombo )

අද කියන්නෙ කොලඹ අවට ලේසියෙන් ඇවිදින්න යන්න පුලුවන් තැනක් ගැන.
හැබැයි කොලඹ අවට අය නම් දන්නවා ඇති. දන් නැති අයට.

ඒ තමයි Port City එක. විශේෂයෙන් Port City beach එක. කොලඹ තියන පිරිසිදුම beach එක තමා ඒක. නාන්න විතරක් නෙමෙ අපි බලමු ඊට අමතරව ඔයාට එහෙ ගිහින් කරන්න තියන දේවල්. Port City එකට යන්න කලින් ඉස්සර නම් port city app එකෙන් reservation එකක් දාලා pass එකක් හදගෙන යන්න ඕනෙ.entrance එකෙන් check කරනවා.ඒත් දැන් බලන් නෑ.

⭕ Water Activites by Beach Safari

Beach Safari කියන ආයතනයෙන් තමා මේ service එක දෙන්නෙ. කලින් වෙන් කරවාගැනීමක් ඕනෙ වෙන්නෙ නෑ. මේකට හොදම වෙලාව තමා ඉර බහින වෙලාව. හවස 4-6 වගේ. එතන තියෙන්නෙ කෘත්‍රිම වෙරලක් ඒ වගේම පොඩි රැල්ලක් . ඒ හින්දා කවදාවත් බෝට්ටුවකට නැගලා නැති කෙනෙක්ට වුනත් මේවා අවුලක් නෑ.

1. Kayaking - kayak බෝට්ටු පැදීම

- දෙන්නෙක්ට හබල් ගහලා පදින්න පුලුවන් බෝට්ටු. මට නම් මෙතන තියන ඒවගෙන් හොදම එක. මිල වෙන්නෙ විනාඩි 30 කට රැ.2000. ඒ විනාඩි 30 පැයක් විතර දැනෙනවා. වැඩිහිටියො දෙන්නෙක්ට තමා හරියන්නෙ.

2. Double Trasparent Boat

- මේ සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන ( පතුලත් විනිවිද ) ඩබල් බෝට්ටුව පදින්න හතර දෙනෙක් ඕනෙ. පවුලකට වගේ recommend කරන්න පුලුවන් .ඒක විනාඩි 30 ට රැ.3000.

මේ තමා ප්‍රධාන දෙන. ඊට අමතරව එක එක හැඩ වල බෝට්ටු , පොඩි අයට විනෝද වෙන්න හුලං පුරවපු එක එක item තියනවා.ඒවා ගිහින් බලලා තෝරගන්න පුලුවන්. ගනන් කොහොමත් 1500-3500 range එකේ තමා.

ඊට අමතරව jetski , yatch සහ වැඩි පිරිසකට යන්න පුලුවන් ලොකු බෝට්ටු එහෙමයත් තිබ්බා. ඒවා නම් මම හිතන්නෙ කලින් වෙන්කරගන්න ඕනෙ.

⭕ Foods and Beverages

කෑම නම් හැම එකම වගේ තියනවා. Noodles , Ice Cream , BBQ වගේ ලොකු range එකක් තියනවා.ඒත් cake එහෙම නම් තිබ්බෙ නෑ. කෑම වල ගනන් ටිකක් වැඩි ලොකු අවුලක් නෑ. එලියෙන් කෑම ගෙන්න දෙන් නෑ. බීම වර්ගත් බෑ. Alchol බෑ. ඇතුලේ හොද bar එකක් තියනවා. Beer , Hard Liquor වගේම sh**ha එහෙමත් තියනවා.

Beer වල මිල රැ. 1100-1500 වගේ , Sh**ha රැ.2700 ඉදන් තියනවා. Hard liquor ත් එලියෙ ගානට වඩා වැඩී. හවසට නිතරම වගේ music දාලා තියෙන්නෙ. හවස 6 වගේ වෙනකොටනම් weekend එකේ full crowd. Weekday වලත් හවස් වෙද්දි crowd එකක් ඉන්නවා. හැබැයි අඩුයි. Sunday නම් recommend කරන් නෑ.😁

මාස කීපෙකට කලින් නම් motor bicycle වලටයි , බස් වලටයි , වීල් වලටයි port city entrace එකෙන් එන්න දුන්නෙ නෑ. හැබැයි දැන් වීල් නම් එනවා . Bicycle නම් යන්න දෙන් නෑ. අලුතින් දාපු Duty free එකේ car park එකේ bicycle දාලා එතන ඉදන් taxi එකක යන්න පුලුවන් .වීල් එකක ගියොත් රැ.300 වගේ වෙන්නෙ. කෙලින්ම තමන්ගෙ වාහනේක එනවා beach එක ලග car park එකටම දාන්න පුලුවන්. ඕනෙ නම් public transport ඇවිත් entrance එකේ ඉදන් පයින් යන්නත් දෙනවා.

ඔයාලා එතන මුහුදෙ නාන්න බය වෙන්න් දෙයක් නෑ ආරක්ශිත කලාපය ලකුණු කරලා තියෙන්නෙ. ඒ වගේම life guard ත් හිටියා. මුහුදෙ නාලා හොද වතුර නාගන්න shower rooms තියනවා. ලොකු කෙනෙක්ට රැ.500 පොඩ් අයට රැ.300 . ඒ ගාන නම් ටිකක් වැඩී. ඒ වගේම washrooms පිරිසිදුවට තිබ්බා.රැ.50 ක් අය කරනවා.

කොලඹ තියන අනික් beach වගේ මේක නම් අපිරිසිදු වෙලා නෑ. දෙහිවල වගේ ගදත් නෑ😁. යාලුවො , පවුලෙ අය එක්ක හවසට වගේ ඇවිත් බොට්ටු පැදලා beer 🍺 එකක් ගහලා මොනවහරි කාලා නාලා රෑ වෙලා colombo skyline එකේ ලස්සනත් බලගෙන යන එක වෙනම අත්දැකිමක් වෙයි. යන තැන පිරිසිදුව තියන එකයි මතක තියාගන්න ඔන පලවෙනි දේ.

ඔයත් ගිහින් තියනවනම් තව දේවල් එකතු කරන්න.

https://maps.app.goo.gl/P9dG1D5d2vBMRBfPA

❤️ Hike SomeWhere ©

මේ story එකන් අපි කියන්නේ bike එකෙන් නුවරඑළියට ගිය අපේ road trip එක ගැන. ✨අපි මේ පාර try කරේ bike වල යන හින්දා හොඳ views...
23/10/2024

මේ story එකන් අපි කියන්නේ bike එකෙන් නුවරඑළියට ගිය අපේ road trip එක ගැන. ✨
අපි මේ පාර try කරේ bike වල යන හින්දා හොඳ views ටිකක් සෙට් වෙන route එකක අපේ ගමන plan කරපු එක..
ගමන ගිය route එක...,

* අත්තනගල්ල > අවිස්සාවේල්ල > පැල්මඩුල්ල > කලුපහන > බඹරකන්ද > හපුතලේ > බොරලන්ද > නුවරඑලිය > ගම්පොල >හෙම්මාතගම> අත්තනගල්ල ..

Day 01

අපි ගියෙ බයික් දෙකක 4 දෙනෙක්.ගමන පටන්ගන්න හිටියෙ පාන්දර 3 ට. මේ දවස් ටිකේ හොදටම වැස්ස . පාන්දර 2 ඉදන් වැස්ස හින්ද පැයක් විතර පරක්කු වුණා. කොහොමහරි පොඩි පොඩි වැහි ගනන් ගන් නැතුව අපි එලිය වැටෙනකොට රත්නපුරෙට ආවා. රත්නපුරෙන් නවත්තලා අපි ගෙදරින් හදන් ආපු සැන්විච් කාලා ආයෙ යන්න ගත්තා. ආයෙ බලංගොඩ පහුවෙලා පොඩි පොඩි දෙවල් ගන්න කඩෙකින් නැවැත්තුවා. 😁

අපිට බයික් වල ආපු එකේ වාසිය දැනෙන්න ගත්තෙ බලංගොඩ ඉදන් වංගු වල තිබ්බ supiri view point හැම එකකම නවත්තන්න පුලුවන් වුණ හින්දා.

උදේ 8 විතර වෙද්දි බෙලිහුල් ඔය පහු කරලා උදේට කන්න නැවැත්තුවා. බඩගින්නෙ ගිය අපිට ඒ කෑම එක හොදට තිබ්බා.

ඊලගට ගියෙ බඹරකන්ද ඇල්ල බලන්න. කලුපහන හන්දියෙන් හරවලා යන ගමන් අපි අවුරුදු 6 කට කලින් 2018 මේ පාරෙම පයින්ම වංගෙඩිගල camping ගිය හැටි කතා වෙවී ගියෙ.
ආයෙත් පොඩි වැස්සකට අහු වුණ අපි තෙමීගෙනම ඇල්ල බලන්න ගියා. Ticket counter එක තියෙන තැනට එහාපැත්තෙන් වාහන කීපයක් park කරන්න ඉඩ තියනවා.රු.50 ක ටිකට් එකක් අරන් 500m විතර ගියාම ඇල්ල හම්බවෙනවා.කුඩැල්ලොත් එහෙන් මෙහෙන් එල්ලුනා. කොච්චර වැස්සත් ඇල්ලෙ මහ ලොකු වතුරක් තිබ්බෙ නෑ. සතියෙ දවසක් හින්දා කවුරුත් හිටියෙත් නෑ. ඒත් ලස්සන photos ටිකක් ගහගන්න පුළුවන් වුණා.
ඒ පාරෙම තව 1.5km වගේ පයින් ගියාම ලංකා ඇල්ලට යන්නත් පුලුවන්.ඒකත් ලස්සන දිය ඇල්ලක්. වෙලාවයි වැස්සයි හින්දා අපිට ඒකට යන්න බැරි වුණා.

ආයෙත් කලුපහන හංදියට ගිහින් හපුතලේ පැත්තට යන්න ගත්තෙ අපි දවල්ට කන්න හිතන් හිටියේ හපුතලෙන් හින්දා. බෙරගල town එකත් පහු කරලා ටික දුරක් යද්දි මීදුමත් එක්ක වැහි මන්දාරම් ගතියක් ආවා. අපිට ඒ වෙලාවෙ තමයි මේ trip එකේ බලාපොරොත්තු වුණ misty vibe එක ආවෙ. ඒ හින්දා එවෙලෙම bike නවත්තලා අපි photos ගහන්න ගත්ත ගමන් ලොකු වැස්සක් වැස්සා.ඒකට හොදටම තෙමුනා ආයෙ මදි නොකියන්න.ඒ වැස්ස නැවතුනේ අපි හපුතලේ town එකට ආවට පස්සෙ.

ඊටපස්සෙ හපුතලෙන් දවල්ට කාලා බොරලන්ද පාරෙ එනකොට පාර පේන්නෙ නැති තරම් පට්ට මීදුමක් තිබ්බෙ. මීදුම තියන වෙලාවට ගොඩක් පරිස්සමෙන් යන්න ඕන පාරක්. හොදටම තෙමිලා ආපු අපි ඒ පාරෙ තිබ්බ පොඩි තේ කාඩේකින් ලුනුමිරිස් එක්ක රොටියක් කාලා ප්ලේන්ටි 2 බොන්න වුණා ඇග රත් කරගන්න.

බොරලන්දෙ ඉදන් කැප්පෙටිපොල පාරෙ යනකොට පැහැදිලි climate change එකක් බලාගන්න පුලුවන්.

අපි හවස් වෙද්දි නුවරඑළිය town එකට එද්දි ග්‍රෙගරි වැව වැහෙන්නම මීදුම. අපි පලවෙනි දවසෙ නවතින්න තීරනය කලේ නුවරඑලියෙ Leisure Village Holiday Bungalow එකේ. Keels එකට ගිහින් අපේ night function එකට ඕනෙ වෙන බඩු ටික අරගෙන නවාතැනට ගියා. ගිහින් රෑට කාලා එහෙම කට්ටියම හම්බුනේ සෑහෙන කාලෙකින් හින්දා හොද කයියක් දාන්න සෙට් වුණා.කොච්චර මහන්සි වුණත් කොල්ලො සෙට් එක සින්දුවක් කියලා නටලා කට්ටියම නිදාගන්නකොට පාන්දර 3 විතර වුණා.

Day 02

* දෙවනි දවසෙ අපේ plan එක වුණේ Horton Plains යන්න. මීට කලින් වාහන වලිනුයි camping වලට පයිනුයි ගිහින් තිබ්බත් බයික් වලින් යන්න ලොකු ආසවක් තිබ්බා. හවස් වෙද්දි ග්‍රෙගරි park එකටත් යන්න ඕනෙ හින්දා අපි උදෙන්ම පිටත් වුණා. අපි උදේට කෑවෙ නැවතිලා හිටපු cottage එක ලග තිබ්බ නුවරඑළිය P&S එකෙන්.

* හෝර්ටන්තැන්නට යන පාරෙ අපිට අඹේවෙල සුලං බලාගාර කිට්ටුවෙන් යද්දි සුපිරි views ටිකක් බලාගන්න පුලුවන් වුණා. අපේ වාසනාවට කලින් දවසෙ වගේ මන්දාරම් ගතියක් නැතුව හොදට ඉර පායලා තිබ්බ හින්දා අක්කර ගානක් ඈතට යනකන් හොදට පෙනුනා. ඒත් අඹේවෙල , පට්ටිපොල පහු කරලා හෝර්ටන්තැන්නට එනකොට නම් ආයෙත් ලොකු මීදුමක් ඇවිත් හැමදේම වැහිලා ගියා.

ඊටපස්සෙ අපි පට්ටිපොල entrance එකෙන් ටිකට් අරගෙන හෝර්ටන්තැන්නට ඇතුල් වුණා. බේකර්ස් ඇල්ල , ලෝකාන්තය , පුංචි ලෝකාන්තය බලලා අපි ආපහු එන්න පිටත් වුණේ හෝර්ටන්තැන්නෙ canteen එකෙන් බනිස් කාලා ප්ලේන්ටියකුත් බීලා. අපි ආපහු එනකොටත් හොදටම මීදුම ඇවිත් ලොකු සීතලකුත් තිබ්බා. ඊටපස්සෙ හවස ග්‍රෙගරි park එකට ගිහිල්ලා ටික වෙලාවක් නිදහසේ හිටියා.

ඊටපස්සෙ night function එකට ඕන වෙන කෑම බීම ඔක්කොම නුවරඑළිය town එකෙන් අරන් අපේ cottage එකට ගියා.
කලින් දවසෙ වගේම සීතලත් එක්ක හොද chill night එකක් ගතකලා. ඇත්තටම සාදාරන ගානකට නිදහසේ ඉන්න පුලුවන් තැනක් මේක.

Day 03

ඔන්න එහෙනම් අන්තිම දවස ට්‍රිප් එකේ. බෝමුරු ඇල්ලෙත් යන්න හිතන් ඉදලා ඒත් කලින් ගිහින් තිබ්බ හින්දා වැඩේ අතඇරලා ගෙදර එන්න තීරණය කලා. අපි ආපහු ආවෙ ගම්පොල හෙම්මාතගම පාරෙන් මාවනැල්ලට ඇවිත්.

මේ වගේ තවත් ලස්සන ගමනක් ඉවර වුණා.

- සීතලම කදවුරු රාත්‍රිය - හෝර්ටන්තැන්න  The Coldest Camping Night - Horton Plains Sri Lanka. Video - https://youtu.be/ER...
27/02/2023

- සීතලම කදවුරු රාත්‍රිය - හෝර්ටන්තැන්න
The Coldest Camping Night - Horton Plains Sri Lanka. Video - https://youtu.be/ERSBqKIK-Bk

හොදටම ඇවිදපු අවුරුද්දක් වුණ 2022 දී ඉදල්ගස්හින්න , යාපනය , ත්‍රීකුණාමලය ගමන් වලින් පස්සෙ අවුරුද්දේ අන්තිම ගමන විදියට හෝර්ටන්තැන්නෙ යන්න සැලසුම් කලා.

ගමන ගැන කියන්න කලින් ගොඩක් අයට තියන ප්‍රශ්නයක තමයි කොහොමද හෝර්ටන්තැන්න වගේ ජාතික වනෝද්‍යානයක් ඇතුලෙ කදවුරු බදින්නෙ කියලා . ඒකට ඔයාලට යන්න තියෙන්නෙ පැලවත්තේ තියන වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවට. Location එක තමා මේ දාලා තියෙන්නෙ.
Department of Wildlife Conservation
0112 888 585
https://maps.app.goo.gl/ZFUoTXH4xwuz6f1N8

ඒකට ගිහින් දින තියන විදියට තමන්ට ඕන කදවුරු බිම වෙන් කරගන්න පුලුවන්. චාරිකාව යන කෙනෙක් ම වෙන් කරවා ගැනීමට යන්න. එයාගේ ID එක තමා හෝර්ටන්තැන්න Entrance එකේදි පෙන්නන්න ඕනෙ. එක් කදවුරු බිමක් එක් රාත්‍රියක් සදහා වෙන් කිරීමට රැ. 5750.00 ක මුදලක් අය කරනවා. කදවුරු බිම් 3ක් තියනවා.ඒ හැම එකකටම වැසිකිලියක් තියනවා. ඒ වගේම යන කණ්ඩායමේ අවමය දෙදෙනෙක්ද , උපරිමය දසදෙනෙක්ද විය යුතුය.

අනික් දේ තමා එතනට මත්පැන් , සිගරට් , පොලිතින් , ශබ්ද උපකරණ සහ මස් හෝ මාළු වර්ග ගෙනියන්න තහනම්. බෑග් ඔක්කොම check කරනවා entrance එකේදි. ඒ වගේම ගිනිමැල ගහන්නත් බෑ. BBQ එහෙම කොහොමත් බෑ. හවස 6 න් පස්සෙ කදවුරු භූමියෙන් එලියට යන්න බෑ. ඒ වගේම හොදම දේ තමා කිසිම සිම් එකකට සිග්නල් නෑ. එතන තියන කන්ද උඩට නැග්ගමනම් ඩයලොග් වලට පොඩ්ඩ්ක් තියනවා. බෝරින් වගේ නේද..?
ගියාම තේරෙයි අපි අනික් තැන් වලට ගියාම තමා බෝරින් වෙලා තියෙන්නෙ කියලා.

දැන් ගමන ගැන කියන්නම්...

අපි ගමන පටන් ගත්තෙ 2022-12-10 රෑ 9.15 වේයන්ගොඩින්. නයිට් මෙල් එකේ 3rd class නිදන මැදිරියේ තමා සීටි book කලේ.( LKR 1500.00 ) මේ දවස් වල කොහොමත් train පරක්කු නිසා පහුවදා ( 12/11 ) උදේ 6.30 වගේ වෙනකොට ඔහියෙන් බැස්සා. පරක්කු වුණ නිසා පට්ටිපොල-ඔහිය අතරදි එලිය වැටිලා තිබ්බ නිසා train එකේ යන ගමන් එලියට මූණ දාලා photos ටිකක් ගන්න පුලුවන් වුණා. මීදුමයි සීතලයි එක්ක ඒ වෙලාවෙ නම් හොදම feeling එකක් තිබ්බෙ.

නයිට් මේල් එකේ 3rd class නිදන මැදිරිය ගැන කියනවනම් ගානේ හැටියට මට නම් අවුලක් නෑ. හොදට නින්ද ගියා.

කොහොමහරි ඔහියෙන් බැහැපු අපි ස්ටේශන් එකේ ටිකක් relax වෙලා උදේ කෑම ගත්තා. අපි උදේට කෑවේ රොටී. ඒ ස්ටේශන් එක ඉස්සරහ තියන ' අපේ කඩේ ' කියන කඩෙන් . සිතලේ හිටපු අපිට ඒ රොටියයි ලුනුමිරිසයි පේලෙන්ටියයි ගොඩක් වැදගත් වුණා. අපි දවල්ට කන්නත් එක්ක කියලා තවත් රොටි අරන් උදේ 8.30 ට විතර ගමන යන්න පිටත් වුණා.

ඔහියෙ ඉදන් හෝර්ටන්තැන්න-ඔහිය පිවිසුමට 5.5 km විතර තියනවා.දිගටම කන්ද තියෙන්නෙ.තාර පාර. කැලේ විතරයි. සත්තුනම් හම්බුනේ නෑ. ඒත් ඒ පාරේ පිරිමි දිවියෙකුයි තව පැටව් දෙන්නෙකුයි ඉන්නවා කියලා තමා වනජීවී එකේ අය කිව්වෙ. හැබැයි කරදරයක් නම් නෑ කිව්වා. කොහොමහරි පට්ට scenic පරිසරයක් පහු කරලා අපි උදේ 11.00 ට විතර ඔහිය පිවිසුමට ආවා. එතනින් අපි කදවුරු බිම වෙන් කරගත්ත recipient එක check කරලා අපේ විස්තර ගත්තා.

එතන ඉදන් හෝර්ටන්තැන්න ප්‍රධාන කාර්යාලයට 6 km විතර තියනවා. ඒ ටික නම් පල්ලමයි තැන්නයි.ඒ යන වෙලාවෙනම් ගෝන්නු හම්බුනා ගොඩක්. පාර දෙපැත්තේ පතන තියෙන්නෙ වැඩියෙන්ම. හරිම ලස්සන photos ටිකක් ගහගන්න පුලුවන්. කොහොමහරි අපි දවල් 12.45 ට විතර ප්‍රධාන කාර්යාලයට ආවා. එතනින් අපි අරන් ආපු රොටී කාලා එතන තිබ්බ කැන්ටීන් එකෙන් බනිස් එහෙමත් කාලා tea එකක් බිව්වා.
විශේෂයෙන් කියන්න ඕනෙ එතන හොද පිරිසිදු වැසිකිලි පහසුකම් තියනවා.

ඊට පස්සෙ ප්‍රධාන කාර්යාලයෙන් අපේ බෑග් එහෙම check කරලා book කරපු කෙනාගේ id එක බලලා විස්තර අරන් අපිට උපදෙස් දීලා campsite එකට යන පාර එහෙම කිව්වා. එතන ඉදන් 1.5 km ගියාට පස්සෙ campsite 01 එක තියනවා.අපි අපේ campsite එකට යද්දි දවල් 2 වුණා.

ප්‍රධාන කාර්යාලයේ ඉදන් බේකර්ස් ඇල්ලට යන පාරේ 500m විතර ගිහින් දකුණට තියන පොඩි අඩි පාරක් දිගේ තමා campsite 01 එකට යන්න තියෙන්නෙ. ඒකෙ ටික දුරක් යද්දි අඩි පාරත් හරියට නෑ.

හැබැයි campsite එක දැක්කට පස්සෙ අපිට නම් තිබ්බ මහන්සිය නැති වෙලාම ගියා. අපි tent 3 ගහලා හොදට ලණු වලිනුත් ගැටගැහුවා හුලග වැඩි හින්දා.ඊට පස්සෙ එතනින් යන ඇල පාරෙන් නෑවා . ඒ වතුරනම් හොදටම සීතලයි. කකුල් නම් හිරිවැටුනා. අපි බොන්න ගත්තෙත් ඒ වතුරමයි.

හවස් වෙලා කලුවර වැටෙන්න කලින් නූඩ්ල්ස් හැදුවා. ඒකට ගත්තෙත් ඇලේ වතුර. ඇල කිව්වට ඒක බෙලිහුල් ඔයේ මුල් කොටස.එතන තියන වැසිකිලියටත් වතුර ගන්න වෙන්නෙ ඒ ඇලෙන්ම තමා . බාල්දියක් තියනවා. අනික් විශේෂම දේ තමා නානවනම් ඒ ඇලෙන් විතරක් නාන්න. ඒ ඇල ගිහින් ඉස්සරහින් Chimini Pool එක හැදෙනවා . දැක්කම ලස්සනට තිබ්බට ඒකෙන්නම් නාන්න එපා කියලා තමා කියන්නෙ.මඩ වලට එරෙනවලු.

කොහොමහරි හවස 6.30 වගේ වෙද්දි අපි නූඩ්ල්ස් එහෙම කාලා හෙමීට සින්දුවක් එහෙම කියලා Tent ඇතුලට ගියා. ඒ එලියෙ ඉන්න බැරි තරම් සීතල හුලගයි පින්නයි නිසා. රෑ 8 විතර වෙනකන් tent ඇතුලෙ ඉදන් බොරු කියලා කියලා නිදාගත්තා කට්ටිය. හැබැයි tent එක අයිනෙ හිටපු සමහරුන්ට නම් හරියට නින්ද ගිහින් තිබ්බෙ නෑ සීතල වැඩි හින්දා. අපි sleeping bag , blanket එහෙම දාලා හිටියත් සීතල දැනුනා හොදට. කොහොමත් පාන්දර වෙද්දි 7°C වගේ වෙනවා.

උදේ 6 වෙනකොට කට්ටියම නැගිට්ටෙ Sun rise එක බලන්න. ඒත් එහෙම එකක් තිබ්බෙ නෑ. උදේ 9 විතර ඉර මතුවුණා කොහෙන්ද මන්දා. උදේම නැගිටලා කෝෆි බිව්වා. උදේට කැවෙ අපි අරන් ආපු සැන්ඩ්විච් පාන් ජෑම් එක්ක. ගිනි ගොඩවල් ගහන්න බැරි හින්දා අපි adventurelk එකෙන් Gas Stove එකකුයි Gas Can එකකුයි rent එකට අරන් ආවේ.
ඊට පස්සෙ උදේ වරුවෙ photos එහෙම ගහලා පොඩි පොඩි ආතල් ටිකක් අරන් ආයෙත් ඇලෙන් පොඩ්ඩ්ක් තෙමාගෙන උදේ 9.30 ට විතර යන්න ලෑස්ති වුණා. අපි campsite එකට එද්දි එතන ටොෆි කොලයක්වත් තිබ්බෙ නෑ. අපි එතනින් යද්දිත් එහෙමයි. කිසිම දෙයක් දාල නම් යන්න එපා.

අපි ඊලගට ගියෙ බේකර්ස් ඇල්ල බලන්න. එතනට යන්න නම් අමාරුවක් නෑ පාර. ඊලගට ලෝකාන්තයටයි පුංචි ලෝකාන්තයටයි ගියා. ඊට පස්සෙ ආයෙත් අපි හෝර්ටන්තැන්න ප්‍රධාන කාර්යාලයට ආවා. එතනින් අනම් මනම් කාලා. ආයෙත් පයින්ම ඔහිය ස්ටේශන් එකට එන්න පිටත් වුණා. හවස 4 වගේ වෙද්දි ස්ටේශන් එකට ආවා. කලින් දවසෙ කාපු කඩෙන්ම බත් කාලා නයිට් මේල් එකේ අපි ගෙදර ආවා. තවත් රසවත් ගමනක් ඒ විදියට ඉවර වුණා.

සාරාංෂයක් විදියට කියන්න තියෙන්නෙ නිකන් කැලෑ අස්සෙ ගිහින් ඒවා විනාස කරනවා වෙනුවට මේ වගේ තැනකට ගිහින් camp කරන එක කාටත් හොදයි. ලංකාවෙ තව මේ වගේ තැන් ගොඩක් තියනවා. මේ වගේ තැන් ප්‍රසිද්ධ වුණා කියලා විනාස වෙන්නෙ නැති හින්දයි මෙච්චර ලිව්වෙ. මොකද විනාස කරන දෙවල් අරන් යන්න දෙන් නැති හින්දා.

උදවු වෙයි කියලා හිතෙන වියදම් කිපයක්...
1. Colombo - Ohiya නිදන මැදිරිය - Rs. 1500.00
2. Horton Plains Campsite Booking - Rs. 5750.00

- කදවුරු බදින්න තහනම් වූ ඉදල්ගස්හින්නට ගිය ගමන -ඉදල්ගස්හින්නෙ camping වලට තහනම් වෙන්න මාස කීපයකට කලින් ගිය ගමනක් ගැනයි ම...
06/02/2023

- කදවුරු බදින්න තහනම් වූ ඉදල්ගස්හින්නට ගිය ගමන -

ඉදල්ගස්හින්නෙ camping වලට තහනම් වෙන්න මාස කීපයකට කලින් ගිය ගමනක් ගැනයි මේ.

📢 වීඩියෝ එක - https://youtu.be/LkxysDnDNmA

සුපුරුදු පරිදි night mail එකේ යන්නෙ නැතුව කොලබ කොටුවෙන් උදේ 05.55 පොඩි මැණිකෙ train එකේ තමා ගමන ගියේ. පාන්දරම ඇවිත් 05.15 වගේ වෙද්දි ticket අරන් train එකට නැගපු හින්දා 2nd class වල ඉදගන්න හම්බුනා කට්ටියටම. අපේ group එක පස් දෙනයි.

හැමෝම එක දිගට නිදිමරලා හිටපු හින්දා හැටන් වලට යනකන් හොදට නින්ද ගියා. ඊටපස්සෙ ඉදල්ගස්හින්නට යනකන් වටේ සිරි නරබන ගමන් බෙලරූස් වලින් ඇවිත් හිටිය girls ලා තුන්දෙනෙක් එක්ක Ukraine - Russia war එක ගැන කතා කර කර ගියා.

කොහොමහරි අපි දවල් 2.30 ට විතර වෙනකොට ඉදල්ගස්හින්න ට ආවා. අපි මේ ආවෙ දෙවනි පාර. කලින් ඇවිත් තිබ්බෙ 2019 . අපි train එකෙන් බහිද්දි තමා දැක්කෙ තව 100 ක් විතර train එකේ ඉස්සරහින් බැහැලා යනවා. එතකොටම අපි හිත හදාගත්තා අද නම් කන්ද මුදුනේ camping කරන්න ඉඩ නැති වෙයි කියලා. ගිය පාර ඇවිත් කන්ද මුදුනෙ අයිනෙම tent ගහලා ඒ feeling ගත්තු හින්දා අපි හිත හදාගත්තා.

අපි camping tent , gas stove වගේ දේවල් ගිය පාර වගේම කන්ද පාමුල ඉන්න ලයනල් අයියගෙන් තමා ගත්තෙ. අපි කලින් call කරලා ඒ බඩු book කරලා තිබ්බෙ. ඒ වගේම දවල් කෑමත් උයන්න කියලා තිබ්බෙ. Station එකේ ඉදන් පොඩි දුරයි එයාගෙ ගෙදරට තියෙන්නෙ. අපි එහෙට ගිහින් change එකක් දාගෙන phone එහෙම charge වෙන්න ගහලා කෑවා. කෑම එකනම් රසයි. ගානත් ශේප්.

ඒ දවස් වල නිතර වැස්ස තිබ්බා. අපිට ලයනල් අයියා කලින්ම කියලා තිබ්බෙ එන්න එපා කියලා. අපි ගිය දවසට කලින් දවසෙ රෑ කන්ද උඩ හිටපු අය tent අකුලගෙන පල්ලෙහාට ඇවිත් තිබුනා වැස්ස හින්දා. අපි කලින් order කරලා තිබ්බෙ 5 person tent එකක්.එකේ rain cover තිබ්බෙ නෑ. එයා ලග 4 person tent එකක් තිබ්බ rain cover තියන. වැස්ස ගැන කිව්වට පස්සෙ අපි පස් දෙනා කොහොමහරි ඒකෙ ඉමු කියලා ඒකත් අරගෙන ගෑස් ලිපයි පොඩි සිලින්ඩරයයි ඉටිරෙදි ටිකකුයි අරන් කන්ද නගින්න ගත්තා.

එදා කට්ටිය වැඩි හින්දා කන්ද මුදුනෙ ඉඩ නෑ කියලා දන්න හින්දා අපි තේ වත්ත ඉවර වෙන හරියෙන් කැලේ පැත්තෙන් tent එක ගැහුවා. එතන කලින් tent ගහපු තැනක් කවුරිහරි. ඒ හින්දා සුද්ද වෙලා තිබ්බෙ. ටග් ගාලා tent එක ගහලා අරන් ගිය noodles ටික උයාගත්තා. එතකොටත් හොදටම සීතලයි වගේම පොඩි වැස්සකුත් ගියා. උයලා ඉවරවෙලා කෑමත් අරන් ටෙන්ට් එක අතුලට ගිහින් අපේ සුපුරුදු සාකච්ඡාව පටන් ගත්තා කන ගමන්.පැයක් දෙකක් කයිය ගහලා කට්ටිය නිදාගත්තා. සීතලයි වැස්සයි පොඩියට තිබ්බා. අපි tent එක උඩිනුයි යටිනුයි ඉටි රෙදි දාලා තිබ්බ හින්දා අවුලක් වුණේ නෑ.

පහුවදා උදේ 5.45 වගේ වෙද්දි sunrise එක ගන්න තිබ්බ උවමනාවටම කට්ටිය නැගිට්ටා. ඒත් gopro එකේ battery low වෙලා තිබ්බ හින්දා phone වලිනුයි ගන්න වුණේ. උදේ වරුවම කලේ photo ගහපු එක. ඊට පස්සෙ 10 ට විතර යන්න ලෑස්ති වුණා.
උදේට කෑවෙත් ලයනල් අයියගෙ ගෙදරින්. එහෙන් කාලා ගියා station එකට. අපි පස් දෙනාගෙන් මටයි තව දෙන්නෙකුටයි පහුවදා උදේ වෙද්දි කොලබ ඉන්න ඕනෙ හින්දා අපි train එකේ හපුතලේට ගිහින් කොලබ බස් එකේ ගියා. අනික් දෙන්න ගෙදර යන හින්දා එයාලා ඉදල්ගස්හින්නෙන්ම train එකේ වේයන්ගොඩට ගියා.

ඇත්තටම මේ ගමන ආවා ගියා වගේ ගමනක් වුණාට මාස 3 , 4 ක් busy වෙලා හිටපු අපිට සෑහෙන්න වැදගත් වුණා.

⛔ කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නෙ 2019 දි අපි දැකපු ඉදල්ගස්හින්න නෙමෙ 2022 දි තිබ්බෙ. හරිම අපිරිසිදුයි. කොහෙ ගියත් තමන් අරන් යන දේවල් ටික ආපහු ගෙනාවනම් ඇති. ⛔

දැන් camping තහනම් . ඒත් ලයනල් අයියා ලස්සන කබානා එකක් හදලා තියනවා කන්ද පටන් ගන්න හරියෙ. එතනට station පේනවා වගේම ලස්සන view එකකුත් තියනවා. Call කරලා booking එකක් දාගෙන යන්නයි තියෙන්නෙ.
Mount Heaven
076 644 1236
https://maps.app.goo.gl/gpYXKaCsman7LQBa8

© Hike Somewhere

11/01/2023

Address

Nittambuwa
Nittambuwa

Telephone

+94789700057

Website

Alerts

Be the first to know and let us send you an email when Hike Somewhere posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share