Hike Somewhere

Hike Somewhere "🇱🇰 Welcome to explore the beauty of Sri Lanka. Let’s adventure together in the Pearl of the Indian Ocean!
❤️

From lush mountains to pristine beaches, join us as we uncover the hidden gems and rich culture of this incredible island.

✨ Port City Colombo  Beach Plaza - කොලඹ පිරිසිදුම වෙරල ( The Cleanest Beach in Colombo ) අද කියන්නෙ කොලඹ අවට ලේසියෙන් ඇව...
14/01/2025

✨ Port City Colombo Beach Plaza - කොලඹ පිරිසිදුම වෙරල ( The Cleanest Beach in Colombo )

අද කියන්නෙ කොලඹ අවට ලේසියෙන් ඇවිදින්න යන්න පුලුවන් තැනක් ගැන.
හැබැයි කොලඹ අවට අය නම් දන්නවා ඇති. දන් නැති අයට.

ඒ තමයි Port City එක. විශේෂයෙන් Port City beach එක. කොලඹ තියන පිරිසිදුම beach එක තමා ඒක. නාන්න විතරක් නෙමෙ අපි බලමු ඊට අමතරව ඔයාට එහෙ ගිහින් කරන්න තියන දේවල්. Port City එකට යන්න කලින් ඉස්සර නම් port city app එකෙන් reservation එකක් දාලා pass එකක් හදගෙන යන්න ඕනෙ.entrance එකෙන් check කරනවා.ඒත් දැන් බලන් නෑ.

⭕ Water Activites by Beach Safari

Beach Safari කියන ආයතනයෙන් තමා මේ service එක දෙන්නෙ. කලින් වෙන් කරවාගැනීමක් ඕනෙ වෙන්නෙ නෑ. මේකට හොදම වෙලාව තමා ඉර බහින වෙලාව. හවස 4-6 වගේ. එතන තියෙන්නෙ කෘත්‍රිම වෙරලක් ඒ වගේම පොඩි රැල්ලක් . ඒ හින්දා කවදාවත් බෝට්ටුවකට නැගලා නැති කෙනෙක්ට වුනත් මේවා අවුලක් නෑ.

1. Kayaking - kayak බෝට්ටු පැදීම

- දෙන්නෙක්ට හබල් ගහලා පදින්න පුලුවන් බෝට්ටු. මට නම් මෙතන තියන ඒවගෙන් හොදම එක. මිල වෙන්නෙ විනාඩි 30 කට රැ.2000. ඒ විනාඩි 30 පැයක් විතර දැනෙනවා. වැඩිහිටියො දෙන්නෙක්ට තමා හරියන්නෙ.

2. Double Trasparent Boat

- මේ සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන ( පතුලත් විනිවිද ) ඩබල් බෝට්ටුව පදින්න හතර දෙනෙක් ඕනෙ. පවුලකට වගේ recommend කරන්න පුලුවන් .ඒක විනාඩි 30 ට රැ.3000.

මේ තමා ප්‍රධාන දෙන. ඊට අමතරව එක එක හැඩ වල බෝට්ටු , පොඩි අයට විනෝද වෙන්න හුලං පුරවපු එක එක item තියනවා.ඒවා ගිහින් බලලා තෝරගන්න පුලුවන්. ගනන් කොහොමත් 1500-3500 range එකේ තමා.

ඊට අමතරව jetski , yatch සහ වැඩි පිරිසකට යන්න පුලුවන් ලොකු බෝට්ටු එහෙමයත් තිබ්බා. ඒවා නම් මම හිතන්නෙ කලින් වෙන්කරගන්න ඕනෙ.

⭕ Foods and Beverages

කෑම නම් හැම එකම වගේ තියනවා. Noodles , Ice Cream , BBQ වගේ ලොකු range එකක් තියනවා.ඒත් cake එහෙම නම් තිබ්බෙ නෑ. කෑම වල ගනන් ටිකක් වැඩි ලොකු අවුලක් නෑ. එලියෙන් කෑම ගෙන්න දෙන් නෑ. බීම වර්ගත් බෑ. Alchol බෑ. ඇතුලේ හොද bar එකක් තියනවා. Beer , Hard Liquor වගේම sh**ha එහෙමත් තියනවා.

Beer වල මිල රැ. 1100-1500 වගේ , Sh**ha රැ.2700 ඉදන් තියනවා. Hard liquor ත් එලියෙ ගානට වඩා වැඩී. හවසට නිතරම වගේ music දාලා තියෙන්නෙ. හවස 6 වගේ වෙනකොටනම් weekend එකේ full crowd. Weekday වලත් හවස් වෙද්දි crowd එකක් ඉන්නවා. හැබැයි අඩුයි. Sunday නම් recommend කරන් නෑ.😁

මාස කීපෙකට කලින් නම් motor bicycle වලටයි , බස් වලටයි , වීල් වලටයි port city entrace එකෙන් එන්න දුන්නෙ නෑ. හැබැයි දැන් වීල් නම් එනවා . Bicycle නම් යන්න දෙන් නෑ. අලුතින් දාපු Duty free එකේ car park එකේ bicycle දාලා එතන ඉදන් taxi එකක යන්න පුලුවන් .වීල් එකක ගියොත් රැ.300 වගේ වෙන්නෙ. කෙලින්ම තමන්ගෙ වාහනේක එනවා beach එක ලග car park එකටම දාන්න පුලුවන්. ඕනෙ නම් public transport ඇවිත් entrance එකේ ඉදන් පයින් යන්නත් දෙනවා.

ඔයාලා එතන මුහුදෙ නාන්න බය වෙන්න් දෙයක් නෑ ආරක්ශිත කලාපය ලකුණු කරලා තියෙන්නෙ. ඒ වගේම life guard ත් හිටියා. මුහුදෙ නාලා හොද වතුර නාගන්න shower rooms තියනවා. ලොකු කෙනෙක්ට රැ.500 පොඩ් අයට රැ.300 . ඒ ගාන නම් ටිකක් වැඩී. ඒ වගේම washrooms පිරිසිදුවට තිබ්බා.රැ.50 ක් අය කරනවා.

කොලඹ තියන අනික් beach වගේ මේක නම් අපිරිසිදු වෙලා නෑ. දෙහිවල වගේ ගදත් නෑ😁. යාලුවො , පවුලෙ අය එක්ක හවසට වගේ ඇවිත් බොට්ටු පැදලා beer 🍺 එකක් ගහලා මොනවහරි කාලා නාලා රෑ වෙලා colombo skyline එකේ ලස්සනත් බලගෙන යන එක වෙනම අත්දැකිමක් වෙයි. යන තැන පිරිසිදුව තියන එකයි මතක තියාගන්න ඔන පලවෙනි දේ.

ඔයත් ගිහින් තියනවනම් තව දේවල් එකතු කරන්න.

https://maps.app.goo.gl/P9dG1D5d2vBMRBfPA

❤️ Hike SomeWhere ©

මේ story එකන් අපි කියන්නේ bike එකෙන් නුවරඑළියට ගිය අපේ road trip එක ගැන. ✨අපි මේ පාර try කරේ bike වල යන හින්දා හොඳ views...
23/10/2024

මේ story එකන් අපි කියන්නේ bike එකෙන් නුවරඑළියට ගිය අපේ road trip එක ගැන. ✨
අපි මේ පාර try කරේ bike වල යන හින්දා හොඳ views ටිකක් සෙට් වෙන route එකක අපේ ගමන plan කරපු එක..
ගමන ගිය route එක...,

* අත්තනගල්ල > අවිස්සාවේල්ල > පැල්මඩුල්ල > කලුපහන > බඹරකන්ද > හපුතලේ > බොරලන්ද > නුවරඑලිය > ගම්පොල >හෙම්මාතගම> අත්තනගල්ල ..

Day 01

අපි ගියෙ බයික් දෙකක 4 දෙනෙක්.ගමන පටන්ගන්න හිටියෙ පාන්දර 3 ට. මේ දවස් ටිකේ හොදටම වැස්ස . පාන්දර 2 ඉදන් වැස්ස හින්ද පැයක් විතර පරක්කු වුණා. කොහොමහරි පොඩි පොඩි වැහි ගනන් ගන් නැතුව අපි එලිය වැටෙනකොට රත්නපුරෙට ආවා. රත්නපුරෙන් නවත්තලා අපි ගෙදරින් හදන් ආපු සැන්විච් කාලා ආයෙ යන්න ගත්තා. ආයෙ බලංගොඩ පහුවෙලා පොඩි පොඩි දෙවල් ගන්න කඩෙකින් නැවැත්තුවා. 😁

අපිට බයික් වල ආපු එකේ වාසිය දැනෙන්න ගත්තෙ බලංගොඩ ඉදන් වංගු වල තිබ්බ supiri view point හැම එකකම නවත්තන්න පුලුවන් වුණ හින්දා.

උදේ 8 විතර වෙද්දි බෙලිහුල් ඔය පහු කරලා උදේට කන්න නැවැත්තුවා. බඩගින්නෙ ගිය අපිට ඒ කෑම එක හොදට තිබ්බා.

ඊලගට ගියෙ බඹරකන්ද ඇල්ල බලන්න. කලුපහන හන්දියෙන් හරවලා යන ගමන් අපි අවුරුදු 6 කට කලින් 2018 මේ පාරෙම පයින්ම වංගෙඩිගල camping ගිය හැටි කතා වෙවී ගියෙ.
ආයෙත් පොඩි වැස්සකට අහු වුණ අපි තෙමීගෙනම ඇල්ල බලන්න ගියා. Ticket counter එක තියෙන තැනට එහාපැත්තෙන් වාහන කීපයක් park කරන්න ඉඩ තියනවා.රු.50 ක ටිකට් එකක් අරන් 500m විතර ගියාම ඇල්ල හම්බවෙනවා.කුඩැල්ලොත් එහෙන් මෙහෙන් එල්ලුනා. කොච්චර වැස්සත් ඇල්ලෙ මහ ලොකු වතුරක් තිබ්බෙ නෑ. සතියෙ දවසක් හින්දා කවුරුත් හිටියෙත් නෑ. ඒත් ලස්සන photos ටිකක් ගහගන්න පුළුවන් වුණා.
ඒ පාරෙම තව 1.5km වගේ පයින් ගියාම ලංකා ඇල්ලට යන්නත් පුලුවන්.ඒකත් ලස්සන දිය ඇල්ලක්. වෙලාවයි වැස්සයි හින්දා අපිට ඒකට යන්න බැරි වුණා.

ආයෙත් කලුපහන හංදියට ගිහින් හපුතලේ පැත්තට යන්න ගත්තෙ අපි දවල්ට කන්න හිතන් හිටියේ හපුතලෙන් හින්දා. බෙරගල town එකත් පහු කරලා ටික දුරක් යද්දි මීදුමත් එක්ක වැහි මන්දාරම් ගතියක් ආවා. අපිට ඒ වෙලාවෙ තමයි මේ trip එකේ බලාපොරොත්තු වුණ misty vibe එක ආවෙ. ඒ හින්දා එවෙලෙම bike නවත්තලා අපි photos ගහන්න ගත්ත ගමන් ලොකු වැස්සක් වැස්සා.ඒකට හොදටම තෙමුනා ආයෙ මදි නොකියන්න.ඒ වැස්ස නැවතුනේ අපි හපුතලේ town එකට ආවට පස්සෙ.

ඊටපස්සෙ හපුතලෙන් දවල්ට කාලා බොරලන්ද පාරෙ එනකොට පාර පේන්නෙ නැති තරම් පට්ට මීදුමක් තිබ්බෙ. මීදුම තියන වෙලාවට ගොඩක් පරිස්සමෙන් යන්න ඕන පාරක්. හොදටම තෙමිලා ආපු අපි ඒ පාරෙ තිබ්බ පොඩි තේ කාඩේකින් ලුනුමිරිස් එක්ක රොටියක් කාලා ප්ලේන්ටි 2 බොන්න වුණා ඇග රත් කරගන්න.

බොරලන්දෙ ඉදන් කැප්පෙටිපොල පාරෙ යනකොට පැහැදිලි climate change එකක් බලාගන්න පුලුවන්.

අපි හවස් වෙද්දි නුවරඑළිය town එකට එද්දි ග්‍රෙගරි වැව වැහෙන්නම මීදුම. අපි පලවෙනි දවසෙ නවතින්න තීරනය කලේ නුවරඑලියෙ Leisure Village Holiday Bungalow එකේ. Keels එකට ගිහින් අපේ night function එකට ඕනෙ වෙන බඩු ටික අරගෙන නවාතැනට ගියා. ගිහින් රෑට කාලා එහෙම කට්ටියම හම්බුනේ සෑහෙන කාලෙකින් හින්දා හොද කයියක් දාන්න සෙට් වුණා.කොච්චර මහන්සි වුණත් කොල්ලො සෙට් එක සින්දුවක් කියලා නටලා කට්ටියම නිදාගන්නකොට පාන්දර 3 විතර වුණා.

Day 02

* දෙවනි දවසෙ අපේ plan එක වුණේ Horton Plains යන්න. මීට කලින් වාහන වලිනුයි camping වලට පයිනුයි ගිහින් තිබ්බත් බයික් වලින් යන්න ලොකු ආසවක් තිබ්බා. හවස් වෙද්දි ග්‍රෙගරි park එකටත් යන්න ඕනෙ හින්දා අපි උදෙන්ම පිටත් වුණා. අපි උදේට කෑවෙ නැවතිලා හිටපු cottage එක ලග තිබ්බ නුවරඑළිය P&S එකෙන්.

* හෝර්ටන්තැන්නට යන පාරෙ අපිට අඹේවෙල සුලං බලාගාර කිට්ටුවෙන් යද්දි සුපිරි views ටිකක් බලාගන්න පුලුවන් වුණා. අපේ වාසනාවට කලින් දවසෙ වගේ මන්දාරම් ගතියක් නැතුව හොදට ඉර පායලා තිබ්බ හින්දා අක්කර ගානක් ඈතට යනකන් හොදට පෙනුනා. ඒත් අඹේවෙල , පට්ටිපොල පහු කරලා හෝර්ටන්තැන්නට එනකොට නම් ආයෙත් ලොකු මීදුමක් ඇවිත් හැමදේම වැහිලා ගියා.

ඊටපස්සෙ අපි පට්ටිපොල entrance එකෙන් ටිකට් අරගෙන හෝර්ටන්තැන්නට ඇතුල් වුණා. බේකර්ස් ඇල්ල , ලෝකාන්තය , පුංචි ලෝකාන්තය බලලා අපි ආපහු එන්න පිටත් වුණේ හෝර්ටන්තැන්නෙ canteen එකෙන් බනිස් කාලා ප්ලේන්ටියකුත් බීලා. අපි ආපහු එනකොටත් හොදටම මීදුම ඇවිත් ලොකු සීතලකුත් තිබ්බා. ඊටපස්සෙ හවස ග්‍රෙගරි park එකට ගිහිල්ලා ටික වෙලාවක් නිදහසේ හිටියා.

ඊටපස්සෙ night function එකට ඕන වෙන කෑම බීම ඔක්කොම නුවරඑළිය town එකෙන් අරන් අපේ cottage එකට ගියා.
කලින් දවසෙ වගේම සීතලත් එක්ක හොද chill night එකක් ගතකලා. ඇත්තටම සාදාරන ගානකට නිදහසේ ඉන්න පුලුවන් තැනක් මේක.

Day 03

ඔන්න එහෙනම් අන්තිම දවස ට්‍රිප් එකේ. බෝමුරු ඇල්ලෙත් යන්න හිතන් ඉදලා ඒත් කලින් ගිහින් තිබ්බ හින්දා වැඩේ අතඇරලා ගෙදර එන්න තීරණය කලා. අපි ආපහු ආවෙ ගම්පොල හෙම්මාතගම පාරෙන් මාවනැල්ලට ඇවිත්.

මේ වගේ තවත් ලස්සන ගමනක් ඉවර වුණා.

Address

Nittambuwa

Telephone

+94789700057

Website

Alerts

Be the first to know and let us send you an email when Hike Somewhere posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share