09/09/2024
ලංකාවේ තියෙන එකම කේබල්කාර් පද්ධතිය🚡🚠😮
"වේවැල්තලාව"
යටියන්තොට වී ඔය නිම්නය අසලින් වැටී ඇති මාර්ගයේ ගමන් කරන්නෙකුට ප්රකට ඕලු ඇල්ල දැකගත හැකිය.ඕලු ඇල්ලට ආසන්නයෙන් ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් වේවැල්තලාවට පිවිසිය හැකිය.උස් තැනිතලා බිමක් වන එහි සාරවත් තේ වගාවක් දැකගත හැකි අතර කඳු මුදුන් නිතරම මීදුම් පටල වලින් වැහිල තමයි තියෙන්නේ.වසර මුලුල්ලේම දිය සීරාවක් පවතින විශාල පර්වතයක්ද මේ යන අතරමඟදී හමුවෙනවා.
වේවැල්තලාව කියන්නේ බාහිර ලෝකයෙන් සම්පුර්ණයෙන්ම වෙන් උන මුහුදු මට්ටමින් අඩි 4000 ට ඉහලින් පිහිටි සම්පුර්ණ හුදකලා ගමක්. ස්වාධීන රූපවාහිනි විකාශන කුලුන සහ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්තාවේ විකාශන කුලුන පිහිටා තියෙන්නෙත් මේ ගම ඇතුලත පිහිටි කඳු මුදුනක.කැළණිවැලි වැවිලි සමාගමට අයත් පුද්ගලික වතු යායක් වන මේ වතු යාය සංචාරක කලාපයක් නොවන බවත් පුද්ගලික වතු යායක් බවත් දැක්වෙන දැන්වීම් පුවරු මෑතක සිට ඇතැම් තැන් වල සවිකර තිබෙනවා.මීට කලින් කිසිම බාධාවකින් තොරව මේ සුන්දරත්වය විඳගෙන මේ හරහා ගමන් කරන්න අවසර දීලා තිබුනත් අපේම මිනිස්සුන්ගේ ක්රියා කලාපය නිසා දැන් යන්න දෙන්නේ එක්තරා සීමාවක් දක්වා විතරයි.
ලංකාවේ එකම කේබල් කාර් පද්ධතිය නිර්මාණය කරල තියෙන්නේ මේ වතුයායේ.හැබැයි මගීන් ප්රවාහනයට නම් නෙමෙයි.කඳු මුදුන් වල නෙළන දළු පාරට ගේන එක සෑහෙන්න අසීරු කටයුත්තක් හේතුවෙන් මෙම කේබල්කාර් පද්ධතිය හරහා තමයි ඒ වැඩ කටයුතු ටික සිදුවන්නේ.අපිට කේබල්කාර් මැජික් වගේ උනාට මේ වතුවල වැඩ කරන අයට නම් ඒවා ගානක් වත් නෑ කියල තමයි එයාලා නම් කියන්නෙ. ඉතිං ලංකාවේ සුන්දරත්වය ගැන කතා කරද්දි කොයිතරම් නම් අපි නොදුට නොදැකපු ස්ථාන තියෙනවද කියලා මේ විස්තර කියවන ඔයාට හිතෙන එක පුදුමයක් නෙවෙයි.
Yatiyanthota, Sri Lanka |🇱🇰