CRUX Traveller

CRUX Traveller Epic Treks & Cultural Adventures in����

15/08/2026
🇮🇳
15/08/2026

🇮🇳

01/08/2026

කාශ්මීර් ඉදන් ලඩාක් යන්න බැරිද?

අපෝ පුලුවන් .හැබයි හැම කාලෙම බෑ.ඉතින් මේ ගැන දැන ගන්න මේක කියවලාම ඉන්න.

කාශ්මිරයේ ශ්‍රී නගර් ඉදන් තමා මේ ලඩාක් වලට යන මාර්ගය තියෙන්නේ.
ආසන්න දුර කිලෝමීටර් 422ක් .NH 1 ලෙස හදුන්වන මෙම මාර්ගය අවුරුද්දේ මාස හයක් පමණ වසා දමා තියෙනව.
සාමාන්‍යයෙන් නොවැම්බර් මැද සිට ඊලග අවුරුද්දේ මැයි මාසයෙ මැද වගේ වෙනකම්.(කාලගුණ තත්වය අනුව මෙය වෙනස් විය හැක)
අධික හිම පතනය,හිමකදු කඩා වැටීම්,පස්කදු කඩා වැටීම් වගෙ දේවල් ඉතා සුලබව සිදු වෙන නිසා මෙම කාලය සම්පූර්ණයෙන්ම වසා දැමෙනවා.

ඒ වගේම මනාලි ඉදන් ලේහ් වෙත එන NH 3 මාර්ගයත් මේ සමානවම වසා දැමෙනවා.ඊලගට high passes ගොඩක් පහු කරන් එන ඒ පාර ගැනත් කියන්නම්.

ඉතින් මැයි අග සිට නොවැම්බර් මුල සතිය දක්වාම ඔයාලට මේ පාරෙ ගමන් කරන්න පුලුවන්.සංචාරකයෙක්ට ජිවිතේ වරක් යන්න පුලුවන් සුන්දරම ලස්සන පාරක් මේක.මැයි ජූනි නම් පොඩි රිස්ක් එකක් තියෙනවා හිම එහෙම කඩාගෙන පාරට එන්න පුලුවන්.ඒත් තවමත් දිය නොවුන හිම බිත්ති දෙපැත්තෙන් යන අත්දැකීම විදගන්න පුලුවන්.එක්තරා Adventurous අත්දැකිමක්. ❤️

ජුලි හා අගොස්තු මුල වගේ මේ පාරෙන් එන එක මමනම් පුද්ගලිකව අනුමත කරන්නෙ නැ.මොකෝ ශ්‍රී නගර් සොනාමර්ග් ආශ්‍රිත ප්‍රදේශ වලට එන වර්ශාව ,cloud blast බොහෝ විට දරුණු වෙන්න පුලුවන් නිසා.

ඉතින් මේ පාරෙ ඔයාල ලඩාක් යනකොට මෙන්න මේ ටික තමා බලන්න පුලුවන්

Sri Nagar>Sonamarg>Zojila pass>Drass>Kargil>Lamuyuru>Magnetic Hill> Leh

මේ ගමනෙදි අපිට මුලින්ම හමුවෙන්නෙ Somnamarg හෙවත් කාශ්මිරයේ රත්තරන් නිම්නය.ප්‍රසිද්ධ Sonamarg Tunnel එකෙන් එහා ලෝකය.මේ ගමන යනගමන් ඔයාලට Thajwas Glacier ඒ වගේම zero point බලන්න පුලුවන්.

ඊලගට හමුවෙන්නේ ලඩාක් වලට ඇතුල්වෙන දොර.
Zojila Passs .
මීටර් 3528කින් යුතු මෙය තමා ලඩාක් දේශයට ඇතුල්වෙන උසම Mountain Pass එක.

ඉන් පස්සෙ ලෝකේ දෙවනියට සීතලම ගම
Drass.වින්ටර් එකටනම් -45c° වගෙ
සීතලක් තියෙන තැනක්.

ඉන් පස්සෙ ඔයාලට හමුවෙන්නේ Kargil
ලොකු ඉතිහාසයක් නැති මිනිසුන් සිය ගානක් මැරුණු(සමහර තැන්වල මේක දහස් ගානක් කියල කියනව) දරුණු යුද්දයක් තිබුණ තැනක්
(1999 වර්ශයේ)මේ සිදුවීමෙන් ලදාක් සාමකාමී උනා කියලයි මට හැගෙන්නේ.
ඔයලට කාර්ගිල් යුධ ස්මාරකය බලන්න පුලුවන් .

ඉන්පසු Mulbeck
මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ විශාල ප්‍රතිමාවක් පර්වත කැටයමක බලාගන්න පුලුවන් .

lamuyuru
ලස්සන කදුවලින් වට උන ගමක්.ඉතා ප්‍රසිද්ධ Lamuyuru Monastery ය බලන්න පුලුවන් එය ටිබෙට් බෞද්ධ ආරාමයක්.
ඒ වගේම Moonlandscape එකක් බලන්න පුලුවන් ලස්සන ගමක් මේ ලාමුයුරු කියන්නේ.

Mangeetic Hill
මේ දෘෂ්ටි මායාවක් තියෙන පාරක්.වාහන ඉහලට යනව වගෙ පේන්නේ.

දැන් අපි ඉන්නේ Leh වලට කිලෝමීටර් 35ක් විතර කලින් Sangam point වල.
මොකක්ද මේ සංගම් පොයුන්ට්
indus හා Zanskar ගගවල් දෙක එකට එකතු වෙන තැන.
මේ ගංගා දෙකෙ ජල වර්ණක දෙකක්.මෙය ඉතාම පැහදිලි කාලගුණයක් තිබුණ දිනයකනම් ලස්සනට බලාගන්න පුලුවන් .

Zanskar ගගේ තද නිල්පාට හා Indus ගගේ දුබුරු අලු පාට.

එතනින් පස්සෙ ඔයාලට ලේහ් වල තියෙන ලස්සන තැන් ගොඩක් බලාගන්න පුලුවන් .

ඉතින් මේ සම්පූර්ණ ගමනම ඔයාල වාහනෙකින් යනවනම් කාර්ගිල් වල විවේක ගන්න.හෙමිට කලබයක් නැතිව එන එකෙන් ඔයාලට හෙමිට High Altitude එකට හුරු වෙන්න පුලුවන්.

ඒ කොහොම උනත් මම නම් ඔයාලට කියන්නේ Leh නගරයට ඇවිත් දවසක් විවේකයෙන් ඉන්න.
ඉහල උන්නතාංශයකට හුරුවෙලාම ලඩාක් සංචාරයේ නියුතු වෙනවනම් වඩාම ප්‍රතිපලදායකයි

මේ ලිපිය AI genarated නෙවී.මගේම අදහස් හා අත්දැකිම්.
පහල තියෙන ඉමේජ් එකෙන් ඔයාලට මේ පාර ගැන හොද අවබෝධයක් ලැබෙයි.
(Image එකනම් AI 😄)
ලස්සන වගේම එක්තරා රිස්ක් එකක් මේ පාර ©

ඉතින් ඔයාලට පුලුවන් මේ පාරෙන් ශ්‍රි නගර් හරහාම ලඩාක් යනවනම් ඒ ගමනට Kashmir ත් ඇතුල් කරගන්න.
ඉතින් ඒ වගේ යන අපේ Group Tour එකට සෙට් වෙන්නත් පුලුවන්.
එහෙම නැත්නම් ඔයාලට ඔයාලගෙ tour එක customize කරගන්නත් පුලුවන් .
කතා කරන්න අපිට

077 786 3654 /94716550800

සටහන Chandima Perera (අමන්දා)
Owner of Travel with Chand

🌷
29/07/2026

🌷

❤️Thailand tourBangkok - Pattaya -Toscana
09/07/2026

❤️
Thailand tour
Bangkok - Pattaya -Toscana

27/06/2026
27/06/2026

Exploring Hidden beauty ���
Travel with Chand ,operated by Crux Traveller
🇸🇬🇦🇪 🇮🇳🇰🇭🇲🇻🇳🇵️🇱🇦🇲🇾🇶🇦🇹🇭🇿🇦🇵🇰🇱🇰🇲🇦

02/06/2026

Address

No. 155a, 1st Floor , Wakada
Panadura
12500

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when CRUX Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share